ජනතා වතු සංවර්ධන මණ්ඩලයට (ජනවසම) යටතේ පාලනය වන වතු 18ක සේවකයන්ට අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ බාර කාර අරමුදල් නොගෙවීයැයි එහි සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහි නඩුවලින් මේ වන විට වරෙන්තු 72ක් පමණ ලැබී ඇතැයි ආරංචි මාර්ග කියයි.
ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 110කි.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති සෙනරත් රැකෝගම මහතා කියනුයේ හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය යටතේ රුපියල් කෝටි 35ක් ලැබුණු බවයි. ඉතිරි මුදල ද ලබා ගැනීමට සාකච්ඡා පැවැත්වෙන බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැම ආයතනයක්ම අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ බාර කාර අරමුදල් සැම මසකම ගෙවිය යුතුය. එසේනම් මෙපමණ කලක් නොගෙවා හිටියේ කොහොමද? බලධාරීන්ට දඩ ගැසිය යුතුයි. (ර)
ඔක්කොම කොලේ වහලා ගහන ගැට තමයි. (බ)
හිඟ මුදල් ගෙවන්න නඩු වැටෙනකම් බලා සිටීම පරිපාලාන දක්ෂතාවයක්ද? (බ)
පස් පිඩක් පාගා නැති, ජනතා වතු වලින් සංවර්ධනය වුණ මාණ්ඩලික නිලධාරීන්ගේ වැඩ වගෙයි පෙනෙන්නේ (ජනවසම) (නි)
සේවකයන්ගේ අයිතිය කරුණාකර ලබාදෙන්න (නි)