ජිනීවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 11කින් සම්මත විය.
එම යෝජනාව අනුව ලංකාවේ සිදු විණැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් සිදු කළ යුතුය. ලංකා රජය පවසන්නේ එම යෝජනාව ඉවත දමන බවයි.
ජිනීවාහිදී සම්මත වූ යෝජනාවෙන් ශ්‍රී ලංකාවට එල්ලවන බලපෑම හා ලංකා රජය ඊළඟට කුමක් සිදු කළ යුතු දැයි ආචාර්ය දයාන් ජයතිලක මහතාගෙන් විමසීමු.
ආචාර්ය දයාන් ජයතිලක මහතා හිටපු තානාපතිවරයෙකි . ඔහු ප්‍රවීන දේශපාලන විචාරකයෙකි. 1988-1989 කාලයේ ශ්‍රී උතුරු-නැගෙනහිර පළාත් සභාවේ තරුණ කටයුතු පිළිබඳ ප්‍රථම අමාත්‍යවරයා ද විය. 2007 සිට 2009 දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි නිත්‍ය නියෝජිතයාද වූයේ ඔහුය.
ජිනීවා මානව හිමිකම් සැසියේ සම්මත වූ යෝජනාවේ අන්තර් ගතය?
මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමේ 25 වැනි සැසසිවාරයේ සම්මත වුණු යෝජනාව ඉතාම සරලව ගත්තොත් ජාත්‍යන්තර පරීක්ෂණයක්. ලංකාවේ සිදුවූ යුද්ධයේ අවසන් වසර ගණනාව පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ වරමක් ලැබුණා.
දැන් මෙය බොහොම භයානක දෙයක්.
ජාත්‍යන්තර පරීක්ණය පවත්වන ක්‍රම දෙකක් තියෙනවා. එකක් කවුන්සිලය විසින්. නමුත් කවුන්සිලය කියන්නේ රටරටවලින් සමන්විත සභාවක්. කවුන්සිලය සමත්වින වුනයේ ලෝකයේ විවිධ කලාපවල ජනගහනයේ ප්‍රතිශතය අනුව.
නමුත් ලංකාව සම්බන්ධයෙන් මේ පරීක්ෂණය පවත්වන්න යන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය විසින්. ඔතැන නවී පිල්ලේ ඉන්නවද කියන එක නොවේ ප්‍රශ්නය. ඇය ලබන සැප්තැම්බර අග ඔතැනින් වෙනත් රස්සාවකට යයි.
නමුත් ඔය මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය කියන්නේ කිසිම විනිවිද බවක් නැති යාන්ත්‍රණයක්. කවුද ඉන්නේ, කොයි රටවලට ද වැඩි දෙනෙක් ඉන්නේ ඒ කිසිම දෙයක් කවුන්සිලය දන්නේ නෑ. ඉතින් මේක 48 අපේ නිදහස ලැබෙන්න කලින් බ්‍රිතන්‍ය විසින් ආණ්ඩු කළ තැනක් තිබුණනේ. එංගලන්තයේ වයිට්හෝල් වල ඉඳන් ඒ ඒ අමාත්‍යංශ, ඒ ඒ දෙපාර්තමේන්තු ලංකාව පාලනය කළා. ඒ කාලයෙන් පස්සේ මේවගේ දෙයක් ඇතිවෙන පළමුවැනි අවස්ථාව මේක. ජාත්‍යන්තර කන්තෝරුවක්, කර්යාලයක් ජාත්‍යන්රත ආයතනයක් විසින් අපේ අභ්‍යන්තරයේ සිදුවුණු සිවිල් යුද්ධයේ ඕනෑම සෙන්පතියෙකු, ඕනෑම සෙබළෙකු, ඕනෑම දෙයක් ගැන හොයන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට වරමක් ලැබී තිබෙනවා. ඒ ක්‍රියාවලිය දැන් ආරම්භ වෙයි.
යෝජනාව සම්මත වීමත් සමග ලංකාවට ඇති බලපෑම් මොනවද?
බලපෑම විශාලයි. මේක ජාත්‍යන්තර නීතිමය ‘ඩ්‍රේන ප්‍රහාරයක්‘ (නියමුවකු නැතිව ඉලක්කය බලා බොම්බ හෙළීම) වගේ. 2002 සිට 2009 වෙනකම් සෑම සියලු දෙයක්ම මේ අයට සොයා බලන්න පුළුවන්. ඒ වාර්තාවෙන් අපට විරුද්ධව නීතිමය හා ආර්ථික පියවර ගන්න ඉඩ තියෙනවා.
ලංකා රජය කියනවා මේ සම්මත වූ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව?
ලංකා රජයට පැත්තකට දාන දේ සීමාවක් තියෙනවා. අපේ ආණ්ඩුව කියනවා මේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා බව. පරීක්ෂණයට ලංකාවට එන්න දෙන්නේ නෑ කියා කියනවා. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිගන්නේ නෑ කියා ඉවත්ව ගියත් ආණ්ඩුව ඕනෑ විදියට එය අසා ඊටත් වඩා ඉක්මණින් ක්‍රියාත්මක කළා. ඒ හා සමාන දෙයක් තමයි මේ වෙන්න යන්නේ. ලංකාවට එන්න බැරිනම් ඒ අය එහේ ඉඳගෙන, ලෝක පුරා ඉන්න අය අතරින් සාක්කි එක් කර ඒක පාර්ශවීය වාර්තාවක් හදා එය මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර පරීක්ෂණ කොමිසමක් ඇති කරන්න පුළුවන්. විවිධ තැන්වලට යොමු කරන්න පුළුවන්.. ඒ ඒ රටවල පාර්ලිමේන්තු වලින් ලංකාවට එරෙහිව ආර්ථික තහංචි දමන්න පුළුවන්. ඒ රටවල උසාවි මගින් විශ්ව නීතිය යටතේ ලංකාවේ සෙන්පතියන්ට, දේශපාලන නායකයන්ට ගැන යම් යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අපට බරපතල ආකාරයෙන් බලපාන ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එපමණක් නොවේ. මේකෙන් ජාත්‍යන්තර දමිළ ඊලාම් ව්‍යාපාරය කුල්මත් වෙනවා. දැනට කුල්මත් වෙලා තියෙන්නේ. ඔවුන්ගේ සටනක් මේක. ඩයස්පෝරාවේ දමිළ ඊලාම් බාර කට්ටිය සාර්ථක ලෙස ක්‍රියා කර තිබෙනවා.
මේ නිසා කොටි සංවිධානයට නැවත හිස ඔසවන්න පුළුවන් වෙයිද?
එල්ටීටිය හිස ඔස වන්නේ මේ හන්දා නෙමේ. ඒ අයට හිස ඔසවන්න කල් බලාගෙන හිටියා. දමිළ ජනතාව විරුද්ධයි එල්ටීටිය එනවාට . එල්ටීටීයට ගැන සානුකම්පිත බවක් ඔවුන්ගේ තියෙන්න පුළුවන්. ඒත් නැවත එල්ටීටීය එනවාට විරුද්ධයි. හේතුව කොටි සංවිධානය දුක් කරදර ගොඩක් දෙමළ ජනතාවට දුන්නා.
එල් ටීටීඊ යට අවකාශයක් හරි ලැබෙන්නේ යාන්තමින් හරි පැටව් ගහන්න, නැත්නම් බීජ රෝපණර කරන්න, ලංකා රජය විසින් අවුරුදු පහක් තිස්සේ උතුරේ ජනයා සමග ඇති දේශපාලන සමීකරණය හරි හැටි කළමනාකරණය නොකිරීම නිසා. දේශපාලන රික්තයක් තියන හන්දා, දේශපාලන වශයෙන් ඒ ජනතාව අපෙන් ඈත් වෙලා සිටින හන්දා තමයි නැවත හිස ඔසවන්න පුළුවන් වෙන්නේ. නැත්නම් එහෙම හිස ඔසවන්න බෑ.
අනිත් එක එල්ටීටීඊය එන එක නවත්වන්න පුළුවන් ඉන්දියාව එක්ක හොඳ සම්බන්ධතාවක් ඇති කර ගත්තොත්. එතකොට ඉන්දියා නාවික හමුදාව කලින් වගේ අපේ නාවික හමුදාව එක්ක එකතුවී ඒ මුහුදු සීමාව වසා දමයි. ඉතින් ඒක කරන්න නම් 13 වැනි සංශෝධනය පරිපූර්ණ වශයෙන්ම ක්‍රියාත්මර කරන්න වෙනවා.
ජිනීවා ඡන්ද විමසීමේ දී ඉන්දියාවේ හැසිරීම?
ඉන්දියාව ඡන්දය නොදී හිටියේ නිහඬව නෙමේ. ඇත්ත වශයෙන්න ඉන්දියාව එක් අවස්ථාවකදි අපට පක්ෂව ඡන්දය, දුන්නා මෙදො සැරේ. අර භයානකම දේ ඊතලයේ විස කැවූ තුඩ මහ කොමසාරිස් කාර්යාලයේ ජාත්‍යන්තර පරීක්ෂණය කියන එකට විරුද්ධව පාකිස්තානය යෝනජවක් ගෙනාවාම ඒකට ඡන්ද 14ක් වැටුණා. ඉන් එක් ඡන්දයක් ඉන්දියාවේ. ඉන්දියාව ක්‍රියාශීලීව පෙන්නුවා යෝජනාවේ තියන භයානක දේට විරුද්ධයි කියලා. තවත් යෝනාවකට ඡන්දය දෙනකොට ඉන්දියාව පැහැදිළි ප්‍රකාශයක් කර පෙන්නා දුන්නා මෙය නොකළ යුතු බවය. මෙතන බොහොම පැහැදිලියි මේ යෝජනාවේ තියෙන ආක්‍රමණශීලී තුඩට ඉන්දියාව විරුද්ධ වුණු බට පේනවා. යෝජනවාවේ වෙනත් විවේචන තිබෙනවා. ඒවා සම්බන්ධයෙන් ඉන්දියාවේ එකඟත්වයක් තිබුණු බව පේනවා, මාර්තු මුළ පළමුවැනි කෙටුම්පතට ඉන්දියාවේ ප්‍රශ්නයක් නොතිබීමෙන්. මුලින් තිබුණේ ටිකක් තුලනාත්මක සහ ළිහිල් කෙටුම්පතක්. නමුත් ජාත්‍යන්තර ඊලාම්වාදී පිරිස් ගිහින් ඩේවිට් කැමරන් හමු වී තව පිරිස් හමුවී වඩා සාර්ථක දෙයක් කළා. නමුත් එය ශ්‍රී ලංකාව අපේ පැත්තට ගන්න ක්‍රියා කළේ නෑ.
ඉතින් බටහිර රටවල් තුලනාත්මක යෝජනාවක් ගේනවාට වඩා ඉන්දියාව කියන දේ අහන්නේ නැතුව මේ යෝජනාව තවත් රැඩිකල් කළා. ලංකාවේ සමහරුන් පවා අත්සන් කර ලිපි යැව්වා, ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ කියා. ඒකට බටහිර රටවල් යට වුණා. ඉන්දියාව ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා, ඒ සීමාවෙන් එයාට යෑම හොඳ නෑ කියා. ඕකට පක්ෂව මුළු ආසියාවෙම ඡන්දය දුන්නේ දකුණු කොරියාව විතරනේ.
ඉන්දියාව හොඳ ස්ථාවරයක් ගත්තා. අනිත් එක ලංකාවේ උතුරු දකුණු හා සිංහල දෙමළ සමීකරණය අහිතකර ලෙස බලපාන බව ඉන්දියාව දැනගෙන හිටියා. ඉන්දියාවට අවශ්‍ය වී තිබෙන්නේ උතුරු පළාත් සභාව තහවුරු කර සාමාන්‍ය තත්ත්වයක් ඇති කිරීම. නමුත් ඒකට ජාත්‍යන්තර පරීක්ෂණය, තුවාල කරන බව ඉන්දියාව දැනගෙන හිටියා.
විපක්ෂයෙන් කියනවා මෙවැනි පරීක්ෂණයක් ගේන්න හේතු වුණේ රටේ අභ්‍යන්තර පරීක්ෂණයක් නොකළ නිසා කියා?
විපක්ෂයේ තර්කය බොරුවක් නේ. දැන් දකුණු ආසියාවේ බංගලිදේශයේ යුද්ධයේ සාපරාධි ක්‍රියා ගැන පරීක්ෂණයක් පැවැත්වුවේ අවුරුදු 40ක් ගිහින්. ඉන්දුනීසියාවේ 1965 දස ලක්ෂ එක හමාරක් මැරුවා මිලිටරි ආණ්ඩුව තිබුණු කාලේ. පරීක්ෂණයක් පැවැත්තුවේ නෑ.
දකුණු කොරියාවේ මිලිටරි ආඥාදායකත්වය 1980 විශාල සිසු මර්දනයක් කළා . හුඟක් පහුවෙලා ඒ නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණයක් ආවේ.
ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධය මහා පරිමානයෙන් සිදු වුණා. අවුරුදු 75කට වඩා ගිහින් තියෙනවා. ඒ ගැන පරීක්ෂණ පවත්වන එක නීතියෙන් තහනම්. ලතින් ඇමෙරිකාවේ ජනාධිපතිනිට වධ දුන්නා හමුදා කඳවුරුවල. ඒ හමුදා ආණ්ඩුව කාලේ කෙරුණු දේවල් ගැන පරීක්ෂණ ආරම්භ වුණේ අවුරුදු 40ක් පමණ ගිහින්. ගෝතමාලාව, ආජන්ටිනාව, උරුගුවේ පරීක්ෂණ පවත්වන්න පමා වුණා.
ඉතින් ඒ ඒ රටවල් ඒ ඒ සමාජ පරීක්ෂණ පවත්වනවා හෝ නොපත්නවනවා කීම සමාජයේ තීරණයක්. ඒක පවත්වන කාලයේ තීරණය කරන්නේ ඒ සමාජයේ මුහුකුරා යෑමත් එක්ක. දැන් යුද්ධයක් ඉවරවූ ගමන් හමුදාවට විරුද්ධව පරීක්ෂණ මහා පරිමාණයෙන් පවත්වන්නේ නෑ. නමුත් ඒක අපේ ස්වාධීන සෛරී තීන්දුවක්.
නමුත් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසන් වාර්තාවේ තිබුණා යම් යම් සිදුවීම් ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න කියා. ආණ්ඩුව ඒක කළා නම් මේ ජාත්‍යන්තර පරීක්ෂණයට විරුද්ධව මීට වඩා ඡන්ද අරගෙන පරද්දන්න තිබුණා.
නමුත් ජාත්‍යන්තර පරීක්ෂණයක් ආවේ දේශීය පරීක්ෂණයන් නොපවත්වපු නිසා නෙමෙයි. 2009 මැයි මාසයේ විශේෂ සැසිවාරය අමතා නවී පිල්ලේ කිව්වේ ලංකාවට විරුද්ධව විදේශ පරීක්ෂණයක් ආරම්භ කරන්න කියා. යුද්දෙ ඉවර වී දවස් දහයයි. එතකොට උගත් පාඩක් කොමිසමක් නෑ. ඒ බටහිර රටවල් එදා ගෙන ආ යෝජනාව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න කියා. යුද්දෙ ඉවර වුණේ 19 වැනිදා. විශේෂ සැසිවාරය 26 වැනිදා. ඉතින් බටහිර රටවලුයි නවී පිල්ලේයි ලංකාවේ දේශීය පරීක්ෂණයක් නොපවත්වපු නිසා නෙමේ මේ යෝජනාව ගෙනාවේ. නමුත් ලංකාවේ දේශීය පරීක්ෂණයක් පවත්වා තිබුණා නම් අපට තිබුණා වෙන ප්‍රතිඵලයක් අත් කර ගන්න.
දේශීය පරීක්ෂණයක් තියා මොනවත් නැතුව 2009 බටහිර රටවල් ප්‍රහාරත්මක යෝජනාවක් ගේනකොට ලංකාව අපට පක්ෂව එදා ගත් ඡන්ද ප්‍රමාණය අවුරුදු ගණනක් ගිහිනුත් ඇමෙරිකාවට බැරි වී තියෙනවා, එයාලගේ යෝජනාවට පක්ෂව ගන්න.
2009 අපි ඉන්න කාලේ ලංකාවට ඡන්ද 29යි. ඒ කාලේ අපිට විරුද්ධව 12. ඡන්දය දීමෙන් වැලකී සිටි ප්‍රමාණය 10යි. දොළහයි, හයයි එක් කළත් අපි දිනුම්. ඉතින් දැන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක කරන අයගේ අදූරදර්ශීකම හා අදක්ෂකම නිසා තමයි ඔයවගේ විශාල පරාජයක් ලැබුණේ, මෙවර.
මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාවේ නියෝජිතයන් ඉටු කළ භූමිකාව ගැන මොනවද හිතන්නේ?
2009 අපේ සාර්ථක අත්දැකීම අනුව ඕනෑම සභාවක මතය දිනා ගන්න නම් අන්‍කොගේ තර්ක බිඳින්න ඕනෑ. ඒ තර්ක බිඳ වාද විවාද කර විරුද්ධවාදීන් තමුන්ගේ පැත්තට ඒක ගන්න ඕනෑ. ඇත්ත වශයෙන්ම ඒකට යම් කිසි ආදර්ශයක් සැපයුවා, පකිස්තානයේ නිත්‍ය නියෝජිත හා තානාපති අක්‍රම් මහත්මයා . අක්‍රම් මහත්මයි මාත් එක්ක එකතු වී ඔය යෝජනා කළින් පැරැද්දුවා. ඒ කාලේ කියුබාවේ තානාපති, ඉන්දියා තානාපති අපිත් එක්ක එකතු වුණා. අපි වෙනුවෙන් සටන් කළේ අපේ මිත්‍රයෝ. අක්‍රම් මහතා කළ කතාව තමයි, ලංකාව කළ යුතුව තිබුණේ.
මෙවර අපේ පැත්තෙන් ඉදිරිපත් කළේ තර්ක නොවේ, පංපෝරියක්. සහේතුකවාදී තර්කනය වෙනුවෙට සුදු හුණු ගානවා, ආණ්ඩුව කළ දේ ගැන. ඔයවගේ තැනක, ඕක හරියන්නේ නෑ. රුචී ප්‍රනාන්දු සහ ප්‍රවීන් පියතුමා අත්අඩංගුවට ගැනීම ගැනත් සුදු හුණු ගාන්න හැදුවනේ. එල්ටීටීකාරයන් මතුවෙනවා නම්, මොකට ද රුකී ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ. රුකී ප්‍රනාන්දු එල්ටීටීඊකාරයෙක්යැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තියෙන්නේ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න. මානව හිමිකම් ක්‍රියාකාරීන් ගන්න නෙමෙයි.
මානව හිමිකම් කවුන්සිලයේ ඕවට සුදු හුණු ගාන්න ගියාම වෙන්නේ ඡන්ද අහිමි වීමයි. ඒකයි වුණේ.
කොහොම වුණත් දැන් යෝජනාව සම්මත වෙලා ඉවරයි. දැන් අපේ රජයෙන් මොකද කරන්න ඕනෑ?
ඔය පිළිබඳව මතවාද තුනක් තියෙනවා. ප්‍රධාන මතවාද දෙකයි, මම ඉදිරිපත් කරන එකයි. ප්‍රධාන මතවාද දෙක මේකයි. ආණ්ඩු පැත්තෙන් කියනවා අපි කිසිත් කරන්න ඕන නෑ, කිසිත්නොකර හිටියාම හරි කියා. මේක අපි ප්‍රතික්ෂේප කරනවා කිසිවක්කරන්න ඕන නෑ. ඒක ආණ්ඩුවේ මුරණ්ඩු මතය. ඕකට තමයි ඡන්ද 12ක් ලැබුණේ.
එතකොට විපක්ෂයේ මතවාදයක් තියෙනවා මේක මේ රටට විරෝෂය පළ කිරීමක් නොව ආණ්ඩුවට විරුද්ධව බව කියනවා. ඒක ආණ්ඩුවට විරුද්ධව නම් මහින්ද රාජපක්ෂ, ජනාධිපති වුණේ 2005 දී. 2002 ඉඳන් මේ යෝජනාවෙන් හොයාගෙන යනවා. හොයන්නේ ආණ්ඩුව ආණ්ඩු කළ විදිය නෙමෙයි. හමුදාව යුද්ධ කළ විදියයි. ඉතින් ඒ මතෙත් වැරදියි. නෑ මේක කළාට කමක් නෑ කියා, සටන් විරාමවාදී මතවාදයක් තියනවා, විපක්ෂයේ. දැනට තියන දෙවැනි මතවාදය ඒකයි. දණ ගහලා වඳින එකයි.
තුන්වැනි මතවාදය තමයි, 2009 අපි ජයග්‍රහණය කළ මතවාදය. ජාත්‍යන්තර පරීක්ෂණය අපි ප්‍රතික්ෂේප කරනවා. අනිත් හැම දෙයක් ගැනම පරීක්ෂණයක් අපි කළ යුතුයි. අපිට වැරදුණු තැන් පිළිගෙන වැරදි හදා ගත යුතුයි. අපි අපේ වැරදි හදාගත්තොත් අපිට පුළුවන්, යෝජනාව මේක ප්‍රතික්ෂේප කරන්න. ඒකෙන් බේරෙන්න පුළුවන්. ඒක අවම කරන්න පුළුවන් ජාත්‍යන්තර පරීක්ෂණය ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රතික්ෂේප කරන අතරේ ඔය යෝජනාවේ තියන නිවැරදි හෝ, බාගෙට නිවැරදි දේ හදා ගත්තොත්.
මියන්මාරයට තහංචි රැසක් වැටුණා. නමුත් මියන්මාරය ඇතුළෙන් හැදුණා. තමුන්ගේ ප්‍රතිරූපය එහෙම පිටින්ම වෙනස් කළා. ප්‍රතිරෑපය වෙනස් කරන්න අපි බටහිර රටවල් බදා ගන්න ඕන නෑ. 2009 අපි ජිනීවා නුවරදී ඡන්ද 29 ගන්න බටහිර රටවල් බදා ගත්තේ නැහැ නේ. ප්‍රතිරූපය වෙනස් කළොත් අපිට පුළුවන් මේ යෝජනාව තවත් යෝජනාවකින් පරද්දන්න.
දැන් මේ පරීක්ෂණය බිහිවී තියෙන්නේ කොහොමද. පරීක්ෂණය බිහිවී තියෙන්නේ යෝජනාවක් මගින්. යෝජනාවක් මගින් බිහිවුණු පරීක්ෂණයක් වළලන්න පුළුවන්, වළක්වන්නත් පුළුවන් තවත් යෝජනාවකින්. ඒ යෝජනාව දිනා ගත යුතුයි. ඉතින් ඒක ගේන්න නම් රටවල්වලට ආමන්ත්‍රනය කරන හැටි, තර්ක කරන හැටි, කරුණු ඉදිරිපත් කරන හැටි දැනගෙන ඉන්න ඕනෑ. විදේශ කටයුතු භාර පිරිස ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශකයන් හැටියට කටයුතු කරනකොට නම් විදේශ රටවල ඡන්ද දිනාගන්න බෑ.
2009 අපි කටයුතු කළ ආකාරයට තමයි කටයුතු කරන්න ඕනෑ. අපි යෝජනාවක් ගෙනත් අපි වැඩිපුර ඡන්ද දිනා ගත්තා.
නමුත් මේ යන විදියට නම් ඒක කරන්න බෑ.
මෙවර පළාත් සභා ඡන්දයේදී විශාල පිරිසක් ඡන්දය භාවිත නොකිරීම හා ජිනීවා යෝජනාව අතර සම්බන්ධයක් තිබේද?
‘සාමාන්‍යෙයන් මහා ඡන්දෙකට වඩා ඕනෑම රටකට අනෙක් ඡන්දවල දී ඡන්දය දෙන පිරිස අඩු වෙනවා. නමුත් මෙවර වෙන කාරණයක් තියෙනවා. සමහරුන් කියනවා 18 වැනි සංශෝධනය නිසා, ආණ්ඩුවේ විවිධ දේ නිසා, ඡන්ද දිනන්න බෑ කියා. ඔය ඔක්කොම තියෙද්දි සන්නද්ධ හමුදාවෙන් විශාල පිරිසක් සිටිය දී උතුර දෙමළ සන්ධානය ජයග්‍රහණය කළා. හරි විපක්ෂයක් තිබේනම් මිනිසුන් ඡන්දේ දෙන්න එනවා. ඇවිත් ආණ්ඩු පරද්දනවා.‘
‘එහෙම නැතිකොට ඡන්දය දෙන්න හිතෙන්නේ නෑ. පවතින ආණ්ඩුව කියන දේ ගැන තියන විශ්වාසනීයත්වය දැන් බැහැගෙන යනවා. මිනිස්සුන්ට දැන් ප්‍රධාන විපක්ෂය ගැනත් විශ්වාසයක් නෑ. ඉතින් වෙනසක් නූනොත් ජනතාව වඩ වඩාත් දේශපාලන ක්‍රියාවලියෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. එහෙම වුණාම ඒවගේ රටන් ලේසියෙන් පරද්දන්න පුළුවන් වෙනත් බලවේගයන්ට. ‘
‘ජනතාව කුල්මත් කරන්න නම් ආණ්ඩුව විශ්වාසනීයත්වයට කටයුතු කරන්න ඕනෑ. එහෙම නැත්නම් සැබෑ, ආකර්ශනීය, ජනහිතකාමී විකල්පයක් විපක්ෂයෙන් මතුවෙන්න ඕනෑ. එහෙම නැති තැන අපි කොහොමද උගත් බුද්ධිමත් ඊලාම්වාදී පිරිස් සමග අපි ගෝලීය වශයෙන් තරග කරන්නේ. ඒක තමයි අපි අහගන්න ඕනෑ ප්‍රශ්නය.
(වීඩියෝ දසුන්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට කරන්න ඇත්තේ යථාර්තය හඳුනාගන්න බලන්න. එවිට රටේ අනාගතයටත් අපට බෙහෙවින් යහපත් කාලයක් උදා වෙයි. මෙය යහ පාලනයටත් මුල පිරුමක් වෙයි නේද? (නදී)
බන්දුල පෙරේරා මහත්තයා,අපි මේ ප්‍රශ්නය මීට වැඩිය බොහොම බුද්ධිමත්ව දකින්න ඕනෑ. ඔය මහත්මයා නම් විඳවන්නේ නැතුව ඇති. ලංකාවේ මෝඩ මිනිස්සුන්ට කියන බයිලා ලෝකෙට කියලා හරියන්නේ නැහැ. මේ ප්‍රශ්නයට බොහොම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මුහුණ දෙන්න ඕනෑ. පිල්ලේ මහත්මිය ලංකාවට අාවම එයාට එක එක යෝජනා ගෙනා ඇමැතිවරුත් මේ රටේ ඉන්නවා. හිතන්න එපා ඒවා ජාත්‍යන්තරය නොදන්නවා කියලා. ලෝකයේ කිසිම රටක ඒවගේ දේවල් සිදුවෙන්නේ නැහැ. ඒවායේ ප්‍රතිඵල තමයි ඔය. දයාන් ජයතිලක මහත්තයා ඉන්නේ කොහෙද කියන එක නොවෙයි අපි බලන්ට ඕනෑ. එයා කියනදෙය හරිද වැරදිද කියන එකයි. මේවා ගෙන කතාකරන්න සුදුසු මිනිස්සු පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. (නි)
අද අපගේ විදේශ පිළිවෙත පිට රටවල් වලට ගෙනියන්න හොඳ බුද්ධිමත් සුදුසුකම් තියෙන අය පත්කර ගත යුතුයි.(නදී)
අනේ මන්දා! මට නම් මේ ගැන තේරෙන්නේ නැහැ. මොනවා වුණත් අපට හැමදාම වෙන රටවල ජීවත් වන්න පාර කපනවා වගේ නේද? (නි)
ඉන්දික, බුද්ධිගලනය ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න.... (නි)
ජිනීවා ප්‍රශ්නය ඔයතරම්ම ඔඩු දුවන්න හේතුවුණේ අපගේ විදේශ සේවය තනිකරම දේශපාලන අනාථයන්ගේ විවේක ගන්නා තැනක් බවට පත්කර තිබීම කියලයි මම නම් හිතන්නේ. මේ වගේ දේවල් වලට මුහුණ දුන් පළවැනි රට ලංකාව නොවේ. ලංකාවේ පාලකයන් මීට වඩා බුද්ධිමත් ලෙස දැන්වත් වැඩ කළ යුතුයි. (නි)
මිහිර මහත්තයෝ, පෙඩරල්වාදියෝ අදටත් මේ රජයේ ඉඳගෙන පෙඩරල් මත වාද පතුරවමින් 13 ක්‍රියාත්මක කරවන්න දත කනවා.නමුත් ඔවුන්ගේ හඬට වඩා බලවත් හඬක් තවත් පිරිසකගේ තිබෙන නිසා එම අඳෝනාව යටපත් වෙලා තිබෙනවා.ඒ විදිහේ තත්ත්වයක් යටතේ මේ පුද්ගලයා ඔතනට පත් වෙලා ගිය එක ගැන අහන්න දෙයක් නැහැ.බෙදුම්වාදියෝ සතුටු කිරීම පරමාර්ථය කර ගත් අදහස් වලට වැඩ කළා නම් ඊළම බිහිවෙලා මෙලහකට.. (නි)
බන්දුල පෙරේරා ෆෙඩරල්වාදයට බය අැයි ඔච්චර? කැනඩාව ඇතුළේ ෆෙඩරල් නම්, ඇමරිකාව ෆෙඩරල් නම්, එක්සත් රාජධානිය ෆෙඩරල් කියලා වරදක් වෙලා තියනවද? එහෙම ෆෙඩරල් වෙන්න ඕනෑ. නැත්නම් සම අයිතීන් දෙන්න බැහැ. (නි)
වලක්වා ගත හැකිව තිබුණු තත්වයක් වැරදී විදිහට පාලනය කිරීම නිසා අනවශ්‍ය ප්‍රස්ණ මතු කරගත්තා.(නදී)
සමහරු ෆෙඩරල්වාදයට බැන බැන ඒක හොඳ නැහැයි කියමින් ෆෙඩරල් රටවල් වලට බෝට්ටු වල එල්ලිලා හොරෙන් බඩගානවා. මොකද බන්දුල පෙරේරා ඒ? (නි)
මානව හිමිකම් බිල්ලෙහි එක් අතුරු ප්‍රතිපලයක් තමයි මේ වගේ මතවාද රටට හිතකරයි කියන සංකල්පයට යටත්ව ඒ ආවරණයට මුවා වෙලා සමාජය අතර පැතිරවීමට ඉඩ කඩ විවර වීම.... (නි)
ඉතින් සත්‍ය මහත්තයෝ කොහෙද ඔය තරගේ තිබුණේ? මේ අවරුදු එන්නත් කලින්..කිව්වොත් කියන්නේ ඔය වගේ කෙප්පයක්ම තමයි..අම්ම තාත්ත නම් වෙන්න බැහැ ඔය නම දැම්මේ. (ස)
ඔබතුමා කියන දේත් ඇත්තක් තිබෙනවා. (නි)
බන්දුල මහත්තයා අපේ අහවල් ඇමතිතුමාගේ නෑදෑයොද මන්දා? මොකද එයාගේ වචනමයි බන්දුල මහත්තයාගේ වචනත් (නි)
ඔබතුමාගේ ප්‍රකාශ ගැන මම බෙහෙවින් කණගාටු වෙමි. (නි)
ඔබ කෙදිනක වත් අවස්ථාවාදී නොවන ප්‍රතිචාර ඉදිරිපත් කර නැහැ.(නදී)
බැලුම පුම්බන එකාට තියෙන සතුට බැලුම එන්න එන්න ප්‍රසාරණය වෙන හැටි දකින සතුටය. බැලුමට අන්තිමට ඉතිරි වෙන්නේ පුපුරා ගිය පසු බිමට පතිත වන රබර් කෑලි පමණයි. බැලුම් පිපිරවීමේ තරඟයෙන් ප්‍රථම ත්‍යාගය හිමිවන්නේ බන්දුල පෙරේරාට.(නදී)
මොනවා උනත් දැන් කාල ඉවරයි නේ දැන් තලු මරන්න (දී)
අරුණ,ඇත්ත තිත්ත වෙන්න පුළුවන්. යථාර්තය හඳුනාගන්න බලන්න. (නි)
ඇත්තටම මේ හැම දේකටම මුල සුදුස්සාට සුදුසු තැන නොලැබීම. ප්‍රාදේශිය සබාවේ ඉදන් හැම තැනම පත් කරන් ඉන්නේ වැඩි හරියක් ගොන් බඳින කණු. කිසිම වගකීමක් දැන් නැහැ. අනාගත සැලසුම් නැහැ. ගම නගරේ මෙහෙම වෙලා රටත් ඒ තත්වෙටම පත් වෙලා. අද රට වෙනුවෙන් හිතල වැඩ කරන අය කි දෙනාද ඉන්නේ? උගත් බුද්දිමත් වග කිවයුතු අය එකතු වෙලා සාකච්ඡා කරලා රට නිසි මගට ගෙන යා යුතුයි. ජාති,ආගම්,පක්ෂ,පාට අමතක කරමු. කිසිම කෙනෙකුට නැවත යුදමය වාතාවරණයක් අවශ්‍ය නැහැ. අතිගරු ජනාදිපතිතුමා මේ ගැන අවදානය යොමු කරත්වා.!(නදී)
2009දි දයාන් ජයතිලක නෙවේ මම ගියත් ඒ ඡන්දෙ දිනනවා. මොකද එතකොට ලෝකෙම හොල්මන් වෙලා හිටියේ ඒ යුද්දේ දිනපු විදිය ගැන. අනිත් එක ඒ වෙනකොට කොටි හිතවාදීන්, චැනල් 4 වගේ ඒවා ක්‍රියාත්මක වෙලා තිබුනේ නැහැ. අනිත් එක මෙයා කතා කරන විදියට ඇත්තටම අර කොටි හිතවාදීන් කියන විදියට මහා සංහාරයක් උනා වගේ කතා කරන්නේ.(නදී)
මානව හිමිකම් කඩ කළා කියලා මේ විදියට දොස් කිම වැරදියි.සැම කෙනාම අමතක කරනවා 1983 සිට 2009 දක්වා ත්‍රස්තවාදී ක්‍රියා කලාපය.දැන් වුණ දේ ගැන තර්ක කිරි මෙන් පලක් නෑ. රටේ අනාගතය ගැන සිතා වැඩ කළ යුතුයි. (ස)
ඔබතුමා කියන දෙය තේරම් ගන්න අය ලංකාවේ නැහැ. මම දැක්කා විඩියෝ එකක ඡන්දය දීල ගුටිත් කනවා. ලංකාවේ ජනතාවට මොළය පෑදේවා. (ස)
හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන අපි ජාත්‍යන්තර ගම්මානයක ජීවත් වන බව. ඒ වගේම ආයුධ අතට අරගෙන කිසිම සුදානමක් නැතුව තව කෙනෙක් සමග යුද්දෙට යන්නේ මෝඩයෝ. අපිට කොහෙද වැරදුනේ, කොහොමද වැරදි හදාගෙන ඉදිරියට යන්නේ සහ තව කෙනෙක් වැරද්දක් පෙන්නා දුන්නහම ඒ අයට නිග්‍රහ නොකර තමුන් ශක්තිමත් වෙන එකයි කරන්න ඕනේ. දැනුත් අපි ප්‍රමාද වැඩි නෑ. (ස)
මේ රටේ සිංහල අයිතියට ලැදිකමක් දක්වන සියලු දෙනාම දයාන් මහත්තයාගේ පැත්ත ගන්නවා. (නි)
මෙයත්, වාසුදේව නානායක්කාරත් දෙන්නම එක බෝට්ටුවේ අය. (අ)
නන්දන මම පිටිගල මිලානෝ නෙවෙයි. (දී)
පැහැදිලි කිරීම ගැන ලොකු ආඩම්බරයක් මෙවැනි අයගෙන් ලංකා රජය වැඩ ගන්නේ නැති වීම ගැන ? (අ)
ලංකාවට තව මොනවා වෙන්නද? වෙලා තියෙන හරියම මදැයි. (ස)
රානි, ෆෙඩරල් ක්‍රමය තියෙන්නේ රටක් විශාල වුණාම කොටස් වශයෙන් පාලනය කරන්න. අපේ රටට විසඳුමක් දෙන්න ඕනේ අපිම තමයි. ලෝකේ කොහෙද ජාත්‍යන්තරය මැදිහත් වෙලා රටක තිබිච්ච ප්‍රශ්නයක් ඉවර කරලා තියෙන්නේ. ඒගොල්ලෝ ගිය හැම තැනම ප්‍රශ්නේ වැඩි වුණා. හැබැයි ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවය ඉටු කරගත්තා. (ස)
පිටිගල මහතාණනි,ඔබත් ඒ දවස්වල උගත් හොඳ තරුණයෙක් වෙලා තිබියදීත් ඔයාම කියන විදියට ඒ ගොඩට අහු වුණේ නැත්තේ මොකද?ඔය කිව්වට ඔයාට නම් මොනවා හරි අඩුවක් තිබිලා නිසයි බේරිලා ඉන්නේ. (නි)
මිහිර, එය උගත් බුද්ධිමත් කෙනෙක් හින්ද තමයි එහෙම පත් කළේ. (ස)
දොන් පෙරේරා- ලන්ඩන්, ඔබතුමා වගේ බුද්ධිමත් අය ලන්ඩන් වලම ඉන්න එක අපිට ලොකු හයියක්! (ස)
ඉතින් අපි සමිතියකට බැඳිලා ඉන්නවා නම් එහි ප්‍රතිපත්ති වලට ගරු කරන්න ඕන. නැත්නම් ඉවත් වෙන්න ඕන. එක්සත් ජාතීන්ගේ සංගමයත් එහෙම තමයි. (ස)
කවුද මේ ප්‍රශ්නය ඇති කලේ ඇමරිකාව .. (දී)
එහෙම්ම කියන්නත් බැහැ අපි ඒ වෙනුවෙන් හඩක් නැගුවානේ (දී)
තනතුරු දරන කාලයේ මේ රටේ සුභ සිද්ධිය සඳහා තම කාර්යය හරියට කළා නම් බොහෝ ප්‍රශ්න වලට විසදුම් හොයා ගන්න තිබුනා.මේ රට නිදහස් කළ ජනපති ඇතුළු රණ විරුවන් සමඟ අප සියළු දෙනාම එකට එක් විය යුතුමයි. වීසා නොදිය යුතුයි. තියෙන සාමය නැති කිරීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව ලෙස මම දකින්නේ. (නි)
මම නම් කියන්නේ මේ කියන ආකාරයට ක්‍රියාත්මක වුණොත් මේ රට නැවතත් ලේ විලක් වෙනවා (නි)
ලක්ෂ්මන් කදිරගාම වැනි අයගේ සේවය රටට අහිමි වීමේ පාඩුව අපි වර්තමානයේ අත්දකිනවා(දිල්).
කොහොම හරි දැන් කාල ඉවරනේ (දී)
අපිට දුක ලංකාවේ විදෙස් සේවය ගැනයි. (ස)
ලංකාවේ යුද අපරාද සිදු උනානම් එය මෙහෙයවපු සරත් පොන්සේකා මහතා පොදු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් උණු පාර දෙමල ටී.එන්.ඒ ප්‍රමුක දෙමල ජනතාව ඡන්දෙ දුන්නේ මොකද එය තේරුම් ගැනීමට බැරි ජත්‍යන්තරයේ තීන්දු තීරණ සිංහල ජනතාව ප්‍රතික්ෂේප කරති. ගිය පාර ඔබතුමාත් සහභාගි උනුවෙලාවේ මේවා කියලා නැවත නැවත එම යෝජනාවම ගෙන ඒම වලක්වන්නට තිබුනනේ. කෝලන්.(නදී)
අපරාදේ යුද්ධ කලේ කියල කාටවත් හිතෙන්නේ නැහැ නේද ?(නදී)
මට නම් තියෙන ගැටළුව ඕක නෙමෙයි එතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි නිත්‍ය නියෝජිතයා වශයෙන් ඉන්න කාලෙ මොක ද කළේ කියන එකයි. (දිල්)
මෙයා වර්ධරාජා පෙරුමාල්ගේ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ හිටපු එකම සිංහල සාමාජිකයා ..ඒ නිසා ඔහු දැන් කියන දේවල් වල අරමුණ ඔහුගේ පැරණි මතවාද සමග ගැලපෙනවා (අ)
මෙවැනි අයගෙන් ලංකා රජය වැඩ ගන්නේ නැති වුනත් බෙදුම් වාදීන් නම්හොඳට වැඩ ගන්නා බව විස්වාසයි. (අ)
ඔබතුමා මේක හරියටම විස්තර කළා. ඒකට බොහොම පින්. අපේ ඉන්න මේ අයට ඕවා තේරෙන්නේ නැහැ. ඉල්ලගෙනම කනවා. (නි)
මම 2010 මහින්ද මහත්තයට චන්දෙ දුන්නේ දයාන් ජයතිලක මහතාගේ කතාවක් අහල. එතුමා හරියටම පැහැදිලි කරලා දුන්න මොකක් නිසාද අපි එතුමාට ඡන්දය දිය යුත්තේ කියලා (දිල්)
කවදාවත් ලංකාව හැදෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, එංගලන්තය වගේ රටකට යන්නයි තියෙන්නේ.(නදී)
1989 කිසිම වරදක් නොකර සුදු වෑන් වල අරන් ගිහින් වදකාගාර වල දස වධ දීල මරපු ඒවා පාරවල් අයිනේ තිබු රෝස්ට් කල මල මිනි.(නදී)
මමත් යුද්දෙට සම්බන්ධ නොවුණාට ආරක්ෂක සේවාවේ හිටිය කෙනෙක් හැටියට එහෙම හිතෙනවා ලලිත්. (ස)
රාණි මැතිණියනි, මේ කැනඩාවවත් ඇමෙරිකාවවත් බ්‍රිතාන්‍යයවත් නොව ශ්‍රී ලංකාවයි.මේක ආසියාකරයේ තුන්වන ලෝකයේ රටක්.ධනවාදී රටවල සැප සම්පත් විදින ඔබ දකින සුභ සිහින සිහින අපද දුටුවහොත් අපේ දරුවන්ට හෙටක් දකින්නට ලංකාවක් ඉතුරු නොවනු ඇත. (ස)
"අනිත් එක එල්ටීටීඊය එන එක නවත්වන්න පුළුවන් ඉන්දියාව එක්ක හොඳ සම්බන්ධතාවක් ඇති කර ගත්තොත්. එතකොට ඉන්දියා නාවික හමුදාව කලින් වගේ අපේ නාවික හමුදාව එක්ක එකතුවී ඒ මුහුදු සීමාව වසා දමයි. ඉතින් ඒක කරන්න නම් 13 වැනි සංශෝධනය පරිපූර්ණ වශයෙන්ම ක්‍රියාත්මක කරන්න වෙනවා. " මෙයා එන්නේ මොකටද කියලා තේරෙන්නේ නැත්නම් ඉතින් එයාල අම්මලාගෙන් කිරි බිව්වා එව්වෝ නෙමෙයි.. (දී)
ආණ්ඩුවෙන් එලිය ඇදල දාපු දවෙසේ ඉදන් තම මේ කතා ඔකොම කියන්නේ..(අ)
පිටිගල, ඔබ හරි. (ස)
මෙය කොහොමද මේක ගැන මෙචර දන්නේ.කාගේ පදේටද නටනේ කියල අපි දන්නවා (අ)
සුද්දෝ අපේ රටට එන්නේ අපේ ප්‍රශ්න විසදන්න නෙවෙයි.අපේ රටේ නැති ප්‍රශ්න ඇති කරන්න. ඉතින් දැනට ලෝක මතයට අනුව සහ අපේ රටේ ආණ්ඩුව ක්‍රියා කරන විදිහට සුද්දෝ එන එක නවත්වන්නත් බැහැ. (ස)
එක්සත් ජාතීන්ගේ සංවිධානයක අවශ්‍යතාවය ලෝකයට දැනුනේ ලෝක යුද්ධයෙන් පස්සේ.එක රටක් තව රටක් අල්ලාගන්නට ජන සංහාරයක් හෝ ආඥාදායකයෙක් රටක මිනිස්සු තලා පෙළමින් කටයුතු කිරීම වැළැක්වීමට නම් මේ සංවිධානයේ අවසර ඕනෑ. මේක නරකයි කියන්න පුලුවන්ද? (නි)
ෆෙඩරල් දෙන්න බැරි නම්, ඒකට ඔය තරම් බය නම් මෙන්න මේ ටික හිතට ගන්න. සුළු ජාතීන්ගේ සමානාත්මතාවය කට වචනෙන් පමණක් නොකියා ව්‍යවස්ථාවෙන් ලියලා පෙන්වන්න. (නි)
ඔබතුමා කියන දේට උත්තර දෙන්න ආණ්ඩුවේ කාටවත් පුළුවන් කමක් නැහැ. එංගලන්තේ ඉන්න අපි දැනගත්ත මේ ටික වෙන බව .(ත)
මේ වගේ දේවල් ගොඩින් බේරා නොගත්තොත් ලංකාව බොහොම අයහපත්වෙන්න පුළුවන් (දී)
මහ ජාතියගේ අයිතීන් සුළු ජාතීන්ට දෙන්න නොහැකි නම් ලොව පිළිගත් ෆෙඩරල්,කොන්ෆෙඩරල්,ලිබරල් වැනි දේශපාලන න්‍යායන් පිළිගැනීමටත් බැරි නම් කුල බේදය නැවත හදලා පරණ ක්‍රමයට යමු.එවිට නැති වූ ශ්‍රී විභූතියත් නැවත ලැබේවි.හොඳ සිංහල ක්‍රමයේ පාලනයක් නැවත ලැබේවි.මොකද කියන්නේ කට්ටිය... (නි)
පැහැදිලි ලෙස විස්තර කර දීම ගැන උපහාරය ..........! (දී)
මෑතකදි ලන්කාවෙ උන සිදුවිමුත් මෙ යොජනාව සම්මත විමට බලපෑව කියන එකයි මගෙ නම් අදහස.. කටුනායක රොශෙන් චානක පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුන එක, රතුපස්වල මිනිස්සු වෙඩි තියල මරපු එක,දකුනෙ පිකටින් එකකදි වෙඩි තියලා මිනිස්සු මරපු එක, එ වගෙම මිනිස්සුන්ගෙ මානව හිමිකම් ආරක්ශා කරන්න තියෙන ප්‍රබලම ආයතනය වන අධිකරනය දේශපාලනිකරනය කිරිම හ අධිකරනයෙන් අවශය නියෝග ගෑනිම හ හිතවාදි අපරාද කරුවන් නිදහස් කිරිම , මිනී මරු, කාන්තා දුෂක ඈමති, මන්ත්‍රි වරු අධිකරනයෙන් අත් හිටවු සිරදඩුවම් ලැබී නිදහස් විම(උදාහරන කියන්න ඔනි නෑනෙ ) ජන මාධ්‍ය මුලුමුනින්ම මර්දනය කිරිම වගේ දෙවල් ගෑන ජාත්‍යන්තරය හොද අවදානයකින් ඉන්නවා.. මෙ කිසිම දෙයකට ආන්ඩුවෙන් පියවර ගත්තෙ නෑ නෙ.. ඈත්තටම මෙ වගෙ දෙවල් වලින් අසාදාරනයට ලක් උනු මිනිස්සුන්ටත් (රොශෙන් චානක ගෙ අම්මට තත්තා ට වගෙ..} අයටත් හිතෙනවා ඈති මෙ රට මානව හිමිකම් නෑති රටක් කියලා.. බලාගෙන ගියාම ජාත්‍යන්තරයටත් අපේ රට ගෑන එහෙම පෙන එක හරිද වෑරදිද කියලා ඔබම තිරනය කරන්න.. මානව හිමිකම් කියන්නෙ තස්ත්‍රවාදි යුද්දෙදි වුනා කියන දේවල්ම නෙමෙයි නෙද?...(දී)
දයාන් ජයතිලකගේ ප්‍රාධාන මාතෘකාව ජිනීවා ජිනීවා කෙවටිය අතට ගෙන මොහුතමයි මුල සිටම මෙයට පිදුරුදාන පුද්ගලයින් අතර පුද්ගලයා.(අ)
ලංකාවේ අනාගතයට හොදක් වෙනවානම් එච්චරයි (දී)
බන්දුල පෙරේරා මහත්තයෝ, කඩේ නොයා තමන්ගේ ශ්‍රමයෙන් නැගිටින්න බලන්න.මං කිවුවේ පක්ෂ විපක්ෂ හැම හිවලෙක්ම ඔය තනන්නේ අපට ආදරේට නොවේ. අපට හෙණ වදින්නෙම ඔන්න ඔය කඩේ යෑම නිසානේ. (නි)
මේකේ අදහස් හැටියට ප්‍රකාශ වෙලා තියෙන දේවල් මානව හිමිකම් කෞන්සිලයේදී කියවුනනම් හරි.යුද්දෙදි සිදුවන සිදුවීම් වලින් හිමිකම් කඩ වෙන එක පොදු දෙයක් ඒවාට රාජ්‍ය තාන්ත්‍රිකව මුහුණ දිය යුතුයි .පපුවට ගහ ගත්තට වැඩක් නැහැ .දැන් ලංකාවේ වෙන දේවල් ඇහුවම හැම ආණ්ඩුවේ සාමාජිකයෙක්ම කරන්නේ මානව හිමිකම් ගිල දැමීමි. (දී)
ඡන්දෙත් ඉවරයි ජිනිවත් ඉවරයි. මෙච්චරකල් නැතිව ඡන්දෙට දවස් දෙකකට කලින් තකහනියක් අහන්ට ගත්තු නඩුවකුත් තියෙනව නේද? (නදී)
ඉන්දියාවත් හරියට කාලගුණය වගේ (දී)
හිත දැනගෙනත් කියන කතා (දී)
පිටිගල මිලානෝ අයියාගේ කතාවට මමත් එකඟයි. (ස)
ඉල්ලන් කෑමක් කියන එක වැරදියි මොකද අපි අද ගහලා අපිව යුධාධිකරණයට දෙනියන්න කියුවේ නැහැනේ (දී)
ලිප ගිනි ඇවිලෙන තෙක් දිය සැලියේ, සැපයක් යෑයි කකුළුවා දිය කෙලියේ.. මේක තමා ආණ්ඩුවේ ප්‍රතිචාරය (ත)
මිලානෝ පිටිගල අයියා 'ආරක්ෂක සේවයේ' හිටිය කියල කිව්වට හිටියේ බන්ධනාගාර සේවයේ. (ස)
බන්දුල මොලේ නැද්ද ? (ස)
ලංකාව දැන් ඉස්සරහට පරිස්සම් වෙන්න ඕනේ (දී)
එදා මේදා තුර ප්‍රන්ශයේදී දුටු කොන්ද පණ ඇති රාජ්‍යතාන්ත්‍රිකය (අ)
යථාර්තය ගැන කියන්නට ශක්තියක් තිබු ඔබට ජය! (නි)
මොනවා වුණත් මොහු අපිට වැදගත් වන පුද්ගලයෙක්. (නි)
බන්දුල පෙරේරා නමින් පෙනී සිටින කෙනාට මොලයක් තිබුනට හරි වැරදි හොයාගන්න බැහැ.මොන දේටත් එකම උත්තරේ. (දී)
සුධීර මාහත්තයා කඩේ යන්නැති කෙනෙක් වාගේ මට පේන්නේ. අනේ හොදයි.මම නම් කඩේ යන්න ඕන තැන කඩේ යනවා. මේ දයාන් මහත්තය ඉටු කරන කොන්ත්‍රාත්තුව තව ටික දවසකින් සාධක සහිතවම සමාජය ඉදිරියේ හෙළිදරව් වේවි.එදාට ඔබතුමාත් කඩේ පැත්තේ පොඩ්ඩක් ගිහින් බලන්න ලජ්ජා නොවී.සුපර් මාර්කට් එකට වඩා කඩේ බඩු ගොඩක් ලාභයි.(නදී)
පිටිගල විසෙන් විස නැසීමක් 1989 කළේ නැත්නම් අද ලංකාව අපායක්. ඔයා ඒ දවස්වල ඉපදිලා නැතුව ඇති. හොඳට තත්කාලීන ඉතිහාසය කියවා දැන ගන්න. (නි)
ඔය කවුන්සිලයෙන් අපේ රටට ඉවත් වෙන්න බැරිද? යන ප්‍රශ්නයට තොරතුරු හොයලා ලිපියක් පළකරන්නකෝ. මම හිතනවා ඒකට සියලු ප්‍රේක්ෂකයෝ කැමති වෙයි කියලා. (නි)
මම ඔබතුමාගේ බොහෝ දේ සමග එකඟය. නමුත් මට හිතෙන විදියට 13 වෙනි සංශෝදනය යනු අපගේ කැමැත්තට පටහැනිව ජයවර්දන ආණ්ඩුව බියවද්දා ඉන්දියාව අප වෙත බලෙන් පටවනු ලැබුවකි. එයට හේතුව නම් ඉන්දියාවට අවශ්‍ය ආකාරයට ලංකාවේ ආර්ථික හා භූ දේශපාලනික කටයුතු හැසිරවිමටයි. මෙවර ඔවුන් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි නොකර සිටියේ ඔවුන්ට ඉහලින් බටහිර රටවල් ලංකාව මත බලපෑම් කිරීම නිසා ඉන්දියාවේ බලපෑම දුර්වල වී මෙහි [ලංකාවේ] කටයුතු හැසිරවීමේ යම් නෛතික බලයක් බටහිරට ලැබේවි කියන බිය නිසා බවයි මම නම් හිතන්නේ. ඔබගේ කතාවේ අවසාන කොටස ගැන මම සම්පුර්ණයෙන්ම එකඟ වෙමි.(නදී)
ජයතිලක මහතා හරි. විජේසිංහ මහතා වගේ මිනිස්සු නැහැ ලංකාව වෙනුවෙන් කරුණු කියන්න. දුක ලංකාවේ විදෙස් සේවය ගැනයි. (නි)
අනේ ජවිදු මහත්තයෝ,ඔබතුමා කියන විදියට කඩු පොලු ගල් අරන් එනකොට පොලිසියට ගල් වලින් ගහනකොට හමුදාවට ගහනකොට මානව හිමිකම් කියලා ආයුධත් දාලා දුවන්නද කියන්නේ? ඕනෑම දේක සීමාවක් තියෙනවා.මානව හිමිකමේත් එහෙම තමයි.ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලත් එහෙම තමයි.සීමාව ඉක්මවා ගිය තැන් වලදී තමය ඔය ඔක්කොම වෙඩි කෑවේ.කව්රුවත් ආශාවට වෙඩි තිබ්බේ නැහැ.ඔය හැම සිදුවීමක්ම වූ හැටි මුල සිට අගට අපි රූපවාහිනියෙන් දැක්කා.මහජන දේපල විනාශ කරමින් තමන්ට වඩා චණ්ඩි නැහැ කියලා හිතා ගෙන වීරයෝ වෙන්න හදපු ඔක්කොම වැඩේ වැරදුනාට පස්සේ අනේ හය හතර නොදන්නා අහිංසකයෝ.ලංකාවේ මිනිස්සු දන්නවා වුණේ මොකක්ද කියලත් මළමිනී දේශපාලනේ කියන්නේ මොකක්ද කියලත් එම දේශපාලනේ කරන්නේ කවුද කියලත්.... (නි)
ඔබතුමාගේ කතාව හරියටම හරි ලංකාදීපයට තුති මෙවන් බුද්ධිමතුන්ගේ මතය සමාජයට ගෙන දැක්කුවාට (දී)
අද ලංකාවේ වැඩි දෙනෙක් මේ ප්‍රාදේශීය පාලන ක්‍රම ප්‍රතික්ෂේප කරනවා. විශේෂයෙන් වර්තමාන සමහර ප්‍රාදේශීය පාලකයන් ගෙන යන දේශද්‍රෝහී වැඩ.එනම් රටේ සම්පත් කොල්ලකෑම, දරුවන්, කාන්තාවන් දූෂණය කිරීම, හොරකම්,මැරකම් ,මත්පැන් සහ මත්ද්‍රව්‍ය වෙළඳාම, මිනීමැරුම් ගැන ජනතාව දැඩි කලකිරීමකින් සහ කෝපයෙන් ඉන්නේ. එහෙත් ඒ සඳහා විකල්පයක් නැති නිසා නිහඬව ඉන්නවා. ඡන්ද ගැනත් ජනතාව අපේක්ෂකයන් තරමට සැළකිල්ලක් නොදක්වන බව මේ මැතිවරණ වලින් පේනවා නේද? (නි)
ගොඩක් දෙනෙක් මේ අදහස් දකින්නේ බුද්ධිමත් මිනිසෙක් යථාර්තය ගැන දක්වන අදහස් ලෙසින්.නමුත් සත්‍යය ඒක නොවෙයි.මේ බොර දියේ මාළු බාන්න දරන කපටි උත්සාහයක් ලෙසයි මම නම් දකින්නේ.ඕනෑම යුද්ධයකදී සිදු වන දේවල් මේ යුද්ධයේදීත් වුණා.ඒක හැමෝම දන්නා සත්‍යයක්.මේ ලෝක ඉතිහාසයේ ඉන්න දරුණුම යුද අපරාධකාරයා තමයි අද අපිට චෝදනා ගෙනෙන්නේ. (නි)
යථාර්තය ගැන කියන්නට ශක්තියක් තිබු ඔබට ජය! (නි)
ජවිඳු! ඔබ හරි. බන්දුල බරටම කඩේ යනකොට බන්දුල වෙනුවෙන් කඩේ යන මිනිස්සුත් පහළ වෙලා ඉන්න මොහොතක ඔබේ හඬත් මගේ හඬත් සුළඟට මුසු වෙලා හිස් අහසේ පාවී යන්න පුළුවන්. ආණ්ඩුව වැරදි මග යන බව ප්‍රකාශ කළ සැමටම එලව එළවා පහර දෙන්න බන්දුලලා වැනි හිස් මිනිසුන් රටකට ඵලක් නැත.(නදී)
මේ වගේ මිනිස්සුන් කියන දේවල් අහක දාන්න අපිට බැහැ (දී)
මේවා ගැන මොනවා කතා වුණත්මේ දේවල් තව අවුරුදු 50කටවත් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඒ නිසා මේවා ගැන කතා කිරීමත් කාලය නාස්ති කිරීමක් (නි)
ඉතා බුද්ධිමත් මනුස්සයෙක් මෙතුමා (දී)
චන්ද්‍ර වීරසිංහ ඒ දවස්වල මම හොඳ තරුණයෙක්. ඒ ගොල්ලේ නැසුවේ විසෙන් විස නෙවෙයි අහිංසකයෝ.ලස්සන කෙල්ලෝ. උගත් කොල්ලෝ. කැරලි කරුවෝ නෙවෙයි. විසෙන් විස නැසුවානම් මට කතාවක් නැහැ. චන්ද්‍ර ඔබ තමයි නොදැන කතා කරන්නේ.විශ්ව විද්‍යාලේ ගිය හෙතුව නිසා මම දන්නා ළමයි කීප දෙනෙක් සුදු වැන් එකේ ගියා, ආපහු ආවේ නැහැ. (දී)
අපි මීලගට ජිනීවා වල ලංකාවට එරෙහිව වන කුමන්ත්‍රණය දිහා බලමු (දී)
මොනවා වුණත් අපි ලංකාව හැර නොයමු. (නි)
කුඩා ළමුන්ගේ කරේ සයිනයිට් පළදවා,සිය ජාතිකයන්වම ඝාතනය කරමින්,අහිංසක දෙමළ තරුණ පිරිසක් විනාශයට ගොදුරු කළ, මුළු ශ්‍රී ලංකාවම විනාශ කළ මිනීමරුවෙක් දෙමළ ජනතාවට විරයෙක්වත්, ජයතිලක මහතාට අනුව හොඳ මනසක් ඇති කෙනෙක්වත් වේ යැයි අපට නම් නොසිතේ. (නි)
ලංකාවේ මිනිස්සුන්ගේ සුවිශේෂම දුර්වලතාවය තමයි සත්‍යය පිළිගැනීමට ඇති අකමැත්ත. පාලකයන් ජනතාව නොමඟ යවන්න කියන හරසුන් කතා ඇත්ත විදියට දකින්න බොහෝ පිරිසක් පුරුදු වෙලා. හැමදෙයක් දෙසම ජාතිවාදී කෝණයකින් බැලුවොත් රටේ විනාශය වැඩි ඈතක නොවේ. ජනතාවනි, බුද්ධිමත් වන්න. වැරදි නිවැරදි කිරීමත් වැරදිකාරයන්ට දඩුවම් ලබාදීමත් අද නොකළොත් ඉදිරියට ඔවුන් මොන දේ කළත් උඩ බලාගෙන ඉන්න තමයි වෙන්නේ. (නි)
රටේ යුද්ධය දිනුවේ රණවිරුවෝ. එහි ගෞරවය බලෙන් පවරාගත් බොරු කාඩ්බෝඩ් වීරයන් හිතුවා ලෝකයත් මේ රටේ ජනතාව වගේ රවට්ටන්න පුළුවන් කියලා. අවසානය මෙන්න දැක්කද? දැන් විඳවන්නේ කවුද? ඔය කවුරුවත් නොවෙයි, අපිමයි,අසරණ ජනතාවයි. ඔන්න ඇත්ත (නි)
මේ මනුස්සය කියන දෙය තේරුම් ගන්න ඔලුවක් සමහරුන්ට නැහැ. ලංකාව ඇතුලේ දුෂණ, වංචා,කොමිස් ගැහිලි,අතුරු දහන් වීම්, පොලිසිය කෙලින් වැඩ කරන්නේ නැතුව, දේශපාලකයෝ ලග දනින් වැටීම් වගේ දේවල් ලංකාව ඇතුලේ විතරම තමා වලංගු. මේ රටාව නිසා වක්‍රව ජාත්‍යන්තර පරීක්ෂන වලට අපිට මුහුණ දෙන්න වීම සාදාරන නොවේද? පපුවට ගහ ගත්තට වැඩක් නැහැ. අවංකව රටට ආදරය කල යුතු වේ.(නදී)
අපට නම් ඔබතුමාගේ කතාවෙයි විරුද්ධ පක්ෂ වල කතාවෙයි වෙනසක් නැහැ. විරුද්ධ පක්ෂ කියන්නේ ආණ්ඩුව කරන විදිය වැරදියි කියලා. නමුත් කළ යුතු දේ කියන්නේ නැහැ. අපි හිතනවා උගත් දේශපාලන පඬිවරයෙකු හැටියට ඔබතුමාගෙන් විය යුත්තේ මේ පිළිබඳ ගත යුතු ක්‍රමවේදය විවෘත සංදේශයක් මගින් රජයට ඉදිරිපත් කිරීම කියලා.අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ කළයුතු නිවැරදි ක්‍රමවේදය පමණයි. (නි)
අපේ දිසා ඇත්ත දැකලා තියෙන්නේ මේ මහත්තයා කිවුවට පස්සේ වගේ.ඔබතුමා මේ රජය ගැන වෛරයෙන් විඳවනවා ඇති. නැතුව මේ රටට ආදරය කරන මේ රටේ කවුරුවත් විඳවන්නේ නැහැ මහත්තයෝ.මේ දයාන් ජයතිලක මහත්තයා එදා ඉඳලම පෙනී හිටියේ මේ මතවාදේ වෙනුවෙන්. මේ කියන ආකාරයට ක්‍රියාත්මක වුණොත් මේ රට ආයෙත් ලේ විලක් වේවි. බෙදුම්වාදීන්ගේ බලාපොරොත්තු ඉටුවේවි. (නි)
ඔබ වැන්නවුන් ගෙන් මෙරට ප්‍රයෝජන නොගැනීම කණගාටුදායක තත්වයක්.(නදී)
අසල්වැසි ඉන්දියාව අපිට හොද ආදර්ශයක්. පැහැදිලි දේශපාලන ප්‍රතිපත්තියක් තියනවා ආණ්ඩුවක් මාරු උනාට වෙනස් නොවන.(නදී)
71,88 වගේම උතුරේ යුද්දත් මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර ඉල්ලීම් ලෙසයි පන නැගුනේ. කෝ අදටත් වෙච්ච දෙයක් තියනවද. උදාහරණයක් ලෙස පන්දමට රස්සා නොදෙවූ කියල 88 කිවා. අදටත් එහෙමයි. අන්තිමට නැති උනේ ජිවිත පමණයි. දැන් හොඳම දේ වෙන කොහෙට හරි බෝට්ටුවකින් වත් මාරු වෙන එක.(නදී)
මොනවා වෙන්නද ඉතින්, තව ටිකක් අපේ බඩටම වදීවි. (නි)
ඔය මානව හිමිකම් ගැන කතා කරන්නේ කටින්ද? ලංකාවේ මිනිස්සු අමු අමුවේ මැරෙනකොට කොහෙද දන්නෙ නැහැ හිටියේ? (නි)
මිට ඉහළින් මහත්මයෙක් කියන විදියට මේ මහත්මයා එදා ඉඳලම පෙනී සිටියේ මෙම මතයේ නම් ඇයි මෙතුමාව එ.ජා. සංවිධානයේ නිත්‍ය නියෝජිතයා ලෙස පත්කළේ? (නි)
ඔබ තුමාට හරි සතුටක් බව පේනවා. මහතත්යෝ එන්.ජී.ඕ වලට කඩේ යන්න එපා.(නදී)