ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ කඨින පිංකම විහාරාධිපති තවලම ධම්මික හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම පිංකම සඳහා කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පරිවේණාධිපති බලංගොඩ සොභිත නා හිමි ,ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක, පැරිස් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පරවාහැර චන්දරතන නා හිමි.ගාල්ල මහමෝදර ශ්‍රී ගුණෝදය පිරිවෙන් අධ්‍යක්ෂ හබරකඩ සෝරත,ගාල්ල, මාතර, හම්බන්තොට දිසා අධිකරණ සංඝ නායක මා හිමි, මාපලගම බුද්ධසිරි නායක හිමි රත්මලාන බොරුපන සාම විහාරාධිපති පුවක්ගහහේනේ වජිරඥාණ මා හිමි, ඇඹිලිපිටිය තුන්කම ගුණානන්දාරාමාධිපති, හබරකඩ පඤ්ඤානන්ද හිමි,
කොළඹ සම්බුද්ධාලොක විහාරයේ විතාරන්දෙණියේ මේධානන්ද හිමි ,
මානම්පිට අමිත හිමි ප්‍රධාන මහා සංඝ රත්නය සහභාගී වූහ. එක්සත් ජාතීන්ගේ ජිනීවා හි ශ්‍රී ලංකා තානාපති රවිනාත ආරියසිංහ මහතා ප්‍රධාන ස්විස්, ප්‍රංශ, ශ්‍රී ලාංකික,තායි,ලාඕස්,කාම්භෝජ, වියට්නාම් හා බංගලිදේශ් ජාතිකයෝ ද පිංකමට සහභාගී වූහ.
සිංහල, ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ධර්ම දේශනා පැවැත්විණි.
කඨිනානිසංස ධර්ම දේශනා ව බලංගොඩ සෝභිත නාහිමි හා පරවහැර චන්දරතන නාහිමි විසින් සිදුකරන ලදහ.
මාපලගම බුද්ධසිරි නායක හිමි ප්‍රධාන සංඝරත්නය ද සෙත් පිරිත් දේශණා කළහ.විහාරවාසී හල්විටිගල සුජාත හිමියෝ පුණ්‍යානුමෝදනාව කළහ.
සිරි,මානෙල්,ආසිරිමා අහංගම, පියල්,අජන්තා, කල්‍යාණි, කුමාර, ගීතානි, සන්ධ්‍යා සහ සරත් ස්ටෙන් පවුල්වල දායකත්වයෙන් මේ පිංකම සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවලම ධම්මික ස්වාමීන් වහන්සේ කියන්නේ ලෝකෙට වැඩදායක තම දේශයටත් පණ සේ ආදරය කරන පැවිදි උතුමෙක්. යුරෝපයේ කුමන පන්සලක පින්කමක් තිබුණත් ඒ හිමි ඒ ස්ථානයේ ඉන්නවා පමණක් නොව ඒ ඒ රටවල වාසය කරන ශ්‍රී ලාංකිකයින්ටද අවවාද අනුශාසනා වලින් ආගමික, සමාජයීය හා සංස්කෘතික මෙහෙවර තුලින් ඍජුවම දායක වෙනවා. එතුමන්ට හා එවැනි මෙහෙවරක් කරන අනෙකුත් භික්ෂුවරුන්ටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. (නි)
පූජ්‍ය තවලම ධම්මික තෙරුන්ගේ මාහැඟි , උතුම් ශාසනික සේවය තව චිරාත් කාලයක් යෙහෙන් කරගෙන යාමට චිර ජීවනය හා මගේ ගෞරව පුර්වක ප්‍රණාමය! (නි)
සාදු.සාදු.සාදු!! නමෝ බුද්ධාය. කඨින පිංකම යනු අට මහා කුසල් අතර පළමු තැන ගන්නා එකකි. එමෙන්ම යම් අයකු වසර 100 තුළ කරන සියලු දාන වලට වඩා එක් කඨින පින්කමක් උතුම් වේ.මහාමේරු පර්වතය උසට කරන සිවුරු පූජාවකට වඩා එක කඨින පින්කමක් උතුම් වේ. පින් කරනවා දැක සතුටු සිත් පහදා වඩා ගැනීම දස පුණ්‍ය ක්‍රියා අතර වේ. (නි)
තුන් වෙනි පින්තුරේ හැටියට කඨින සිවුරු දෙකක් සාගික කරන්න පුලුවන්ද? (නදී)
තවලම ධම්මික නායක හාමුදුරුවන්ගේ සේවය ඉතා ප්‍රශංසනීයයි. නායක හාමුදුරුවන්ට තව බොහෝ කාලයක් සේවය කරන්න චිරජීවනය නිරෝගි සුව ලැබේවා (අ)
සාදු සාදු සාදු !!! ආචාර්ය තාවලම ධම්මික නාහිමියන්ගේ ලෝක සාසනික සේවය මම බොහෝ කොට අගයමි. උන්වහන්සේ සැබෑ ලෙසම ධර්මදූත සේවය සිදු කරන හිමි නමක්. ඔබ වහන්සේට දීර්ඝායුෂම ලැබේවා !!! සාදු සාදු සාදු !!! (අ)