
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට අලාභ හානි සිදුකළ සිසුන් දස දෙනෙකුගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.
එලෙස හානි වූ විශ්වවිද්‍යාලයේ දේපොළවල වටිනාකම් මෙන් තුන් ගුණයක් නිත්‍යානුකුලව අය කරගෙන ඊට අමතවර 25% අධිභාරයක්ද සිදුකර ඇති බව කාරක සභාව පෙන්වා දුන්නේය.
ඒ අනුව එලෙස ගණනය කිරීම් අනුව අයකිරීම් වල වරදක් වී ඇත්නම් එය නිවැරදි කිරීමට සුදානම් බව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මෙහිදී අදහස් දක්වමින් කාරක සභාවට දැන්වූයේය.
ඒ අනුව ගැටුමට සම්බන්ධ පාර්ශ්ව දෙකෙන් එක් පාර්ශ්වයක සිසුන්ට පමණක් මෙලස දඩ අයකිරීම කෙතරම් සාධාරණද යන්න පිළිබඳව නැවත සිතා බලන ලෙසද කාරක සභා සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ට පැවසුවේය.
මෙම කරුණු සාකච්ඡා වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Jvp එකට අදිනවද ?ටිකක් සැකයි ?
අපේ රටේ විශ්ව විද්‍යාල කියන්නෙත් හොර ගුහාවල් තමයි . අධ්‍යන හා අනධ්‍යන දෙගොල්ලොම . ඊට නොදෙවෙනියි ශිෂ්‍ය සංගම් කාරයෝ . ආචාර්යවරුන්ගේ පැමිණීම , පිටවීම හා කාර්යක්ෂමතා හරිහැටි විගණනය කලොත් පෙනේවි බොහොමයක් අය ඉන්නේ 20% ටත් පහලින් බව. අනධ්‍යනත් මේවගේම තමයි . දියුණු රටවල මේවා ක්‍රියාත්මක වන ආකාරය දැක්කම අපේ අය කරන අමු බොරුව පැහැදිලියි.
එහෙම කලොත් තමයි අනාගතයේ ජනතා දේපොල විනාශය වලක්වන්න පුළුවන් වෙන්නෙ දඩුවම ගැටුම ඇරඹූ අයට පමණක් කිරීම ඉතාමත් හොදයි මේ තීන්දුව ජනතා දේපල නාස්තියට දිරිගැන්වීමක් කියල හිතෙන්නෙ මට විතරද
දැන් මේ කියන විදිහට කවුරුහරි ඇවිල්ලා ඉස්කෝලෙක පුටුවක් කඩලා යනවා හිතා මතා. එතකොට ඒක හදන්න ගිය ගාන විතරක් කඩපු කෙනාගෙන් ගත්තම හරි කියලද මේ කියන්නේ? එතකොට දඬුවමක් නෑනේ එතන, කැඩුවා හැදුවා, ආයි ඕන නම් කැඩුවා හැදුවා.