ඉතාලි රාජ්‍ය රුපවාහිනි නාළිකාවක් වන රායි ස්ටෝරියා බදදා රාත්‍රියේ ප්‍රචාරය කළ ශ්‍රි ලංකාව පිළිබද වර්තාමය වැඩසටහන අභුත චෝදනා ඇතුළත් පක්ෂග්‍රාහි වැඩසටහනක් බව ඉතාලි ශ්‍රි ලාංකිකයෝ පවසති.
පලෙර්මෝ රෙජියමිල්ලියා නගරවල සිට එම වැඩසටහන හා සම්බන්ධ වු දමිල ජාතිකයින් තමන්ට මව්බිමට යා නොහැකි බවත් ගුවන් තොටුපළේදීම රැගෙන ගොස් මරා දම බවත් උතුරු පලාත දැඩි ලෙස සිංහල කරනය කරමින් පවතින බවත් ඔවුහු එහිදි පැවසුහ. යුරෝපයේ කොටි හිතවාදින්ගේ උවමනාව මත කිසිදු සොයා බැලිමකින් තොරව අසත්‍ය ප්‍රචාරය කිරිමෙන් රායි රුපවාහිනි නාළිකාව ශ්‍රි ලංකාව අපකිර්තියට පත් කළ බව ඉතාලියේ ශ්‍රි ලාංකිකයෝ කියති.
තානාපති බෑනට් කුරේ මහතා කියා සිටියේ අදාල රුපවාහිනි නාළිකාවට රජයේ අප්‍රසාදය පළකිරිමට කටයුතු කරන අතරම බොරුව පමණක් අන්තර්ගත මෙවැනි වැඩසටහන් ඉදිරියේදි විකාශනය නොකිරිමට ඉතාලි විදේශ අමාත්‍යංශය දැනුවත් කරන බවයි.
උතුරු ඉතාලි ශ්‍රි ලාංකික ව්‍යාපාරික එකමුතුව කියා සිටියේ ඉතාලි පාර්ලිමේන්තු මන්ත්‍රි සෙනට් සභික ඉතෙෆනෝ වකාරි වෑනි ශ්‍රි ලෙංකාවට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමක් හා අසත්ය ප්‍රචාරය කල රායි රුපවාහිනි නාලිකාවේ මාධ්‍යවේදීන් පිරිසක් ලංකාවට රැගෙන ගොස් සත්‍ය හෙළිකිරිමට ඉදිරියේදි කටයුතු කරනා බවයි.
24 වැනිදා ජිනිවා නුවර පෑවෑත්වෙන උද්ඝොෂණයට සහභාගි විම සදහා ජෙනෝවා නුවර පදිංචි ශ්‍රි ලාංකිකයින්ට යුරෝ 1700ක් (රුපියල් 309400 ) ගෙවා බස් රථයක් ලබා දීමටද උතුරු ඉතාලි ශ්‍රි ලාංකික ව්‍යාපාර එකමුතුව කටයුතු කළේය.
මේ අනුව ඉතාලියෙන් පමණක් ලාංකිකයින් රැගත් බස් රථ 43ක් ජිනිවා නුවරට යෑමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිවේදිකාවන් ලංකාවේ පස්වත් පාගලා නෑතිව ඈති. ලෝකයේම විසිරිලා ඉන්න තානාපති නිලධාරින් වගේම රටට ආදරයකරන ශ්‍රී ලාංකිකයන් හෑමවෙලෙම පාටබෙදයකින් තොරව අත්වෑල් බෑදන් කටයුතු කරනවා නම් මේ වගේ දේවල් ජයගන්න අමාරු නෑ. මඩු පල්ලිය බේරලා දුන්නේත් රණවිරුවෝ නේද්? (නදී)
සිංහලයාට ඇයි ඔච්චර බය. ඒකයි ඔය වගේ බාල වැඞ කරන්න්‍ෙ.(නදී)
අපේ වගේම නේද? බොරුම කියනවා.(නදී)
ජය වේවා දේශප්‍රේමී ජනතාවට සත්‍ය ජය ගනිවී (දිල්)
ලංකාවේ රජයේ මාධ්‍ය වගේම ඇති, බේගල්ම තමයි ඇද බාන්නේ ,(නදී)
ඇත්තටම හරිම කණගාටුයි මෙවැනි දේවල් ලෝකය පුරාම සිදුවීම ගැන. විශේෂයෙන්ම තානාපති නිලධාරීන්ට විශාල කාර්ය බාරයක් තිබෙනවා මේ සම්බන්ධව. මම නම් දකින්නේ, ඩයස්පෝරාව සමඟ කොටි හිතවාදීන් ගේ සංවිධානාත්මක කටයුතු ඉතා ඉහලයි.(නදී)
මේවට උත්තර දෙන්න මෙවැනිම රුපවාහිනී වැඩසටහනකින්ම කරන්න.(නදී)
මටත් එම වැඩසටහනේ මගක් ඉදන් බලන්න අවස්ථාව ලබුණා. කතා කරපු දමිල කාන්තාව කොටි බස් එකකට තියපු බෝම්බයකට වත් අහු උනානම් කියල මට හිතුනා. එම වැඩසටහනේ ලාංකිකයන් උන්ගේ බෝම්බ වලට මැරුණ තරම්. අරන්තලාවේ භික්ශු ඝාතන, දළදා මාළිගා ප්‍රහාර.... කොච්චර නම් ලියන්න ද? බස් එකක යන්න බැරි කාලයක් තිබුනේ. උදේ පාරට බැස්සෝත් නැවත ගෙදරට යන එක විස්වාසයක් තියන්න බැහැ. ඔය කතාකරල බොරු කියපු ගෑනීට හොදක් නම් සිද්ද වෙන්න එපා.(නදී)
ඉතාලිය කොහොමත් අැමරිකාවේ පිටිපස්ස ලෙවකන බව ඒ අයම කියවනවා. (නදී)