ශ්‍රී ජයර්ධනපුර රෝහලේ පරීක්ෂණාගාරයක මද්‍යසාර පරීක්ෂණයක් කරද්දී අත්වැරදීමකින් ගින්නක් හට ගත් බවත් තාක්ෂණ ශිල්පිනින් දෙදෙනකු සුළු තුවාල ලැබු බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සන්තුෂා පෙරේරා මහත්මිය කියයි.
අසල තිබු කිලෝ 13 ගෑස් ටැංකිවලට ගින්න පැතිර යාමට නොදී ගින්න නිවාගත් බව ඇය පවසන්නීය. පර්යේෂණ බීකරයක් පුපුරා යාමෙන් මෙම ගින්න හටගෙන ඇත. ශ්‍රියා හේමලතා හා මල්ලිකා රණසිංහ මහත්මීහු අත්වල පිළිස්සුම් තුවාලවලට රෝහලේම ප්‍රතිකාර ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත් වැරදීම් වෙනවා රසායනගාරයක් උනාම, පරිස්සම් වෙන්න ඕන වැඩ කරද්දී, ලොකු අනතුරක් වැළකුණා තමයි. අර ගෑස් ටැංකි පිපිරුවා නම් මොන විනාශයක්ද.(නදී)
නවලෝක රෝහලේ ස්කෑනරයක් පුපුරලා දරුවෙක් මැරුණා. රාගම රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් පුපුරලා දරුවෙක් මැරුණා. ජයවර්ධනපුර බීකරයක් පුපුරලා සේවිතාවන් තුවාලයිලු. දැන් රෝහලකින් පරීක්ෂණයක් වත් කරගන්න යන්න බයයි. ආපසු එලියට එන්න පුළුවන් වෙයිද දන්නේ නැහැනේ. (දී)
මේවා මොන ගින්දරද? (නි)
මදැයි ඔයින් ගියා, ගෑස් ටැංකි දෙකට ගියා නම් මොන අප්පුහාමිට කියන්නද ? (දී)
හා හා නවලෝකේ ගැන කතා කරන්න යන්නේ පරිස්සමින්! (දී)
ජපුර ගින්න ඔච්චර ලේසියෙන් නිවාගත්තට ජපුර රෝහලේ නෝනා කෙනෙක් හින්දා මගේ හදවතේ අවුරුදු ගානක් පත්තුවෙන ගින්න කොහොම නිවන්නද ? (දී)