ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපාධිය ලැබූ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ හමුවක් දෙසැම්බර් 12 වැනි සෙනසුරාදා පෙරවරු 10ට කොළඹ ටොරින්ටන් පෙදෙසේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට යයි.

මේ සරසවිය 1959-72 දක්වා ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්ව විද්‍යාලයය යනුවෙන් ද, 72-78 දක්වා විද්‍යෝදය මණ්ඩපය යනුවෙන් ද, 78 සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය යනුවෙන් ද හැඳින්වෙයි.

ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ වාර්ෂික මහා සභාව ද එදින පැවැත්වෙන බව ලේකම් මහාචාර්ය අබේරත්න බණ්ඩාර (දුරකතන 0777 224 399) සහ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ (0777 26 93 21) කියති.

විද්‍යුත් ලිපිනය - [email protected]

 japura-campasa-logo

japura-adi-widyartha-logo