ශ්‍රී ලංකාවේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ වෙබ් අඩවියට අනුව තවමත් ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාය. චරිත හේරත් මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙයි.
නව රජය පත්වීමෙන් පසු ජනවාරි 12දා ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස ගයන්ත කරුණාතිලක මහතා පත්වූයේය. ඔහු එම අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කළේ ජනවාරි 16 දින දීය. අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කරුණාරත්න පරණවිතාන මහතා කටයුතු කරයි.
අන්තර්ජාලයේ ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු සෙවූ විට එමගින් ලැබෙන රාජ්‍ය තොරතුරු කේන්ද්‍රෙය් සබැඳියට ගිය විට මේ සාවද්‍ය තොරතුරු දැක්වෙයි. එම සබැඳිය පහත දක්වා ඇත.
http://www.gic.gov.lk/gic/index.php?option=com_org&id=44&task=org&lang=si&Itemid=
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු වැඩ ගැන හිතනවා ඇරෙන්න නම ගැන හිතන්නේ නැහැ. (නි)
අම්මට සිරි...මේවා අසිරි..සේනට කිරි... පාලට තකිරි... (ස)
ඔහොම තියෙන්න අරින්න දින සීයයෙන් පසු ආයෙත් වෙනස් වෙනවනේ (දිල්)
කවුරු හිටියත් එච්චර වෙනසක් නැහැ. රෙදි හෝදන ජොබ් එක තමයි කාට වුණත් කරන්න වෙන්නේ. (අ)
කෙහෙල් මල. (අ)
තවම එදා වගේම තමා. වැඩ 10, මඩ 1000 (නදී)
ඒක විතරක් නෙමේ ගොඩක් ඒවා වැරදියි. ඔහොම තමා වැඩ කරන්නේ (නදී)
පරණ වෙබ් සයිට් එක ලස්සනේ බෑ. (නදී)
ඕක අදාළ වෙන්නේ අපුල්ලන උදවියට නේ. ඒ රාජකාරිය වඩාත්ම හොඳින් ඉටු කල අයට නිසි ගරුත්වය දෙන්න ඕන නේද ? (නදී)
දින 100 පස්සේ ඉන්නෙත් අලියම තමා (අ)