මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අමාත්‍යාංශයට අයත් රථයක් මෝටර් සයිකලයක ගැටීමෙන් අනතුරක් සිදුවූ අවස්ථාවේ එම ජීප් රිය පැදවූයේ ඇමැතිවරයා බවට එල්ල වන චෝදනාවන්හි කිසිම සත්‍යතාවයක් නැති බවත්, ඇතැම් මාධ්‍ය හා දේශපාලනඥයින් මෙම සිද්ධිය මුල් කරගෙන දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන බවත් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.
මේ රිය අනතුර සිදුවූයේ කෙසේද?, එම අවස්ථාවේ රිය ධාවනය කළේ කවුද?, පැමිණිල්ල වෙනස් කරලාද?, අනතුර සිදුවූයේ පොලීසියට භාර වූ රියදුරු අතින් නොවේද ආදී වශයෙන් මේ වන විට ඇතිවී තිබෙන ගැටලූවලට පිළිතුරු පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් කරන පරීක්‍ෂණවලින් හෙළිවනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීවේය.
ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුම මූලස්ථානයේ දී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ සිදුවීමේ දී රණවක ඇමැතිවරයා අතින් නීතිවිරෝධි කරුණු 4ක් සිද්ධ වී ඇති බවත් ඒ අනුව නොසැලකිලිමත් රිය පැදවීම, අනතුරකදී පලා යාම, තමන් වෙනුවට තවත් පුද්ගලයකු පොලිසියට ඉදිරිපත් කිරීම, අධිකාරි බලයකින් තොරව ආණ්ඩුවේ වාහනයක් එළවීම යන කාරණා නීතිය කඩකිරීමක් බවත් පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා ඉරිදා (6) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අනතුරකින් පසු වාහනය නතර කරන්නේ පණට ආදරේ නැති අය. (නි)
අනේ මොකටද මගේ කට? (නි)
දීකිරට බළල්ලුත් සාක්කි කියනවාලුනේ (නි)
ලංකාවේ ලියාපදිංචි කිරීමට නොහැකි සහ සාමන්‍ය පාරවල්වල පැදිය නොහැකි එන්ජින් ධාරිතාවේ බයිසිකලයක් පැදගෙන තරුණයෙක් ඇමතිගේ රථයේ පිටුපසින් පැමිණ ගැටෙනවා. අනතුරක් සිදු වූ බව දැක ඇමති යනවා. අන්තිමට බලන් ගියාම කොයි කාගෙත් කිල්ලෝටවල හුණු. (ර)
කතා කරන කොට අවිස්වාසය වැඩිවෙනවා මිසක් අඩු වීමක් නැත.කොහොම වුනත් මාරාන්තික අනතුරින් පස්සේ කොහොමද ඔය කියන රියදුරා නිදහස් කලේ ?(හේ)
දිය කිරට බළලුත් සාක්කි.(හේ)
අනිත් ඔක්කොම නැහැ කිව්වත් වාහනය නතර නොකර ගිය එක බොරු කියලා කියන්න බැහැ නේ. ඉතින් ඒකම වරදක් නෙවෙයිද? (හේ)
බලවත් අය කවුද වරද බාර ගන්නේ.(හේ)
රියදුරාට ඇප දීම හෝ නොදීම අධිකරණය අභිමතය පරිදි සිදුවෙනවා. නමුත් රියදුරු සිරගත කරනුයේ ඔහුගේ ආරක්ෂාවට. මොකද ජනතාව ප්‍රකෝපවී සාමය කඩවෙන නිසා. මොකද ඇපදීම යනු නිදහස් කිරීම නොවෙයි. ජනතාව මෙය තේරුම්ගත් බවක් පෙනෙන්න නැහැ (නි)
තමන්ගේ වාසියට බොරු නොකියා සත්‍ය කියන්න බය මොකද?(හේ)
කොහොමද මෙහෙම කතා කරන්නේ? (නි)
මෙයත් දැන් තමයි ඇහැරිලා තියෙන්නේ.(හේ)
මේවට එහෙයි කියන්න බලාගෙන ඉන්න අයත් ඉන්නවනේ (නි)
අපි නොදැන්නවැයි.(හේ)
කනගාටුයි. ඔය කතාව පිළිගන්න බැහැ. ගියපාර මහින්ද කලෙත් ඕක. මිනිස්සුන්ට ඇත්ත කියලා හොඳට පේන දේ බොරුවෙන් කවර් කරන්න ගිහින් තමයි ඇන ගත්තේ . මේ ආණ්ඩුවට වෙන්නෙත් ඒක. අපේ අලුත් චන්ද පක්ෂ පාට බදාගෙන නැහැ ඉස්සර වගේ. ඔයාල අනාගන්න තරම දකිනකොට ඊළඟ ඡන්ද ප්‍රතිළලය දැන් ම කියන්න පුළුවන්!(හේ)
මේ රිය අනතුරෙහි වැරැද්ද යතුරුපැදි කරුගේ වෙන්න පුලුවන්. නමුත් එසේ තිබියදීත් ඇමති තුමාගේ වාහනය නතර නොකර යන්නට නම් කුමක් හෝ හොරයක් තියන්න ඇති කියන එක තමයි මට නම් හිතෙන්නේ.(හේ)
දැන් ඉතින් කොච්චර දේවල් කියන්න පුළුවන්ද නේද?(හේ)
සුජාතා, ආණ්ඩු මාරුවුණාට ඉන්නේ එකම කට්ටියනේ, පිල් මාරුකරගෙන. ඔයා කොයි ලෝකෙද ඉන්නේ? (නි)
මොනවද මේ කියන්නේ ? අන්තිමට චම්පික ඇමැති මේක කළා හෝ නොකළා නොකියා වෙන මොනවදෝ දේශපාලන කෝන්තර ගැන අවලාද දොඩවනවා. යන්නේ කොහෙද මල්ලේ පොල්.මේ සිදුවීම වෙන මොහොතේ චම්පිකගේ ජංගම දුරකථනය තිබුනේ කොතනද ? රියදුරා ඔහුට කතාකළාද නැත්නම් චම්පික රියදුරුට කතාකර ගෙන්වුවාද ? ඒ අවස්ථාවේ ඔහුගේ දුරකථන ඇමතුම් දුන්නේ කාටද කියන එක ප්‍රශ්න කළානම් එය දුරකථන ඇමතුම් සටහන් සමග ගැලපෙනවානම් සත්‍ය හෙළිකරගත හැකිය. යමක් සගවන බව නම් පැහැදිලිය.එහෙත් බලය විසින් සත්‍ය වලදමයි.(බ)
ඔව් ඔව් මේ මුන්ට පිස්සු. චම්පික මහත්තයට මඩ ගහන්න. (බ)
සරත්, ඔබගේ අදහස හරියටම හරි (බ)
මේවට තමයි කියන්නේ "හත් පොලේ ගාගන්නවා" කියල.මෙයාලගෙත් "හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්" අන්තිමට "කටේ නරි වාදම් රෙද්ද පල්ලේ බහිනවා" (බ)
දේශපාලකයිනට දිව 2ක් තියෙනවා ඕව අපි විශ්වාස කරන්නේ නෑ. සීසීටීවී වලින් ඔප්පු කරන්න (බ)
මෙහෙමත් අප්‍රසන්න මිනිස්සු මේ යක්කු හිතන් ඉන්නේ මෙරටේ මිනිස්සු කන්නේ තණකොළ කියල රටේ නීතිය එක එකාට ඕන විදිහට නම් එම රට ගැන තව මොනවා කතා කරන්නද / හැබැයි ඕන දෙකට උදාහරණ ගන්නේ බටහිරින් ගනිල්ලකෝ එහෙ නීතිය ක්‍රියාත්මක කරන විදිහත් (බ)
මේ වීඩියෝ පටිය දැක්කම තේරෙනවා , මෙතන පාඨලී චම්පික මහතා වෙනුවෙන් කඩේ යාමක් කියා , ඔහුව බේරා ගන්නට , ඕක තමා ඔවුන් කලින් රජයෙන් අන්තිම මොහොතේ පැනලා ඇවිත් හදපු යහපාලනය (බ)
එහෙම නම් මේ රථය පැදවූයේ පිට සක්වල ජීවින් වෙන්න ඇති නේද ? (හේ)
බොරුවට වැඩි ආයුෂ නෑ.(හේ)
කලින් ආණ්ඩුව කරපු වැරදි මේ ආණ්ඩුවත් ඒ විදිහටම කරන්න පටන් අරන්,මෙයාල ඔක්කොම එකයි ,අපේ රට හැදෙන දවසක් ළඟ පාතකවත් නෑ.(හේ)
මමත් රාජිතගේ අදහසෙමයි ඉන්නේ, එය අනුමත කරනවා. "කලින් ආණ්ඩුව කරපු වැරදි මේ ආණ්ඩුවත් ඒ විදිහටම කරන්න පටන් අරන්,මෙයාල ඔක්කොම එකයි ,අපේ රට හැදෙන දවසක් ළඟ පාතකවත් නෑ."(හේ)
මේ දවසෙ මේ සුදුවීම වෙන වෙලාවේ පාඨලී චම්පික කොහෙද හිටියේ කියල දුරකතන සම්බන්ධතා වලින් ඔප්පු කරන්න පුලුවන් පහසුවෙන්ම. ඒ වගේම මේ වෙලාවේ චම්පික රණවක ගත්තු දුරකතන තොරතුරු පහසුවෙන්ම ගන්න පුලුවන්. ඒ තොරතුරු අනුව චම්පික ඒ රියදුරාටකතා කළා කියලා ඔප්පු කරන්න පුළුවන්. සීසීටීවී කැමරා අවශ්‍ය නැහැ අන්න ඒ තොරතුරු එක්ක ඇවිල්ලා මේ වගේ මාධ්‍ය හමුවක් පවත්වන්න. නිකන් අපිටත් වුනානම් මෙහෙම මධ්‍ය හමු තියල 'අනේ එයා කළේ නැ' කියල අඩන්න පුලුවන්. (බ)
දැන් රටේ සාධාරණව පරීක්ෂණ කිරීමේ නිදහස තිබෙනවා (නි)
දීකිරට බළල්ලුත් සාක්කි කිව්වලු...!!!(හේ)
ළගදි එමිල් කාන්තන් අවොත් ඉතින් කාට කාටත් ලෙඩ වැටෙයි..(බ)
මේක දැකපු දෙන්නෙක් ඉන්නවා. මෙයාල කොහොමද නෑ කියන්නේ ? අනෙක මේක කළේ රියදුරුකෙනෙක් නම්, ඒ මනුස්සය මේවෙනකොට කුඩුවේ. මෙහෙම දිග්ගැසෙන්නේ නැ. ගොරක දඩ මස් කරනවා (බ)
මෝටර් බයිසිකල් කාරයෝ රේස් ගිහින් මේ අයගෙත් වාහනවල පිටිපස්සෙන් හප්පලා වැරදි කාරයෝ කරපු දාට තේරෙයි කළ වැරැද්දේ තරම. කළ කර්මය පල දෙන්න වැඩිය කල් යන්නේ නැහැ. (හේ)
දැන් වාද නොකර අර රෝහලේ ඉන්න තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට යමක් කරන්න.(හේ)
දනුක මහතා කියන දේ හරි ,අනතුර සිදුවුන ගමන් පොලිසියට යාම තමා ගත හැකි හොදම ආරක්ෂක පියවර ,අනික ඇමතිවරයෙකුට තනියම ගමන් යන්න ඔහුගේ ආරක්ෂක නිලධාරීන් ඉඩ දෙන්නේ නැහැ ,යම් හෙයකින් ජිවිතයට හානියක් වුනොත් අර නිලධාරීන් සම්පුර්ණ වග කිව යුතු බැවින් මෙතන ඇත්තේ මඩ ප්‍රචාරයක් ,(හේ)
බොරු කියන්නේ නිකන්ද (බ)
අනතුරු කාටත් වෙනවා. ඇමති හෝ රියදුරු ලෙඩා ගැන හිතල කටයුතු කළානම් එච්චරයි. මොකද මේ 'හිට් ඇන්ඩ් රන්' ලෙඩක් දාගත්තේ? (බ)
අනතුර සම්බන්ධව ප්‍රකාශ ලබාදී ඇති දෙදෙනාම දේශපාලකයන්ය. මේ දක්වා සිදුවී ඇත්තේ එකම තැටිය බලයට එන යන අය මාරුකර ගැනීමක් පමණකි. ඊට එහා කිසිවක් අප දැක නැත. රිය අනතුරකදී පලායාම ඉතා නින්දිත ක්‍රියාවකි. එවැන්නෙක් එහි වගකීම දැරිය යුතුය. රිය අනතුරු සාමාන්‍ය සිදුවීමකි. මිනිසුන් වශයෙන් එයට මුහුණදී තුවාලකරුවන් ගලවා ගැනීමට කටයුතුකිරිම කවරකුගේ වුවත් යුතුකමක් විය යුතුය.(හේ)