IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ජපානයේ ශ්‍රී ලංකා උළෙල-2011

ජපානයේ ශ්‍රී ලංකා උළෙල - 2011 ජපානයේ තෝකියෝ නුවර යොයෝගි උද්‍යානයේදී පසුගියදා ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ජපානයේ තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම උළෙල මෙවර පැවතියේ 8 වැනි වතාවටය. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, ආහාරපාන හා නිෂ්පාදන ආදිය පිළිබඳව ජපාන ජනතාවට හඳුන්වාදීම හා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඒකරාශී කරවීම මෙම උළෙලේ ප‍්‍රධාන අරමුණ වී තිබිණ. ජපානයේ හිටපු අග‍්‍රාමාත්‍ය ෆුකුඩා මහතා මෙම උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූයේය. ජපාන රජය විශේෂ නියෝජිතයෙක් ලෙස කටයුතු කළ යසුෂි අකාෂි මහතාද ශ්‍රී ලංකාව වෙනුවෙන් දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, ආයුර්වේද සංස්ථාවේ සභාපති සෝමවීර චන්ද්‍රසිරි, සංචාරක මණ්ඩලයේ සභාපති නාලක ගොඩහේවා මහතාද මෙම උළෙලට සහභාගි වී සිටියහ. සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින පුරා පැවති ශ්‍රී ලංකා උළෙලේ සමාරම්භක උළෙල උත්කර්ෂවත් අයුරින් පැවති අතර ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ප‍්‍රමුඛ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහු උළෙල මැනවින් සංවිධානය කර තිබිණ. ”ශ්‍රී ලංකාව ජපානයේ හොඳ මිත‍්‍රයෙක්. දැන් ශ්‍රී ලංකාවේ යුද්ධයක් නෑ. රට ඉතාම සාමකාමීයි. අපි ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ස්තුතිය පුදකරනවා අපිට යුද්ධය දිනූ වීරයෙක් තානාපති ලෙස ලබාදීම ගැන. නව තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා සමග අපට දිගු ගමනක් යා හැකි” යැයි උළෙලේ ප‍්‍රධාන අමුත්තා වුණු හිටපු අග‍්‍රාමාත්‍ය ෆුකුඩා මහතා උළෙලේ ප‍්‍රධාන දේශනය පවත්වමින් ප‍්‍රකාශ කළේය. ශ්‍රී ලංකා උළෙල යොයෝගි උද්‍යාන භූමියේ විශාල පෙදෙසක් ආවරණය වන පරිදි සංවිධානය කර තිබූ අතර, ප‍්‍රදර්ශන හා වෙළඳ කුටි 90 ක් පමණ තිබිණ. එම කුටි අතර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය, ආහාරපාන, තේ, අත්කම්, කුළුබඩු ඇතුළු විවිධ නිෂ්පාදන, විනෝදාස්වාදය ලබාදීම ආදිය පිළිඹිබු කෙරිණි. උළෙල පැවති දෙදින පුරාම භාතිය- සංතුෂ් සංගීත කණ්ඩායම, චන්න උපුලි රංගායතනයේ ශිල්පීන්, ජනනාත් වරකාගොඩ හා ජපානයේ ශිල්පීන් රැසක්ද එක්ව විවිධ සංස්කෘතිකාංග රැසක් ඉදිරිපත් කළහ. ජපානයේ ව්‍යාපාරික ප‍්‍රජාව මෙම උළෙල සඳහා අනුග‍්‍රහයන් සපයා තිබූ අතර දහස් ගණනක් වූ ජපාන ජාතිකයින් හා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දෙදින පුරා උළෙලට සක‍්‍රීයව සහභාගි වී සිටියහ. ජපානයේ පසුගියදා සිදුවූ සුනාමි ව්‍යවසනයට මාස 6ක් සපිරීම 12 වැනිදා දහවල් 2.46ට සිදුවූ අතර, විනාඩි 2ක නිශ්ශබ්දතාවක් දක්වමින් සහ භාතිය- සංතුෂ් හා චන්න උපුලි නර්තන කණ්ඩායම විසින් ඒ වෙනුවෙන් සැකසූ විශේෂ සංදර්ශනයක්ද පැවැත්විණි. මෙම ඡායාරූප වලින් දැක්වෙන්නේ උළෙලේ අසිරියයි.

සටහන/ඡායාරූප දුමින්ද සංජීව බාලසූරිය
     



අදහස් (0)

ජපානයේ ශ්‍රී ලංකා උළෙල-2011

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site