ජාත්‍යන්තර භෞත චිකිත්සක දිනයට සමගාමීව ගම්පහ සුමේධ රංග ශාලාවේ පැවැති වැඩිහිටි රෝග නිවාරණ වැඩසටහනේදී වසරේ ජනප‍්‍රියතම භෞත චිකිත්සකවරයාට හිමි සම්මානය රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප‍්‍රධාන භෞත චිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතාට හිමිවිය.
වසර 25 ක සේවා කාලයක් තුළ ලක්‍ෂ තුනකට අධික රෝගීන් පිරිසකට ප‍්‍රතිකාර ලබාදීම සහ ඔවුන් සමාජගත කර සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සිදුකළ මෙහෙවර සහ ශ්‍රී ලංකා භෞත චිකිත්සාව මහජනතාව අතර ප‍්‍රචලිත කිරීම වෙනුවෙන් ඔහුට එම සම්මානය හිමිවිය.
මුද්‍රිත මාධ්‍ය තුළින් සෞඛ්‍ය ලිපි 500 කට අධික ප‍්‍රමාණයක්ද, විද්‍යුත් මාධ්‍ය හරහා වැඩසටහන් 200 කට අධික ප‍්‍රමාණයක්ද, භෞත චිකිත්සාව පිළිබඳ ක්ෂේත‍්‍රයේ ප‍්‍රථමවරට ග‍්‍රන්ථ දෙකක්ද ඔහු විසින් සංස්කරණය කර තිබේ. එමෙන් භෞත චිකිත්සක ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබාදීම, ළමා රෝහලේ භෞත චිකිත්සක අංශය දියුණු කිරීම සහ දිවයින පුරා දැවැන්ත ස්වේච්ඡුා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමද එහිදී ඇගයීමට ලක්විය.
කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ජාලිය උඩුවැල්ල මහතා දෙස් විදෙස් රටවල්වලින් භෞත චිකිත්සාව පිළිබඳ වැඩිදුර හදාරා ඇති අතර වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපතිවරයාද වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ජනප්‍රියම භෞත චිකිත්සක සම්මානය ජාලියට
චන්දිම Wednesday, 28 September 2016 08:10 AM
ඔව් එතුමා නියම වෘත්තිකයෙක්. වරක් අපත් ඒ බව අත්දුටුවා. පරාර්ථකාමී චර්යා ඇත්තෙක් (නි)
රුවන් Wednesday, 28 September 2016 12:14 PM
ජාලිය මහත්මයා ඔබට සුබපැතුම්.! (ර)
පීරිස් - රාජගිරිය Wednesday, 28 September 2016 12:23 PM
සුබපැතුම් ජාලිය මහත්තයා.! (ර)