ජිනීවා ප්‍රශ්නය පටන් ගත්තේ ද වර්ධනය වුණේද රාජපක්ෂ පාලන කාලය තුළ බවත් එය යුද්ධය අවසන් වන විට තුවාලයක්ව තිබුණු එම ප්‍රශ්නය වණයක් බවට පත්කළේ ද රාජපක්ෂ ආණ්ඩුව බව ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (13) කොළඹ මහජන පුස්තකාලයේ පැවැති දේශනයකදී පැවසීය.
‘ජිනීවා ඊයේ, අද සහ හෙට‘ නමින් සංවිධානය කරන දේශන මාලාවේ ප්‍රථම දේශනය අද පැවැත්විණි.
ජිනීවා ප්‍රශ්නය නිර්මාණය කර එය උග්‍ර කර ජාත්‍යන්තර අර්බුදයක් බවට පත් කළ සැබෑ වගඋත්තරකරුවන් දැන් පාවා දුන්නෝ පාවා දුන්නෝ යනුවෙන් කෑගසන බවද ඒ මහතා එහිදී සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට ඉන්න උදවියට රටේ තත්වය අමතක නැති එක සාදාරනයි , එත් මේ රටේ හිටපු උදවියට මතක නැනේ , 1988-89 මිනි කන්නන්ගේ දේශය හැටියට ලියා පදිංචි වුනේ ශ්‍රී ලංකාව බව , මෙයා ලා ටී වී එකෙන් වත් දැක්කේ නැද්ද බස් බෝම්බ , කොටි බෝම්බ , මිනිස් බෝම්බ , හරක් උරෝ , කුකුලෝ මසට මරණ කොටත් පිළිවෙලකට උන්ට ගරු කරලා මරන්නේ , නමුත් අපේ රටේ අහිංසකයෝ , හාමුදුරුවරු , මුස්ලිම් ජනතාව මැරුවේ බල්ලෝ බළල්ලු වත් නොමරන ගානට , මේවා මේ අයට අමතක දැන් ඩොලර් ලැබෙන හින්දාද ? මහින්ද නැතිනම් අද උතුරට යන්න වීස ගන්න ඕනේ . 2002 අලි කොටි ගිවිසුම ගහපු කාල මඩු පල්ලි ගිය උදවිය දන්නවා යට ඇදුමත් පෙන්වලා මඩු හන්දියෙන් කොටි පාලන ප්‍රදේශයට ඇතුළු වූ හැටි , මේ උදවිය මේ රට ඉදන් මඩ ගහනවා පුද්ගලික තරහවල් පිරි මහන්න. මිහිපිට අපාවල ෆොටෝ ඕනේ නම් 1988-89 කාලේ ගැන ඉන්ටනෙට් එකෙන් බලන්න , එහෙම නැතිනම් කොළඹ කොටුවේ ඩී එස් සේනානායක රගර් ටීම් කට බෝම්බ ගහපු පොටෝ බලන්න ඉන්ටනෙට් එකෙන් . කරුණාකර මඩ ගැසිල්ල දැන්වත් නවතා හැදෙන්න බලන්න (බ)
ජිනීවා ලොක්කෝ එක්ක ගිවිසුම් ගැහුවෙ නම් කවුද දන්නෑ නේද (අ)
කරුණාකර ස්වයං විවේඡනයක් කරගෙන නැවත තිබු ගෞරවය රැකගන්න. (නි)
ලබන සැරේ ආසන බින්දුවයි (බ)
යහපාලනයට පොඩි මුක්කුවක් දෙන්න වගේ නේද හදන්නේ? විප්ලවවාදී පක්ෂයකට ගිය කලක් ? (ර)
මෙයාලගේ විසිල් විතරයි බල්ටි නැ. (ර)
ඒ කාල පරිච්ඡේදය නිම කරන්න ජවිපෙ කල කැපවීම විශිෂ්ටයි. (ර)
ඒකාධිපතියගෙන් රටම සහ අසරණ මිනිසුන් නිදහස් කර දුන්නු ජවිපෙට අපේ උපහාරය.(ම)
අවුරුදු 50ක් විතර පැරණි පක්ෂයකට තාම පාර්ලිමේන්තුවේ තියෙන්නේ ආසන 6 යි. දැන් වත් වැරදි හදාගෙන අඩු තරමේ තව අවුරුදු 30න් හරි විපක්ෂය වත් වෙන්න බලන්න. (ර)
පාලිත පෙරේරා, ඔබ හරියටම හරි. තිලක් ඩුබායි, වගේ අයට හොඳ මතක් කිරීමක්. තිලක්, ඩුබායි හිටියට අපි ලංකාවේ මරණ බිය නැතුව ජීවත් වෙන්නේ මහින්ද ඇතුළු රණවිරුවන් නිසා. (ර)
වින්සන්ට් ගේ කොමෙන්ට්ස් බපපුවම "ඔප්පුකර ගැනීමේ අපහසුතාවය තිබුනත් එය රටම දන්නා දෙයකි. " කියන එකේ තේරුම මොකක්ද? (ර)
හරියට හරි, ජාතික වශයෙන් ජිනීවා, විදුලිපුටු ආදියෙන් දාපු සෙල්ලන් දැන් ඉවරයි. (ර)
විනසන්ට් මහත්තය, මහින්ද මහත්තය නොහිටියානම් ජිනිව ප්‍රශ්නෙකුත් නැහැ. මෙහෙම අන්තර්ජාතික බලපැමකුත් නැහැ. අදටත් එහෙනම් මරබිය හිසමත පටවාගත් නිවට නියාලු ජාතියක් ප්‍රභාකරන්ගෙන් ජීවිතය යදිනවා. (ර)
මලිත්, මම නම් ඒ දවස් වලම අදහස් ලිව්වා. සත්‍ය හෙලිවෙනකම් ඉවසල ඉන්නකෝ. (ර)
රටේ දනස්කනාදය නාස්ති කල පිටරට වල තිබෙන බැංකු ගිණුම් ගැන හෙළි කරන්න කියල මුළු රටම අවදි කරවන්න.ඒ යුතුකම ජවිපෙට කරන්න පුළුවන්.(ම)
අනේ මන්දා ..! මේවා කල්පනා කරද්දී මගේ ඔලුවත් නිකන්ම පිස්සු වැටෙනවා (නි)
අපි ලංකාවේ මරණ බිය නැතුව ජීවත් වෙන්නේ ජනරාල් සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන් නිසා බව අමතක කරන්න එපා. (ම)
අනේ මොකටද අපි මේවට උත්තර කියන්නේ? (නි)
ජවිපෙට අපගේ උපහාරය. (ර)
මහින්ද කළේ මොකක්ද කියලා අපි හොඳට දන්නවා (නි)
නැති ප්‍රශ්න ඇතිකරන්න එපා (නි)
තිළිණ , තිලක් ඩුබායි කියන්නේ හොද අත් දැකීම් පාඨකයෙක් , එයා දන්නවා මොකද වෙන්නේ කියලා එයා මේ නිකන් ලියන්නේ , කාටද නොතේරෙන්නේ කවුද රට බේර ගත්තේ කවුද පාවා දුන්නේ ? කොහොමද කියලා . අජිත් කරුණාරත්න 100% හරි , ජිනීවා වල ගිවිසුම් ගහලා රට පාවා දුන්නේ කවුද කියලා අද ජාතික පුවත් පතක තියෙනවා , මෙයාලට එ්ක බලන්න කියන්න . පිවිතුරු හරි මහින්ද නැතිනම් තිලක්ලට ඩුබායි තමා ඉන්න වෙන්නේ සදා කාලෙටම (බ)
ජිනීවා ප්‍රශ්නය ඉක්මනට නිරවුල් වෙයි (බ)
යහපාලනේට කඩේ යන තිලක් ඩුබායි ඉන්නේ සිරිකොතේ කියල කවුරුත් නොදන්නා ප්‍රසිද්ධ රහසක්. කියනවකො බල්ලන තියනවයි කියපු රත්තරන් අශ්වයෝ කෝ, මාලිගා කෝ, ලම්බෝගනී කෝ, මැද පෙරදිග හෝටල් කෝ, බිලියන ගණන්වල බැංකු ගිණුම් කෝ, අවුරුද්දක් වුනා කරපු හරි පටන් ගත්ත හරි එක වැඩක්. තාම කියවන්නේ හොරා හොරා කියකන එක විතරයි. ඉතුරු අවුරුදු 4 ම ඔහොම යයි. රටත් බෙදල දෙයි. සිංහලයට කොකා තමයි දැන් කියන්නේ කාර් ගන්න එපා කරත්තයක් ගන්න කියල සංවර්ධනේට යන්න. (බ)
රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි ඔයතරම් ක්‍රෝධයෙන් ඉන්නේ ත්‍රස්ත ක්‍රියා නවත්වපු නිසාද? (නි)
දැන් ඒකටත් එයාලද පළි? (නි)
පිවිතුරු යහපාල, දේශපාලන වශයෙන් බඩ කපාගෙන මැරෙන එක ලැජ්ජාවට කරුණක් නොවෙන්නට පුළුවන්.නමුත් රාජ්‍ය වත්කම් වංචා කිරීම ලැජ්ජාවට කරුණකි. ඔප්පුකර ගැනීමේ අපහසුතාවය තිබුනත් එය රටම දන්නා දෙයකි. ඔබ හිතන විදියේ ප්‍රකාශයක් මෙහි සිදුවී නොමැත.ඔබ වැනි මහින්ද භක්තිකයන් පිළිනොගත්තත් එය පිළිගන්නා නිදහස් ජනතාවක් රටේ සිටින්නට පුළුවන. (නි)
ලංකාවේ පමණක් නොවෙයි ලෝකේ තියෙන බොහොමයක් ගැටලු වලට උපදෙස් දෙන්න ඒ ගැන විග්‍රහ කරන්න එහෙම නෙවෙයි මෙහෙම විය යුතුයි කියන මෙයාල හැමදාම කරන්නේ කියවන එක විතරයි. (ර)
ඩුබායි තිලක් , අද ඔයාගේ දරු පවුල ලංකාවේ බයක් නැතුව ඉන්නේ මහින්ද මහත්තය නිසා .නැත්නම් ලංකාවේ බෝම්බයක් පුපුරන ගානේ ගෙදරට කෝල් කරන්න වෙනවා ගෙදර අයට කරදරයක් නැද්ද බලන්න . අඩු ගානේ එකේ කෙලෙහි ගුණය තියල කතා කරන්න (බ)
රතු අලියාට ජයවේවා! (නි)
මම මෛත්‍රී මහත්තයට ඡන්දය දුන්නේ කරුණු දෙකක් නිසා. වාහන බදු ඉවත්කරලා වාහන මිල බස්සලා පොඩි මිනිහට වාහනයක් ගන්න පුළුවන් යුගයක් බිහිකරනවා කියපු නිසා. අනෙක් කාරණය ඇමති මණ්ඩලය 20 ට අඩුකරලා නාස්ති වෙන ධනස්කන්දය වළක්වනවා කියපු නිසා. (නි)
මුන් නම් ලංකාවට වණයක්ම තමයි (බ)
රාජපක්ෂ ආණ්ඩුව නැත්නම් ගොඩක් දේවල් වෙනස්වෙන්න තිබුණා (නි)
මේ රටට වැඩිම හානියක් කළ දේශපාලන ව්‍යාපාර දෙකක් තියනවා. ඒ ජේවීපිය සහ එල්ටීටීය. එයිනුත් මේ රටට වැඩිම හානිය කළේ ජේවීපියයි. පීඩිත පන්තියේ දුක විකුණමින් ධනපති පන්කියට යන පාර කපාගන්න මේ අය වැදි බණ දෙසනවා. (බ)
කොන්ද පණ තිබුන නිසා තමයි ලෝකෙටම වණයක් වුණේ (නි)
වින්සන්ට් මහතාගේ ප්‍රකාශය අගයකරමින් පිළිගන්නා අතර, තවමත් ලංකාවේ සිටින බහුතරයක් පක්ෂ දේශපාලනය අන්ධ භක්තියෙන් අදහමින් තමන්ටත් රටටත් සිදුවිය යුතු දියුණුව අමතක කර ඇතිබව කනගාටුවෙන් උවත් පිළිගත යුතු වේ. (බ)
මහින්ද ආණ්ඩුව තමයි මෑත ඉතිහාසයේ වඩාත්ම වැදගත් සන්ධිස්ථානය! අනගාරික ධර්මපාලතුමා කිවුවා වගේ වැඩක් නොකළා නම් බැනුම් අහන්න වෙන්නෙ නැහැ. දැන් වැඩත් නැහැ, ඉතින් බනින්න දේකුත් නැහැ, හරි සරලයි! (නි)
රතු අලියාටත්, නිල් අලියාටත් සහ කොළ අලියාටත් යන සෑම දෙනාටම ජය වේවා!! (නි)
මම පාලිත පෙරේරාගේ දීර්ග අදහසට ගරු කරමි. (ර)
වින්සන්ට්, නයන්, ඔයාලා වගේ අයට පෙනෙන්නේ මහින්දගේ දේවල් විතරයි. (නි)
දැන්වත් කල්පනා කරලා බලලා වැඩ කරන්න (නි)
ඇසළ,ලෝකයේ දරුණුම හොරෙක් හොරකම් කරන්නේ හසුවෙන්න නෙමෙයි කියලා දන්නේ නැද්ද? සියලුම සාක්ෂි විනාශම කරනවා. (නි)
මහින්ද මහතා යුද්ධය අවසන් කළ එක අගය කරනවා. නමුත් යුද්ධයෙන් පසු කළදේවල් නම් අනුමත කරන්න බැහැ (නි)
වින්සන්ට් මහතා 100% හරි. අද මේ ජනතාව තම දේශපාලන පක්ෂය හිස මුදුනේ තබා කටයුතු කරනවා. දේශපාලනය යනු , කලාව මෙන් තැනින් තැනට , වේලාවෙන් වෙලාවට , පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙන විෂයකි. නමුත් අපේ ජනතාව හිතන්නේ දේශපාලනය යනු හැමදාම එකම ප්‍රතිපත්ති සහිත විෂයක් බවයි. (නි)
මහින්ද රාජපක්ෂ යනු රටට වැඩක් කල ක්‍රියාවෙනුත් ඔප්පුකර ඇති නායකයෙකි. (ර)
අද කවුරුත් ජීවත්වෙලා ඉන්නේ මහින්ද රාජපක්ෂ නිසා නේද? (නි)
චන්දි මේ දවල් බොහෝම සරලයි හැමෝම දන්නවා . නමුත් රටේ ජනතාව දෙකට බෙදිලා ඇත්ත පෙනී පෙනී බොරුව වෙනුවෙන් පෙනී සිටිනවා. (ර)
පිවිතුරු යහපාල, ඔබ කියනවා වගේ සරත් ෆොන්සේකා මහතා නොහිටියානම් කියා තව කෙනෙකුට කියන්න පුළුවන. සටනේදී මියගිය රණවිරුවන්ගේ පාර්ශවවලටද එසේ කියන්නට හැකිය. ඔබ කියන නායකත්වය තමන්ගේ පව්ලේ ජිවිත හානි කරගෙන තමන්ගේ වත්කම් වලින් යුධ ජයක්ග්‍රහණයක් ලබා ගත්තේ නම් ඔබ වඩා නිවැරදිය. එය රටේ පොදු ජයක්ග්‍රහණයක් බව සිතන්න තරම් කව්රුත් සිතනවා නම් කාටත් සාධාරණය. (ර)
වණයක් වෙන හැටි බලන්න තිබුණා තවමත් යුද්ධයක් තිබුණා නම් (නි)
වින්සන්ට් මහත්තයෝ..හමුදාපති කෙනෙක්ගේ වගකීම සීමාව යුතුකම වගේම සොල්දාදුවෙකුගේ වගකීම සීමාව හමුදාවක සිටි අයෙක් වශයෙන් මම හොදින් දන්නවා..මේක සාමුහික ජයග්‍රහණයක් බව ඇත්ත,, ඒ සදහා රට පෙළ ගැස්සුවේ අවශ්‍ය ශක්තිය ධෛර්ය සම්පත් ත්‍රිවිධ හමුදාවට සැපයුවේ යුද්ධය සමග ආර්ථිකය හා ජාත්‍යන්තරය කළමනා කළේ යුද්ධය සදහා අවශ්‍ය අණ වගේම ඒ අණේ වගකීම බාර ගත්තේ දේශපාලන නායකත්වය..ඒක නැති වුනානම් අදටත් අපි යුද්ධ කරනවා.ඒ හින්ද අපිනම් මුලින්ම සලකන්නේ දේශපාලන නායකත්වයට....අවුරුදු තිහක් තිස්සේ මේ යුද්ධය සදහා අපිට නැතුව තිබුනේ ඒක...(බ)
ජවීපෙ දේශපාලනය ,ප්‍රධාන පක්ෂ දෙකේ දේශපාලන ක්‍රියාකාරකම් සමඟ ගළපාගැනීමේ අපහසුවෙන් ක්‍රියාකරන මහත්වරුන් නැවත සන්සුන්ව සිතාබලන්න. පැවති රජයේ අදුරදර්ශී වැඩපිළිවෙල නිර්දය ලෙස විවේචනය කිරීම "රතු අලියා" ලේබලයෙන් හඳුන්වනවිට යහපාලනය විවේචනය කිරීම හඳුන්වන්නේ කෙසේද? තුන්වන බලවේගයක් මුහුණදෙන මෙම ගැටලුව දේශපාලන කණ්ණාඩිකාරයන්ගේ විහිලු සේ ඉවත දැමීම හැර වෙනත් කළහැක්කක් නැත.ජවීපෙ තරුණයින්ගේ අවංක කැපවීම වෙනත් කිසිදු පක්ෂයක දැකිය නොහැක. පරමාදර්ශී දේශපාලන ගමන් මඟට කුහකයින් සේ අවලාද නැඟීම නතර කර විචාරශීලි මිනිසකු සේ අධ්‍යයනය කරන්න. (නි)
සියල්ලෝම මිනිසුන්ය ,ඒ බැවින් සැමටම එක සමානව අයිතියක් ඇත , බුදුන් වහන්සේ පවා මේ බව දේශනා කළ සේක (බ)
එකට කමක් නෑ ඕගොල්ලෝ ආපිට වණයක් නොවී ඉන්නවද ? (අ)
ජවිපෙ බනින අය තමාගේ දරද්ද නොදකින අය (ම)
සහතික ඇත්ත.දේශප්‍රේමීන් යැයි කියාගන්නා දේශප්‍රේමීන් සම්පූර්ණයෙන් මේවට වගකියන්න ඕනෑ. (නි)
තිලක් ඩුබායි, මම අවුරුදු විසි ගණනක් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ, මවුපියන් බලන්න අවුරුද්දට දෙපාරක්වත් ලංකාවට එනවා. අපේ මිනිස්සුන්ට 2009 යුද්ධය ඉවරවෙන්න කලින් තිබුණු දුක දැන් මතක නැති බව එන්න එන්න පෙනෙනවා. එකනේ ජේවීපී එකත් 89දි එයාලාව නැතිකරපු යුඑන්පී එක එක්ක ජෝඩු දාන්නේ. (ස)
මහින්ද මහත්ය යුද්දේ කරනේ නැතුව හිටියනම් ඔය මොකුත් ප්‍රශ්නයක් නෑනේ. (ස)
තව ටික දවසකින් 89 ප්‍රශ්නයට හේතුවත් මහින්ද ආණ්ඩුව කියලා කියයිද දන්නෙ නැහැ. (නි)
දැන් ඉතින් කඩ යනගමන් වෙන වලකපන්න (අ)
මෙයාලගේ වැඩකට ඇති කතාවක් නම් අපි ජීවිතේටම අහලා නැහැ. (නි)
රතු සහෝදරයෝ ඇත්ත කියනවා. (ර)
අපිට වණයක් නොවී කට වහගෙන ඉන්නවද ? (අ)
එන පාර ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් හදමු. (ර)
මිහිපිට අපායක් වෙන හැටි බලන්න තිබුණා ඒකාධිපතිය තවමත් හිටියනම්.(ම)
යහපාලක තුමා කිව්වද ඔය විදියටම කියන්න කියල (අ)
අපි බලාගෙන ඉනනේ හිතට, රටට දැනෙන යමක්. බඩට කික් එකක් නෙවෙයි. (බ)
ඡන්දෙට ඉස්ස්සරවෙලා කිව්වේ වෙන කතාවක් නේ .ජිනීවා ඔයාලට ලොකු දෙයක් නැ කිව්වා නේද ,මහින්ද ඡන්දෙ ගන්න ජිනීවා විකුනනවා කිව්වා නේද (බ)
දැන් ඉතින් තව කාලයකට අහන්න ප්‍රශ්‍නයක් නැහැනෙ. ඒ නිසා ජිනීවාප්‍රශ්‍නය වත් අනන්‍න බලන්‍න. (අ)
විජේවීර හිටියා නම් බඩ කපාගෙන මැරෙනවා අද ජේ වී පි එකේ නායකයෝ මේ කියන කරන දේවල ටික දැකල..විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කම දීල තියෙන්නේ විපක්ෂෙට කෝචෝක් එකට වගේ..ජේ වී පි එකට දෙන්න තිබුනේ කෙලින්ම ආණ්ඩු පක්ෂයේ සම සංවිධායක කම,,තාමත් ලජ්ජා නැහැ.. (අ)
ටිල්වින්ව එක්සත් ජාතික පක්ෂය ටියුන් කරනවා වගේ පෙනෙන්නේ ? (අ)
ටිල්වින් කියන්නේ සහතික ඇත්තක්. (බ)