
(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන නීතිවිරෝධී ලෙස එකලස් කළා යැයි චෝදනා එල්ල වී තිබෙන මෝටර් රථය ගරාජ් අංක තහඩුවක් යටතේ ගාල් කර තිබූ හිල්ටන් හෝටලයේ සී.සී.ටීවී දර්ශන සුරක්ෂිතව තබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (11) හිල්ටන් හෝටල් කළමනාකාරිත්වයට නියෝගයක් නිකුත් කළාය.
ප්‍රශ්නගත වාහනය නවතා තිබූ කොළඹ හිල්ටන් හෝටලයේ සී.සී.ටීවී දර්ශන සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බැවින් එම දර්ශන සුරක්ෂිතව තබා ගන්නා ලෙස හිල්ටන් හෝටල් කළමනාකාරිත්වය නියෝගයක් නිකුත් කරන්න යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සළකා බලමින් කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.
මෙම මෝටර් රථය නීත්‍යනුකුල නොවන අයුරින් මෙරටට ගෙන්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකර පරිහරණය කළ බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබේ. ප්‍රශ්නගත මෝටර් රථය ගරාජ් අංක තහඩුවක් සහිතව කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගලේ තිබියදී සොයා ගත් අතර ඒ පිළිබඳ රහස් පොලිසිය විමර්ශන ආරම්භ කළේය.
සිදුවීමට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ තවත් සැකකරුවන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත් අඩංගුවට ගෙන තිබු අතර එම සැකකරුවන් සියල්ලම මේ වනවිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප මත මුදා හැර තිබේ.
දීර්ඝ කාලයක් හිල්ටන් හෝටලයේ රැඳී සිටි පුද්ගලයකු පසුගියදා ජනාධිපතිවරණයට පෙරදින ප්‍රශ්නගත මෝටර් රථය හිල්ටන් හෝටලයට ගෙනත් දමා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මෙම විමර්ශන ආරම්භ විය.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’ජොන්ස්ටන්ගේ වාහනයේ CCTV සුරක්ෂිතව තබන්න’’
Perera Monday, 11 November 2024 08:22 PM
අනේ ජොනියෝ, ඔයාගේ මයිල් ටිකත් සුරක්ෂිතව තියාගන්න. ඒවා පරිස්සමෙන් කරන්න දැන් කවුරුවත් නැහැ.