වෙරෝනා නුවර ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් තිදෙනකුගේ ලොරි හයක් ගිනි තබා ඇතැයි බැංකු කළමණාකරුවකු වන සුචින්ත ප්‍රනාන්දු මහතා පවසයි.
සුගත් අප්පුහාමි මහතාට අයත් ලොරි දෙකක් ද තුෂාර පෙරේරාට අයත් ලොරි තුනක් ද ඒ අතර වෙයි.
තමාගේ ලොරි දෙකකටත් වෙනත් ස්ථානයක නවතා තැබූ සුගත් අප්පුහාමි මහතාට අයත් ලොරි දෙකකටත් කවුරුන් හෝ ගිනි තබා ඇති බවත් සුගත් අප්පුහාමි මහතාගේ ලොරි දෙක සම්පුර්ණයෙන්ම දැවී විනාශ වී ඇති බවත් එයට අමතරව තම මිතුරාට අයත් එම ස්ථානයේ නවතා තැබූ අනෙක් ලොරියක් ද වනසා ඇතැයි ප්‍රනාන්දු මහතා කියයි.
හදුනා නොගත් පුද්ගලයින් දෙදෙනෙකුගේ රූප රාමු ආරක්‍ෂිත වීඩියෝ කමරාවන්ගේ සටහන්ව ඇති බවත් පොලිසිය ඒ ඔස්සේ පරීක්ෂණ අරඹා ඇති බව ද එක් ලොරියක වටිනාකම යුරෝ 12000 (රුපියල් 2196000) සිට යුරෝ 450000 (රුපියල් 82350000 ) ක් අතර වන බව ප්‍රනාන්දු මහතා එසැණට පවසයි.
වෙරෝනා නුවර සිට මල්පෙන්සා හා වැනිස් ගුවන්තොටුපළ දක්වා ගමන් කර ඇතැයි ශ්‍රී ලාංකික කුලී රථ රියැදුරන් අතරද ඉරිසියාව හා වෛරය නිසා ගැටලුකාරී තත්වයක් හටගෙන ඇතැයි කුලී රථ හිමිකරකු වන කුවින්ටස් තිසේරා මහතා කියයි.
මගීන් ප්‍රවාහනය සදහා අවසර ලත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු පමණක් වෙරෝනා නුවර සිටියත් තමා වැනි අවසර නොළත් තවත් විශාල පිරිසක් කියක් හෝ සොයා ගැනීම සදහා මෙම වෘත්තියට පිවිසියත් අවසර ලත් අපේ ඇතැමුන්ගේ පවා දීම නිසා එදා වේල සොයා ගැනීමටවත් නොහැකි තත්වයක් උදාව ඇතැයි කුවින්ටස් මහතා පවසයි.
‘පසුගිය සතියේ මා අපේ පිරිසක් සමග මල්පෙන්සා හයර් එකක් ගියා. පොලිසියෙන් මා ඇල්ලුවා. අපේ කෙනෙක්ම තමයි ඔත්තුව දුන්නේ කියලා පොලිසිය මට කිව්වා.තව වාහන නොම්මර රැසක් පොලිසියට දීලා. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් ද කියන්නේ අපායට ගියත් ලංකාවේ කට්ටිය ඉන්න පැත්තට ආරක්ෂකයෝ නැහැ කියල. මොකද අනිත් රටවල එක එක පැනල යන්න උදව් කලත් ලංකාවේ එකෙක් පැනල යනවා දැක්කම සේරමලා කකුලෙන් අදිනවලු.(දිල්)
ඉතාලි නෙවෙයි කොහේ ගියත් නීතිගරුකව ජීවත් වෙන එකනෙ හොඳ. දැන් මෙයා ඔත්තුව දුන්න අයට බනින්නෙ මෙයා නීති විරෝධීව වැඩ කරලා. කරන්න ඕන අනිත් අය වගේ මෙයත් ඒ රස්සාවට අවසරයක් ගන්න එකනෙ. අනිත් අයට පුළුවන්නම් මෙයාට ඇයි බැරි උත්සාහ කරන්න? හැම දෙයක්ම ශෝට් කට් වලින් කරන්නෙ නැතුව උත්සාහයෙන් හරි විදියට කරන්න බැලුව නම් හරි.(නදී)
නීතියට වැඩ කරන්න.(නදී)
ඔය ලොරි අයිති අය හොද විදිහට ජිවත් වෙච්චි අයද. ඕකට තමා කියන්නේ දිට්ට ධම්ම වේදිය කර්මය පල දෙනවා කියන්නේ. (නදී)
කෙනෙක් දියුණු වෙනවට,අනෙකා ඉරිසියා කරනවා. ඉතාලියේ ඉන්න දෙමල හා මුස්ලිම් අය අතරේ ඔය වගේ ප්‍රශ්න කවදාවත් නැහැ. (නදී)
කුවින්ටස් මහත්තයත් මගී ප්‍රවාහනය සදහා මුදලක් ගෙවලා අවසර පතක් ගත්ත නම් ඉවරයි නේ. සමහරු සල්ලි දීලා අවසර පත් අරගෙන හයර් යන එකත්, අනිත් අය අවසර පත් නැතුව හයර් යන එකත් සාධාරණ නැහැ නේද ? නීති ගරුක වෙන්න. (නදී)
ගාමිණි ඒ කියන්නේ ලොරි ගිනි තියන තැන ඔයත් හිටියද? (නදී)
අපේ මිනිස්සු කොහෙ ගියත් අනිකව කපලා තමා ඉස්සරහට එන්න බලන්නේ දෙවෙනියට තියෙන පුවත ගැන කියන කොට නම් ඉතින්, කට්ටියක් මුදල් ගෙවලා ඒ සදහා බලපත්‍රයක් අරන් තියන කොට, අනික් අය හොරෙන් යන එකේ සදාරණත්වය තමා ප්‍රශ්නේ....(දිල්)
හරිම කනගාටුයි. ඇත්තටම මොකක්ද මේ ඉරිසියාව.(නදී)
එහෙ ගිහිල්ලාවත් රටේ නීතියට අවනතව ජීවත් වෙන්න මිනිසුනේ.(නදී)
මේ වාර්තාවන් වලට ඇතුල් වන්නේ සියට 95% බොරු. අපි දන්නවා මේවල අග මුල.(නදී)