IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජ’පුර - කොළඹ සරසවි පිහිනුම් ශූරතා දිනති

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පිහිනුම් තටාකයේදී පැවති අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේ පිහිනුම් තරගාවලියේ පිරිමි අංශයේ කණ්ඩායම් ශූරතාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් දිනාගන්නා ලදි. කාන්තා අංශයේ කණ්ඩායම් ශූරතාව කොළඹ විශ්ව විද්‍යාලයට හිමිවිය.

පිරිමි අංශයේ අනුශූරතාව කොළඹ විශ්ව විද්‍යාලය දිනාගනිද්දී, කාන්තා අංශයේ අනුශූරතාව පේරාදෙනිය විශ්ව විද්‍යාලය දිනාගත්තේය.

නව පිහිනුම් වාර්තා 11 ක් පිහිටුවීමට විශ්ව විද්‍යාල කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්වීම මෙවර පිහිනුම් තරගාවලියේ කැපීපෙනෙන සිදුවීමකි.

නව පිහිනුම් වාර්තා

මීටර් 100 ලය ආර (පිරිමි) 
සිසිර සේනානායක (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) - 1 : 19 : 56
මීටර් 100 සමනල ආර (කාන්තා)
එච්. වයි. වීරතුංග (පේරාදෙනිය විශ්ව විද්‍යාලය) - 1 : 24 : 09
මීටර් 100 සමනල ආර (පිරිමි)
ප‍්‍ර‍්‍රදීප් මානවඩු (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) - 1 : 03 : 27
මීටර් 100 නිදහස් ආර (පිරිමි)
සිසිර සේනානායක (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) - 0 : 59 : 74
මීටර් 100 පසුපස ආර (පිරිමි)
ප‍්‍ර‍්‍රදීප් මානවඩු (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) - 1 : 09 : 30
මීටර් 50 ලය ආර (පිරිමි)
කේ. ආර්. එන්. ජයසේකර (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) - 0 : 32 : 57
මීටර් 50 සමනල ආර (පිරිමි)
ප‍්‍ර‍්‍රදීප් මානවඩු (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) - 0 : 33 : 63
මීටර් 50 සමනල ආර (කාන්තා)
පී. ඒකනායක (කොළඹ විශ්ව විද්‍යාලය) - 0 : 35 : 96 
මීටර් 50 පසුපස ආර (පිරිමි) 
හරිත් ප‍්‍රනාන්දු (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) - 0 : 32 : 12 
මීටර් 50 නිදහස් ආර (පිරිමි)
කේ. ආර්. එන්. ජයසේකර (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) - 0 : 26 : 42
මීටර් 4 X 100 රිලේ (පිරිමි)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායම - 5 : 04 : 70

ඒ. ආර්. රණවන, සී. ටී. රාමනායක, ඞී. සී. ජයසුන්දර, එච්. එම්. බණ්ඩාර, එච්. එස්. පෙරේරා, කේ. ඒ. ප‍්‍රානාන්දු, කේ. එල්. ලක්නාත්, කේ. පී. මානවඩු, කේ. ආර්. ජයසේකර, එම්. ජී. කීර්තිරත්න, පී. එස්. සේනානායක, ඩබ්. ඒ. අල්විස් යන කී‍්‍රඩකයන් පිරිමි ශූරතාව දිනූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායම නියෝජනය කළහ.

ඒ. පී. ද සිල්වා, ඒ. අයි. ගුණසේකර, එච්. ඞී. පෙරේරා, එච්. කේ. ගජනායක, ජේ. කේ. ජයවර්ධන, කේ. ඞී. ප‍්‍රනාන්දු, එම්. එස්. ප‍්‍රනාන්දු, එන්. ඞී. විජේතුංග,  ඕ. බියන්විල, පී. ඒකනායක, ටී. ඒ. මධූෂා, ටී. ඒ. මදාරා, ඩබ්. ඒ. ප‍්‍රනාන්දු යන කී‍්‍රඩිකාවන් කාන්තා ශූරතාව දිනාගත් කොළඹ විශ්ව විද්‍යාල කණ්ඩායම නියෝජනය කළහ.

(*)

පිරිමි ශූරතාව දිනූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායම

 

කාන්තා ශූරතාව දිනාගත් කොළඹ විශ්ව විද්‍යාල කණ්ඩායම



අදහස් (0)

ජ’පුර - කොළඹ සරසවි පිහිනුම් ශූරතා දිනති

මීනා Thursday, 09 May 2013 08:15 PM

ජපුරට මගෙන් සුභපැතුම්. ආයමත් කැම්පස් යන්න හිතෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site