IMG-LOGO

ජපුර රෝහලේ කොටසක කට්ටියක් බලෙන් පදිංචි වෙලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයෙහි කොටසක කිසියම් පිරිසක් කාලයක් තිස්සේ  අනවසරයෙන් පදිංචිව සිටියත් ඒ ඒ පිරිස  ඉන් ඉවත් කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) පවසයි.

මේ සම්බන්ධයෙන් සොයා බලා සාධාරණ විසඳුමක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මේ  ගැන  සොයා බලන අනු කමිටුවට උපදෙස්  දුන්නේය.

මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවට  වාර්තා ඉදිරිපත් කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන්ද එහි  අවධානය යොමුවිය.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ උසස් නිලධාරියකුගෙන්  කළ විමසුමකදී  ඔහු පැවසූවේ රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව රෝහල්   ඉඩමේ  කොටසක්  මෙලෙස අහිමිවීම පෙන්වාදී  ඇතත් මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් 2015 වර්ෂයේදී  ගෙන නොතිබු බවයි.

එසේ පියවරක් නොගත්තේ ඇයි දැයි ප්‍රහේලිකාවක්  බවද  ඔහු සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර  රෝහලේ බඳවා   ගැනීමේ ක්‍රියාවලියේ  ව්‍යාකූලත්වයක් පවතින බවද  කෝප් කමිටුවේදී  තොරතුරු අනාවරණයවිය.

අවම වශයෙන් බඳවා ගැනීම සාධාරණීකරණය කිරීමට නිසි බඳවා ගැනීමේ පටිපාටියක් නොතිබූ බවත් එය රෝහලේ පනත පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බවත්  කෝප්  කමිටුව පවසයි.

රෝහලට ගැලපෙන ආකෘතිය කඩිනමින් තීරණය කිරීම සඳහා අනු කමිටුවක් පත් කිරීමට කෝප් කමිටුව තීරණය කළේය.

මේ රෝහලින් රුපියල් ලක්ෂ දහයකට අඩු මුදලකට හදවත් සැත්කමක් කළ හැකි  බව මෙහිදී පැවසූ කෝප් කමිටු සභාපතිවරයා ආයතනය තවත් ඉහළට ගැනීමට මඟපෙන්වීමක් දෙන ලෙස  රෝහල් අධ්‍යක්ෂ වරයාගෙන් ඉල්ලා සිටියේය.



අදහස් (0)

ජපුර රෝහලේ කොටසක කට්ටියක් බලෙන් පදිංචි වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 282 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site