IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනවාරියේ පෙට්‍රල් - ඩීසල්වලට වෙන දේ දැන්ම කියයි

(යොහාන් භාසුර)

නව වැට් බදු පනත සමගින් ලබන ජනවාරි මස 1 වැනිදා සිට පෙට්‍රල් ලීටරයක් රුපියල් 62.37 කින් ඩීසල් ලීටරයක් රුපියල් 59.22 කින් ඉහළ යන බවත් ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 400 ට වැඩි මිලකට ද, ඩීසල් ලීටරයක් රුපියල් 400 ට ආසන්න මිලකට ද, පත්වන බවත් සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අද (11) පැවසීය.

ඩීසල් ලීටරයක් රුපියල් 329 ක සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 346 ක මේ වන විට පවතින බවත් ඉන්ධන සඳහා මේ මොහොත වන විට බදු වර්ග හතරක් එකතු වන බවත් ඒ මහතා කීය.

ඉන්ධන ලීටරයක මිලට මේ වන විටත් බදු පමණක් රුපියල් 125 කට අධික මුදලක් එකතුව ඇති බව කී ආනන්ද පාලිත මහතා සඳහන් කළේ ඉන්ධන බදුවලින් ආණ්ඩුව මසකට රුපියල් කෝටි 1500 කට අධික මුදලක් ලබන බවයි.

ඉන්ධන ගාස්තු ඉහළ යෑමත් සමඟ ජනවාරි 1 වැනිදා සිට විදුලි සහ ජල ගාස්තු ද ඉහළ යන බව ද ආනන්ද පාලිත මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (1)

ජනවාරියේ පෙට්‍රල් - ඩීසල්වලට වෙන දේ දැන්ම කියයි

Bamunuarachchi Tuesday, 12 December 2023 07:33 AM

ළමයින්ට ඉස්සර වගේ පාරේ ක්‍රිකට් ගහන්න පුළුවන් වේවි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site