ජිනීවා මානව හිමිකම් වාර්තාවට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ විරෝධතා සමුළුවක් කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී අද (19) පැවැත්විණි.
නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතවරු සමග කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
ජාතික නිදහස බිලිදෙන හයිබ්‍රිඩ් අධිකරණයට එරෙහි ජන සමුළුව ලෙස නම් කර තිබූ එම සමුළුව සඳහා පැමිණි ජනතා නියෝජිතයෝ පැමිණ සිටි පිරිස සමග එක්ව බිම වාඩිවී සිටිනු දැකිය හැකි විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේදිකාව මහ විශාල එකක් ඒක නිකන් හිස් වගේයි පෙන්නේ. වෙනදා ගුවනිනුත් වීඩියෝ කරනවා. එකත් මේ සැරේ නැහැ වගෙයි. (ර)
අපි උපවාසයක්වත් කොරල බලමුද ? මොකද විමලේ ඉන්නවනේ බයක් නැහැ .(රේ)
ජයවේවා! (නි)
ඔය වැඩක් නැති ඒවා කරන්නේ නැතුව වැඩි වෙන ජීවන වියදමට එරෙහිව උද්ගෝෂණයක් සංවිධානය කරන්න. අපිත් එනවා. (රේ්)
කොහොමත් කට්ටියකට හොඳ දේවල් තව කට්ටියකට නරකයිනේ (නි)
උපදින සෑම දරුවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු අඩු බර සහිතව උපදී. වයස 5 ට අඩු දරුවන්ගෙන් 29% ක් අවශ්‍ය අවම බරට වඩා අඩු බරක් සහිතය. ඇතැම් දිස්ත්‍රික්කවල මෙම අගය 37% දක්වා ඉහල අගයක් ගනී. මින් 14% ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙයි. මාස 6 ත් 11 ත් අතර දරුවන්ගෙන් 58% රක්තහීනතාවයෙන් පෙලෙයි. මාස 12 -23 අතර දරුවන්ගෙන් 38% ක් රක්තහීනතාවයෙන් පෙලෙයි. මීට ප්‍රධානම හේතුව වශයෙන් දක්වා ඇත්තේ දරා ගත නොහැකි ආහාර මිල නිසා ආහාර සපයා ගැනීමට බහුතර ජනතාවට නොහැකි වීමයි. යහපාලනයන් අප ඉල්ලන්නේ හැකි ඉක්මනින් ආහාර මිල පහත දමන ලෙසය. මේ සදහා බල කරන රැස්වීමක් සංවිධානය කරන්න (අ)