ඉතාලියේ ජනප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු හා සෙනෙට් සභිකයකු වන ස්තෙෆන් වකාරි ලංකාදීප එසෑණ සමග කෙටි සාකච්ඡාවකට එක්විය.
මෝදනා නගරයේ වසන්ත කිර්තිරත්න මහතාගේ නිවසේ පෑවති රාත්‍රි භොජන සංග්‍රහයකදි රතු කෑකුළු බත් සමග ශ්‍රි ලාංකික ආහාරවෙලක රස බෑලු වකාරි එසෑණ යොමු කළ ප්‍රශ්න කිහිපයකට ඔහු මෙසේ පිළිතුරු ලබා දුන්හ.
ප්‍රශ්නය - කොහොමද මන්ත්‍රිතුමනි ලංකාවේ කෑමවල රස ගුණ?
පිළිතුර - හරිම රසයි, මම පළමු වතාවටයි ලංකාවේ කෑම කෑවේ. දෑන්නම් දිගටම කන්න හිතෙනවා.
ප්‍රශ්නය- මන්ත්‍රිතුමනි, ඉතාලිය අද ආර්ථික වශයෙන් වැටිලා විදෙශිකයින් වගේම ඉතාලි ජාතිකයිනුත් විශාල වශයෙන් රෑකියා විරහිතභාවයෙන් පෙළෙනවා.ඔබ නියෝජනය කරන ඉතාලියේ නව රජයට මෙයින් ගොඩ එන්න පෑහෑදිලි වෑඩපිළිවෙළක් තියෙනවද?
පිළිතුර - ඇත්තෙන්ම ඔව් අපි මෙවට විසදුම් ලබාදෙන්න උපරිම උත්සහා කරනවා.
ආර්ථිකය ගොඩගන්නවා වගෙම රෑකියා උත්පාදනයක් ඈති කරන්න අපි පෑහෑදිලි වෑඩපිළිවෙලක් ගේනවා. කර්මාන්ත කරුවන්ට බදු සහන ලබා දිම තමයි අපේ මුලික අරමුණ. එයින් නව රැකියා අවස්තා වගේම ඉතාලි ආර්ථිකයටත් හොද පිටුවහලක් ලෑබෙයි කියලා අපි හිතනවා. මේ අපේ අරමුණුවලින් එකක් පමණයි.
ප්‍රශ්නය -නියමිත කාලසිමාව අවසන් වන තෙක් ස්ථිර රජයක් පවත්වාගෑනිම තමයි ඉතාලියට ඈති ප්‍රධාන අභියෝගය. කුමක් හෝ හෙතුවක් මත පත්වන රජය ඉතා ඉක්මනින් කඩා වෑටෙනවා. ඔබ නියෝජනය කරන වර්තමාන නව රජයටත් තව කොපමණ කලක් බලයේ ඉන්න පුලුවන් වෙයිද?
පිළිතුර - අපේ කාලසිමාව අවසන් වෙන්න තියෙන්නේ 2018දී.නමුත් බල තුලනයකින් අපේ රජයත් අස්ථාවර වෙන්න ඉඩ තියෙනවා. ඉතාලියට හොද කලදසාවක් උදා වෙන්න නම් එහෙම නොවෙන්න කියලා අපි ප්‍රාර්තනා කරමු.
ප්‍රශ්නය - ඉතාලිය නියෝජනය කරන යුරෝපා පාර්ලිමේන්තුව ඉතා අසාධාරණ ලෙස දුප්පත් රටවල අභයන්තර ප්‍රශ්නවලට ආඟිලි ගහනවා කියලා ලොකු චෝදනාවක් තියෙනවා. ඒ ගෑන ඔබ මොකද කියන්නේ?
පිළිතුර - ඇත්තෙන්ම කියනවා නම් රටවල් 25 ක් යුරොපා හවුලේ හිටියත් ඒ හෑම රටකම මතය නොවෙයි එතැන නියොජනය වෙන්නේ. නොයෙක් මත ගෑටුම් තියෙනවා.යුරෝපා හවුලේ ඈති හෑම රටකම හෑම මතයකටම අපි ගරුකළ යුතුයි. ලබන ජුනි මාසෙන් පස්සේ ඉතාලිය තමයි යුරොපා හවුලේ සභාපතිත්වය දරන්නේ.
එතනදි ඉතාලියේ ප්‍රධානම අරමුණ වෙන්නේ හෑම රටක්ම පොදු මතයකට ගෙන ඒමයි. ප්‍රශ්නය - වසර 30කට අධික කාලයක් මිනිස් ජිවිත දස දහස් ගනනක් බිලිගත්තු ශ්‍රි ලංකාවේ ත්‍රස්තවාදි යුද්ධය 2009දී අවසන් කරන්න ලංකා රජයට හැකි වුණා. ත්‍රස්තවාදයට යුද්ධයෙන්ම පිලිතුරු දෙමින් ත්‍රස්තවාදය මුලින් උපුටා දමා බොම්බ බිය වෙඩි බිය නෑති සාමකාමි රටක් බවට ලංකාව පත්වෙලා තියෙනවා.
නමුත් ඈමරිකාවත් යුරෝපයත් ඈතුළු ඇතැම් ප්‍රබල රටවල් යුද අපරාධ සිදුවී යැයි කියමින් නොයෙක් චෝදනා එල්ල කරමින් සාමකාමි රට අස්තාවර කරන්න හදනවා කියලා ශ්‍රි ලංකා රජය චෝදනා කරනවා. ඔබ මේ ගැන මොකද හිතන්නේ?
පිළිතුර- ඈත්තෙන්ම කණගාටුයි. ජුනි මාසෙන් පස්සේ ඒ වැරදි මතය නිවෑරදි කරන්න අපි උත්සහා කරන්නම්. සාමකාමි රටකට උදව් කිරිම තමයි අපි කළ යුත්තේ.ශ්‍රි ලංකා රජයත් මෙයිට වඩා යුරෝපය සමග ළගින් ඈසුරු කළයුතු බව මම හිතන්නේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හොදක් නම් එච්චරයි (දී)
"සාමකාමි රටකට උදව් කිරිම තමයි අපි කළ යුත්තේ. ශ්‍රි ලංකා රජයත් මෙයිට වඩා යුරෝපය සමග ළගින් ඈසුරු කළයුතු බව මම හිතන්නේ. මේ ප්‍රකාශයෙන් අපට ඉගෙන ගන්න බොහෝ පාඩම් තියෙනවා. අන් අයගේ සයෝගය ලබා ගන්න නම් අපි අපේ පාර්ශවයෙන් ද විනිවිද භාවයකින් ඔප්පු කළ යුතුව තිබෙනවා. අපි අභ්‍යන්තර සාමය සඳහා කටයුතු කරන බව. නීතියට වල් වදින්නට හැරලා යුනිෆෝම් ධාරීන් ජනතාවගේ හතුරන් ලෙසින් හැසිරෙන්න ඉඩ දීමෙන්, අන් සතු දේපළ කොල්ල කෑමට සැලැස්වීම තුලින් අපි මිනිසත් කමට විරුද්ධව අමානුෂික යුද්ධයක් දියත් කර ඇති මොහොතක කෑම වේලක් දී හෝ විදේශීය මන්ත්‍රී වරයෙකුගේ අවධානය යොමු කර ගන්න ගත් උත්සාහය ප්‍රසංසනීයයි. (නදී)
නියමයි! අපි එක කෑම වේල ගානේ දෙමුද? (නදී)
2014 ජුනි මාසයෙන් පසු අපේ රටේ මෙහි සිටින ශ්‍රමිකයින්ට වඩාත් ආර්ථික දියුණුවක් ලැබී දැනට පවතින මන්දගාමී තත්වය නැතිවේවා යනුවෙන් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු !(නදී)
මන්ත්‍රී තුමිය ඔහොම කිව්වට, ජුනි මාසයෙන් පස්සේ යුරෝපා හවුලේ සභාපතිත්වය ඉතාලියට හිමි වුනත්. ඉතාලියට වැඩිය ප්‍රබල හස්ත ඒ සභාපතිත්වය නමට පමණක් ඉතාලියට බාර දේවි. කට්ටිය පිටිපස්සෙන් ඉදගෙන සියල්ල හසුරු වාවී. (නදී)
වසන්ත ක්‍රීර්තිරත්න මහතාට අපගේ ස්තුතිය (අ)
වසන්ත කීර්තිරත්න වැනි යුරෝපයේ වෙසෙන සිංහල ධනවත් ව්‍යාපාරිකයින් ලංකාව වෙනුවෙන් දක්වන සැලකිල්ල අපි අගේ කරනවා. (අ)
මුලින්ම ශ්‍රී ලාංකිකයකු වන වසන්ත කිර්තිරත්න මහතාගේ උත්සාහයට ස්තුතිය පුදකරනවා. ලංකාවට ආපු බ්‍රිතාන්‍ය ජාතිකයකු හෝටලයකදී ප්‍රසිධියේ මර දමා වසර දෙකහමරකුත් ගතවී තවම පරීක්ෂණ ඉවර කරගන්න බැරිවී ඇත. මේ ගැන බ්‍රිතාන්‍ය අගමැති , චාර්ල්ස් කුමාරය ඇතුළු යුරෝපා සංගමයේ නමගිය දේශපාලකයන් කිහිප දෙනෙකු තම අප්‍රසාදය පළකර ඇත. අප විසින් මුලින්ම අපගේ අඩුපාඩු සම්පුර්ණ කරගත් යුතුය. එතකොට තමයි අපට හිතවත් මන්ත්‍රී වරයකුට උනත් යුරෝපා පාර්ලිමේන්තුවේදී අපේ පැත්තට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉහත සදහන් කල සිදුවීම වැනි දේවල් කොටි හිතවාදීන් අපට විරුද්ධව පාවිචි කරනු ලැබේ.(නදී)
අවසාන ප්‍රශ්නය කාලෝචිත ප්‍රශ්නයක් මෙන්ම පිලිතුරද සතුටුදායක එකක්.(නදී)
අපි ශිෂ්ට සම්පන්න ජාතින් සමග සුහදව කටයුතු කළ යුතුයි නේද (අ)
අනේ ඉතාම හොඳ දෙයක්. අපි ප්‍රාර්තනා කරමු අපේ රටට යහපතක්ම වේවා කියා.(නදී)