IMG-LOGO

ජපානය හැඩ කරන රෝස වසන්තය

2016-10-30-ent-91

ඔබ වඩා කැමති මොන මල් වර්ගයට ද? ඒ අතරින් ‘රෝස’ මල යැයි කියා වැඩි දෙනෙක් කියාවි. රෝස මලට රෝස කියලා කියන්නෙ රෝස පැහැය නිසා නොවෙයි. Roses යන නාමයෙන් ඒ මල් වර්ගය හැඳින්වෙන නිසයි. විවිධ පැහැයෙන් වගේම හැඩයෙන් යුතු රෝස මල් වර්ග දැක ගත හැකියි.

2016-10-30-ent-89ඒ වගේම විවිධ රටවලට ආවේණික වූ රෝස මල් වර්ග ද දැක ගත හැකියි. එලෙසින් විවිධ රටවලට ආවේණික වූ නේකවිධ පැහැයෙන් යුතු රෝස මල් දැක ගන්න නම් විවිධ රටවලට සංචාරය කළ යුතු වෙනවා. නමුත් එකම ස්ථානයකදී ලෝකයේ සෑම රටකම වාගේ ඇති රෝස මල් වර්ග දැක ගත හැකි නම් එහි අපූරුව මොන තරම්ද අද අප මේ සූදානම් වන්නේ ඔබව එවැනි සුන්දර ස්ථානයකට රැගෙන යාමටයි. හැබෑයි මේ සුන්දර උද්‍යානයෙහි තිබෙන්නේ රෝස මල් වර්ග විතරක්ම නෙවෙයි. තවත් විවිධ මල් වර්ග දහස් ගණනකින් සමන්විත උද්‍යානයකි. ‘‘ඉබරකි ෆ්ලවර් පාක්’ නමින් ප‍්‍රකටව ඇති මෙම උද්‍යානය පිහිටා ඇත්තේ ජපානයේ ඉබරකි දිස්ති‍්‍රක්කයට අයත්ව ඉෂි ඕකා පළාතේ ය.

තෝකියෝවේ සිට ඉබරකි දක්වා ඇති දුර කිලෝමීටර 122 ක් විතර. එතන ඉඳලා ඉෂි ඕකා වෙත ඇත්තේ කිලෝමීටර 92ක් පමණි. Nicey Internationa ආයතනයේ අනුග‍්‍රහයෙන් ජපානයට ගිය අප මෙම මල් උද්‍යානය වෙත කැඳවා ගෙන ගියේ ජපානයේ වෙසෙන ප‍්‍රදීප් ඉෂාන්ත නාරංගොඩ සහෘදයා ය.

සුකුබා කඳුවළල්ලට මායිම්ව පිහිටා ඇති මෙම මල් උද්‍යානයට යාම සඳහා තිබූ මග තරමක් දුෂ්කර විය. ඒනිසා කෙටි සහ පහසු මගක් නිර්මාණය කිරීම සඳහා ජපන් බලධාරීන් කටයුතු යෙදු අතර කන්දක් අතරින් උමගක් සාදා ඒ මග සාදා තිබේ. ඒ නිසා දැන් මේ රෝස සුන්දරියන් දැක ගැනීමට යන මග වඩා පහසුය.

සරත් සමය, වසන්තය. ගිම්හානය සහ සිසිරය යන ඍතු හතර නිසි කලට කළ එළි බසින රටක් ලෙස ජපානය හැඳින්විය හැකිය. රෝස වසන්තයේ අසිරිය ලෝකයේ ඕනෑම තැනකදී අත්විඳිය හැකි වන්නේ වසන්තයේදී වුව මෙම උද්‍යානයේදී වසර පුරාම රෝස වසන්තයේ හැඩ රිසි සේ නැරඹිය හැකිය.

වසර පුරා මේ සුන්දර රෝස උපද්දවීම සඳහා මෙම උද්‍යානයෙහි සේවක පිරිස මහත් ප‍්‍රයත්නයක් ගනිති. පහත සිට ටිකින් ටික උස්වන අන්දමට හරි අපූරුවට ඒ උද්‍යාන භූමිය නිමවා තිබේ. ඒනිසා ඈත සිට සියලූ මල් වර්ග දැක ගත හැකිය. උද්‍යානය මුදුනත ගෘහස්ථ ගොඩනැගිල්ල නිමවා ඇති අතර එහි සහ ඒ අවට කලාපයේදී විවිධ මල් වර්ග දැක ගත හැකිය. ගෘහස්ථ වගා කෙරෙන මල්වර්ග මෙන්ම උඩවැඩියා නිම්නයද ආවරණය සහිතව වෙන් වෙන්ව නිමවා තිබේ.

Travel-with-Sandunමෙම විවිධ මල් වර්ග වගා කර ඇති විදිය ගැන සහ මල් කලාව ගැන උනන්දු වන අයට මෙහි සිටින අයගෙන් විස්තර දැන ගත හැකිය. විවිධ මල් වර්ගවලට අයත් පාත්ති සහ තවාන් වෙන් වෙන් වශයෙන් නම්කර තිබේ. රෝස වර්ග 800ක් පමණ ඇත.

ඍතු හතරේ ස්වභාවයට අයත්ව මල් පීදුනු සුන්දරත්වය රැුගත් ඡුායාරූප ප‍්‍රදර්ශන සෙනසුරාදා දිනවල පැවැත් වේ.

ඬේලියා ප‍්‍රදර්ශන උත්සවය, සමාසූරි උත්සවය, හයිඩ්‍රේන්ජියා සහ රෝස මෙන්ම බිගෝනියා මල් උත්සවද වෙන් වෙන් වශයෙන් පැවැත් වේ. ඉබරකි මල් උද්‍යානයෙහි අසිරිය රිසි සේ බුක්ති විඳීම සඳහා ලොව නන්දෙසින් පැමිණෙන සංචාරකයින්ගේ පහසුව සඳහා භෝජනාගාර සේවය මෙන්ම, සනීපාරක්‍ෂක පද්ධති ද නිමවා ඇත්තේ වඩාත් සුවදායක ලෙසිනි. තමුන් කැමති අහරක රස විඳ මලින් මලට ගොස් එහි හැඩ නෙතපුරා රඳවාගෙන ඕනෑ නම් මෙම උද්‍යානය මුදුනට වන්නට ඇති ස්ථානයට ගොස් මොහොතකට පොඩිහිටියන්ගේ ලෝකයට අවතීර්ණ විය හැකිය. එනම් තමුන් විසින්ම පදවාගෙන යනු ලබන පීල්ලේ රැුහැනක ආධාරයෙන් ක‍්‍රියාත්මක වන පුංචි ඔරුවේ පාවී යා හැකිය.

අපේ හිතවතා වූ ප‍්‍රදීප් ඉෂාන්ත එතැනින්ද නොනැවතී ගුවනේ ගමන් ගන්නා බයිසිකලයේ යාමටද අපට ආරාධනා කළේය. ඒ සඳහා වෙනම ගෙවීම් කළ යුතුය. දෙදෙනෙකුට නැග එය පැද යා හැකි අතර ඒ මත නැග යන විට උද්‍යානයෙහි අසිරිය නෙතපුරා විඳගත හැකිය. මේ අවස්ථා ගෙනදෙන ආස්වාදය නම් වෙනම ලෝකයකට ගියාක් මෙන් වූ හැඟීමකි.

මේ උද්‍යානයට ගිය පසු මොන තරම් කාර්ය බහුල දිවියක් ගත කරන කෙනෙකුට වුවද එයින් යළි පිටව ඒමට නම් සිත් නොදෙන බව කිව යුතුමය.

මේක ඇත්තටම සිහිනයක්ද? සජීවිව දකින චිත‍්‍රයක්ද? යන බොහෝ සිතිවිලි නිරන්තරයෙන් උපද්දවයි. කවිකාර සිතිවිලි හැඩකාර පබැඳුමකට ගෙත්තම් කිරීමට මේ උයන කදිම නිම්නයකි. මේ ලෝකය කොච්චර නම් ලස්සනද මොන තරම් නම් සුන්දරද අපේ මේ ලෝකය ආදරණීයයි. සහතිකයි. මේ උද්‍යානයට පැමිණෙන බොහෝ දෙනාට ඒ සිතිවිලි උපද්දාවි. ඉදින් ඉබරකි. සුන්දරියේ ඔබගෙන් සමුගෙන යාමට මොහොතකට අවසර දෙනු මැනවි. චාරිකා අනුග‍්‍රහය Nicey Internationa (රාජගිරිය)

 

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

 

2016-10-30-ent-92
2016-10-30-ent-90  
2016-10-30-ent-88
2016-10-30-ent-87
2016-10-30-ent-86
2016-10-30-ent-85
2016-10-30-ent-84

 



අදහස් (0)

ජපානය හැඩ කරන රෝස වසන්තය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 260 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 440 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 785 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site