ඉදිකිරීම් පරිශ්‍රයකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් හිසේ බරපතල තුවාල ලැබු මේජර් ජනරාල් සුමිත් මානවඩු කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
දෙල්කඳ හන්දියේ වැඩබිමක දී පරාලයක් හිසට වැදී ඔහු තුවාල ලැබූ බව රෝහල් ආරංචි පවසයි.
ඔහුට හදිසි සැත්කමක් කිරීමට කටයුතු යොදා ඇතැයි කියති.
හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා ලෙස 2010 ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ අතර මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ පසු ෆොන්සේකාගේ ආරක්ෂාවට සිටි සොල්දාදුවන් අත්අඩංගුවට ගනු ලැබූවේ ද මේජර් ජනරාල් සුමිත් මානවඩු විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ලැබේවා.(හේ)
ෆොන්සේකා මහතාව කුදලාගෙන ගියේ මෙයා නේද ??(හේ)
මිනිහෙකුට කරදරයක් වුනාම ඔහෙලා වගේ මිනිස්සු ඉන්න එකත් ලැජ්ජයි (බ)
මනුස්සයෙකුට කරදරයක් වුනාම ඔවැනි දේවල් කියන්න හොද නැහැ.පව්. ඔයිට වඩා අපරාධකාරයෝ ලස්සනට ජීවත් වෙන්නේ.ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා....(බ)
මා කිසිවිටකත් කෙනකුට කරදරයක් වුණු විට සතුටු නොවෙමි. නමුත් මේ දෙයින් අපිට පාඩමක් කියා දී ඇත. කාගෙන් බේරුණත් අපට සොබා දහමින් ගැලවීමක් නැත (බ)
බුදුදහමේ ඉගැන්වෙන "දිට්ඨාදම්මවෙදනීය කර්මය" පැහැදිලි කිරීමක්. (බ)
හෙළයේ ශ්‍රේෂ්ඨ විරුවෙක්. තෙරුවන් සරණින් ඉකමන් සුවය ප්‍රර්ථනා කරමි.(හේ)
නුතන යුගයේදීත් පුදුමාකාර මිනුම් දඬු යොදා මෙවන් සැසදීම් සිදු වෙනවානේ.මෙය එක් හුදකලා සිද්ධියක් පමණක් විය නොහැකිද ! කිසිවකු අනතුරකදී කුහක සතුටක් ලබන්නට තරම් පිරිහිය යුතු නැත. (හේ)
ගොඩක් අමාරුද?(හේ)
අපි කාටත් අනතුරු, අසනීප වීම් වෙනවා ... මොහුට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි .(හේ)
මිනිස්සු හිතුවෙ සරත් ෆොන්සේකා දරුණු මිනිසෙක් කියල..ඒත් එහෙම නෙවෙයි වගේ..නැත්තම් තමන්ගෙන් මෙච්චර පළිගත්ත ,නිකරුණේ වද හිංසා කළා මේ වගේ තමන්ගෙ හතුරන්ට මොනව හරි කරනවනේ ..අන්තිමට දෙයියොම දඩුවම් දුන්නා (බ)
කෙනෙකුට කරදරයක් වුනාම දාන කොමන්ට්ස් බැලුවම මට නම් ඇතිවෙන්නේ කණගාටුවක්. දරුවන් ඉහල අධ්‍යාපනයක් දෙන අතරම දහම් පාසල් අනිවාර්ය කළ යුතුයි. (බ)
සමහර විට මානවඩු මහත්තය හොඳ කෙනෙක් වෙන්ඩ ඇති . එයාල ඉහළ අයගේ නියෝග කරන්න බැඳිලා ඉන්නවා (බ)
පරාලයක් වැදිලද, වද්දලද? (බ)
ඕනෙම මිනිසෙක් හදිසි අනතුරකට හෝ ස්වාභාවික ආපදාවකට ලක්විය හැකියි. මෙය කර්මය හා ගැලපීමට උත්සාහ කරන්නේ ආගමික ඉගැන්වීම නිසයි. ඇත්තෙන්ම එහි කිසිදු සත්‍යක් නැත. මොහුට සුවය පතමු. (බ)
යුද්ධය ඉවර කරන්න මේ මිනිස්සුත් දායක වුනා..(හේ)
පරාලය කියන්නේ මහා භයානක අවියක්\(හේ)
මොහු ජාතික වීරයෙක්.(හේ)
මමනම් කියන්නේ ඕක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් , (හේ)
ජනරාල් ෆොන්සේකා සිරබාරයට රැගෙන යන විට මහින්ද රජය මෙම මානවඩු යොදාගත්තා යුද වීරයාට බලපෑම් කරන්න. ඔහු එය ආස්වාදනය කරමින් ඔහුට හිරිහැර කළා (බ)
වෙන්න තිබෙන දෙයක් කාටවත් නවතන්න බැහැ (නි)
දිට්ට ධම්ම වේදනීය කර්මයට තවත් නිදසුනක් (බ)
මනුස්සයෙකුට කරදරයක් වුනාම ඔවැනි දේවල් කියන්න හොද නැහැ. පව් (බ)
දිට්ටධම්ම වේදනීය කර්ම. (බ)
හමුදාවේ උසස් නිලධාරියෙක් නේද? ආරක්ෂක හිස් වැසුමක් පැළද නොසිටියේද? (බ)
ජනරාල් මානවඩු හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ආරක්ෂාවට සිටි සොල්දාදුවන් අත්අඩංගුවට ගනුලැබූවේ ඔහුට ලැබුන අණකිරීම් මතනේ. (නි)
අනේ දෙවියනේ මේ මොනවද වෙන්නේ? (නි)
යමක් කිරීමට පෙර එය නිවැරදි දැයි සිතිය යුතුය (බ)
ඉක්මන් සුවය පතමි! (නි)
දෙවියනි, ඔබ මැව් ලොව පුදුමයි! (නි)
යමක් සිදුවෙන්න ඇත්නම් එය සිදු වේ... (නි)
කවුරු මොන කතා කිවුවත් ජනරාල් මානවඩු හොඳ මහත්මයෙක් (නි)
හෙලයේ මහා විරු සරත් ෆොන්සෙකා මැතිදුන්ට කළ අපරාධයට ස්වභාව ධර්මය දඩුවම් දී ඇත මොහු කළ වරද අනුස්මරණය වෙයි (බ)
ඔහොම බලපුවම ලෙඩ වෙන්නැති හදිසි අනතුරු වෙන්නැති මිනිස්සු කොහෙවත් නැතුව ඇති (බ)
කර්මයෙන් කිසිවෙකුට ගැලවීමක් නොමැත (හේ)
එහෙනම් මේක විදානේගේ වැඩක්ද දන්නේ නැහැ (බ)
යුද්දේ දිනපු ජෙනරාල් සරත් ෆොන්සේකාට කරපු දේවල් වලට ඔය (බ)
කළ කර්මයන් පලදුන්නාද දන්නේ නැහැ. ඉක්මනින් සනීප වෙන්න කියා පතනවා. (බ)
කරදරයක් වුනාම සතුටු නොවෙමු ඔබට ඉක්මන් සුව! (හේ)
ඉක්මන් සුවය ලැබේවා (හේ)
අපක්ෂපාත පුළුල් පරීක්ෂණයක් කරන්න. (හේ)
පරාලෙ වෑදිලා බේරුනොත් හොදයි කර්මය කියලා එකතුත් තියෙනවා අමතක කරන්න එපෝ (හේ)