
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යවසායකත්වය සඳහා තොරතුරු තාක්ෂණ වැඩ පිළිවෙළක් හඳුන්වා දීමට ජපානයේ ව්‍යපාරික පාසලක නියෝජිත පිරිසක් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යවසායකත්වය උදෙසා තොරතුරු තාක්ෂණික ප්‍රවේශයක් හඳුන්වා දීමට ජපානයේ KBS – KEIO ව්‍යාපාරික පාසල( Business School)එකඟත්වය පළ කර තිබේ.
මෙරට කෘෂිකාර්මික අංශය ඉහළ ආදායමක් ඉපයිය හැකි අංශයක් බවට පත් කිරීම සහ අපනයනය ප්‍රවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණික ප්‍රවේශයක අවශ්‍යතාවය මෙම නියෝජිත පිරිස අවධාරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
සුහුරු වගාව /සුහුරු කෘෂිකර්මාන්තයක් යන තේමාව ඔස්සේ මෙරට වගා කෙරෙන එළවළු, පලතුරු හා කුළුබඩු ද්‍රව්‍ය විදේශ වෙළෙඳ පොලට අපනයනය කිරීම සදහා තවදුරටත් සංවර්ධනය කළ යුතු අංශ සම්බන්ධව එම නියෝජිත පිරිස අදහස් පළ කළේය.
ජපාන නියෝජිත පිරිස කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු නිලධාරී පිරිසක් සමග ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය පිළිබඳ සාකච්ඡා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපනුන් කෘෂි ක්ෂේශ්ත්‍රයේ ඉතා ඉහල දැනුමක් ඇති රටක් .හරියට සහයෝගය ලබාගෙන වැඩ කටයුතු කලොත් අපේ ආහාර හිඟයට නිසි පිළිතුරක් ලබාගත හැකිවේවි
ඒ ලැබුණු දේවල් අපිට ලැබුනේ නම් නෑ... ඔය ඔතැන හිටගෙන ඉන්න සුදු පාටින් ඇඳගෙන ඉන්නා එකාගේ අයට දීලා ඇත්තේ..!