“දැන් අපිට කරන්න තියෙන්නෙ බොහොම ලස්සන සීන් එකක්. මේක බොහොම හැඟුම්බර විදිහට, කෝල විදිහට රඟපාන්න ඕනෙ. සසිපබා ළඟට සාලිය ඇවිත් සසිපබාගෙ මූණ බලලා ආදරේ ප්‍රකාශ කරන්න ඕනෙ. හරි හොඳයි අපි රිහර්සල් එකක් ගනිමු.”
අධ්‍යක්ෂ සනත් අබේසේකර, දර්ශනයේ ස්වභාවය මදක් පැහැදිලි කර දුන්නේය.
“එන්න සාලිය.... සසිපබා ඔයා ඉන්නෙ බොහොම ලැජ්ජාවෙන්. මොකද ඔයා ගැමි තරුණියක්. සාලිය නගරෙ ඉන්න ඉංජිනේරුවෙක්. ඔයාගෙ හිතේ මේ ඉංජිනේරුවට ආදරයක් තිබුණත් පොඩි බයකුත් තියෙනවා මේ ආදරේට... හරි දැන් සීන් එකට එන්න.”

අධ්‍යක්ෂ කැමරා කාචයෙන්, මේ නළු නිළි යුවළ දෙස බලා සිටියේය.
සසිපබා ළඟට ආ සාලිය, ඇය දෙස බලා සිටියි.
සසිපබා, මගෙ හිතේ ඔයා ගැන ලොකු ආදරයක් ඉපදිලා තියෙනවා. සාලිය පැවසුවේය. එහෙත් ඔහුගේ කටහඬ වෙව්ලයි. ඔහුගේ හැඟීම්ද හොඳටම සසලය. සසිපබා මේ දර්ශනයට මුහුණ දෙන්නේ ද සජීවී ලෙසින් නොවේ.
හරි නෑ හරි නෑ.. සසිපබායි සාලියයි දෙන්නම ආදරේ ප්‍රකාශ කරන්න දන්නෙ නෑ. සාලිය ඔයා මීට කලින් කිසිම කෙල්ලකුට ආදරේ ප්‍රකාශ කරල නැද්ද?
අධ්‍යක්ෂ ඇසුවේය. “තව රිහර්සල් එකක් කරන්න.... ඔය සීන් එක ඔයිට වැඩියෙ සජීවී වෙන්න ඕනෙ මට පේන්නේ සාලියයි සසිපබායි දෙන්නම බයවෙලා වගේ.. සසිපබාගෙ අම්මා ඉන්න එකද ප්‍රශ්නෙ..”
ආදරය ප්‍රකාශ කරන දර්ශනයෙ නැවත වතාවක් ගන්නට සූදානම්ය. සාලිය සසිපබා ළඟට ආවත් එතැනින් පසු ඔහු සසිපබාට ආදරය ප්‍රකාශ කරන ආදරයේ සජීවී ගතියක් නොමැත.
“නෑ නෑ නෑ ඔහොම නෙමෙයි.. දෙන්නම අරහෙට ගිහින් පුළුවන් තරම් මේ සීන් එක පුරුදු වෙලා එන්න.. එතකං අපි ඊළඟ සීන් එකකට යමු.”
අධ්‍යක්ෂ තම සහාය අධ්‍යක්ෂවරයාට කීවේය. සසිපබා අම්මා ළඟට දිවගියේ ලැජ්ජාවෙන් මුහුණ රතු කරගෙනය. සාලිය ද මුහුණ රතු කරගෙන සසිපබා ළඟට ගියේය.
“ඔයාලා බයවෙලා පුතේ.”
සසිපබාගේ තනි නොතනියට පැමිණ සිටි ඇගේ අම්මා පැවසුවාය.
තොල්වල මතුවුණ දහදිය පිසගත් නළු නිළි යුවළම වතුර උගුරු කිහිපයක් බැගින් ද පානය කර ‘රිලැක්ස්’ වන්නට උත්සාහ ගත්හ.
අනතුරුව ඔවුහු නැවත වරක් ආදරය ප්‍රකාශ කරන භාරධූර රංගනය පුරුදු පුහුණු වූහ.
සඳවතක සේයා නම් වූ ටෙලි නාට්‍යය සඳහා සාලිය සහ සසිපබා ලෙස පෙනී සිටියේ සාරංග සහ උමාලි නම් නළු නිළි යුවළයි.
ඇත්තටම එදා ඒ සීන් එක රඟපාන්න ගිහින් මොකද වුණේ සාරංග..
මම සාරංග දිසාසේකරගේ මුහුණට එබී බලමි.
ඔහුගේ දෙතොල මන්දස්මිතයකින් නැහැවී ගියේය.
“මට හිතෙන්නෙම ඒ වෙලාවෙ උමාලි ගැන ලොකු ආදරයක් මගෙ හිතේ පිරිල තිබුණා... ඒ නිසා ඒක ඇත්තටම කියන දෙබසක් කියලා මට හිතෙන්න ඇති. බැරි වෙලාවත් උමාලි බෑ කිව්වොත් කියන බය මගෙ යටිහිතේ තියෙන්න ඇති..”
ඔයාටත් එහෙමද උමාලි?
මම උමාලි තිලකරත්නගෙන් අසමි.
“ඔව්.. සාරංගව දැකපු ගමන්ම මටත් හිත ගියා... ඒ ලස්සන කොල්ලා හැමදාම මගෙ වෙනවනම් කියලා මට හිතුණා...”
අර සීන් එක කරද්දි ඔයාටත් බය හිතුණා ද ඉතින්....
ඔව් අම්මත් බලන් හිටියනෙ....
සාරංගත් උමාලිත් දෙදෙනාම සිනාසෙති. හිත මොන තරම් ආදරයකින් පිරුණත් ඒ ආදර හැඟීම වචනවලට පෙරලීම මොනතරම් අමාරු කටයුත්තක් ද?
සිවිල් ඉංජිනේරුවකු ලෙස ගමට පාලමක් හදාදෙන්නට පැමිණි සාලිය අවසානයේ සසිපබාට සාර්ථක ලෙස ආදරය ප්‍රකාශ කළේය. මේ ටෙලිනාට්‍යය අවසන් වන්නට කලින් දිනෙක සාරංග නැවත වරක් ඔහුට රඟපාන්නට අපහසු වූ දර්ශනය සාර්ථක ලෙස රඟපෑවේය.
“උමාලි එදා මට හරියට කියාගන්න බැරිවුණ දෙබස් ටික, මට ආයෙමත් හරි විදිහටම ඔයාට කියාගන්න ඕනෙ.”
සාරංග කීවේය.
උමාලිගේ හදවතේ විදුලියක් ඉපදී මුලු සිරුර පුරාම පැතිර ගියේය.
ඇත්තවශයෙන්ම ඇය ද බලාසිටියේ මේ ආදරණීය දර්ශනය සාලියටත් සසිපබාටත් පමණක් සීමා නොකර සිටීමටය. උමාලි යාම්තමට සිනාසී සාරංග දෙස බැලුවාය.
“උමා ඇත්තටම මම ඔයාට ආදරෙයි... මට හිතෙනවා අපි දෙන්නා ලස්සන කපල් එකක් වෙයි කියලා....”
සාරංග කීවේය.
උමාලි වහාම සාරංගගේ අත අල්ලාගත්තාය.
සාරංග එදාම ගෙදර ගිය විගස අම්මාට මේ ආදර කතාව පැවසුවේය. උමාලි ද තම මවට සාරංග ගැන කීවාය.
හැමෝම කැමති වුණාද? ඉතිං
මම මනමාලයා දෙස යටැසින් බලමි.
“අම්මල දෙන්නනම් අවුලක් වුණේ නෑ. ඒත් උමාලිගෙ තාත්තා නම් කැමැත්තක් පෙන්නුවෙම නෑ. එයා ඉක්මනටම උමාලිව මගෙන් ඈත්කරල ජපානෙට යැව්වා.”
නාට්‍යෝචිත අවස්ථාවකි. මේ කතාවත් ටෙලි නාට්‍යයක එන සිදුවීමක් දැයි මට මොහොතකට සිතිණි.
ඊට පස්සෙ?
මම සාරංගගේ මුහුණ බලමි.
“උමාලි ජපානෙට ගියා. ඒ යන්න කලින් මට කියලා ගියේ එයා ජපන් යන්නෙ ඉගෙන ගන්න කියලයි. කොහෙ හිටියත් හිත තියෙන්නෙ මගෙ ළඟ කියලා කිව්වා. මං හිත හදාගත්තා. උමාලිගෙ අම්මා වුණත් මගෙ හිත හැදුවා...”
තාත්තා විතරයි උදැල්ල දැම්මෙ?
“ඔව්”
ජපානෙ ජීවිතේ කොයිවගේද උමාලි?
මම උමාලි දෙස බලමි
“මම ජපානෙදි සිංදුවක් කිව්වා. ඒක සාරංග වෙනුවෙන් ඒවගේම මගේ තනිකම ගැන.
මේ තරම් මල් ඇයි හිනාවෙන්නේ
මේ තරම් හැඟුමන් කොහෙන් එන්නේ
කිසිම දවසක නුදුටු නුපුරුදු
සොඳුරු මිහිරෙන් හිත පිරීයන්නේ
වසන්තය මල් අරන් ඇවිදින්
තුරුණු හිත ළඟ හැඟුම් පුබුදන්නේ
ඔය සිංදුව කියලා මම සාරංගට ඊමේල් කළා...
“ඔය කාලෙදි වැලන්ටයින් දවස් එහෙමත් එන්න ඇති... ආවා.. ආවා....”
සාරංගත් උමාලිත් උත්තර දෙන්නේ එකටමය.
වැලන්ටයින් දවසට මම කළේ ජපානෙ සමාගමකට සල්ලි යවලා රෝස මල් චොකලට් වගේ දේවල් සමාගම හරහා උමාලිට යවන එක. උමාලිත් එයාගෙ යාලුවො හරහා එදාට මට තෑගි එව්වා. ඒත් ඒ තෑගිවලට වැඩියෙ මට වටිනාකමක් දැනුණෙ වැලන්ටයින් දවසට උමාලි මට ලියල එවන පුංචි පුංචි කවිවලට.
සාරංග උත්තර දුන්නේය.
“එක වැලන්ටයින් දවසක සාරංග මට තෑගි දුන්නෙ ටෙඩියෙක්... මම ඒ ටෙඩියට හරිම ආදරෙයි. සමහර වෙලාවට තනියම රට යනකොටත් මම ඒ ටෙඩියව අරන් යනවා.”
උමාලි ඇගේ මතක පොත පෙරලුවාය.
උමාලි ජපානයේය.
සාරංග ලංකාවේය.
එහෙත් ඔහු ලංකාවේ අතිශය කාර්යබහුල පෙම්වතෙක් විය. උමාලි ජපානයේ තනිව සිටිය දී සාරංග ලංකාවේ තවත් කෙල්ලන් සමග පෙම් ජවනිකා රගපෑවේය.
“ඒක මගෙ රස්සාව.”
සාරංග තමන්ගේ පෙම් සබඳතා සාධාරණීකරණය කළේය.
“මම නළුවෙක් විදිහට පෙම්වතාගේ චරිතය රඟපෑවෙ..”
“උමාලිට අප්සෙට් නැද්ද ඉතින්. තමන්ගෙ කොල්ලා වෙනින් කෙල්ලො එක්ක පෙම් රැඟුම් රඟනවාට...”
“මුලින් මුලින් දුක හිතුණා. ඒත් ඉතින් මං යථාර්ථය තේරුම් ගත්තා. සාරංග හැබෑ ජීවිතේ දී ආදරේ මට විතරක් බව මං දන්නවනෙ”
හුස්ම සිඹින්නම් පෙම් පවනැල්ලේ
ආදරෙන් වෙලා
ඔබ ළඟ ඉන්නම් ඔය ඇස් අස්සේ
හීනයෙන් පවා
ඒ හීනගත්ත රෑ හීන සේ
නෙතුගාව නැවතිලා පායා
මනමාල හැඟුමන් අපේ හිත පාරලා
තුරුලට වෙන්නම් ඔය හිතමත්තේ
ජීවිතේ ළඟ නිහඬව ඉන්නම්
ඔය නෙතුමානේ ආදරේ නිසා
ලස්සන දුන් ඔබ ඔය කඳුළු සේයා
දුර ඈත ඔබ යනවා සඟවා
හැඩකාර හැඟුමෙන් අපේ ළඟ පෑහිලා
මොකක්ද මේ සිංදුව?
උමාලිත් සාරංගත් කියන මේ ගීතය ගැන මම අසමි
“උමාලි නිවාඩුවට ලංකාවට ආපු වෙලාවක කරපු සිංදුවක්.”
මේ පෙම්වත්තු පසු දවසක විවාහ වූහ. ඒවනවිටත් උමාලිගේ ජපන් රටේ අධ්‍යාපනය අවසන්ව තිබුණේ නැත.
තාත්තගෙ උදැල්ල ඔයාලගෙ විවාහයට අවුලක් වුණේ නෑ..
මම සාරංග ගෙන් රහසින් අසමි.
“නෑ තාත්තා බොරුවට අකමැත්ත පෙන්නල තියෙන්නෙ. පස්සෙ දවසක තාත්තා මට කිව්වෙ තාත්තා දුෂ්ටයෙක් වගෙ හිටියෙ නැත්නම් මේ ප්‍රේම කතාව ලස්සන වෙන්නෙ නෑ කියලයි. ඕනෑම ප්‍රේමයක් ලස්සන වෙන්නෙ බාධක තිබුණ තරමට බව තාත්තත් දන්නවලු.”
සාරංගත් උමාලිත් සමග මමත් හඬනගා සිනාසුනෙමු.
ඉනික්බිති ඔවුන්ගේ විවාහය සිදුවිය. එදා මේ පෙම් යුවළ ගායක යුවළක් බවට ද පත්වූහ.
ආදරේ කතන්දරේ
රහසේ පිටුවක පෙරලුනා
ආදරේ කතන්දරේ
රහසේ පිටුවක් පෙරලුනා
දෙහදක් යාකළ හදවත සේයා
ඔබ මා තුරුලේ නැවතුනා
සිත්විලේ පිරුණු ආදරේ
උතුරා දෙනෙතේ හැංගුනා
හිරුදිනී පායා හදේ
මදුමල් සිහිනේ යාවුනා
හසරැල් මුවගේ පීදුනා
රන්හුයෙන් බැඳුණු ප්‍රේමයේ
මිහිරියි ඔබ හා කල්පනා
ඔබ මගේ සොඳුරී හදේ
ආදරේ වර්ෂා වෑහුනා
දෙහදේ පැතුමන් ඉටුවුණා...
විවාහ වූ ඔවුහු ජපානයට ගියහ.
කොහොමද සාරංග ඒ දවසේ
මම අසමි
“අපි මාස එකහමාරක් විතරම ජපානෙ හිටියා. ඒකාලෙ කියාතෝ පැත්තට ගිහින් පරණ විහාරාරාමවල නටබුන් එහෙම බලාගත්තා. පූජි කන්දට එහෙමත් නැග්ගා. ඒ ගමන හරිම සුන්දර මතකයක් හිතේ ඉතිරි කළේ.”
උමාලි අද සාරංගගේ පියඹයි. උයා පිහා ඔහුට කන්නට දෙන්නේ ද ඇයයි.
“උමාලි නිර්මාංශයි. නමුත් ඇය හරිම රසවත් විදිහට ජපන් කෑම වර්ග හදනවා. විවිධ නූඞ්ල්ස්, සුප්, තෙම්පුරා වගේ කෑම. එළවලු වුණත් උමාලි උයන්නේ වෙනස් වෙනස් ක්‍රමවලට.
සාරංග, උමාලි දෙස හොරෙන් බලයි.
කන්න පුලුවන්ද ඉතිං
මම උමාලි දෙස හොරෙන් බලමින් අසමි.
“මොකද කන්න බැරි සාරංග ඒ කෑම කන්නෙ පෙරේතයා වගේ.”
උමාලි ඇගේ කෑම ගැන කියන්නේ සිනා සිසීය.
ඔවුන්ගේ කැදැල්ල හෙට දවසේ වඩාත් සුන්දර වනු ඇත. නළු නිළි යුවළක් පමණක් නොව ගායක ගායිකා යුවළක් ද වන මේ තුරුණු අඹු සැමි යුවළ ආදරයෙන් බැඳී ආදරයේ මිහිර ලොවට කියාදෙමින් සිටිති.
“මේ වැලන්ටයින් එකටත් අපි දෙන්නා අලුත්ම සිංදුවක් රිලීස් කරනවා.”
උමාලි සාරංගට අමතක වූ කාරණාවක් සිහිපත් කළාය.
ඒ මොකක්ද? මම අසමි.
මේ තරම් සෙනෙහසින් ළංවෙලා සැමදා
සීතලේ උණුහුමෙන් පෙම් කළා රෑ පුරා
වේදනා පාවෙලා ආදරේ නිසා
නොහඬා ඉන්න මං
හැමදා එන්න ඔබ
රැඳිලා ඉන්න දිවියේ
සාරංගත් උමාලිත් තාලයට ගයන්නට පටන්ගත්හ.
සැබැවින්ම මේ අඹුසැමියන්ගේ ආදරණීය ප්‍රාර්ථනාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ අනාගතයකට ආසිරි! (නි)
හරිම සුන්දර ජෝඩුවක් (නි)
සුබ පැතුම්! (නි)
බලනකොට මහින්ද මහත්තයා මගේ ඇරෙන්න හැමෝගේම කසාද වලට අත්සන් කරලානේ (නි)
ඇත්ත තමයි මිලානෝ, දුක්ඛයක්ම වුන මේ ජීවිතය මේ නම් සැපමය යන මිසදිටු මතය ප්‍රචලිත කරන නළු නිලියන් මරණින් මතු උපදින්නේ පායාස නම් වූ නිරයේ බව මා අහලා තියෙනවා. (ර)
අනේ මෙතන බණ උගන්වන්න හදන අය මේ කිසිම දෙයක් කරන්නේ නැති අය වෙන්න ඇති. හැම දේම අන්තවාදීව බලන්න එපා. මේ අය තමයි හැමදාම දුකෙන් ඉඳල මැරෙන මොහොතේත් දුක් වෙලා අපාගත වෙන්නේ. (බ)
මිලාන්ට බොහෝ පින් මේ ධර්ම දැනුම අපට දුන්නාට. (නි)
බොරු වැඩ.(හේ)
සාරංග හුඟක් හොද තරුණ පුතෙක්. මම හිතන්නේ දෙන්නට දෙන්නා ගැළපෙනවා. නිරහංකාරව, අවබෝධයෙන් ජීවත්වෙන්න. මගෙන් සුබ පැතුම්!
ඔබලාට මාගේ සුබපැතුම්.! (ර)
සුභ අනාගතයක්! (ර)
ජපානේ වැඩක් නෑ. යන්න තිබ්බේ ස්විස්ටර්ලන්තයේ.(හේ)
මිලාන් කියන දෙය ඉතාමත් නිවරෙදී. දෙතිස් කුණප වලින් හැදුන මේ ශරීරයට මෝහය සහ ලෝබය නිසා මේ මිනිස්සු අන්ද වෙලා. බුදු බන ටිකක් ඉගෙන ගන්න. මේ සංසාරෙන් නිදහස් වෙන්න ධර්ම මාර්ගයේ යන්න. සියල්ල අනිත්‍යයි, දුකි, අනාත්මයි. (ර)
ගේබ්‍රියල් පසුගිය අවු 8ක කාලයේ මේ නංගි හිටියේ ජපානයේ. මහින්ද මහත්තයත් එක්ක නෙමේ. එහෙම ඉන්න අයත් ඇති. ඒ අය ඔහු සමග දේශපාලය කරන අයයි . මෙයාග් වෙඩින් එකේ අත්සන් කරනවා ඇරෙන්න මහින්ද මහත්තයත් එක්ක කිසිම සම්බන්ධයක් නැත (බ)
අනේ අනේ අපි නම් ගියේ පොළොන්නරු, හොඳට ලුල් මාලු ටිකක් කාල, ගමේ වෙලේ හාල් ටිකක් එක්ක තෙප්පාලි මාලුවකුයි, කුර කොළ මෙල්ලුමකුයි කාල මගේ මහත්තයට ඇතෙකුට වගේ හය්ය (බ)
මා හිතනා හැටියට ඇය හැම අංශයකින්ම කුසලතා හා රංගනයෙන් සෙමින් ඉදිරියට එන රංගන ශිල්පිනියකි. ප්‍රසිද්ධියට වඩා ජනප්‍රියත්වයට ගරු කරන කෙනෙකි. ඇය 2011 දී රාජ්‍ය ටෙලිනාට්‍ය උළලේදී අරුංගල් චරිතය වෙනුවෙන් හොඳම නිලියට හිමි කුසලතාවයද දිනා ගත්තා ඇයගේ ජපාන් අධ්‍යාපනය නිසා එම උළෙලට සහභගී විමට නොහැකි වුණා. (බ)
මධුසමය යනු අති පුද්ගලික දෙදෙනාට පමණක් පොදු වූ රහස්‍ය සිද්ධි මාලාවකි. මේ අය එකේදී කරපු දේවලුත් රටටම පෙන්න කියලා. මධුසමය ගත කරන හැටි කියනවාට වඩා හොඳයි නිරුවතින් රඟපාන එක.(කෞ)
මේ යුවළට සුබ පතනවා! (නි)
ඔබගේ අනාගතයට සුබපැතුම්.! (ර)
මේ නංගි කාලයක් මහින්ද රාජපක්ෂ එක්ක දගලල්ල කේපී පෙන්න හැදුව, එක එක දේවල් විකාර කරලා දේශපාලුවොත් එක්ක දගල ප්‍රසිද්ධ වෙන්න හදන්න එපා නංගි , මොනවහරි කළ කුසලක් තිබේ නම් ඒක කරලා පෙන්නන්න එතකොට ඔබත් නන්දා මාලිනියක් වේවි,එහෙම නැතුව යන යන තැන මුන එබුවට ජනප්‍රිය වෙන්න බෑ (බ)
ගැලපෙන ජෝජුවක්.(හේ)
සුබ මංගලම්.(හේ)
අම්මෝ මෙයාආ කොච්චර ලොක්කෝ වෙන්න ඇද්ද? විශාල සල්ලියකුත් ඇති. ජපන් යන්නම කීයක් යනවද? මම අහල තියෙන්නේ ජපානේ තමයි මිල අධිකම කියලා. මෙහෙම අය අපේ රටේ ඉන්නවා කියද්දීත් වාසනා වේවා! (නි)
සඳුනි, ජපානේ වැඩක් නැහැ, ස්විස්ටර්ලන්තේ හොඳයි කියලා ඔය කිවුවට වීසා දෙන්නේ ඔයාලගේ ගෙදරින්ද? (නි)
ජපානයට ගිය එක කොහොම වෙතත් මේ දෙන්නා දුප්පත් පාසලකට හෝ අහිංසක දුගී දුප්පත් කෙනෙකුට උපකාර කළා කිවුවා නම් මේ දෙන්නා ඉතා ගුණයහපත් දෙන්නෙක් කියලා හිතාගන්න පුළුවන්. ඒත් මේ බොළඳ වැඩ දැන් නළු නිළියන්ටත් විලාසිතා වෙලා (නි)
ඔයාල මදූසමය ගත කරන්න ජපන් ගියාට අපිට එහෙම නැනේ. (ර)
මහා කුණුප ගොඩකින් සැදුනු වේගයෙන් මැරීගෙන යන කයවල් දරන අපි මොන තරම් දුකම උරුම පුද්ගලයන්ද? සතුට, විනෝදය, මධුසමය ගැන නියම අර්ථය ඇත්තේ කපුගේ ගායනා කරන නින්ද නැති රැයේ ගීතයේ. (බ)
මේ දෙන්නට හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් රොෂාන් රණවන ජෝඩුවගෙන්. ඒ දෙන්නා කැපීපෙනෙන්න දඟලන්නේ නැහැ. හරිම නිහතමානි දෙදෙනෙක් (නි)
සුබ අනාගතයක්. (ර)
දුක උරුමයි කියල ඒකම කියා කියා ඉන්නේ නැතුව අපි නම් ඒක අවබෝධ කරගන්න ගමන් ලැබුන මිනිස් ජීවිතේ ලෝකෙටත් හැකි පමණින් වැඩක් කරලා අපිත් සතුටෙන් ගෙවනවා. (බ)
මම ආසම කරන නලු නිලි යුවලක්.(හේ)
ඉතාම රසවත් සහ වැදගත් සාකච්ඡාවක් (නි)
හොඳ ජෝඩුවක්.(හේ)
හරිම සුන්දරයි (නි)
සුන්දර ජීවිතයකට ආසිරි! (නි)
ඔබලාගේ අනාගතයට සුබ පැතුම්.! (ර)
සමහර මිනිසුන්ට ධර්මය හා දුක ගැන මතක් වෙන්නේ මෙවැනි දේවල් වලදී විතරයි. ඒක ධර්මය නෙමෙයි, ඒකට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන්නේ කුහකකම, ඊර්ෂ්‍යාව හා හීනමානය කියලා. තමන්ට නොලැබෙන දෙයක් තවත් කෙනෙකුට ලැබෙනකොට ඒකට ඊර්ෂ්‍යා නොකර ඒ ගැන උපේක්ෂාසහගතව දැක සතුටුවෙන්න කියලා ඔය ධර්මය මතක් වෙච්ච නෝනලා මහත්තුරුන්ට කියන්න කැමතියි. (නි)
උදාවූ වසන්තේ සදාකල් රැකේවා! (නි)
මේ දෙන්නා හොලිවුඩ් නළු නිලි යුවලවල් අනුකරනය කරන්න සැහෙන මහන්සියක් වෙන බව පෙනේ. (ර)
එක් කෙනෙකුට නම් පුදුම කැපීපෙනීමේ උත්සාහයක් තියෙන්නේ. (නි)
හරිම ලස්සන පින්තුර ඔයාලා දෙන්නට සුබ මංගලම්.! (ර)
මේ නංගි හරියට කැපිල පේන්න දගලන චරිතයක්, මෙය ගායිකාවක්ද, උගතෙක්ද, රංගන වේදිනියක්ද? ඒ මොනවත් නෑ, නිකම් නළුවෙක් එක්ක දඟලනවා (බ)
ප්‍රසිද්ද නළු නිලියෝ කසාද බැඳලා මදුසමය, නිදා ගත්ත හැටි, කාපු හැටි, බීපු හැටි, අනිකුත් හැම දෙයක්ම, බලා සතුටු වෙන අය අතරට මමත් එක්කෙනෙක් වීම ගැන මටම කණගාටුයි. (ර)
අපේ සුභ පැතුම් (බ)
ඔබේ ආදරය සැමදා පවතීවා. (බ)