මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍යපීඨ ප‍්‍රවේශය ලැබූ සිසුන් ඉවත්කරන්නැයි රජයට බලකරමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය එම විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් විරෝධතා පා ගමනක් අද (05) ඇරැඹ්ය.
තෘතියික අධ්‍යාපන පනතේ නව සංශෝධන යටතේ රුපියල් ලක්ෂ 75 කට වෛද්‍ය උපාධිය අලෙවි කර ඇති බවත් ඒ අනුව සිසුන් 13 දෙනෙකු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට බඳවාගෙන ඇති බවටත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා චෝදනා කරයි.
විරෝධතා පා ගමන විජේරාම හංදිය දක්වා ගමන් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනට ගත්ත දොස්තරලගෙන් බෙහෙත් ගන්න පින් කරපු උදවිය කිසිම දෙයක් හරි හැටි නොදැන කෑගහනවා. ඇත්ත, z ලකුණු දශම ගානක් මදි වෙලා විශ්වවිද්යලයට යන්න බැරි වෙන්න පුලුවන්. නමුත් එ හැමෝටම ලක්ෂ 75ක් දෙන්න පුලුවන්ද? ආණ්ඩුවට කල යුතුව තිබුනෙ රජයේ විශ්වවිද්‍යාලයට ගන්න පුලුවන් ගාන වැඩි කරන එක නොවේද? ඇත්තටම සිසුන් පාරට බැහල තියෙන්නෙ තමුන් ගැන හිතල නෙමේ. රෝගීන් ගැන හිතලා. උසස් පෙළවත් හරියට සමත් වෙන්න බැරි සිසුන් තමන්ගෙ දෙමාපියන්ගෙ සල්ලි වලින් හොර පාරෙන් උපාධි අරන් බෙහෙත් දෙන්න පටන් ගත්තම නම යන්නෙ සම්ස්ත දොස්තර ප්‍රජාවගෙම.(නදී)
වෛද්‍ය ශිෂ්‍යයෝ තේරුම් ගන්න ඔයාලගේ උදව්වට ජනතාව දැන් එන්නේ නැති බව. ඒ ඔයාලා වෛද්‍යවරු වුනාම සල්ලි මත්තේ දුවල චැනෙල් සර්විස් වලට යනවා මිසක් අසරණ ලෙඩ්ඩු ගැන බලන්නේ නැති නිසා. හැබයි ඉස්සර එහෙම නොවුනේ ඉස්සර හිටියේ දොස්තරවරු නිසා. දැන් ඔයාලා තනිවෙලා ඉන්නේ ඔයාලා දොස්තර හොරු නිසා.(නදී)
මේ ඉරිසියාවට දේශපාලක පක්ෂවලට පැවැත්මක් නැතිවෙයි කියන බයට කරන උද්ගෝෂණ. ලෝකේ හැම රටකටම පුද්ගලික විශ්ව විද්‍යාල හදලා ළමයින්ට උගන්වන්ට පුලුවන්නම් සහ එවන් වරදක් වෙලා නැති නම් ඇයි මෙහෙ කරන්න බැරි. ඕක කොහොම හරි කරන්න.(නදී)
රටක රජයක් විසින් අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි සේවාවන් අනිවාර්යයෙන්ම නොමිලේ පවත්වාගෙන යා යුතුයි. මක් නිසාද යත් එම මූලික අවශ්‍යතා මුදල් මගින් සපුරා ගත නොහැකි අය රාශියක් සිටින නිසා. (නි)
මේ විශ්ව විද්‍යාල සිසුන් කරන වර්ජනයට අපගේ කණගාටුව ප්‍රකාස කරමු. හේතුව මේ රටින් ආපු සිසුන් ශ්‍රී ලාංකික දරුවෝ ඒ අයගේ දෙමපියන් දුක් මහන්සි වී ලංකාවට එවන විදේශ විනිමයට කරන කළගුන සැලකීමද මේ. මේ ගැන සාදාරන තීරණයක් ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිමු.(නදී)
තුෂාර, උසස් පෙළට එස් 3ක් ගත්තත්, එෆ් 3 ක් ගත්තත්, සී 3ක් ගත්තත් ,කොහොම ලකුණු ගත්තත් පුද්ගලික විශ්ව විද්‍යාලයකින් එන ළමයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පාස් වෙන්න වෙන්න ඕනෑ. ඒක පාස් වෙනකම් එයාට ලංකාවේ දොස්තර කෙනෙක් විදියට වැඩකරන්න බැහැ.ඒ විභාගය පාස් වුනාම එයාට ලංකාවේ දොස්තර කෙනෙක්ගේ දැනුම තියනවා. මොකෝ උසස් පෙළට ඒ 3ක් ගත්තට දොස්තර දැනුම තියෙනවද? (නි)
මේවට කියන්නේ මනස්ගාත ඕල මොට්ටල වැඩ කියලා. මට 1995 ලංකාවේ සරසවියකට යන්න ලකුණු මදි උනා. එදා කටුබැද්ද සරසවියට යන්න 290/400 අවම ලකුණු අවශ්‍යයි. හරි කටුබැද්ද සරසවියට ගියා කියමු. එත් මම කැමති විෂය මට ඉගෙනීමට ලැබෙන්නේ නැත. මුලින්ම E1 සහ E2 කියා වෙන් කරනවා (උසස්පෙළ ලකුණු මත). ඊට පසුව තවත් 15 විතර වෙන් කරනවා පළමු වසර විභාගයෙන්. අන්තිමට ඉගෙන ගන්නේ මට ඕන දේ නෙවෙයි. මුලික දේ නම් අධයාපනය කාටත් පොදු දෙයක්. එක සල්ලි දීල හරි නොමිලේ හරි ලබාගැනීමට සැමට අවකාශ සැලසිය යුතුය. එදා මම එංගලන්තයට පැමිණ ලොව ඉහලම තාක්ෂණ සරසවියක් වන ඉම්පීරියල් කොලේජ් එකට ඇතුලත් වී මා ඉතා ප්‍රිය කල වෛද්‍ය ඉන්ජිනේරු විද්‍යාව වසර 4 හදාරා විශිෂ්ට ලෙස සමත් උනා. එහි ප්‍රතිපලයක් ලෙස බ්‍රිතාන්‍ය රජය මට රුපියල් ලක්ෂ 120 වටිනා පස්චාත් උපාදී ශිෂ්‍යත්වයක් එම සරසවියටම ලබා දුන්නා. එයද මම ඉතා විශිෂ්ට ලෙස රොබෝටික් ශල්‍ය වෛද්‍ය ඉන්ජිනේරු විෂය තේමාව ඔස්සේ සමත් උනා. අද මා රුපියල් ලක්ෂ 15 පමණ මාසික වේතනයක් ඉන්ජිනේරු පර්යේෂණ ඔස්සේ උපයනවා. අවසන් වශයෙන් කිව යුතු දේ නම් නොමිලේ හෝ මුදලට අද්‍යාපනය ලබන සිසුවා එය අවංකව කැපවීමෙන් කල යතුය. උපාධිය පිරිනමන ආයතන එය අවංකව අධයාපන ප්‍රතිපත්ති වලට එකගව සිදු කල යුතුය. එසේ නොමැතිව , මුදලට හෝ ඉගෙනීමට ආසා කරන, ජිවිතයේ කාලකන්නි බවින් මිදී ලොවට යහපතක් කිරීමට වෙර දරන සිසුන් හට පටු ආර්ටික ආකල්ප මත පිහිටා මන් ඇහිරීම ඉතාමත් නින්දිත, කුහක,අදම ක්‍රියාවකි. යුනෙස්කෝ ප්‍රතිපත්තිය අනුව ඉගෙනීමට සැමට ඇති නිදහස ජාති,ආගම,කුල,පන්ති,වයස, ලිංග බෙදය, මත ඇහෙරිය නොහැක. උද්ගෝෂණ කල යුතු වන්නේ සැමට ඉගෙනීමට ඇති අයිතිය තහවුරු කර සම්පත් ලබා දීම වෙනුවෙනි. ඉගෙනීම ලබා දෙන්නේ නොමිලේ හෝ මුදල් මත යන්න නොවේ.(නදී)
මුලික සුදුසුකම් සපුරපු කෙනකුට මුදල් දී හෝ නොදී අධයාපනය ලැබීමට ඉඩ තිබිය යුතුයි. මේ අය සුදුසුකම් සපුරලානම් මෙතන වරදක් නැහැ.(නදී)
මේ පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියලා කෑ ගහන අය පෞද්ගලික රෝහල් එපා කියලා කෑ ගහන නැති එකනේ ප්‍රශ්නේ. ඔය කෑ ගහන අය දොස්තරලා උනාම හවස පහ පහුවෙනකම් බලන් ඉන්නේ පුද්ගලික රෝහල් වලට දුවන්න. රජයේ රෝහල් වෙලදී ලෙඩාව ගනන් ගන්නේ නැති සමහර දොස්තරලා පුද්ගලික රෝහල් වලට ලෙඩාව ව ගෙනාවම මාර සැලකිලි. මමත් රුසියාවේ වෛද්‍ය සිසුවෙක් අපි එහෙ දුක් විදගෙන සිතලේ අම්ම තාත්ත සහෝදරයා නැතුව, අපි ආසයි අම්ම අතින් බත් කටක් සුමානෙට දවසක් හරි කන්න. මොකෝ අපිත් මිනිස්සුනේ. අපි කහනවට රුසියාවට ගීයේ නැහැ. ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල තිබුනනම් අපි අද ලංකාවේ. ඔය වෛද්‍ය සිසුවෝ දන්නවනේ අපිට රට ගිහිල්ලා උපාධි ගත්තට ලංකාවේ විභාග දෙන්න ඔනා කියලා. ඒක නිසා කුහක වෙන්නේ නැතුව හොද වෛද්‍යවරු වෙන්න.(නදී)
මේ පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියලා කෑ ගහන අය පුද්ගලික රෝහල් එපා කියලා කෑ ගහන්නේ නැති එකනේ ප්‍රශ්නේ. ඔය කෑ ගහන අය දොස්තරලා වුනාම පස්වරු 5 පහුවෙනකම් බලාගෙන ඉන්නේ පුද්ගලික රෝහල් වලට දුවන්න (නි)
කෙලින්ම කඳුළු ගෑස් වලින් මේ ඉරිසියාව නැවැත්විය යුතුයි. (නදී)
මුදල් ගෙවලා ඉගෙන ගැනීමට කටයුතු කරන්ඩ. මෙය ජාතික අවශ්‍යතාවයක්. රජය ස්තිර තීරණයකට එන්ඩ ඕනා.(නදී)
යුනිෆෝම් තියන්නේ රාජකාරි වෙලාවට දාන්නනේ. (නි)
මේ අයටත් කදුලු ගෑස් ගහනවද? (නි)
මට හිතෙනවා තනියම හරි පෙළපාලියක් යන්න මෙයට විරුද්ධව. (නි)
මමනම් කියන්නේ ඕනෑම උපාදියක් විකුණුවාට කමක් නැහැ. කාට හරි ඒ කාරණාව ප්‍රශ්නයක් නම් මගෙත් එක්ක ඕනෑම වෙලාවක වාදයකට එන්න, මම දීප්ත (දී)
අධ්‍යාපනය පෞද්ගලීකරණය වුනාම රෝහල් පෞද්ගලීකරණය වුනාට එහා දෙයක් වෙන බව දකින උගත්තු පාරට බැස්සම ඒකට ගරහන අයට මෛත්‍රී කරමු බුද්ධිමතුනේ... (නි)
මොන විකාරයක්ද? අඩුමගානේ ඒ 13 දෙනා ගෙන් සල්ලි හරි එනවා. මේ අය ඉගෙන ගන්නේ පිනටනේ. ඕක තනිකරම කුහක කම. රුසියාවට ගිහින් ඉගෙන ගන්න අයට ට එතකොට මෙයාලා මොකද කියන්නේ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ හරිම කුහක ජාතියක් වෙලා. තමන්ට ඉගෙන ගන්න ඕනේ නම් සල්ලි දීල හරි ඉගෙන ගත්තට මොකද වෙන්නේ. පිටරටට යන සල්ලි ටිකක් හරි රට ඇතුලේ ඉතුරු වෙනවා නේද? (නදී)
නුවන් කියන දේ හරියටම හරි. මේ ළමයි හරිම ගොන්නු. විභාග පාස් උන පලියට බුද්ධිදිය ලැබෙන්නේ නැ. ස.පෙළ, උ.පෙළ කියන්නේ මහා ලොකු විභාග නෙවෙයි. ඒවායේ බුද්ධියට සම්බන්දයක් නැහැ. ඒ නිසා පිනට ලැබෙන අධයාපනය ලබාගෙන, රටට නැතත් , තමන්ටවත් වැඩක් වෙන්න ඉගෙන ගනිල්ලා.(නදී)
රජයකට පමණක් අධ්‍යාපනය කරන්න නොහැකිය. පිටරට උපාධි හොද නම් අපේ රටේ කරන එක නරකද? (නි)
පුද්ගලික අධ්‍යාපනය රටකට අවශ්‍යයි. රජයකට පමණක් අධ්‍යාපනය කරන්න නොහැකියි. (නි)
සුදුසුකම් සපුරා ඇති නම් මුදල් ගෙවිය හැකි හැම කෙනෙක්ගෙන්ම මුදල් අයකිරිමටත් දුප්පත් අයට එම සියලුදේම නොමිලයේ දීමත් වරදක් නොවේ. දුප්පත් කාටත් යහපතකි. නිකම්ම ලැබෙන නිසානේ මෙහෙම කාලය කන්නේ. මෙහෙම දෙන්නේ මොනරටෙද?(ස)
උපාදිය විකුණුවාට මොකද වෙන්නේ දැනුම තියෙන කෙනා ලබා ගනීවි (දී)
හොද සායනික පුහුණුවක් ඕනේ නිසාද දොස්තරලා වර්ජනය කළේ සම සෞඛ්‍යය උපාධියේ අධ්‍යන කාල සීමාව වසර 3කට සීමා කරන්න කියලා. තමාගේ නොදැනුවත් කම හෙලිවෙනවට බයයි. ඒකයි එහෙම කලේ එයාලා.(නදී)
චාමික ඔබතුමා ජීව විද්‍යාව ගැන දන්නවද දන්නේ නෑ. උසස් පෙලට රසායන විද්‍යාව , භෞතික විද්‍යාව කියල එකකුත් තියෙනවා. ඒවා කට පාඩම් කරලා පාස් වෙන විදිහක් ගැන නම් මම දන්නේ නෑ. ඒ හින්දා බයෝ කරන අය ගැන කියන ඔය ගොන් කතාව තවත් කියන්න එපා. අවුරුදු 4 න් දොස්තරලා හදන්න බෑ ක්ෂණික නූඩ්ලස් වගේ ඒකට හොද සායනික පුහුණුවක් තියෙන්න ඕනේ. එහෙම අවුරුදු 4 න් උපාධි දෙන ලෝකේ කිසිම රටක් නෑ. ඒක හින්දා ගොන් කතා නොකියා ඉන්නවා නම් හොදයි.(නදී)
අධ්‍යාපනය පෞද්ගලිකරණය කරන එකට විරුද්ධ වෙන්නේ ඒකට තියෙන ඉරිසියාවට කියලයි මිනිස්සු හිතන්නේ. ලංකාවේ අධ්‍යාපනය මේ තරම් පහලට වැටුණු යුගයක් තවත් නැහැ. උසස් පෙළට එස් 3ක් ගන්න කෙනෙකු වෛද්‍ය විද්‍යා විභාගය සමත් වන්නේ කෙසේද කියා සිතා ගන්නටද නොහැකියි. විද්‍යා උපාධිය විකිණීමට ඉඩ නොදිය යුත්තේ අන්න ඒ නිසාය. මොකද එහි අවසාන ප්‍රතිපලය විදවන්න වෙන්නේ රෝගින්ටම වීමයි. (නි)
චාමික, කියන්න අමතක වුනා. ඔයා දන්නෙ නැති වුනත් දැනට ලෝකයේම පාවිච්චි කරන සමහර ඖෂධ හදලා තියෙන්නේ මුලින්ම ලංකාවේ. ඒක හින්දා නොදන්නාකමට කෑ ගහන්නේ නැතුව ඉන්න (නි)
මම දන්නා තරමට සාමාන්‍ය පෙළ කෙසේ වෙතත් උසස් පෙළ හොද ප්‍රතිඵල ගන්න බුද්ධිය තියෙන්න ඕනෑ. (නි)
කරු ඔබත් හරි. (ස)
රුක්මල් හරි. සල්ලි දීල ඉගෙන ගන්නත් උසස්පෙළ පාස් වෙලා සුදුසුකම් සපුරන්න ඕනනේ. සල්ලි තියෙනවනම් එහෙමැයැ ඉගෙනගත්තට වරදක් නැහැ. ලෝකේ හැම රටකම වගේ ඒ වගේ පහසුකම් තියෙනවා.(නදී)
හැමෝම දන්නවා සමහර ළමයින්ට එක ලකුණක අඩුවක් නිසාත් වෛද්‍ය විද්‍යාලයට යන්න බැරිවෙන අවස්ථා තියනවා. එක ලකුණක් අඩුවක් කියන්නේ ඒ ළමය වෛද්‍ය විද්‍යාලයට සුදුසු නැහැ කියන එක නෙමෙයි. ඒ ළමයාගේ අවාසනාව. මම මගේ දු දරුවන් සමඟ මැද පෙරදිග කටාර් කියන රටේ රැකියාවක් කරන කෙනෙක්. මගේ දරුවන් ඉගෙන ගන්නේ බොහොම දුක් ගැහැට මැද. අපි කවද හරි ලංකාවට ආපු දවසට මගේ ළමයින්ට විශ්ව විද්‍යාලට යන්න අවශ්‍ය උනොත් මොන සුදුසුකම තිබුනත් සල්ලි දීල තමයි ඇතුලත් වෙන්න ඕනේ. අපි වගේ දුක් විඳින මිනිස්සුන්ගේ සල්ලි තමයි ලංකාවේ හොඳම ආදායම. අපි නැත්නම් රටත් බංකොලොත්. අපි මෙහේ ළමයින්ට උගන්නනෙත් සල්ලි දීලා. ලංකාවට ආවම ඉගෙන ගන්න ඕනෙත් සල්ලි දීලා. මොන අසාධාරනයක්ද මන්දා. එහෙමත් තියෙද්දී මේ මී හරක් මොකට විරෝධතා තියනවද? මුන් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ. ලෝකේ වෙන දේවල් දන්නේ නැහැ. ඒ මදිවට ඉරිසියාවෙන් කුහක කමෙන් පිරිලා. අපේම සල්ලි වලින් ඉගෙන ගෙන අපේම ළමයින්ට විරුද්ධව පෙළපාලි යනවා. මේ ළමයි බයයි තරඟකාරිත්වයට මුණ දෙන්න. එහෙම නැත්නම් ඔච්චරම සාධාරනනම්, ලංකාවේ ඉගෙන ගෙන ලංකාවටම සේවය කරක්ක ඕනා. රජයේ ඉස්පිරිතාල වල කොච්චරනම් වෛද්‍ය හිඟ තියනවද? . ගිහින් සේවය කරන්න. (මෙම රාමුවෙන් පිට වැඩ කරන අවංක, සාධාරණ අයට මගේ ප්‍රණාමය).(නදී)
නිශාන්, එස් එකක් කියන්නේ ලකුණු 35 නැත්තම් ඊට අඩුයි. එහෙම ළමයෙක් කොහොමද මනුස්සයෝ මෙච්චර අමාරු විභාග කරන්නේ? අනික ප්‍රශ්න පත්‍රය දිහා බලන්නෙ නැතුව ගැහුවත් බහුවරණ වලින් 35 ක් ගන්න පුළුවන්. ඒක හින්දා ඒ වගේ මෝඩ තර්ක ගෙනෙන්න එපා (නි)
චාමික, ඔබතුමා මෝඩ කතාවක්නේ කියන්නේ. සෑම සෞඛ්‍යය උපාධියක්ම එම්.බී.බී.එස්. එකට කවදාවත් සමාන කරන්න හදන්න එපා. (නි)
නුවන්, මෙතන ප්‍රතිචාර දාන අයට කාටවත්ම මතක නැහැ තමන් ඉගෙන ගත්තෙත් නිදහස් අධ්‍යාපනයෙන් බව. සාමාන්‍ය පෙළ හරි උසස් පෙළ හරි දක්වා ගිහිල්ලා පිස්සු කෙලලා ඊට පස්සේ කුහක කමට කෑ ගහනවා. අපි නිකන් ඉගෙන ගන්නේ විභාග හරියට කරපු නිසා. ඔයාලා විභාග පේල් වෙලා පිස්සු කෙලලා දැන් කුහක කමට කියවනවා. අනික අපේ අම්මලා තාත්තලත් බදු ගෙවනවා ඔයාලා විතරක් නෙවෙයි . එක ලකුණක් අඩු අය ගැන නෙමෙයි ප්‍රශ්නේ ඒ අයට අවස්ථාව දෙනවානම් කමක් නැහැ. ඒත් පේල් වෙච්ච අයත් සල්ලි දීලා එන එක ගැනයි අපිට තියෙන අමාරුව. ඒක හින්දා ගොන් කතා නොකියා වැඩක් බලාගෙන ඉන්න එක හොදයි.(නදී)
නුවන් මේ රටේ හොදම ආදායම ඕක නෙවෙයි කියලා ඕන කෙනෙක් දන්නවා. අනික ඔයාට රට යන්න උනේ දුක් විදින්න උනේ ඉගෙන ගත්ත නැති නිසා වෙන්නැති. අනික සල්ලි වලින් දොස්තරලා හදන්න බෑ ඒකට බුද්දිමත් කම තියෙන්න ඕනේ. ඔබ තුමාත් ඉපදුනේ කටාර් වල නෙවෙයිනේ ලංකාවේනේ හොදට මතක් කරලා බලන්න ඒ කාලේ ඉස්කෝලේ ගියේ සල්ලි දීලද කියලා. අධ්‍යාපනේ දිගටම ඔයාට කරගෙන යන්න බැරි උනාට අපි පලි නැහැ හොදේ. අනික අපි නිකන් ඉගෙන ගන්නවා කියල කියන්න කාටවත් අයිතියක් නැහැ මොකද මෙතන මහා ලොකුවට කෑ ගහන අයත් ටික කාලයක් නිකන් ඉගෙන ගත්තා කියල මතක් කර ගත්තොත් හොදයි. අපිට කොහොමත් උපාදිය ලැබෙනවා. අපි මේ කෑ ගහන්නේ අපි වෙනුවෙන් නොවෙයි. අනාගතේ මෙහෙට එන්න ඉන්න අය වෙනුවෙන් කියලා අමතක කරන්න එපා.(නදී)
වෛද්‍ය උපාධිය මුදල් ගෙවලා ඉගෙන්න ගන්න බැරිනම්, නොමිලයේ ඉගෙන ගත් වෛද්‍යවරුන්ට පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සහ චැනල් සේවා වල වැඩ කිරීම තහනම් කරන්න.(නදී)
උසස් පෙලට රසායන විද්‍යාව , භෞතික විද්‍යාව දෙක සංයුක්ත ගනිතයත් එක්ක තමයි කලේ. ඒ නිසා ඒක නොදැන නෙවෙයි කිව්වේ. ඖෂද හැදුවේ දොස්තරලා නෙවෙයි. රසායන විද්‍යඥයෝ. සම සෞඛ්‍ය පාඨමාලාව ගැන දන්නා තරම පේනවා සුපුන්ගේ කතාවෙන්. සම සෞඛ්‍ය පාඨමාලාව ගෙනාවේ දොස්තරලා හදන්න නෙවෙයි. හෙද උපාධිය, ඖෂධවේදී උපාධිය, විකිරනවේදී උපාධිය, භෞත චිතිත්සක උපාදිය දෙන්න. දැනට ඩිප්ලෝමා මට්ටමේ තියෙන ඒ ක්ෂේත්‍ර උපාධි මට්ටමට ගේන්න. ඒකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලුම්පත් ගත්තේ අවරුදු 4ක පාඨමාලාවක් කියලා. පස්සේ එම්.බී.බී.එස් අය වර්ජනය කලා ඒක තුන් අවරුදු පාඨමාලාවකට සීමා කරන්න කියලා. එයාලගේ නොද්දන්නකම හෙළිවේවි කියලා මේ ක්ෂේත්‍ර ගැන හොදින් දන්නා වෘතිකයෝ ඇති උනාම. මේවා දන්නේ නැත්තේ නිදාගෙනද සුපුන් හිටියේ?(නදී)
මමත් ඒ කතාවනම් පිලි ගන්නවා (දී)
රාජ්‍ය උපාධි මුදල් ගෙවීමෙන් ඉගෙන ගන්න එක මමත් අනුමත කරනවා. උ.පෙළ එස් 3ක් ගත්තත් ඒ 3 ගත්තත් ඒ විභාග වලින් සමත් වීම අවශ්‍යයයි. ඒ නිසා කාටවත් ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැනේ. මෙතන මෙහෙම බයක් ඇති කට්ටියට. සම්මුඛ පරීක්ෂන වලින් නොමිලේ අධ්‍යාපනය ලබන අයට මරු පහරක් වදී කියලා බය ඇති. මොකද සාමාන්‍යයෙන් අභ්‍යන්තර උපාධිය සහ බාහිර උපාධිය කරන්නන්ගෙන් බාහිර උපාධිය කරන්නන් හට වැඩි දැනුමක් තියෙනවා. මොකද ඒවා සදහා පැවැත්වෙන විභාග උඩින් පල්ලෙන් නම් පාස් වෙන්න බැහැ. ඒ හා සමාන සිදුවීමක් වෙයි කියලා බයද දන්නේ නැහැ කට්ටිය (නි)
කවද්ද දොස්තරලා ලෙඩ්ඩු ගැන ගැන හිතලා පාරට බැස්සේ. මෙයාලා මේ පාරට බහින්නේ අනාගතේ මෙයාලට පෞද්ගලික තැනක වැඩ කරලා හොයා ගන්න තියෙන සල්ලි අඩු වෙන නිසා සහ මෙයාලගේ තනි අයිතිය නැති වෙන එක ගැන. මෙඩිකල් කෞන්සිල් එකේ රේජිස්ටාර් පගාව අරන් එලියට දැම්මේ ඇයි? මෙයාලා ඔක්කොම තමුන්ගේ වාසියට. සුළු පිරිසක් දොස්තරලා කරුණිකයි එත් ඉතිරිය ගැන කියල වැඩක් නෑ. මෙයාලට නිතිය ක්‍රියාත්මක කරොත් එකටත් උද්ගෝෂණ. මෙහෙමද ලෝකේ අනික් රටවල උපාදිය ගන්න ළමයි ප්‍රශ්න විසදන්නේ. මේක කුහක කම. මොවුන් පිට රට උපාදිය ගත්ත අයට සලකන විදිය දන්නවා නම් මෙයාලා ගැන මෙහෙම නෙමේ කතා කරන්නේ .(නදී)
අදිස, සුපුන්, විභාග අසමත් අය, නුසුදුසු අය සල්ලි වලට විභාග සුදුසුකම් ලබාගන්න හදනවනම් ඒකට මමත් විරුද්ධයි. මම මෙතන කිව්වේ නිදහස් අධ්‍යාපනේ නැති කරන ගැන එක නෙමෙයි. ලකුණකින්, දෙකකින් අවාසනාවන්ත විදියට එලියට විසිවෙන සහ පිට රටවල් වල දුක් විදින ළමයි ගැනයි. මම බොහොම දුප්පත් පවුලක ඉපදුන කෙනෙක්. ජ.වි.පෙ විකාර නිසා අධ්‍යාපනය කඩා කප්පල් වුන කෙනෙක්. මම ජිව විද්‍යා විෂය ධාරාවෙන් අමාරුවෙන් ජීවිතේ බේරාගෙන උසස් පෙළ කලත්, වෛද්‍ය විද්‍යාලට යන්න වරම් නොලැබුන කෙනෙක්. නමුත් මම උත්සාහය ඇත නොහැර, මගේ දෙමුපියන්ගේත්, සහෝදර සහෝදරියන්ගේත් උදවුවෙන් සල්ලි ගෙවල ඉංජිනේරු විභාග කීපයක් කලා. දැන් මම මෙහෙ ඉංජිනේරු ආයතනයක ප්‍රධාන වියාපෘති කළමණාකරුවෙකු හැටියට සේවය කරනවා. මගේ යටතේ ලංකාවේ, ඉන්දියාවේ, පිලිපිනේ, ඉංජිනේරුවරු වැඩ කරනවා. බෙලි කපාගෙන නෙමෙයි, මිනිස්සුන්ට උදවු කරගෙනයි මම මෙහෙ ඉන්නේ. අවශ්‍ය නම් ඔප්පු කරන්න පුළුවනි. තව දෙයක් කියන්න ඕනේ. අධ්‍යාපනය කියන්නේ හැම දේම නෙමෙයි. දක්ෂතාවයත් තියෙන්න ඕනේ. අපි වැඩ කරන්නේ වැස්සකටවත් ඉස්කෝලේ ගිය නැති මනුස්සයෙක් යටතේ. මෙහෙ ඉන්න හොදම ආයතන හිමිකරුවෙක්. එතකොට ඔයගොල්ලෝ කියන්නේ ඌ මැට්ටෙක් කියලද. උද්ධච්ච කම තියල තමන්ගේ වැඩේ හරියට කරන්න.(නදී)
උසස් පෙළ සමත් වෙලා වැඩිම ඉසෙඩ් ලකුණු අරගෙන විශ්වවිද්‍යාලයට එන ළමයින්ට සම සෞඛ්‍යය උපාධියත් දෙන්නත් එපා කිව්වනේ මේ දොස්තරලා. ඒ ලමයින්ට අවරුදු 4ක උපාදියක් ලබා දෙනවට ඇයි දොස්තරලා විරුද්ද? ඔය පෙළපාලි යන එක්කෙනෙක් පුළුවන් නම් එන්න ප්‍රසිද්ධ විවාදයකට. මේගොල්ලනට පුළුවන් කට පාඩම් කරන්න විතරයි. ලංකාවේ කෙරෙන වෛද්‍යය පර්යේෂණ ඔක්කොම සංඛ්‍යාන පර්යේශන විතරයි. තාක්ෂණික පර්යේෂණ කරන්න මේ දොස්තරල දන්නේ නැහැ. බයෝ මෙඩිකල් ඉන්ජිනේරු ලංකාවේ විද්‍යාව නැහැ. අනුක ජීව විද්‍යාව දන්නේ නැහැ. මෙයාල ගොඩක්ම ලබන්නේ සායනික පුහුණුව. මෙයාලට වෛද්‍යය පර්යේෂණ සම්බන්ද තාක්ෂනය ගැන දැනීම ගොඩක් අඩුයි. මෙයාල දන්නේ රෝග ලක්ෂණ බලලා රෝගේ විනිශ්චය කරලා බෙහෙත් දෙන එක. (හැබැයි රෝග විනිශ්චයටනම් ලංකාවේ දොස්තරලා දක්ෂයි. එකේ මම පිලිගන්නවා.) ඔන්න විභාග පාස් වෙලා ආවය කියන උදවියගේ තත්වේ. මමත් රජයේ විශ්ව විද්‍ය්ලෙකින් උපාදිය ගත්තේ. ඒ නිසා ඉරිර්සියාවට නෙවෙයි මේ කියන්නේ. (නදී)
මුදල් තිබේ නම් ගෙවලා ඉගෙන ගත්තට අපිට ගැටළුවක් නැහැ. මොකක්ද නිකම් ඉගෙන ගන්න අපේ අයියලා කෙලින්නෙම පිස්සුනේ.(නදී)