විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන්, විමර්ශන නිලධාරීන් හා විදේශීය නීතිඥයන් පවා ගෙන්වීමට එකග වීමෙන් අදහස් කරන්නේ, දැනට මේ රටේ පවතින යුක්තිය පසිදලන ආයතන සියල්ලටම පරිභාහිරව තවත් යුක්තිය පසිදලීමේ ආයතන පද්ධතියක් ඇති කිරීම බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ‘ජිනීවා යෝජනාව නිසා රට ඉදිරියේ ඇති අනතුර‘ සම්බන්ධයෙන් අද (25) කොළඹ අභයාරාම විහාරස්ථානයේදී විශේෂ දේශනයක් කරමින් පැවසීය.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්වීය.
‘ ජිනීවා යෝජනාවේ සිව්වන ක්‍රියාන්විත ඡේදයට අනුව “යටගියාව ගැන” සෙවීමට ආණ්ඩුව විසින් මේ ආකාරයට පිහිටුවීමට බලාපොරොත්තු වන යාන්ත්‍රනයන් වලට පිටරටින් මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට ඉඩදීමට ලංකාවේ ආණ්ඩුව දැනටමත් එකග වී තිබෙනවා.මේ අනුව ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ ඇතුළු කාරණා සොයා බැලීමට පිහිටුවන යාන්ත්‍රන බටහිර රටවල මුදල් වලින් නඩත්තුවන තත්වයක් ඇති වෙනවා.
මානව හිමිකම් කවුන්සිලය තුල ලංකාවට එරෙහිව යෝජනා ගෙන එන රටවල් විසින්ම ලංකාවේ යුද අධිකරණයක් නඩත්තු කරන්නේ නම් මෙතනදී යුක්තියක් ඉටුවේ යැයි සිතිය හැකිද?
ආණ්ඩුව මෙවැනි යෝජනාවකට එකග වීම සාධාරණීකරනය කිරීමට විවිධ තර්ක ඉදිරිපත් කරමින් සිටී. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායක මහතා ඝාතනය වීමෙන් පසු එම ඝාතනය ගැන සොයා බැලීමට පත්කරන ලද කොමිසමට ඊජිප්තු ජාතික විනිශ්චයකාරවරයකු සිරිමා බණ්ඩාරනායක මැතිනිය විසින් පත්කිරීම ලංකාවේ අධිකරණ පද්ධතිය තුල විදේශීය විනිශ්චයකරුවන් යෙදවීමට පූර්වාදර්ශයක් හැටියට ගෙනහැර දක්වා තිබෙනවා.
බණ්ඩාරනායක මැතිනිය විසින් එම ඊජිප්තු ජාතික විනිසුරුතුමා පත්කරනු ලැබුවේ විමර්ශන කොමිසම් පනත යටතේ පත්කරන ලද විමර්ශන කොමිසමකට මිස අධිකරණයකට නොවේ. බණ්ඩාරනායක මහතාගේ ඝාතනය පිළිබඳ නඩුව අසනු ලැබුවේ සාමාන්‍ය අධිකරණ පද්ධතිය තුළය. එමෙන්ම අතුරුදහන් වූවන් පිළිබද සොයා බැලීමට මාගේ ආණ්ඩුව විසින් පත් කරනු ලැබු මැක්ස්වෙල් පරණගම කොමිසමට විදේශීය නීති විශාරදයින්ගේ ලිඛිත අදහස් දැක්වීම් ලබා ගැනීමට ඉඩදීමද “විදේශිකයන් ලංකාවේ නීතිමය ක්‍රියාවලියට සහභාගී කරවා ගැනීමට” පූර්වාදර්ශයක් හැටියට හුවා දැක්වෙනවා.
මගේ ආණ්ඩුව විසින් මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කරාට පස්සෙ, පරණගම මහතාගේ ලිඛිත ඉල්ලීම පරිදි ඒ කොමිසමට ජාත්‍යන්තර යුධ නීතිය පිළිබද විශේෂඥයන් කිහිපදෙනෙකුගෙන් ලිඛිත නීතිමය මත විමසීම් ලබා ගැනීමට මාගේ ආණ්ඩුව සැලැස්සෙව්වා. ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා, ශ්‍රීමත් ජෙෆ්රි නයිස්, මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන්, මහාචාර්ය මයිකල් නිවුටන්හා රොඩ්නි ඩික්සන් වැනි නීත විශාරදයින් සහ මේජර් ජෙනරල් ජෝන් හෝම්ස් වැනි යුද විශේෂඥයින් ඉතාම වටිනා විග්‍රහයන් ඒ කොමිසමට ලබා දුන්නා.මා මේ කතා කරන්නේ මැක්ස්වෙල් පරණගම වාර්ථාව ගැන නොව, එම කොමිසමට විදේශීය විද්වතුන් ලබලා දීල තියෙන ලිඛිත අදහස් දැක්වීම් ගැන බව මතක තබා ගත යුතුයි. මේ සියලුම ජාත්‍යන්තර යුද නීති විශේෂඥයන්ගේ මතයන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ට ලබා දීමට යහපාලන ආණ්ඩුවට යුතුකමක් තිබුණා. ඒක කරන්න ඕනෑතරම් වේලාවත් තිබුණා. නමුත් ආණ්ඩුව එසේ කිරීම සිතාමතාම පැහැර හැරියා.‘
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අටවන ක්‍රියාන්විත ඡේදයෙන් සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ මානව අයිතීන් උල්ලංඝනය කළා යැයි උසාවියක නඩු පැවරීමට ප්‍රමාණවත් තරම් සාක්‍ෂි නැති රණවිරුවන් පවා “පරිපාලනමය ක්‍රියාදාමයකින්” සේවයෙන් නෙරපා හැරීමයි. මෙවැනි ඡේදයක් ජිනීවා යෝජනාවේ නැති බව ඇතැම් ඇමතිවරු පාර්ලිමේන්තුවේ කියනවා මට ඇහුණා. ජිනීවා යෝජනාවේ සිවුවන ක්‍රියාන්විත නිර්දේශය ලෙස මේ කාරණය තිබෙන බව මම වගකීමෙන් කියමි.
ඉකුත් සැප්තැම්බර් 30 වන දා මානව හිමිකම් කොමසාරිස්වරයා මානව හිමිකම් කවුන්සිලය ආමන්ත්‍රනය කළ අවස්ථාවේදීද ඔහු වැඩියෙන්ම අවධාරණය කළ කාරණය වූයේ මේ අකාරයට මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සැක කරන අය ආරක්‍ෂක අංශවලින් නෙරපිය යුතු බවයි. මේ අතිශයින්ම අසාධාරණ යෝජනාවටද ආණ්ඩුව වග විභාගයකින් තොරව එකඟත්වය පළකොට තියෙනවා. උසාවියක නඩු පැවරීමට තරම් සාක්‍ෂි නැති අයෙක් අපේ නීතියේ හැටියට වරදකරුවකු නොවන අතර එවැනි පුද්ගලයන් හුදුසැකයක් මත ආරක්‍ෂක හමුදා වලින් නෙරපා හරින්නේ මොන යුක්ති ධර්මයකට අනුවද ? මේක රණවිරුවන් දඩයම් කිරීමට පිඹුරුපත් සකස් කිරීමක් මිස වෙන කුමක්ද?
මෙතන තවත් සදාචාරත්මක ප්‍රශ්නයකුත් තිබෙන බව කියන්න ඕන. මේ යුද්ධය සිද්ධ වුනේ ලංකාවේ. රණවිරුවන්ට දඩුවම් දීමට නම්, යුද්ධය සිදුවෙන අවස්ථාවේ අපේ රටේ නීතියට අනුව අපරාධයක් නොවු බොහෝ දේවල් අපරාධ හැටියට නීතියට ඇතුල්කරලා එම නීති ආපස්සට ක්‍රියාත්මක කිරීමට සිදුවෙනවා. අපේ රටේ ව්‍යවස්තාවට අනුව ඕන නම් ආපස්සට ක්‍රියාත්මක වෙන නීති හදන්න පුළුවන්. විශේෂයෙන්ම ජාත්‍යන්තර නීති මෙරටේ ක්‍රියාත්මක කිරීමට එසේ කල හැකි බව ව්‍යවස්තාවේ සදහන් වෙනවා. නමුත් අපරාධ නීතියේ තිබෙන ඉතාමත්ම පූජනීය මූලධර්මයක් වන්නේ, යමක් සිදුවෙන අවස්ථාවේ දී නීතියෙන් අපරාධයක් නොවේ නම් ඒ සම්බන්ධයෙන් පසුව නව නීති හදා ආපස්සට බලපැවැත්වෙන පරිදි දඩුවම් නොදිය යුතුය යන්නයි. ආපස්සට ක්‍රියාත්මක වෙන නීති හදන්න ව්‍යවස්තාවෙන් බලය තිබුණත්, නොකරම බැරි අවස්ථාවක් හැරුණ විට එවැන්නක් සමාන්‍යයෙන් කරන්නේ නැහැ.
අවසන් වරට එවැන්නක් සිදුවුනේ සේපාල ඒකනායක ඉතාලි ගුවන් යානයක් පැහැරගත්ත අවස්ථාවේ. ලංකාවේ නීතියට අනුව ඒකාලේ ගුවන් යානයක් පැහැර ගැනීම දණ්ඩ නීති සංග්‍රහයේ නොතිබුණු නිසා, ඔහුට දඩුවම් කිරිමට අලුත් නීති ගෙනල්ලා ඒවා අපස්සට ක්‍රියාත්මක කරන්න ඒ කාලේ ආණුඩුවට සිද්ධවුණා. නමුත් අපේ රණවිරුවන් සම්බන්ධයෙන් තියෙන්නේ ඒ වගේ ප්‍රශ්නයක් නොවෙයි. අපේ රටේ මිනීමැරුමක් සිදුවී තිබෙනවානම් ඒකට අපිට නීති තිබෙනවා. වධ බන්ධන පමුනුවා තිබෙනවානම් එයටත් නීති තියෙනවා. රණව්රුවෙක් කාට හෝ තර්ජනය කර තිබෙනවානම් එයටත් නීති තියෙනවා. අපහාස කරලා තියෙනවානම් ඒකටත් නීති තියෙනවා. ඉතින් රණවිරුවෙක් වැරද්දක් කරලා තියෙනවානම් ඒ නීති අනුව අපේ උසාවි වලට කටයුතු කරන්න පුළුවන්.‘
රණවිරුවන් දඩයම් කිරීමට මේ සකසා ඇති පිඹුරුපත් ලංකාවේ නීතිය වෙනස් නොකොට ක්‍රියාවට නැංවිමට බෑ. මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් ජීවිත පරදුවට තබා ත්‍රස්තවාදීන් සමග සටන තුල ඇස්, ඉස්, මස්, ලේ දන් දුන් රණවිරුවන්ට එරෙහිව මේ කරන සියලු සැලසුම් ව්‍යාර්ථ කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබෙනවා. රණවිරුවන් දඩයම් කිරීම අරමුණු කරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කිසිදු පනතක් සම්මත කිරීමට ඉඩ නොතබන මෙන් මම සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පක්‍ෂ භේදයකින් තොරව ඉල්ලා සිටිනවා. මෙය කුමක් හෝ එක් දේශපාලන පක්‍ෂයකට සීමා වූ කාරණයක් නොව රටත් ජාතියත් අපේ ස්වාධිපත්‍යයත්, ආත්මගරුත්වයත් පිළිබද ප්‍රශ්නයක්.
අපේ රණවිරුවන් හිරේ දමලා, හිරේ දමන්න බැරි අය “පරිපාලනමය ක්‍රියාදාමයකින්” ආරක්‍ෂක හමුදා වලින් දොට්ට දමලා, ජාතියේ කොදු නාරටිය බිඳලා මේ බලවතුන් සැරසෙන්නේ කුමටද කියලා රටේ මහජනතාවත් අවදියෙන් සිටිය යුතුයි. අපි මේ සිටින්නේ 1948 නිදහස ලැබීමෙන් පසු ජාතියක් හැටියට වඩාත්ම අවදානම් සහගත මොහොතේය යන්න මගේ මතයයි. මේ මොහොතේ මව්බිම වෙනුවෙන් පෙරට ඒම අපි කාගේත් යුතුකමක් වෙනවා.‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි දන්නෙ නැහැ මහත්තයෝ ඕවා (නි)
රණවිරුවෝ ගැන කතා කරන්න අයිතියක් තිබෙනවද? සරත් ෆොන්සේකාව හිරේ දාලා කොහොමද රණවිරුවෝ ගැන කතා කරන්නේ? (නි)
තවමත් වශී බෝලය නම් තිබෙනවා වගෙයි. (නි)
මහින්ද මැතිදුන්ට ජයවේවා.! (ර)
මේ අයට මේ ප්‍රශ්නය හරියට හිඟන්නාගේ තුවාලය වගේ.තුවාලය සනීප වුණොත් සමහර අයගේ දේශපාලනය එතනම ලොප්වෙනවා. (නි)
මම මහින්ද මහත්තයාගේ දෙවන පාලන සමයේ තිබුන දුෂිත පාලන ක්‍රමය තරයේ හෙළාදකින කෙනෙක්. ඒ වගේම මේ යුද්ධය සම්බන්ධ කාරණා වලදී මහින්ද මහත්තයාව ප්‍රශ්න කිරීමට ලක්කෙරෙනවා නම් අපි නිවට ජාතියක් විදිහට ලැජ්ජා වියයුතුයි. අමතක කරන්න එපා 2008 ට කලින් මේ රටේ තිබුන තත්වය. මහින්ද මහත්තයෝ, ඔබතුමා ගෙන ගිය පාලනය තරයේ හෙළාදැක්කත් මේ රටේ අති බහුතරයක් යුද්ධය අවසන් කළ නායකයා ලෙස ඔබට හිසනමා දිවි ඇතිතෙක් ආචාර කරනවා. (නි)
කැනඩා දිසා, කාට කාටත් තේරෙයි පස්සට. අපිට බොහොම ආදරේ ඇමරිකාව ඔය හැමෝටම නිධානය පහළ කරයි අර ඇෆ්ගනිස්ථානෙට, වියට්නාමෙට,ඉරාකෙට සහ ලිබියාවට නිධානේ පහළ කළා වගේ. අනේ මගේ කට! (නි)
ඔය හොඳම තැන ඉඳන් තමයි කතා කරලා තියෙන්නේ. (ර)
අධිකාරී, හා හා එයා ගැන හොයන්න එපා. එයා දුක් මහන්සියෙන් හරිහම්බ කරගත් ධනස්කන්දය සොර සතුරන්ගෙන් බේරාගැනීමට තැන්පත් කරන්න සුදුසු රටක් හොයන්න ගිහින්.මට පුදුම තවමත් රටේ සම-හරක් ඉන්නවනේ මෙයාලා පස්සේ යන. (නි)
පාර්ලිමේන්තුවේ කතාවක් කරන්න අවස්ථාව දුන්නහම ජාතික ගැටළුවක් ගැන විවාදෙදි ඒකට එන්නේ නැතුව පන්සලේ ඇවිල්ලා දේශපාලනය කතා කරනවා. (නි)
රණවිරුවන් කියන්නේ රටේ ප්‍රාණය. ඔවුන්ට අත තියන්න දෙන්න බැහැ (නි)
යුද්ධයට මුවාවෙලා හොඳට හරිහම්බ කරගත්ත අය ගැනත් අපි දන්නවා (නි)
මිනීමරු ප්‍රභාකරන් අවුරුදු 35 කදී කළ විනාශය වගේ සිය ගුණයක විනාශයක් පසුගිය සමයේ රටට වී තිබෙනවා. (නි)
රටම ත්‍රස්තවාදින්ගෙන් නිදහස් කරදුන් ජාතික විරයා ජෙනරල් ෆොන්සේකාට ජම්පරයක් අන්දලා,බෙලෙක් පිඟානේ පිළුණු වුණ බත් කනකොට ඔය සමහරුන්ට රණවිරුවන් ගැන තිබෙන ආදරය කැක්කුම කොහෙද දන්නේ නැහැ තිබුනේ. (නි)
මම රණබිමේ අවුරුදු ගණනාවක් සේවය කළා. ප්‍රහාර වලටත් මුහුණ දුන්නා. ලැබුණු දෙයක් නම් නැහැ. උසස්වීම් හම්බ වුණෙත් නියමිත කාලය වගේ දෙක හමාරක් ගිහිල්ලා. (නි)
ඕකට අභයාරාමය තෝරාගත්තේ ඇයි? (නි)
සමීර මහතා, මම අපක්ෂපාතී නැහැ. සිංහල ජාතිය වෙනුවෙන් අපේ රට වෙනුවෙන් අපේ රණවිරුවෝ වෙනුවෙන් පෙනී සිටිනවා. නිදහස් අධ්‍යාපනයේ දරුවෙක් හැටියට එය මගේ වගකීමක්. රණවිරුවෝ වෙනුවෙන් කතාකිරීම වැරදිද?ඔබතුමා කියන්නේ මේවා අහ අහා දැක දැක අන්ධයෝ බීරො වගේ ඉන්න කියලද? කෙළින්ම කියන්නකෝ මගේ අදහස් වල ඇති වරද (නි)
යථාර්ථය නොදැන සමහරු අදහස් පළකරන හැටි දැක්කහම යුද්ධය අවසන් කළේ අපරාදේ කියලා හිතෙනවා (නි)
සමහර අදහස් දැක්කහම ඇත්තටම දුක හිතෙනවා (නි)
රණවිරුවන් අද රටේ ගෞරවනීය තැනක සිටින බව අපි දන්නවා (නි)
ජනවාරි 8 වෙනිදා සිට රණවිරුවන්ට හිමි ගෞරවය දීලා තිබෙනවා. (නි)
ඕකට පන්සලක්ම තෝරගන්න ඕනෑද? (නි)
සමහර අදහස් දැක්කහම දුක්වෙන්න අවශ්‍ය නැහැ. මොකද සිංහලයෝ කියන්නේ උදේට කාපු ඒවා දවල්ට අමතකවෙන ජාතියක්නේ. ඒකනේ 'මිස්ටර් ප්‍රභාකරන්' යුද්ධය අවුරුදු 26 ඇදගෙන ගියේ. මොන නමකින් , කොහේ ඉඳන් අදහස් දැම්මත්, තම තමන්ගේ ගිගා වෛරයන් මෙතන ප්‍රකාශ කෙරෙන අදහස් අපිට හඳුනාගන්න පුලුවන්. සරත් ෆොන්සේකා මහතාව හිරේ දැමීම සම්පුර්ණ වරදක් බව පිළිගත හැකි කරුණක්. නමුත් එතුමා කියපු සුදු කොඩි කතාව අද වෙනකොට පිළිකාවක් වෙලා. (නි)
මහින්ද රාජපක්ෂ කියලා කෙනෙක් නොහිටින්න අද අපිට ශ්‍රී ලංකාව කියලා රටක් නැතිවෙන්න තිබුණා (නි)
ඩුබායි තිලක් මහතාට එසේ කීම මා පුද්ගලිකව අනුමත කරන්නේ නැහැ. මෙතැන් ඕනෑම කෙනෙකුට ඕනෑම අදහසක් දාන්න ඉඩ දීලා තියෙනවා. නමුත් අපි ඒ නිදහස අයුතු නිදහසක් කරගෙන පිළිගත නොහැකි කරුණු වලින්, තම තමාගේ හිතේ තියෙන වෛරීය අදහස් වලින් මෙතන අදහස් දැමීම තුළින් ලංකාදීපේ ඒ අමිල පරමාර්ථය ඉටුවන්නේ නැහැ නේද? අපි මෙතන දී කළ යුත්තේ රටට, ජනතාවට පණිවිඩයක් දීම, රටේ ඇතිවුණ හා ඇතිවෙමින් පවතින දේවල් පෙන්වාදීම මිස එකිනෙකා කුළල් කා ගැනීම හෝ එකිනෙකාට පහර ගැසීම නොවේ. යම් කෙනෙක්ගේ අදහසක් වැරදි නම් එය පැහැදිලිව මේ වැදගත් උගත් සංවාදයට උචිත ලෙස පෙන්වා දියයුතුයි. එවිට පමණයි ලංකාදීපය කරන ගෞරවනීය සේවය මල්ඵල ගැන්වෙන්නේ. ලංකාදීපය කරන්නේ ජාතික මෙහෙවරකි. ඔබ පත්‍රයට තුති! (නි)
අපිට කියන්න ඇත්තේ "ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට" කියලා තමයි. (නි)
රට ගැන කිසිම හැඟීමක් නැති අදහසුත් තිබීම ගැන අපි නම් පුදුම වෙන්නේ නැහැ (නි)
කවුරුත් කිවුව පළියට අපි පිළිගන්න ඕනෑ නැහැනේ (නි)
රණවිරුවන්ගේ ගෞරවය කෙළෙසුවේ කවුද කියලා අපි දන්නවා.රතුපස්වල සිද්ධිය වගේම කටුනායක සිද්ධි වලින් බලය රෑකගන්න ඕනෑ වැඩක් කළ උදවිය ගැන තවත් මොන කතාද? (නි)
සරත් ෆොන්සේකා මහතාව හිරේ දැමීම සම්පුර්ණ වරදක් බව පිළිගත හැකි කරුණක් නම්, ලංකාවට යුද උපකරණ,බෝම්බ නැව් පිටින් එවපු කේපීලට,හාමුදුරුවරු කපලා කොටලා මරපු,දළදා මාලිගාව කුඩුපට්ටම් කරපු කරුණලාට සැප දුන් එක වරදක් වෙන්නේ නැද්ද? (නි)
පාර්ලිමේන්තුව කියන්නේ අද කිසිම විනයක් නැති තැනක්. ඉස්සර කැගැහුවේ මන්ත්‍රී හා ඇමතිවරු. නිශ්ශබ්ද කළේ අගමැති හෝ කතානායක. දැන් චණ්ඩියා වගේ කෑ ගහන්නේ කවුද? අගමැති එක්ක මොනවා තර්ක කරන්නද මහින්ද මහතා? අනෙක එතැන මොනවා කිව්වත් මෙතැන ඊට වඩා ලෝකය දැකපු, උගත් බුද්ධිමත් ජනතාව ඉන්නවානේ. එයාලට තේරෙනවා රට යන දිශාව. එහෙම නොතේරෙන්නේ පෙරපාසල් මට්ටමේ දේශපාලන දැනීමක් ඇති උදවියට පමණි. එදා මහින්ද මහතා 2005 දී සල්ලි දීලා හෝ නොදී හෝ දිනුවේ නැත්නම් , අද උතුරට නැගෙනහිරට යන්න වෙන්නේ වීසා අරගෙන. 2002 මඩු පල්ලි ගිය හෝ උතුරට ගිය පාඨකයෝ දන්නවා එදා ගිය හැටි. මේවා නැහැ කියන්නේ කුහකයෝ මිසක් වෙන කවුරුද ?? (නි)
මහින්ද මහතා ලෝක දේශපාලන ඉතිහාසයට එක්වන්නේ සීමාවන් නොදැන සිට අතරමංව බලයෙන් පහවූ නායකයින් අතළොස්සෙන් එක්කෙනෙක් හැටියටයි. (නි)
රට ගැන කිසිම හැඟීමක් තිබෙන නිසා තමයි අපි සත්‍ය සොයා යන්නේ.ඒ අනුව සමහරු රුපියල් කෝටි ලක්ෂ 120 ක් සොයා ගෙන ඇති ආකාරය ගැනත් සොයන්න. (බ)
තවමත් අපේ සම-හරක් දන්නේ නැහැ ජනවාරි 8 වෙනිදා රට ඒකාධිපතියගෙන් සහ ඒකාධිපති පවුලෙන් නිදහස් කර ගැනීම මිනීමරු ප්‍රභාකරන්ගෙන් රට නිදහස් කර ගත්තට වඩා විජයග්‍රහනයක් කියල.බලන්න තිබුන තවත් අවරුදු 2 ක් ගියානම් රටට මොනවද වෙන්නේ කියල? (බ)
තල වැපුරුවොත් තල ලැබෙනවා මිසක් වෙන මොකුත් බලාපොරොත්තු වෙන්න බැහැනෙ. (නි)
ධර්ම ජයවික්‍රම මහතාගේ ප්‍රකාශයේ යම් වැදගත් කමක් දකින්නට ඇත. මහානාම- කඳානගේ දීර්ඝ විස්තරය නම් කෙනෙකුට ප්‍රිය වන්නේ නැත. වර්තමාන ජනාධිපතිතුමා රණවිරුවන් ගැන නිතරම දෙන සහතිකයත්, රටේ ඒකීයභාවය ගැන දෙන සහතිකයත් මහානාම මහතාට අසන්නට දකින්නට ලැබුනේ නම් අපරාදේ වචන නාස්ති කරගන්නේ නැතැයි සිතිය හැකිය. පිවිතුරු යහපාල මහතාට තිලක්-ඩුබායිගේ නොනවතින ප්‍රහාරය අතරින් විදුලි සන්හාහකය සමඟ කුඩයත් සමඟ යන ගමන නම් කදිමට ගැලපෙනවා ඇත. (ර)
මොන තරම් වාර්තා තිබ්බත්, ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන්නත්, හොඳ නරක, ස්වභාව ධර්මය තේරුම් ගන්න බැරිවුණාම ඒවා කර්මය විදිහට පළදෙන්නේ හිතාගන්න බැරි විදිහට... (නි)
මහින්ද විරෝධී අය වෙත,ඔබලාට 2005ට පෙර තිබු ඉතිහාසයවත් මතක නැද්ද? එය වෙනස් කළ මහින්ද නම් වූ නායකයට එවකට වැඩබලන ආරක්ෂක ඇමතිව සිටි වත්මන් ජනපතිතුමාත් ප්‍රශංසා කළා. ජනතාව වන ඔබ මහින්ද නම් වීර නායකයා ගෙනදුන් නිදහස සහ රටේ සංවර්ධනය භුක්ති විඳිමින් එතුමාට ගරහන එක හරිද? යථාර්ථවාදීව සිතන්න. රටේ ඕනෑ තැනකට බය නැතුව ඔබට යන්න හැකි වුණේ එතුමාගේ එඩිතරබව නිසා නේද? (නි)
මෙතැන සමහරු තමන්ගේ පුද්ගලික වෛරයන් පිරිමහගන්න හදන්නේ. නැත්නම් හමුදාපතිවරු හා රණවිරුවෝ දං ගෙඩියට දක්කන එක ගැන සතුටු වෙයිද?? (නි)
මමත් බෞද්ධයෙක් තමයි. ඒත් අපරාධ කරන්නේ නැහැ, සුරාපානය කරන්නේ නැහැ, හොරකම් කරන්නෙත් නැහැ, ඒවට අනුබල දෙන්නෙත් නැහැ (නි)
තිලක් ඔබ තුමා අනුන්ගේ අදහස් වලට ගරු කරන්න දන්නේ නැත. ඔබ තුමාගේ නුවනේ තරම අප හට වැටහේ. (ර)
ලංකාවේ අපේ සිංහල ගුණමකු මිනිසුන් ගැන මම ඉතා කණගාටු වෙමි. මොහු අපේ රටට කළ සේවය කිසිම නායකයෙක් කර නැත. ඔබතුමාට නැවත වරක් ස්තුති කරමි (නි)
අද මහින්ද මහත්තය ගැන වගේම රටට විශිෂ්ට සේවයක් කල මර්වින් මැතිතුමාවත් මේ ගුණමකු ජනතාව අමතකකරලා. ...(රේ)
මහින්ද වැරදි කියමුකෝ ,රනිලුත් වැරදි කියමුකෝ ඔය මොනා උනත් අර පිවිතුරු යහපාලයි ,මහානාම - කඳාන වගේ අයගේ අදහස් නම් කවදත් අප්පිරියයි (රේ)
හිගන්නට තුවාලය අත්‍යාවශයි. එය සනීප උනොත් ජීවිකාව නැතිවෙනවා. සමහර දේසපාලුවන්ට යුද්දය , ජීනිව, විදුලිපුටුව, දුප්පත්කම ඔ්නෑ, නැත්නම් පැවැත්මක් නෑ (රේ)
ක්‍රිස්."මොහු අපේ රටට කළ සේවය කිසිම නායකයෙක් කර නැත". (ර)
බොරදියේ මාළු බාන්න හදනවා හැමදාම, මට මේ ආණ්ඩු දෙකේම ලොකු වෙනසක් නැහැ එහෙත් මේ ගැන කතා කරන්න පාර්ලිමේන්තුව මගහැර එළියේ ගිහින් කතා කරන්නේ ඇයි. (ර)
වශී බෝල මිරිකා මිරිකා ,පිරිත් නුල් බැදගෙන, මල්වට්ටිය අරගෙන,දාතු කරඩුව ඔලුවේ තියන් රටට කල සේවය හොදටම ප්‍රමාණවත්.තවත් අවරුදු 2 ක් සේවය කලානම් අපේ දරුවන්ට රටක් ඉතිරි නොවෙන්නම තිබුන. (රේ)
තිලක් ඩුබායි මේවා ඔටුවන්ට නොතේරෙන නිසා අපි මොනව කරන්නද. කොහොමත් ඔටුවන්ට අතීතය මතකත් නැහැ. අනාගතය පේන්නෙත් නැහැ නැත්නම් වැලි අස්ස ඔලුව ගහ ගහගනිද නේද. තේරුනාද මොකක්ද කිවුවේ කියල. හරි නම් තොප්පිය දාගත්තට වරදක් නැහැ. (රේ)
තිලක් ඩුබායි කියාන්නේ සිංහල කොටියෙක්. එ්කයි තාම ලංකාවට එන්න බැරි ගමේ මිනිස්සු ගල් ගහන්න බලන් ඉන්නේ . මෙය කොටින්ගෙන් සල්ලි අරන් ඇති (බ)
රූපා අක්කේ. මහින්දව අපි වැඩට ගත්තේ පඩි ගෙවලා. එයා ඒ වැඩේ හරියට කළා. එයාගෙන් කරගන්න ඕන වැඩේ කරගත්තා. ඉතුරු වැඩ කරන්න එයා සුදුසු නැහැ (බ)
නියම සේවය රටම හොරකමට පුරුදු කෙරුවා නියමයි (බ)
මේ ඔක්කොම කියෙව්වම මට තේරෙන්නේ, අපරාදේ ප්‍රභාකරන් මරල යුද්දේ ඉවර කළේ කියල. යුද්දේ තිබ්බනම් මෙතන කෑ ගහන ඔක්කොම කොහේ ඉඳීද දන්නේ නෑ. සමහර විට පවුලේ කව්රුත් යුද්දෙන් මැරෙන්නේ නැතිව ඇති නේද? නැත්තම් මේ ඔක්කොම 2009 පස්සේ ඉපදිච්ච අය. යුද්දෙදි වුනේ මොකද්ද කියල හොයන්න දෙයක් නෑ. ඒ දවස්වල රුපවාහිනී එක බලන්න ඇතිනේ. ඒ ඇති. අවස්ථාවාදී මිනිස්සු....(බ)
උපාලි මහත්තයෝ , පිවිතුරුයි මමයි දෙන්නත් මේ ද්‍රෝහී ආණ්ඩුව හරියි කියලා , මහින්දට බැනලා , රණ විරුවෝ පාවා දීල හරියි කියලා , ජිනීවා මේ රටේ ජයග්‍රහණයක් කිව්වා නම් , ඔබතුමා කියයි අපි දෙන්නත් හොදයි කියලා . මහින්ද වැරදි නම් හිරේ දාන්න , නාමල් වැරදි නම් හිරේ දාන්න , යෝෂිත වැරදි නම් එල්ලා දාන්න , ගෝඨා හෝ බැසිල් වැරදි නම් නිතියානුකුල ව නඩු අහලා දඩුවම් කරන්න . ඔබතුමා මගේ අදහස් බැලුවා නම් ඒ බව මම මුල ඉදලා කියලා තියෙනවා . එහෙම නැතිව පෙර පාසල් මට්ටමේ අදහස් දාන්න එපා මොන නමින් දැම්මත් , තමා දන්නවනේ දාන්නේ මමයි මේ කියන්නේ මටයි කියලා . මහින්ද වැරදිද රනිල් වැරදිද කියන්න මම ඕනේ නැහැ ඔබතුමා තේරුම් ගන්න කෝ . ඔබතුමා 2002 මඩු පල්ලි හෝ උතුරට ගියාද ? ගියේ නැතිනම් ගිය කෙනෙක් ගෙන් අහගෙන මගේ නමින්ම පිළිතුරු ලියන්න . මහින්ද වැරදි කළා , අපි නැහැ කියන්නේ නැහැ , සරත් ෆොන්සේකා හිරේ දැම්ම ( සුදු කොඩි කතාවට ) , ශිරානි බණ්ඩාරනායක නෝනව නැති කළා . මේවා වැරදියි . නමුත් මෙතන දෙන්නයි , නමුත් අද හමුදාපති වරු 5 දෙනෙක් ප්‍රශ්න කරනවා . කී දෙනෙක් එල්ලුම් ගස් අරින්නද යන්නේ ? මෙයාලා ශ්‍රී ලංකා කාරයෝ නම් කමක් නැහැ දේශපාලන පලි ගැනීම කියන්න පුළුවන් . නමුත් මේ රණ විරුවන්ව දන් ගෙඩියට දාන්න යන්නේ ඩයස්පෝරාවට දුන්න ඡන්ද පොරොන්දු ඉටු කරන්න . මේ හමුදාපති වරුන්ව ප්‍රශ්න කළේ මිනි මරලාද ( සිවිල් මිනි මැරුම් අර වාස් ගුණවර්ධන කළා වගේ ) , ස්ත්‍රී දුෂණ කරලද ? ගෙවල් කඩලාද ? මංකොල්ල කාලද ? කියන්න ලියන්න මගේ නමින්ම . (බ)
අතුල මහතා හරි , නමුත් පාර්ලිමේන්තුවේ කතා කරන්න බජාර් එකේ චණ්ඩියා ඉඩ දෙන්නේ නැහැනේ . අයිසේ වාඩි වෙනවා කියනවා , සතුන්ගේ නම් කියලා බනිනවා . අනෙක සිංහයෝ සටන් කරන්නේ සිංහයෝ එක්ක මිස ඊට පහල උදවිය එක්ක නොවේ . අබයාරාමයත් නැතිනම් අද විරුද්ද පක්ෂයට අදහස් පල කරන රට යන්න වෙනවා , දන්නවද ඔබතුමා බොහොම ලඟදී පනතක් ගෙන්න යනවා , ආගම ගැන , ජාතිය ගැන කතා කරන්න බැහැ ඕනවට වඩා . දන්නේ නැතිනම් ටිකක් හොයා බලා බොරු නම් මට කියන්න . මේ පනත ආවම බුදු දහමත් ඉවරයි , සිංහල ජාතියත් ඉවරයි . මොකද කතා කළොත් උසාවි දමා හිරේ දාන්න තමා පනත ගේන්නේ . හොයා බලන්න කරුණාකර ගොසිප් හෝ ෆේස් බුක් මඩවල නොවේ ජාතික පත්‍ර වල බලන්න (බ)
යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු විසඳීමට ඇති ගැටළු සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මතු වූ ප්‍රශ්න මඟහැරීම හෝ නොවිසඳීම නිසා නව රජය එම ප්‍රශ්න දෙස බලන ආකාරය විවේචනය කිරීමට සදාචාරාත්මක අයිතියක් තිබේද යන්න ප්‍රශ්නයක්. එසේම පාර්ලිමේන්තුවෙන් බැහැරව මත පල කිරීම කෙතරම් සුදුසුද යන්නත් ප්‍රශ්න කළ යුතුය.මහින්ද ජනාධිපතිතුමා දරන මතය එතුමාගේ පාලන කාලය තුළ ක්‍රියාත්මක කර තිබුනේ නම් ,එම මතය ජිනීවාවල ජයග්‍රහණය කර තිබුනේ නම් මෙවැනි සරදමකට යොමු වන්නේද නැත.එසේම වත්මන් රජය වගකීම් විරහිතව කටයුතු කරන්නේයැයි අපි කෙසේ සිතමුද? (බ)
මිනීමරු ප්‍රභාකරන් සුපිරි ජිවිතයක් ගත කරන ගමන් උගේ දරුවන්ටත් සුපිරි ජිවිතයක් ගත කරන ගමන් ,දුප්පත් දමිල තරුණ තරුණියන්ගේ බෙල්ලේ සයිනයඩ් කරලත් එල්ලලා යුද්ද කරපන් කියල එවනවා.ඒ වගේ අපේ අයත් සුපිරිම ජිවිතරක් ගත කරන ගමන්,තමන්ගේ දරුවන්ට සුපිරිම සැප දෙන ගමන් අපිට බදු පිට බදු ගහල යුද්දය පෙන්වල ලෝක ධන කුවේරයන් බවට පත් වෙනවා.දුප්පත් දරුවන්න්ට කන්න අදින්න දෙන්න නැතිව අම්මලට දරුවන් සමග ගගට මුහුදට පැනල මැරෙන තැනටම වැඩ සිද්ද කරනවා. (බ)
ඇසළ.මම කියන දේ තේරුම් ගන්නත් මොලයක් කියල දෙයක් තියෙන්න ඕනේ.වැස්සකටවත් ඉස්කෝලේ කියල තැනකට ගිහින් තියෙන්නත් ඕනේ.සම-හරක්ට ලේ දෙන්න පුළුවනි ඒත් මොලේ දෙන්න බැහැනේ. (බ)
ප්‍රතිචාර වලින් පේනවා මෙතුමාට කට්ටියගේ තියෙන බය..මෙතුමාව දේශපාලනයෙන් ඇත් කරලා පාලු ගෙවල් වල වලං බිදින්න හිතන් ඉන්න එවුන්ට මෙතුමාගේ ප්‍රකාශයක් දැක්ක ගමන් ඇහුව ගමන් උන් හිටි තැනම මල මුත්‍ර පහවෙනවා..කරන්න දෙයක් නැහැ මහත්තුරුනේ..තවම ඔබලගේ වෙලාව..අපි ඉවසීමෙන් ඉන්නේ අපේ වෙලාව එනකම්..පාලු ගෙවල් වල අද බිදින වලන් කටු එදාට අපි එකතු කරලා ඔබලටම අනුභව කරවන්නම් ..(බ)
අවුරුදු 30ක් යුද්ද කරලා රට බේරා ගත්තු සරත් මහත්තයට කළේ මොකද්ද ඔයා. ? පිස්සු කෙලින්නේ නැතුව යන්න ඔයා (බ).
ඔබතුමා ඕක පාර්ලිමේන්තුවේදී කිව්වේ නැත්තේ මොකද ?(රේ)
මැද පෙරදිග රටවල් වල ඉන්නේ ඔටුවෝ විතරද යුරෝපා රටවල්වල ඉන්න අය හිතාගෙන ඈති බොහොම බුද්ධිමත් උගත් අය කියලා ඔහෙලට වඩා විදේශ මුදල් අපි ලංකාවට යවනවා දන්නවාද ඒක (බ)
දැන් ඇති (අ)
මහජනතාව ඇත්ත දැනගන්න උනන්දුයි. පාර්ලිමේන්තුවේ විද්වත් විවාදයකට ඇවිත් අගමැතිතුමාගේ මතවාදයන් එක්ක හැප්පිලා මහජනතාවට ඇත්ත දැනගන්න උදව් කරන්න.(අ)
හිටපු ආරක්ෂක ලේකම් තුමා එක අවස්ථාවකදී විදෙස් මාධ්‍යකට කියනවා "මම මිනිහව (සරත් පොන්සේකා) එල්ලනවා" කියල ( I will hang him ).වීඩියෝ එක තියනවා ඉන්ටනෙට් එකේ. කොහොමද රණවිරුවන්ට තියන ආදරේ. (අ)
මහින්ද මහත්තයෝ මෝඩ කතා නොකියා විවාදයට සහභාගී වුනා නම් ඉවරයිනේ.. කරුණා කරලා මංගල මහත්තයාගේ කතාව කියවන්න. පුළුවනි නම් ඒකට උත්තර දෙන්න බොරු කියන්නේ නැතිව. (අ)
මහානාමගේ අපක්ෂපාතිත්වය රෙද්ද පල්ලෙන් බේරෙනවා. (නි)
අර මොකාගෙදෝ දේශපාලනය ඇත්ත වගේනේ පෙන්නේ. (බ)
රම්‍යා, ආයේ මොන්ටිසෝරියේ ඉඳලා පාසල් යන්න. පොදුවේ මුළු රටේම සම්මාදමෙන් මහින්ද මහත්තයාගේ සහ ගෝඨාභය මහත්තයගේ දේශපාලන නායකත්වයෙන්, ත්‍රිවිධ හමුදාව පොලිසිය ග්‍රාමාරක්ෂක සේවය වගේ සියලු ආරක්ෂක අංශවල සහභාත්වයෙන් ගත් යුධ ජයග්‍රහණයට හොර ඔප්පු හදලා මුළු හමුදාවම පාවාදීලා රටේ ඉහළ තැනකට එන්න සමහරු ගත් උත්සාහයේ අවසාන ප්‍රතිඵලය අපි ඇස් දෙකින්ම දැක්කා.ඒක මහින්ද මහත්තයා කළා කියමු.එතකොට මේ පාර ඒක කළේ නම් මහින්ද මහත්තයාවත් අපිවත් නෙමෙයිනේ. (නි)
මෙයා කියවන්නේ අනුන් ලියන දෙන ඒවානේ . ගණන් ගන්න එපා. මෙයාව දේශනා වලට ගේන්නේ අභයාරමයටම තමයි (රේ)
මේ වගේ ඇන්දිලි,බොරු බයිලා ගහනවා අහාලම මෙයාව දකින්නත් අප්පිරියයි.....(රේ)
රණවිරුවන් ගැන කථා කරන්න මේ අයට ලැජ්ජා නැද්ද ? 2010 මැතිවරණය අවසන් වූ ගමන් ජනරාල් ෆොන්සේකා මහතා හිරේට ඇදගෙන ගියා.ඊටපස්සේ ක්‍රියාන්විතයේ සක්‍රිය දායකත්වයක් දැක්වූ මේජර් ජනරාල්වරු ඇතුළු අනෙකුත් නිලයන් වල බොහෝ පිරිස් අනිවාර්ය නිවාඩු යැව්වා.සමහර අයට විශ්‍රාම වැටුප පවා දුන්නේ නැහැ. අඩුම වශයෙන් මේ ආණ්ඩුවෙන් ඔවුන්ට සාධාරණය ඉෂ්ට කිරීම ගැන අපි ස්තුතිවන්ත වියයුතුයි (නි)
යහපාලනෙන් හෙට ඉර පායන්නේ බටහිරින් කිව්වත් ඒක ඉස්මුදුනින් පිළිගන්න ටොයියන්ගෙන් මහින්ද මහත්තයාගේ මේ විග්‍රහයට අපි පැසසුම් පතන්නේ නැහැ..මෙතුමා කතා කලේ යහපාලනයට විරුද්ධ මත දරන්නන්ට හා මධ්‍යස්ත මත දාරින්ට..මේ රටට ආදරය කරන්නන්ට..මේ රටේ මර බිය නැති කරන්න යුද්ධය අවසන් කරන්න දායකත්වය සැපයු දේශප්‍රේමීන්ට..රණ විරුවන්ට..නැතුව කවුරු මොනවා කිව්වත් මේ යුද්ධය අසර්තකව ඇදී ඇදී යන බව කියපු,ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු,තොප්පිගල කැලෑවක් කියපු අලිමංකඩ පාමංකඩ කිලිනොච්චිය මැදවච්චිය පටලව ගත්තු යුධ ජයග්‍රහණයට රණවිරුවන්ට අවමන් කල අපහාසකල ඒ දේශද්‍රෝහී රැලට නෙමෙයි..එතුමාට චන්දෙ දීපු අපි එතුමාගේ කතා ගැන , එතුමා ගැන බලා ගන්නම්..කට්ටිය දෙයියනේ කියල දවසින් දවස වලපල්ලට යන යහපාලානේ ගැන බලා ගන්න.....(රේ)
දැන් ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයකු වන හිටපු ජනාදිපතිතුමාට මේ ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීමට අවස්ථාවක් දුන් මුත් ඔහු ඉදිරිපත්නොවුණු බව පුවත් පත්වල පලවුණා .එබැවින් පන්සල්වල රැස්වීම් වලට ගොස් දීර්ඝවශයෙන් මෙවැනි අදහස් දැක්වීමෙන් පලක් වේද? (අ)
වින්සන්ට් මහතා, මගේ අදහස් ඔබතුමාට තේරෙනකොට වෙන්න ඕනෑ දේවල් වෙලා ඉවරයි. මට වැදගත් මහින්ද හෝ රනිල් නොවේ. මේ රටයි, රට බේරාගත් රණවිරුවෝ ටිකයි. වින්සන්ට් මහතා කෙළින්ම කියන්න ඇයි මහින්ද මේ යෝජනා වලට එකඟ නොවුයේ? (නි)
කොහොමද රණවිරුවන්ට තියන ආදරේ (අ)
නීතිය වල්වැදිලා තිබුන රටේ,තංගල්ලේදී කුරාන්ව මරලා පෙම්වතියව දුෂණය කළ සිද්ධිය මොනතරම් යටගැහුවද? ඒ අපරාධකරු අන්තිමේදී ජාත්‍යන්තර බලපෑම මත හිරේ යවන්න සිද්ධ වුණා. (නි)
පාර්ලිමේන්තු විවාදෙන් හෝරෙන්ම මඟහැරලා දැන් මෝඩකම ප්‍රදර්ශනය කරනවා ,අපි මෝඩයෝ කියල හිතන්නේ තම මිනිසුන් ට බොරු කියමින් යුද්ධය විකුණනවා (අ)
බංකර හැදුව එක වැරදි නම් යුද්ද කරපු එකත් වැරදි ඇති නේද? (අ)
මේ යනවිදියට අභයාරාමයේත් බංකර හැදෙයි නේද අපේ හාමුදුරුවනේ?...(රේ)
ත්‍රස්තවාදයට විරුද්ධව යුද්ධ කලේ රටේ පවතින නීතියට අනුකූලවයි. යුද්ධය ජයගත් රණවරුවන් යුධ හමුදා විනය රැක ගනිමින් ඒ කාර්ය ඉටුකළ බව අප සියළුදෙනාම හොඳින් දන්නා කාරණයක්. (ර)
1948 න් පසු බිහිවුණු ප්‍රජාතන්ත්‍රවිරෝධී අගමැති තමා දැන් දියවන්නාවේ චන්ඩියා . එයා තමා මුළු රටම පාලනය කරන්නේ . මෛත්‍රිපාල මහතා යනවා විවෘත කිරීම් වලට . කිසිම කෙනෙකුට කතා කරන්න දෙන්නේ නැහැ , සත්තුන්ගේ නම් කියා කියා අපහාස කරනවා , අයිසේ ඉදගන්නවා කියනවා . කරත්ත කාරයෙක් වගේ . මෙතන දේශපාලනය දන්නා උදවිය ගොඩක් ඉන්න නිසා කියන්නකෝ වර්තමාන අගමැති වගේ පාර්ලිමේන්තුවේ කැත විදිහට හැසිරුනු එක අගමැති කෙනෙක්ගේ නමක් . ඔය උද අදහස් දාල තියෙන මහත්වරු කියන්නකෝ හේතු සාධක ඇතිව අයි මහින්ද ජිනීවා වලට හිස නැමුවේ නැත්තේ කියලා . මොකද අතින් පයින් යනවාද ? කියන්න කෝ පිළිගත හැකි සාක්ෂි ඇතිව . මොකටද හයිබ්‍රිඩ් උසාවියක් , යෝජනා සම්මත කරන්නත් කලින් හමුදාපතිවරැ ගෙනවලා ප්‍රශ්න කළා , ඔය උදහස් අදහස් දාන ප්‍රබුද්ධ මහත්වරු කාගේ වත් රණවිරු පවුලක හෝ අඩුම ගානේ යාලුවෙක් වත් ඉන්නවා නම් ඔහොම කියන්නේ ලියන්නේ නැහැ . ක්‍රියාන්විතයේ ඉන්න රණවිරුවන් පමණක් නොවේ , අද පැන්ෂන් ගිය , ආභාධිත රණවිරු පවා බයෙන් හා සැකෙන් ජීවත් වන්නේ , අයි කොයි වෙලාව ප්‍රශ්න කරන්න එන්න කියයිද දන්නේ නැහැ , මොකට එන්න කියයිද දන්නේ නැහැ . ඔය කතා කරන ප්‍රබුද්ධ කට්ටිය කතා කලාද 1987-90 කාලයේ නැති වුනේ මිනිස් ජිවිත ගැන , කඩ වුනේ මාවහිමි කම් ගැන . එදා මේ අදහස් දාන උදවිය නොහිටින්න ඇති නමුත් ඒ ජාතික සංවිධානය තිබුනානේ , කෝ එදා කතා කලේ නැහැනේ මානව හිමිකම් කඩවීම ගැන , සංහිදියාව ගැන , වගවීම ගැන . මේ ද්‍රෝහී ආණ්ඩුව රට පාවා දෙනවා පමණක් නොවේ , අපේ අභිත රණ විරුවෝ පාවා දෙන්නේ බොරු කියා කියා . මට හමුවුන රණ විරුවෝ කීප දෙනෙක්ම කිව්වේ මීට වඩා හොදා යුද්දෙදි මැරුණා නම් එතකොට පැන්ෂන් එකවත් හම්බවෙනවා කියලා . මේ විදිහට කුදලාගෙන ගිහින් හිර කරාම පැන්ෂන් තියා ළමුන්ට ඉන්න තැනත් නැති වෙනවා කියලා . මේ ජුදාස් ආණ්ඩුව රට පාවා දෙන්නේ , රණ විරුවන් බිලි දෙන්නේ නිකන් නොවේ රටේ ආර්ථිකයත් බිමටම දාලා . මහා බැංකු වන්චාව වහ ගන්න කාර් ටැක්ස් වැඩි කළා . කෝ අර චන්දෙ කාලේ වැස්සේ තෙමි තෙමි ගිය ජෝඩුව ? එයා ලා කිව්වේ එජාප ආණ්ඩුවේ පන්චවිධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කලාම අපිට කාර් එකක් ගන්න පුළුවන් කියලා . පන්චවිධ ප්‍රතිපත්තිය මෙන්න මේ විදිහට ක්‍රියාත්මකයි . රට පාවා දීම , රණ විරුවන් පාවා දීම , කරගෙන ගිය සංවර්ධන සියල්ල නැවතීම , සියලුම ප්‍රතිවිරුද්ධ මත දරන උදවිය ගේ කටවල් වලට මුක වාඩම් දැමීම , පසුගිය රජයේ මැති ඇමතිවරු පමණක් නොවේ රජයේ නිලධාරීන් පවා බොරු චොදනා ගෙනාවත් ප්‍රශ්න කර හිර ගත කිරීමට සැරසීම ........ .(රේ)
සුරනිමල,ඔබ හරියටම හරි.ක්‍රියාන්විතයේ සක්‍රිය දායකත්වයක් දැක්වූ හමුදා නායකවරු රට හැර ගියා. ඒ අයට විශ්‍රාම වැටුප පවා දුන්නේ නැහැ.එහෙමයි රණවිරුවන්ට සැළකුවේ. (නි)
මේ ආණ්ඩුව ජිනීවා හරහා කිසිම නායකයෙක් නොකළ විදිහට රට පාවා දුන්න , දැන් බොරු නඩු පටලවා ගෙන , බොරු චෝදනා හද හද අපේ රණ විරුවෝ පෝරකේට දක්වනවා , ඒ වීරෝධාර රණ විරුවන්ට යන්න වැල් නැහැ , , මෙතන අදහස් දාන උදවිය ඉන්නවා ඒ පවුල් හා කතා කල , හෝ ඒ පවුල් වල සාමාජිකයෝ , නැහැ නේද ? බොරුවට කියාවි ඉන්නවා කියලා . කරුණා කර දන්නා කෙනෙක් කියන්න කෝ , 2009 මැයි යුද්දේ ඉවරකලා , අවුරුදු 6 ක ගත වුනා , අයි මහින්ද රාජපක්ෂ රජය ජාත්යන්තරේ ට යට නොවුනේ ??? මහින්ද ටත් තිබුනා මේ වගේ ඉල්ලන දේවල් දීල ද්‍රවිඩ චන්දත් ගන්න . මෙතැන් ඉන්න සියලුම දෙනා ප්‍රබුද්ද පාඨකයෝ , මගේ නමින්ම වැදගත් ලෙස මට තේරුම් කර දෙන්න ඇයි මහින්ද ජිනීවා ඉල්ලීම් වලට ඉඩ නොදුන්නේ ? මහින්ද ගේ අතින් පයින් යන නිසා ද ? තම පවුලේ බුදලෙන් යන නිසාද ? එහෙම නැතිනම් මොකක්ක්ද හේතුව ? මේ ජිනීවා කතාව 2009 කොටි පාරද කරපු දා ඉදලාම අපේ පස්සෙන් ආව ආර්ථික තහංචි දානවා කියා කියා . එත් මහින්ද නොසැලී ඉදිරියට ආවා , ඩොලර් එක බාල්දු කලේ නැහැ , කිසිම සංවර්දන වැඩක් නවතුවේ නැහැ ( දැන් ඔන්න මේ රජය නවතනවා කිව්වා උමා ඔය හා පොර්ට් සිටි ව්‍යාපෘති ආයේ පටන් ගන්න යනවා ) . කියන්න ලියන්න මගේ නමින්ම ඇයි ඇහිඳ රට පාවා දෙන තීරණ වලට එකග නොවුනේ ???? මහින්ද රාජපක්ෂ කාලේ ගොඩාක් වැරදි උනා , ඒවා අපි එදා අනුමත කලෙත් නැහැ , අද අනුමැත කරන්නෙත් නැහැ , සුදු හුණු ගහන්නෙත් නැහැ . නමුත් රට කියන්න අපේ රට , මහින්ද ගේ වැරදි වලට , රනිල් ගේ වැරදි වලට , හෝ මයිත්‍රීපාල මහතා ගේ වැරදි වලට මේ රට උකස් කරන්න , පාවා දෙන්න , විකුනන්න හෝ බැහැ. මේ කතා කරන මම ඉඩ දුන්නත් නිකන් හිටියත් , මේ රටේ ප්‍රගතිශීලි ජනතාව , ගරුතර සංඝරත්නය , විශ්වවිදායල ඇදුරන්, අභීත රණවිරුවෝ , විශ්‍රාමික හා අබාධිත රණවිරුවෝ ඉඩ දෙන්නේ නැහැ , ඒ වගේම එයා ලා පාරට බැස්සම පොලිසියට අවම බලය හෝ අවශ්‍ය බලය යොදා පාලනය කරන්න බැරි බව තේරුම් ගන්න වැදගත් බුද්දිමත් ප්‍රබුද්ද පාඨකයිනි.... (රේ)
අභයාරාමය දේශපාලන අදහස් දක්වන්න යොදාගන්න සුදුසු තැනක්ද? (නි)
මෙතුමා දැන් ගැලරිය පිනවනවා සුමනදාසගේ ලනුකාපු මහින්ද දැන් මාධ්‍යයට ලනු දෙනවා අපි නොදන්නා මොනර තැන්න. (බ)
රටවල් එක්සේසත් කරනවාට වඩා දාහකින් ලේසියි ඒවා කෑලි කඩලා දාන එක. ඒකට කොල කෑල්ලකුයි පෑනකුයි තිබ්බාම ඇති (බ)
සිල්වා ඔයාට ඉරිසියාද බලන්න මුනේ පින් පාට.....(රේ)
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට දැන්වත් කටපියාගෙන ඉන්න බැරි හැටි.....(රේ)
පාර්ලිමේන්තුවේ කියන්න. එතකොට හැමෝම දැනගන්නවා (රේ)
අපේ මහින්ද මැතිදුන්ට ජයවේවා.! (ර)
රටට වැඩක් කල කෙනෙක්. (ර)
අනේ පිවිතුරු යහපාල ඔයාට ඔයාගේ ඇත්ත නමවත් දාගන්න බැරිව විදින දුකක් .මම නම් දන්නවා ඔයා කව්ද කොහෙන්ද කියලා.ඔයා නිකම්ම නිකන් පබයෙක් ඔයා ලියනදේ ඔයා දන්නෙත් නැ.ඔයා රූකඩයක් (රේ)
අපරාදේ අපේ රටේ මිනිස්සු ජනවාරි අටවෙනිදා කරපු දේ ,එහෙම නොවුන නම් පන්සල් අස්සේ රිංගල බෙරිහන්දෙන මේ වීරයා අද හොයාගන්නත් නැතිවෙනවා ...(රේ)
තමන්ගේම රටේ අසරණ මිනිස්සු බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලුවහම උණ්ධයෙන් සළකලා අසරණ ජිවිත කීයක් බිලි ගත්තද? (නි)
පිවිතුරු යහපාල,මෙතන අදහස් දදා කාලය විනාශ කරන්නේ නැතිව ලොක්ක යන යන තැන විදුලි සන්හාහකය සහිත කුඩයක් ඉහලාගෙන හියොත් නරකද? (අ)
බලය ගන්න වෙන ක්‍රමයක් ගැන හොයල බැලුවොත් නරකද?දැන් ඉන්න පරම්පරාව බුද්ධිමත්.(අ)
මෙයාගේ කාලේ දඩයම් කළේ අහිංසක මිනිස්සු. අපි දැක්ක මෙයාගේ පොලව යට මාලිගාව ...(රේ)
සිල්වා මිස්ටර් ප්‍රභාකරන් ගේ වන් ෆොර් බේස් පොලව යට මාලිගාව දැක්කේ නැද්ද ?....(රේ)
රටම නිදහස් කර දුන්නු ජෙනරල් සරත් ෆොන්සේකාට සලකපු හැටි කියද්දීත් මාව කොටියෙක් කරලා.ඉස්සර මිනිසුන්ගේ "මොළ හෝදපු" වැඩේනම් නියමෙටම කරලා තියෙනවා. (බ)
මහජනතාව දැන් බුද්ධිමත් (නි)
අපි ඇත්ත මොකක්ද කියලා දන්නවා (නි)
අනේ අපිට මේවා කියන්න එපා (නි)
ජාතික ප්‍රශ්නයකදී පාර්ලිමේන්තුවේ කථා කිරීමට අවස්ථාව ලැබී තිබියදී ඊටත් වැඩිය ලොකු වැඩක් යෙදිලා මෙතුමාට පාර්ලිමේන්තු යන්න බැරි වුණාලුනේ. (නි)
ඔබතුමා දේශපාලන අනාථයන් විසින් විනාශ කළා.අපිට හරි දුකයි ඔබතුමා ගැන.මීටවඩා වැදගත් විදියට සමුගන්න තිබුණු එක ඔබතුමා වරද්දා ගත්තා.දැන්වත් විකාර නොකියා ඉන්න. (නි)
අපිට නම් දැන් දෙපැත්තේම කතා අහලා ඇතිවෙලා (නි)
පවතින රජයට ආවඩන කීපදෙනෙකුගේ අදහස් තමන් හට නිදහස ලබාදුන් හිටපු ජනාධිපතිතුමාට උපහාස වෙන පරිදි එල්ලවීම හෙළාදකිමි (නි)
ශ්‍රී ලංකාව විනාශවුණ පසු ලංකාවේ සිටින සමහරුන් හට සුව නින්දක් ලැබෙනු ඇතැයි සිතමි (නි)
නමුත් අපිට හිතෙන හැටියට පසුගිය රජය තිබුණා නම් මෙලහකටත් ලංකාවට විදේශ සම්බාධක පනවලා. (නි)
දැන් කතා ඇති! (නි)
අපේ රණවිරුවන් ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක්. (ර)
අපේ රටට මහා විනාශයක් වුණාට පස්සේවත් අපේ අයට ඇස් ඇරේවිද මන්දා? (නි)
අපිට මතකයි කවුරු කවුරුත් රට කරපු හැටි (නි)
ආයෙත් දුරදිග හිතා නොබලා වැඩ නම් කරන්න එපා (නි)
යුද්ධයට මුවාවී කළ මහජන මුදල් අවභාවිතය කයිවාරු වලින් යටපත් කළ නොහැකියි. (නි)
ලබන මාර්තුවේ ඇති පුංචි චන්දයේදී බලමු මහින්ද, මෛත්‍රීපාලද, රනිල්ද ජනතාව පිළිගන්නේ කියලා. කාගේත් කෙරුවාව අපි දන්නවා. ජීනිවා ප්‍රශ්නය හිඟන්නාගේ තුවාලයක් බවට පත් නොකර ගත යුතුයි. මහින්ද වෙනුවට අලුත් පක්ෂයේ නායක කමට විමල් පත් කර ගතහොත් ජය ගත හැකිවෙයි. (අ)
අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට නොපැමිණි එක කාලෝචිත අදහසක්. විනාඩි 15 තුළ කියන්න තියෙන්නේ මොනවද? පාර්ලිමේන්තුව තුළ කතාකළ අය එහි දුර්විපාක පෙන්නලා තියනවා. එසේ කතාකළ පමණින් යෝජනාව ඉවත්කර ගන්නවද? (නි)
රණවිරුවන් ගැන මෙහි දක්වා ඇති ගෞරවය, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමාට සිදුකළ ක්‍රියාව නිසා දේශපාලන බැලයෙක් හැර වෙන කිසිවෙක් පිළිගන්නේ නැත. ඒ වගේම අපේ රටේ නීතියක් තිබෙන බව සඳහන් වෙනවා.පසුගිය රාජ්‍ය සමයේ සිදුවීම් ගැන බලනවිට නීතියක් රටේ තිබුනාද යන්න ජනතාවට සිතාගත නොහැකිය. පුද්ගලයන් අතුරුදහන්වීම,රාජ්‍ය දේපල අවභාවිතය, මාධ්‍ය ආයතන වලට පහරදීම්,හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය බහුල වීම, රටේ මහජන මුදල් දේශපාලකයන්ගේ විදේශ ගිණුම්වල තැන්පත්වීම්, දේශපාලකයන්ගේ චණ්ඩිකම්,අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ ඉරණම නීතියක් ඇතැයි කියන රටක මේවා සිදුවිය හැකිද?කෙසේ නමුත් රටට ආදරය කරනවාය කියන මේ හැම දේශපාලකයෙක්ම රට ඉදිරියේ ඇති මේ ප්‍රශ්නය අවසන්කර ගතයුතුය කියා සිතනවාට වඩා පවතින බලය රැකගැනීමටත්, නැතිවුණ බලය නැවත ලබාගැනීමත් අතර බල අරගලයක් ජනතාව වන අපට දකින්නට ඇත. (නි)
තිලක් ඩුබායි ,ඔබගේ නම "දියවන්නාවේ සපත්තු ලෙවකන්නා "යනුවෙන් වෙනස් කරගන්න. එය ඔබට ඉතා උචිතයි. (නි)
ඔබතුමා දැන් ගෙදරට වෙලා ඉන්න පෙන්ෂන් ගිය ජනාධිපති කෙනෙක් නෙමෙයි, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. ඉතින් ඕවා පාර්ලිමේන්තුවේදී හැන්සාඩ් එකටත් යන්න එක්කම මුහුණටම කියන්න පුළුවන්කම තියෙද්දී මේ අභයාරාමයට ගිහින් මොකද්ද මේ කරන්නේ? පන්සලේ ගෞරවයත් නැතිකරන්න එපා. ජනතාව කුලප්පු කරන්නද එළියේ මේවා කරන්නේ? ඒක හොඳටම පැහැදිලියි. ඔබතුමා තව කියලා තිබුනා ජනාධිපති මන්දිරේ යට හැදුවේ මන්දිරයක් නෙමෙයි බංකරයක් කියලා. ඒත් ඔබතුමාගේ බංකරේ මාසික විදුලි බිල කීයද? (නි)
මෙයාගේ කතා ඔක්කොම තියන්නේ අභයාරාමේනේ. පුලුවන් නම් එක දවසක් අගමැතිතුමා එක්ක විවාදයකට එන්නේ නැත්තේ මොකද? (නි)
පාර්ලිමේන්තුව අභයාරාමයට ගෙනෙමුද? විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන්, විමර්ශන නිලධාරීන් හා විදේශීය නීතිඥයන් ගෙන්වා පාලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලවා දෝෂාභියෝගයක් ගෙනවිත් ඔවුන්ගේ තනතුරු අහෝසි කරමු. (නි)
70 වෙන් පසු බිහිවූ දේශපාලඥයින් ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් වූ සුන්දර දිවයින විනාශ කළා. යහපත් මිනිසුන් නරුමයන් කළා. තවත් මොනවද ඉතින් වැඳ වැටීගෙන දොඩවන්නේ. (නි)
යුද්ධකළේ දුප්පත් රණවිරුවන් හරියට කන්නවත් නැතුවයි. රණවිරුවන් දැන් සන්තෝෂයෙන් ඉන්නේ කුලීවැඩ වලින් ඉවත්කර ගෞරවනීය තත්වය නැවත ලැබුන නිසා.ඒ වගේම රණවිරුවන්ට මතකයි ඔවුන්ට යුද්ධයට අණදුන් යුධ හමුදාපති හිරේට දමා සළකපු හැටි.බෝම්බ පහරවලින් තුවාල ලබා අනුනමයෙන් බේරුණු එතුමාට අවශ්‍ය බෙහෙත් ටිකටත් එතුමාට සටන් කරන්න සිදුවුණා.නමුත් යහපාලනය? (නි)
පිවිතුරු හැමදාම වගේ අදත් ලස්සනට ලියලා තියෙනවා. කොහොමද මහින්ද මහතා පාර්ලිමේන්තුවේ කතා කරන්නේ එතුමාගේ කර මතින් විත් ජිනීවා යෝජනා හොඳයි කියන මන්ත්‍රීවරු ඉන්නකොට? (නි)
එදා කියපු ලෙස රණවිරුවන් වෙනුවෙන් මම විදුලි පුටුවේ වාඩිවෙනවා කියපු දේ අපිට නම් තවම මතකයි (නි)
පාර්ලිමේන්තුවේ විවාද නොකළේ ඇයි? අර විමල් නොහිටින්න කවුරුත් නැහැ රට සහ හමුදාව වෙනුවෙන් කතාකරන්න (නි)
කවුරු මොනාව කිවුවත් අපි දැනගන්න ඕනෑ ඇත්ත ඇතිසැටියෙන් දකින්න (නි)
ජාත්‍යන්තර අධිකරණයට අරගෙන යන්නේ නැතුව මේ රටතුල ප්‍රස්නේ විසඳගන්න ලැබුන එකට මහින්ද මහත්තය රජයට ස්තුති කරන්න ඕනේ..(රේ)
කොමෙන්ට් දාන ඩුබායි තිලක් වටග් කට්ටිය කොච්චර කලබල වෙලාද? ඇයි මේ අසහනේ. අත වෙව්ලනවා වගේ...(රේ)
සරත් පොන්සේකාට කඩේයන හැමෝගෙන්ම අහන්න තියෙන්නේ මිනිහ ගැනඔබලා කවුරුවත් හරියට දන්න්නවද? (රේ)
අනේ ඔව් මෙයා එහෙම මේ පාර අවනම් ලුණුවත් නැ. පාඩුවේ පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවද (අ)
අර ඊයේ පෙරෙයිදා එක්කෙනෙක් දේශපාලන දඩයමක් ගැනත් කතාකළේ? දැන් මෙතුමා නම් කියන්නේ රණවිරුවන් දඩයමක් ගැන.... (නි)
මෙතන හැමෝම මොරදෙනවා පාර්ලිමේන්තුවේ ප්‍රකාශකළේ නැහැ කියලා. නමුත් ඔවුන් දන්නෙ නැහැ එහි ගැඹුරින් ඇති දේ (නි)
අභයාරාමේ විදුලි බිල ගෙවුවද දන්නෙ නැහැ? ලංගමට කළ පාඩුවට මොකද වුණේ? ඇයි රූපවාහිනියේ ණය? (නි)
ආයේ ලියන්න ගත්තද? (ර)
දැන් මෙහෙම කියනවා.දේශපාලඥයෝ කියන අය ඔක්කොම එකයි... (නි)
ඇත්තම කියනවනම් මේ රටේ අධිකරණ ක්‍රියාදාමයට සම්බන්ධ කිසිම කෙනෙක් ගැන විශවාසයක් තියන්න බැහැ. (හේ)
දැන් රණවිරුවෝ තමන්ගේ ගෞරවය තියාගෙන මහත්වරු වගේ ඉන්නවා. අපේ හමුදාව විනයගරුක හමුදාවක්. නීතිය රටේ ක්‍රියාත්මක වෙන්නේ නැති බව ලෝකෙටම පෙනෙනවා. හොරු මිනීමරුවන්,වංචාකාරයන් ,අපරාධකාරයන් නිදැල්ලේ ඉන්නවා. රටේ හැමවෙලාවෙම පාලනයට සම්බන්ධ පුද්ගලයන් වරප්‍රසාද ලබමින් නීතියෙන් ගැලවී බේරෙනවා.සාමාන්‍ය මිනිසුන්ට වෙන නීතියකුත් මුදල් තිබෙන අයට වෙනම නීතියක් තිබෙන බව හැම දෙනෙකුටම පෙනෙනවා. අලුතින් සමීක්ෂණ ඕනෑ නැහැ නුගත්කම් ගැන හොයන්න, මහා මැතිවරණයෙන්ම ලෝකෙට පෙනුනා වංචාකාරයන්, හොරුන්, මිනීමරුවන් ,කුඩු එතනෝල් ගෙන්වන්නන්, ඒ තියා හිරේ ඉන්න වැරදිකරුවන් පවා තෝරා පත්කර ගත් ආකාරයෙන්ම (නි)
තවමත් රණවිරුවන්ගේ කරමතින් දේශපාලන වාසි ගන්න හදන එක නම් කවුරු කළත් හරිම බාල වැඩක් (නි)
අපිට තවම මේ ප්‍රශ්නය විකුණාගෙන කනවා නොවේද? ඉක්මනින් විසඳුමක් දී රජය රටේ අනෙකුත් දැවෙන ප්‍රශ්න වලටද විසඳුම් සොයා දියයුතුයි. (නි)