බොරු සංචාරක මගපෙන්වන්නකු ද සමග එක් වී ජපාන ජෝඩුවකගෙන් රුපියල් 34000ක් හා 6000ක් අසාධාරණ ලෙස අය කළැයි වරද පිළිගත් ත්‍රීරෝද රියදුරු කේ ජී වීරසිංහට රුපියල් 1500ක දඩයක් නියම කළ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හය මසක සිර දඬුවමක් නියම කර එය පස් වසරකට අත්හිටැවීය.
කොළඹ කොම්පඤ්ඤවීදියේ සිට කොම්පඤ්ඤ වීදියේම හුණුපිටිය ගංගාරාමයටත්, හින්දු කෝවිලටත් ගෙන ගොස් ඔවුන් මේ මුදල් ගසා කා ඇතැයි සංචාරක පොලිසිය මහේස්ත්‍රාත්ට දැන්වීය.
ත්‍රීරෝද රියදුරු වරද පිළිගනිමින් පවසා ඇත්තේ මුදල් සොයා ගැනීම සඳහා මේ ක්‍රියාව කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්ක නේද ඔය කොරලා තියෙන්නේ ලොකු වැඩ (අ)
ලෝකයේ වෙනත් රටවල් හා සංසන්දනය කරන විට ඉතාමත් ගුණ ගරුක, ආචාරශීලී , ජපන් ජාතිකයින් මෙතෙක් නොයෙක් වර විවිධ , අවස්ථාවන් වලදී අපේ රට වෙනුවෙන් කැපවීමකින් උදව් කළ අය එහෙම අයට හෝ ,මොනයම් විදේශිකයින්ගෙන් හෝ ගසා කෑමක් කරනවානම් අපේ රටට කරනු ලබන්න අප කීර්තියක් .(දිල්)
ලංකාවේ සංචාරක ව්‍යාපාරයට හානියක් මෙවැනි සිදුවීම් . එනිසා මේ වගේ අයට නිසි දඩුවම් දාය යතුයි(දිල්)
කෝ මහා ජාතියක පුරාජේරු කියන ඔස්තාර්ලා... පේනවද වැඩ. උතුම් ජාතියකට,සංස්කෘතියකට උරුම කන් කියන අයගේ වැඩ ගැන කියල වැඩක් නැහැ.(නධී)
ලංකාවේ ගොඩක් කුලී රථ රියදුරන් බලන්නේ මොනවා හරි කරලා ඉක්මනට සල්ලි ගොඩක් හොයන්න. ඒකට නොයෙක් නොයෙක් දේවල් කරනවා. අමුතුම දේවල් කරන්නේ කටුනායක ගුවන් තොටුපොළේ ටැක්සි. ගොඩක් මේ ටැක්සි එයාපෝර්ට් ඒකට වැඩට එන්නේ ටැංකියේ ඉන්දන නැතිව සහ හිස් පොකට් කාරයෝ. හයර් එක ලැබුනම යනගමන් ඉස්සරලම නවත්වන්නේ ඉන්දන ගන්න. යන එක්කෙනා ගෙන් තමයි සල්ලි ඉල්ලන්නේ. ඊට පස්සේ යනගමන් රට ඉඳලා එන අයගේ පැටිකිරිය ඔක්කොම අහනවා. ඒගොල්ලෝ හදනවා අර ඉන්දන ගන්න ගත්තු සල්ලි අමතක කරවන්න. ඒවගේම මහා රෑ 1-2 විතරත් මේ වැඩේ කරන නිසා පිටරටින් එන අයගේ ආරක්ෂාව ටත් මෙය බලපානවා. සමහර රියදුරන් තමන් කරන්නේ මේක එලවනවා විතරයි අයිතිකාරයා හරියට ගෙවන්නේ නැහැ කියල කොමිස් එක වැඩිපුර ගන්න නොයෙක් සෙල්ලම් දමනවා. අපේ රටේ අයට මෙහෙම නම් විදේශිකයන්ට මේ අය මොන සෙල්ලම් දමනවා ඇතිද? ලංකාදීප පුවත් පතට පුළුවන් නම් මේ ගැන හොයල ගුවන් තොටුපොල නිලදාරීන් දැනුවත් කරන්න.(නදී)
මේ සම්බන්ධයෙන් අපට කීමට ඇත්තේ හොරා ඇත්ත කිව්වත් මේ මිනිසුන්ව හොරුන් කළ අය කිසිදාක ඇත්ත කියන්නේ නැති බවයි.(නධී)
ජපනුන්ගේ නම් මොකක්ද , දවසක් මගෙන් ටවුන් හෝල් ඉඳල පිටකොටුවට එන්න රුපියල 250 ගත්තා. මෙයාල ගැනනම් කතා කරලා වැඩක් නැහැ , අතරින් පතර හොඳ මිනිසුත් නැතුවම නෙවෙයි ඔන්න.(නදී)
1500 විතරද? හොරාට 38500ක් ලාභයි නේ... දිගටම කරගෙන යාවිද දන්නේ නැහැ.(නදී)
ලංකාවට සංචාරකයන් ගෙන්නවන්නත් එපා. අහිංසක ත්‍රි රෝද කරුවන්ට සැනසිල්ලේ ඈණුම් ඇර ඇර ඉන්න පුළුවන්නේ.(නදී)
ත්‍රීවීල් රියදුරන්ගෙන් බොහෝ දෙනා අපේම අයගෙනුත් මේවගේ මුදල් ගසාකනවා. ඒවිතරක් නෙවෙයි විවිධ අපරාධ වලටත් සම්බන්ධයි. නැනෝ කැබ්ස් වගේ සේවාවන් තවතවත් සුලබ කරමින් ත්‍රීවීල් සෙල්ලම නැත්තටම නැතිකරන්න බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුයි.(නදී)
මේ මිනිස්සු රටේ නමත් කනවා... ගිහින් හින්ඟා කෑවානම් හොඳයි (අ)
එතකොට 34000 න් 6000 ට මොකද වුනේ? (නදී)
මේ වගේ අය මරන්න ඕනේ.(නදී)
මෙවැනි සුළු දඬුවම් දුන්නම මොවුන් තවත් වැරදි බය නැතුව කරනවා 1500 දීලා බේරෙන්න පුළුවන් කියලා දන්නා නිසා දැඩි දඬුවම් දෙන්න ඕනා රටට අවනම්බු කරනවට (අ)
මේ මිනිස්සුන්ට උගන්වන්න ඕනෙ මේ වගේ වැරදි වැඩ නිසා, රටට එන සංචාරකයො කලකිරෙනවා කියලා, දහපාරක් එන්න හිතාගෙන ඉන්න මිනිහා ආයෙ කවමදාවත් ආපහු එන්නෙ නැහැ වගේම, වෙච්ච සිද්දිය හැමෝටම කියනවා. තව සියදෙනෙක් රටට නැතිවෙනවා. දඩේ 40000ක් අරගෙන අඩුම ගානෙ මාසෙකට හිරේ යවන්න ඕනෙ. එතකොට තමයි අනිත් අයත් හැදෙන්නෙ. (අ)
ලංකාවට ත්‍රිරෝද ගෙන්වන එක නැවැත්තුවානම් හොඳයි වගේ