ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවෙහි ක්‍රියාත්මකවන මාවනානේ ශ්‍රී පේමානන්ද පදනම ගාල්ලේ කරාපිටිය පිළිකා රෝහලට රෝද පුටු දෙකක් හා ලෙඩුන් ප්‍රවාහනය කරන ට්‍රොලි දෙකක් ද, හිනිදුම මහ රෝහලට රෝද පුටු දෙකක් ද නෙබුලයිසර් යන්ත්‍රයක් ද පරිත්‍යාග කෙළේය.
මේ සඳහා රුපියල් 80.000 ක ප්‍රතිපාදන සපයන ලද්දේ ජිනීවා විහාරයේ දායිකා වියට්නාම් ජාතික කිම් ත්‍රොන්ග් මහත්මියයි.
මාවනානේ ශ්‍රී පේමානන්ද පදනමේ සභාපති හා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක හබරකඩ ඉන්ද්‍රරතන නාහිමි, ගාලු මාතර හම්බන්තොට අධිකරණ සංඝ නායක හබරකඩ සෝරත නාහිමි, අනුරාධපුර ලෝලුගස්වැව මාවනානේ ශ්‍රී පේමානන්ද අනුස්මරණ විවේක ආයතයතනාධිපති එප්පාවල සෝරත හිමි හා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්තානාධිපති ආචාර්ය තවලම ධම්මික නාහිමිද, ගාල්ලේ කරාපිටිය රෝහලේ නියොජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය සිරිතුංග මහතා හා ප්‍රධාන හෙදි නිලධාරිනිය ද සේවක පිරිසක් ද,හිනිදුම දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යචාරීනී පියුමිකා මහත්මිය, වෛද්‍ය තුෂාර, ජානක නිරිඇල්ල මහත්වරු හා හෙද හෙදි නිලධාරී මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගීවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් සුභ පැතුම්! (නි)
අපි මේ ගැන විමසුවා. ගලබඩ මහතා ලිවුවා සේ අනුකම්පා කරමු. (නි)
මම මාගේ උපරිම උදව්ව කරා මෙයට (ස)
මමත් ආසයි උදව් කරන්න කොහමද කියන්නකෝ දන්නේ නැති නිසයි අහන්න්න. (ස)
අතිපුජනිය ආචාර්ය තවලම ධම්මික නාහිමිපානන්වහන්සේගේ ලෝක ශාසනික සේවය සදා අගයමු. (ස)
සාදු සාදු සාදු!!! උපදින හැම ආත්මයකම ඔබලාට නිරෝගී සුවයම ලැබේවා. (ස)
මෙවන් වූ වටිනා පින්කම් කිරිමට ඔබලාට තව තවත් ශක්තිය ලැබේවා. (ස)
'මම මාගේ උපරිම උදව්ව කරා මෙයට' ලෙස ලිය ඇති පුද්ගලයාගේ මානසික තත්වය ගැන මට හරි කනගාටුයි. මෙහි විශාල වැඩ කොටසක් කරපු අය සැමදා නිහඬව තම කාර්ය කරනවා. 'අඩු කලේ සෙලවේ' යන පිරුල ගැලපෙන්නේ මේවාට. (ස)
සරණ ගුණවර්දන, මා සහ මගේ යන ආත්මාර්ථකාමී සංකල්පය තමයි ජාතින්ට වැහිලා ඉන්න ලොකුම හෙනහුරා. වැඩක් කලත් නොකලත් අනුන් පරදා තමන් කැපී පෙනීමට අපේ අය ගොඩක් උත්සාහ කරනවා. (දී)
ආචාර්ය තවලම දම්මික නායක හාමුදුරුවන්ගේ අපරිමිත උත්සාහයක ප්‍රතිඵලය හදවතින්ම අගය කරමි. (නි)