නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු වටයේ ජපානය සහ කැනඩාව අද (27) පැවැති තරගය ලකුණු 23-23 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය. මෙම තරගය ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ සම තත්ත්වයෙන් අවසන් වූ තෙවැනි තරගය වන අතර ජපානය සහ කැනඩාව අතර පසුගිය 2007 ලෝක කුසලාන තරගාවලියේ තරගය ද ලකුණු 12-12 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය. තරගයේ පළමු අර්ධය අවසන් විට ලකුණු 17-7 ක් ලෙස ජපානය පෙරමුණේ පසු වූ අතර තරගයේ 79 වැනි මිනිත්තුවේදී කැනඩා පිලට ලැබුණු දඩුවම් පහර සාර්ථක කිරීම නිසා ලකුණු සම විය. කැනඩාවට ගෝලයකින්, උත්සාහක දිනුම් දෙකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු ලැබූ අතර ජපානයට ගෝල දෙකකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු එකතු විය. මෙම තරගාවලියේදී ආසියානු කළාපය නියෝජනය කරන එකම රටවන ජපානය පළමු වටයේ තරග හතරෙන් තුනක් පරාජයට පත්ව තරගයක් සමව අවසන් කර ‘ඒ’ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්ව තරගාවලියෙන් ඉවතට විසිවී තිබේ.කැනඩාව මේ වන විට පළමු වටයේ තරග තුනකට සහභාගි වී ටොන්ගා පිලට එරෙහිව ජය ලබා, ප‍්‍රංශය හමුවේ පරාජයට පත්ව ප‍්‍රසාද ලකුණු 6 ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවෙයි. කැනඩාව සහ නවසීලන්තය අතර තරගය ලබන මස 2 වැනිදා පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජපානයේ ජය අවසන් මොහොතේ වැලකී යයි