මහින්ද සමරසිංහ මහතාගේ කථාවෙන් පසු ඩී.ඇම්.ස්වාමිනාදන් මහතාට කථා කිරීමේ අවස්ථාව ලැබීමත් සමග විපක්ෂ මන්ත්‍රීවරු කෑ කෝ ගසන්නට වූහ. කථානායක නියමයද කඩකරමින් විපක්ෂයට අසාධාරණයක් කරතියි ඔවුහු කියන්නට වූහ.
ඊළඟ කථා කිරීමේ අවස්ථාව විමල් වීරවංශ මහතාට හිමිවිය යුතුයැයි ඔවුහු කෑ ගැසූහ. මූලාසනයේ සිටි මුජිබර් රහුමන් මහතා පැවසූයේ තමාට ලැබුණු ලැයිස්තුව අනුව කථා කිරීමේ අවස්ථාව දෙන බවයි. විපක්ෂ මන්ත්‍රීවරු ඊටද විරෝධය පළ කරමින් කෑගැසූහ. පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තැබිණි.
නියෝජ්‍ය වේත්‍රධාරී සභාව මැදට ගොස් සෙන්කෝලය යළි ගුණවර්ධන මහතාගේ ග්‍රහණයෙන් බේරා ගත්තේය. සභාව යළි රැස්වූ පසු විමල් වීරවංශ මහතාට කථා කිරීමට අවස්ථාව ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ විහිළු සපයන්න තමයි අපේ දේශපාලකතුමන්ලා දන්නේ. (නි)
මේක කලින් වෙන කෙනෙකුත් ඉස්සුවා නේද? (නි)
සෙංකෝලය ඔසවා ගෙන යෑම සුපුරුදු විරෝධය පෑමක්. ස්වාමිනාතන් මහතා කතා කළ යුතු නැත්ද? (අ)
සෙන්කෝලයටත් තියෙන්නේ මාර ඉල්ලුමක් නේද. ඕක රත්තරන්වලින්ද දන්නේ නෑ හදල තිබෙන්නේ(අ)
මට මගේ පාසල් කාලය මතක් උනා. (ර)
සෙංකෝලය රත්තරන් වලින් හදලා තිබුනා නම් මොනා වෙයිද.? (ර)
මේ හැසිරීම් කුඩා දරුවන්ගේ වගෙයි නේද? අපේ දරුවනුත් මේවා බලනවානේ. අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)
සෙන්කෝලය අරගෙන දුවන එක තමයි අපේ දේශපාලකයෝ ඉතින් දන්න හොඳම දේ (නි)
1970 ආණ්ඩුව කාලේ වාසු ඕක අරන් යද්දී ගුටි කෑව (අ)
ඒ කියන්නේ එතැනදී කුලප්පු වෙලා දුවන එකත් ස්ටයිල් එකක්. අපි කුඩා කාලේ ගමේ වෙල් එළියේ කුලප්පු වෙමින් ඔවුන් දුවපැන ඇවිදින හැටි දැකලා අපි මොනතරම් සතුටු වුනාද? මේවා දකිද්දී අපි ඒ ළමා කාලයේ දුටු ඒ සුන්දර දසුන් සිහියට නැගුනා. එදා අඩුවකට තිබුනේ සෙන්කෝලයක් විතරයි. (බ)
අනේ පිලිප් සිටියනන් මේ වලිප්පුවට බෙහෙත් දේවි. (බ)
පරිණත දේශපාලකයකු වූ දිනේෂ්ගේ හැසිරීම පිළිකුල් සහගතයි (බ)
අනේ මන්ද ,අපේ මහජන නිජිතයින් රටේ දැවෙන ප්‍රශ්න තිබියදී මැතිසබෙත් එලිය මහා ජනය ඉදිරිය්දිත් කසල ගෙඩවල් අවුස්සමින් දැන නටනවා. එල් ටීටීඊ ග්‍රහණයෙන් රට මුදවීමෙදී ඇතිවී ප්‍රශ්න ගැන රජයේ මැදිහත් කිරීම ගැන කතා කිරීම් උචිතයි. (බ)
සෙන්කෝලය අපේ පාර්ලිමේන්තුවට හඳුන්වා දෙන්නේ බ්‍රිතාන්‍යයේ රජ හෝ රැජිනගේ නියෝජනයක් ලෙසයි. ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි අවස්ථාවල ගන්නා තීරණ නීත්‍යානුකූල වන්නේ සෙන්කෝලය ඇති විටයි. මේ ක්‍රමය වෙනස් විය යුතු නොවන්නේද? (අ)
මෛත්‍රීපාල සිරිසේන මයා ජනපතිවෙලා දැන් මාස 10 කුත් සම්පුර්ණ වෙලා. මේ රටේ සාමාන්‍ය ජනතාවට එදිනෙදා ජීවිතයට බලපාන සෙතක් සහනයක් වෙන කිසිම පනතක් ගෙනහල්ල නෑ කියල තමයි කණින් කොනින් ඇහෙන්න තියෙන්නේ.(රේ)