යාල වනෝද්‍යානයේ දී සංචාරකයන් රැගත් සෆාරි ජීප් රියක ගැටුණු කොටියකු මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වසර තුනක් පමණ වයසැති ගැහැණු සතකු බවත් සුසුම්නාවට සිදුවූ හානි මරණයට හේතුවන්නට ඇති බවත් දිවියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා පවසයි.
වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින සත්ව විශේෂයකට අයත් දිවියකු යාල ජාතික වන උද්‍යානයේදී වාහනයක හැපී මිය ගොස් තිබේ. පැන්තරා පාඩුස් කොටියා ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මෙම සත්ත්ව විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික උප විශේෂයකි. වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇතැයි ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත පොතේ ද නම සඳහන්ව ඇති මේ සත්ත්ව විශේෂය දක්නට ලැබෙන්නේ යාල විල්පත්ත ඇතුළු වනෝද්‍යාන කිහිපයක පමණි. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සිටින කොටි සංඛ්‍යාව 60ක් පමණ වන බවයි.
උද්‍යානය තුළ ගමන් ගන්නා රථවාහන සඳහා පැයට කිලෝමීටර් 25 ක වේග සීමාවක් පනවා ඇත. වනජීවී නිලධාරින් පවසන්නේ සංචාරකයන් රැගත් වාහන ඇතැම් අවස්ථාවලදී අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් වන සතුන්ගේ පැවැත්මට තර්ජනයක් එල්ලවන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට තවම ගල් යුගයේ ඉන්නේ ඉල්හාම් ඔයා ඔය කියන තත්ත්වයට එන්න. (අ)
රියදුරාට දඩුවම් දෙන්න කරුණාකරලා. මොහුට නැවත මෙහි රිය පැදවීමට ඉඩ නොදෙන්න (ම)
කොහොමද මේ වගේ වනජීවින් වෙසෙන උද්‍යානයක් තුළ පැයට සැතපුම් 25කින් යන්නේ? අවම වශයෙන් පැයට සැතපුම් 5 සිට 15 වියයුතුයි. සතුන්ගේ ආරක්ෂාව ඉතා වැදගත්. දැන්වත් පාඩමක් ඉගෙනගන්න. අපරාදේ මේ වගේ දුර්ලභ සතෙක් නැතිවීම ගැන (නි)
මම හිතන්නේ වැඩි වේගයකින් ගිහින් ඇති (නි)
කරුණාකර මේ වරදට රියදුරාට දඬුවම් කරන්න (නි)
අපේ ලංකාවම විනාශ කරන්න හදන කකුල් දෙකේ කොටිත් දැන් දැන් අපිට වලිගය හොල්ලනකොට මේ කකුල් හතරේ කොටි ගැන කවර කතාද? (නි)
අපේ රියදුරු මහතුන්ට මේවා සුළු දේවල්. වෙනත් රටක වුණා නම් මේ වගේ දෙයක්, පරීක්ෂණ තියලා හේතු හොයලා අන් අයටත් පාඩමක් ඉගෙනගන්න දඬුවමක් දෙනවා. අපේ රට ඒ අතින් හරිම වාසනාවන්තයි. අපේ රියදුරෝ හරිම වාසනාවන්තයි ලංකාවේ රිය පදවන. අපේ රටට සහ අපේ නීතියට ගිය කල! (නි)
සුද්දන්ට පෙන්නන්න ගිහින් අහිංසක අපේ සතෙක් මියගිහින්.නරකද වේග සීමාවක් අභය භූමිය තුළට පැනවූවොත්!! (නි)
පවු අහිංසක සතා! (නි)
මම එහි ගිය වෙලාවේදී මට හිතුනේ යාල වන උයනේ සත්තු පෙන්නලා මුදල් හොයනවා මිසක් හරියට නඩත්තුවක් නොකෙරෙන බවයි. මේ රටෙත් ඔවැනි උයන් තියෙනවා. ඒවා කොයිතරම් හොඳට නඩත්තු කරනවාද? ඒ වගේම එහි වෙසෙන සතුනුත් ආරක්ෂා කරනවා. (නි)
යහපාලන නීති කැලේ සතාට උරුම නැද්ද? මොන පොලිසියෙන්ද මේ ගැන පරීක්ෂණ පවත්වන්නේ? (නි)
පරිසරය විකිණීමේ තණ්හාවේ ප්‍රතිඵල! (නි)
ඇයි පසුගිය කාලේ කැලේ සතාට පිළිසරණක් තිබුණද? කොච්චර වන සතුන් විනාශ වුණාද? (නි)
මින්පසු වන ජීවී එකෙන්ම වාහන රියදුරන් දෙන්න. එක එකාට ඕන විදිහට යාලට ඇතුල් වෙන්න දෙන්න එපා.(ම)
අපේ අයම ගහකොළ සත සිව්පාවා මරාදානවා. ඒ මදිවාට පිටරට ඉන්න අපේ කලුසුද්දෝ අපේ රට පාවාදෙනවා (නි)
මෙම සිදුවීම යහපාලන සමයේදී වුණ එක ගැන හරිම කණගාටුයි. (නි)
මෙම රියදුරු හට නිසි දඩුවම් ක්‍රියාත්මක විය යුතුයි. වන ජීවීන් සහ ඒ සම්බන්ධ සම්පත්වල වටිනාකම පිළිබඳව අපේ රටේ මිනිස්සුන්ට තියෙන අවබෝධය මදි වගේ. රජයේ අවදානයත් මදි. (ම)
ගහකොළ සතුන්ට ආදරය කරන පිරිස් ඉන්නේ අතළොස්සක් අපේ රටේ.දුකයි මේ වගේ සත්තු වනයෙන් ටිකෙන් ටික ඈත්වෙද්දී. (නි)
මේ සතා මැරුන එකට යහපාලනයේ ඇති සම්බන්ධය මොකක්ද? ද්වේශසහගතව කතා කරන්න එපා . මේක ජාතික අපරාධයක්. (නි)
තිරිසනෙකුටවත් පාඩුවේ ඉන්න බැරිද? (නි)
ඒ සතුන්ට ඒ සතුන්ගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව මැජික් වගේ බලන්න යනවා. පවු අහිංසක සත්තු. (නි)
මේකට හොඳම පිළියම, උඩින් යන කේබල් කාර්. සතුන්ටත් නිදහසේ සැරිසරන්න පුළුවන් වගේම බලන්න යන කට්ටියගේ ආශ්වාදයට අඩුවක් නොවේ. (නි)
මෙම රියදුරු හා මාර්ගෝපදේශකයාට දඬුවම් දෙන්න. ලංකාවේ සෑම වනෝද්‍යානයකම විනයානුකුල නීති ඇති කරන්න.මෙම ගිය නඩේ මාර්ගෝපදේශකයගෙන් හා නඩෙන් මොන රියදුරුද කියලා පසුවෙන්ම හොයාගත හැකිනේ. අපේ මිනිස්සු සල්ලි වලට ඕනෑම අපරාධ වැඩක් කරනවා. (නි)