IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජිනීවා යෝජනාවට අදහස් විමසීම සිකුරාදා සිට

ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව පිළිබඳව අදහස් විමසීම සඳහා පත් කරන ලද උපදේශක කාර්ය සාධක බළකාය ලබන සිකුරාදා සිට සිය කටයුතු අරඹමින් යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇති බව එම කමිටුම කියයි.

එහිදී අදාළ කමිටුව විසින් එම යෝජනාව පිළිබඳ ජනතාවගෙන් අදහස් විමසීමට නියමිතය.

ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ යෝජනාව පිළිබඳ මෙරට සියලු පාර්ශවයන්ගේ අදහස් වීමසීම සඳහා 11 දෙනෙකුගෙන් යුත් උපදේශක කාර්යය සාධක බලකායක් පත් කරනු ලැබුවේ අදාළ යෝජනාව සම්බන්ධයෙන් වන දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමටය.

මෙම උපදේශන කාර්යය සාධක බලකායේ සභාපතිනිය ලෙස නීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම පත් කර ඇති අතර එහි ලේකම්වරයා ලෙස පාක්‍යසෝති සර්වනමුත්තු පත්කර තිබේ.

සෙසු සාමාජිකයින් ලෙස ගාමිණි වියන්ගොඩ, මහාචාර්ය දයා සෝමසුන්දරම්,  ජනාධිපති නීතිඥ ශාන්තා අභිමානසිංහම් ඇතුළු  පිරිසක් පත් කර ඇති බව වාර්තා වේ.

මෙම කාර්යය සාධක බලකායේ ක්‍රියාකාරි සැලැස්ම අදියර 02 ක් යටතේ ක්‍රියාත්මක වන අතර එය භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.



අදහස් (0)

ජිනීවා යෝජනාවට අදහස් විමසීම සිකුරාදා සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site