
(යොහාන් භාසුර)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය ක්‍රියාත්මක කරන බාහිර උපාධි පාඨමාලා සම්මන්ත්‍රණ සහ ලියාපදිංචි කිරීමේ කටයුතු හෙට (24) සිට තාවකාලිකව අත්හටුවන බව එම ඒකකය පවසයි.
බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකයට අදාළ වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2010 වර්ෂයේ සිට නිකුත් කර ඇති චක්‍රලේඛ අංක 932, 1/2016 සහ 4/2016 හි සඳහන් කරුණු සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු/අපැහැදිළි තත්වයන් නිරාකරණය කරගන්නා තෙක් එහි කටයුතු අත්හිටුවූ බවත් එම තත්වය ඉතා ඉක්මණින් නිරාකරණය කරගැනීමට කටයුතු කරමින් පවතින් බවත් එම විශ්වවිද්‍යාලය පැවසීය.
ගැටලුව නිරාකරණය කරගත් වහාම අදාල අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතලාවල වෛද්‍යපීඨයට ලෙඩේ ඇද්දා. දැන් බාහිර උපාධිත් නතර කරන්නයි හදන්නෙ . මාලිමාවට ජය වේවා. රටේ අධ්‍යාපනය ගොඩේ ගොඩ.
මොකක්ද මේ කියන්නේ...? දුප්පත් කොල්ලෙක්ට කෙල්ලක්ට ව්‍යාපාර උපාධියක් ගන්න තිබ්බ තැන. මුන් එකත් නවත්තලාද?