ශ්‍රි ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයේ කළ සංචාරයටත් වඩා රටට ප්‍රතිලාභ රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපන් සංචාරයේ දී හිමි වන බව ජපානයේ නව ශ්‍රි ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතා පැවසුවේය.
වික්‍රමසිංහ මහතාගේ සංචාරය සම්බන්ධයෙන් ජපන් රජය දක්වන උනන්දුව නිසාම ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයකු ජපානයේ කරන වැදගත්ම චාරිකාව ලෙස මෙය සැලකිය හැකි යයි ද තානාපති දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රි ලංකා අග්‍රාමාත්‍යවරයාට ජපාන පාර්ලිමේන්තුව ඇමතීම සඳහා විනාඩි 30 ක් වෙන් කිරිමෙන් වික්‍රමසිංහ මහතාට ජපන් රජය දැක්වු පිළිගැනීම සහ ගෞරවය පිළිබිඹු කෙරෙන බව තානාපති කීවේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපන් නිල සංචාරය දෙරට අතර සහයෝගිතාවයට සහ ඓතිහාසික ගැඹුරු සම්බන්ධතා වර්ධනය කිරිමට දැඩි පිටිවහලක් වන බව ඔහු කිවේය.
ශ්‍රි ලංකා අගමැතිවරයාගේ පස් දින සංචාරය අතිශය වැදගත් රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් ලෙස ජපන් රජය සලකන බව ඉතාම පැහැදිලියි. වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය දෙවැනි විය හැක්කේ ශ්‍රි ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ජපන් සංචාරයට පමණයි. බොහෝ විට වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය ඊටත් වඩා වැදගත් ඓතිහාසික ගමනක් විය හැකිය.
ජපන් රජය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරය වෙනුවෙන් දින ගණනාවක් මුළුල්ලේ දැඩි කැපවිමකින් යුතුව අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. ජපාන පාර්ලිමේන්තුව විනාඩි 30 ක් වික්‍රමසිංහ මහතාට වෙන් කළා. ආසියා පැසිෆික් කලාපයේ නායකයකුට එවැනි අවස්ථාවක් හිමි වීම අතිශය දුර්ලභයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැබැවින්ම ජපන් රජයටත්,ජනතාවටත් සුවිශේෂ පුද්ගලයකු බව හැම අතින්ම ඔප්පු කර තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර වංශ මහත්තයා දැන් මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියයිද මන්දා (බ)
විදෙස් සේවයට සුදුසු පුද්ගලයන් යැවීමත් මේ වෙනසට හේතුවක් වුනා මම හිතන්නේ , ලෝකේ අපි දිහා සුබවාදීව බලන්න පටන් අරන් (බ)
බොරු අටෝප නැතිව රට පාලනය කළ හැකි නායකයෙක් තමයි මෙතුමා. නමුත් ජනතාව ඒක හරියට තේරුම් ගත යුතුයි. (බ)
ඇමෙරිකාවේ ගිහිල්ල එහෙ නඩුකාරවරු මෙහාට ගේන්න කතා කරගත්ත. ජපානෙන් ග්‍රාම සේවකල ගෙනේවිද දන්නේ නැහැ. (බ)
අපට නියම රජෙක් දැන් ඉන්නවා (බ)
ලංකාවට ආඩම්බර විය හැකි තානාපතිවරයෙක් පත්වීම ගැන අපි සතුටු වෙමු. ජපන් භාෂව , ජපන් සංස්කෘතිය හොඳින් දන්නා බුද්ධිමත් තානාපතිවරයෙක්. ඔබට සුබ පැතුම් ! (නි)
ඒ පැය බාගයෙන් ඔබ උපරිම ප්‍රයෝජන ගන්න (නි)
මෙලෝ වාසියක් තාම ලැබිලත් නැහැ කට්ටිය උඩ පනින තරම. හිතන්නේ නිකන් දෙයි කියල. ඔක්කොම ණය තමයි දෙන්නේ. හැබැයි මහින්දට ගන්න හොද නැති එක විතරයි ප්‍රශ්නේ.(අ)
මම රනිල් මහත්මයට ගරු කරනවා. (ර)
බොහොම සන්තෝෂයි (නි)
ජපානය ජේ. ආර්. මහතාට පමණක් නොවේ ඔහුගේ කනිෂ්ඨයන් හටත් ගරුකරනවා. සළකනවා. (නි)
ඉදිරියේදී අපේ රටට හොඳ කලක් උදාවේවි (නි)
මේ සියල්ල මෙසේවීමෙන් සුභ අනාගතයක ළකුණුයි පෙනෙන්නේ (නි)
එතකොට අර රත්‍රන් මාල,වළලු,බ්‍රේස්ලට් දෙනවා කියපුවා කෝ? මේවා අපි තේරුම් ගත්තේ 2005දී. (නි)
මේ වගේ රටවල් අපේ රටත් එක්ක හොඳින් තියාගන්න එ්‍ක බොහොම හොඳයි (නි)
මේක රටට ආඩම්බරයක් (නි)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැබැවින්ම ජපන් රජයටත්,ජනතාවටත් සුවිශේෂ පුද්ගලයකු බව හැම අතින්ම ඔප්පු කර තිබෙනවා. (නි)
ඇත්ත. එතුමා රටට ආඩම්බරයක්! (නි)
මේ ගමන් වලින් රටට වන යහපත ගැනත් අපිට කියන්න. ගිහිල්ලා ඇවිල්ලා හරි ප්‍රතිලාභ ගැන කියන්න. (නි)
මේක බොහොම වටිනා අවස්ථාවක් (නි)
අපිට ඇත්තටම ආඩම්බරයි (නි)
ජනවාරියේ ඉඳලා කියනවානේ අරවා ගේනවා මේවා ගේනවා කියලා. තාම කිසිදෙයක් ගෙනාවේ නැහැනේ. අපි ගෙනාවහම බලමු ඔබතුමාගේ වැඩ කිඩ. තාම ලයිට් බිල අඩුකළේත් නැහැ. (නි)
රනිල් කියන්නේ නියම මහත්මයෙක් (නි)
ලංකාවේ ආර්ථිකය දියුණු කළහැක්කේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පමණයි. (නි)
රනිල් මහත්තයට බඩු මිල අඩුකිරීමට ශක්තිය වාසනාව ලැබේවා! (නි)
රනිල් මහත්තයට බැරි කාලේ එයා හොද දේවල් ගොඩක් කළා ..ඉවසීම කියන දේ ඉගෙන ගන්න හොදම උදාහරණය තමයි අපේ රනිල් මහත්තයා නමුත් මහින්ද කාලේ ඉවසීමද ?හිටියනම් තාම ජනාධිපති ....(බ)
උගතෙක් රටේ නායකයා වුනාම රටටම ආඩම්බරයක්. අනාගත දරුවන්ටත් හොඳයි. අපිට ස්වාසිලන්ත නායකයෝ වඩක් නෑ. මෙන්න මේවා තමයි කෙරෙන්න ඕන. (බ)
උගතෙකු රටක නායකයෙකු වුණ සෙත! (නි)
ඉවසීමයේ ප්‍රතිපලය කියන්නේ මේවට තමයි. (ර)
ඉමේෂ් ඔයාගේ ටෙලිෆෝන් බිල ලයිට බිලට වඩා වැඩියි නේද ? (ස)