ශ්‍රීලංකාවේ සිට යුරෝපයට මසුන් අපනයනය කිරීම තහනම් කරමින් පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති හෙයින් ලබන වසරේ මුල් කාර්තුව වන විටදී නැවත වරක් යුරෝපයට මසුන් අපනයනය කිරීමට හැකිවනු ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
පනවා ඇති සම්බාධක නිසාවෙන් ශ්‍රීලංකාවට වසරකට අත්විඳීමට සිදුව ඇති පාඩුව ඩොලර් ලක්ෂ 2000 කට ආසන්නය.
ඉන්දියා ධීවරයින් මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීම පිළිඹද අදහස් දැක්වීමකද යෙදුණු අමාත්‍යවරයා ඉදිරියේදී එවන් ධීවරයින් අත්අඩංගුවට නොගෙන ඔවුන්ගේ ආම්පන්න රාජසන්තක කිරීමටද ඔවුන්ගෙන් දඩ මුදලක් අය කරගැනීමටද පියවර ගන්නා බව පැවසීය.
ධීවර ගැටලුව සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා සමග නොව සෘජුවම ඉන්දියා මධ්‍යම රජය හා සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිනේ. ජයවේවා! (නි)
සුබ ආරංචියක් (නි)
අපිටත් කන්න සාධරණ ගානකට දැන් මාළු කැල්ලක් .නැති කොට යුරෝපයට යවන මාළු යවන්න ගත්තහම දැන් විකුනන ගාණ දෙක තුන වෙයි. (අ)
මාළු පිටරට යවන්න ඒකාලේ හිටපු ඇමතිගෙන් පර්මිට් ගත්ත ලන්ඩන් වල දෙන්නෙකුට කල්ල මරේ.(අ)
අපේ මාළු කන්න තමා යුරෝපය සැමදා බලා සිටින්නේ , අපිත් එහෙ ගිහින් ටික ටික යුරොපියන්ගේ මාළු කාමු , එක තමා කරන්න තියෙන්නේ , අවිහිංසාවෙන් (අ)
යුරෝපය විතරක්ද.? (ර)
මේක නම් බොහොම සුබ ආරංචියක් (නි)
අපි වසරකට ඩොලර් කෝටි කියක ටින් මාලු රටින් ගෙන්වනවද? (බ)
ලංකාව වටේම මුහුද තිබුනට අපේ මිනිස්සුන්ට සාධාරන මිලකට මාළු කෑල්ලක් කන්න දැනටම වාසනාවක් නැතිකොට ... යුරෝපයට මාළු යවන්න ගත්තොත් ... මොනවා වෙයිද ? (බ)
යහම්පත් සහ ජයවික්‍රම මහතුන්ගේ අදහස් බොහෝදුරට නිවැරදියි. අපේ රටේ මාළු නිෂ්පාදනයේ අතිරික්තයක් ඇතිවන කාල වකවානු තිබෙනවා. අධිශීතකරන පහසුකම් කළමනාකරණය මගින් මේ මාළු අපනයනය කළ හැකියි. මමත් ධීවරයකුගෙ පුතෙක්. ධිවර ජනතාවට ඉතාම ඵලදායක පුවතක් මෙය. (ර)
අපේ ලංකාවේ කට්ටිය බයවෙලා වාගේ ? යුරෝපයට අපේ මාළු සියල්ල යන්නේ නැහැ , යන්නේ ටුනා ( බලයා ) වගේ ලොකු පොකිරිස්සන් වාගේ ඒවා විතරයි , අනික් ඒවා අපට කන්න පුළුවන් , අනික ලංකාවේ බහුතරයක් බලයා ( ටුනා ) මාලු කන්නේ නෑ ගිනියම කියලා , මාළු ගුණ කෑමක් නිසා ලෝකයේ කොහේ වුනත් මිල අධිකයි , ඉල්ලුමට වඩා සැපයුම අඩු නිසා (බ)
ඇමති තුමා, ඩොලර් ලක්ෂ 2000 - 140 න් වැඩි කරලා බලන්න. රුපියල් කොටි කීයක්ද කියල . ඔබ තුමාගේ ගණන හරිද? (රේ)
මෙම කාර්යය සාර්ථක වේවා! (නි)
එතකොට හිටපු ඇමතිතුමාගේ සහෝ කෙනෙක් මේ බිස්නස් එකට අතගහනවද? ...එයා කාගේ මාළු ද කන්නේ..පවු..... අසරණයා... (අ)
අපි චීනය අතහැර යුරෝපයට ළංවෙන්න හදනවා. යුරෝපය දැන් චීනය එක්ක මෙගා ඩීල් අත්සන් කරනවා (නි)
සරු මාළු බිමක් හිමි අපට විධිමත් සැලසුම් නැතිකමින් හැමදාම හැමදේම වරදවා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. යුරෝපයට මාළු අපනයනය කිරීම නිසා අපට මාළු අහිමිවෙන්නේ අපේ දුර්වලකම නිසා මිස මාළු අස්වැන්නේ අඩුවක් නිසා නොවෙයි. ඉන්දියා ධීවරයෝ අපේ මාළු කන්නේ අපේ දුර්වලකම් නිසා.(ම)