සිය බිරිඳගේ ප්‍රතිකාර සඳහා ඇය සමග සිංගප්පූරුවට යාමට හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අවසර ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (31) නියෝග කළේය.

ජනවාරි 4 සිට 7 දක්වා කාලයේ බිරියට ප්‍රතිකාර ගැනීම සඳහා ඇය සමග යාමට හිටපු ඇමැතිවරයාට අවසර ලැබුණු අතර වසර 2010 සිට සිය වත්කම් හෙළි නොකළැයි ඔහුට එරෙහිව නඩු පවරා ඇත.