
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආර්. සම්පන්දන් සෑම විටම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.
බලය බෙදිය යුතු ආකාරය පිළිබඳ සම්පන්දන් මහතාට ඔහුගේම වූ මතයක් තිබූ බව කී ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ඔහු ප්‍රමාණවත් වැඩ කොටසක් ඉටුකළ බව පැවසීය. ආර්. සම්පන්තන් මහතා වෙනුවෙන් කළ හැකි ඉහළම කර්යය වන්නේ ඒ වැඩකටයුතු සාර්ථකව අවසන් කිරීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි ආර්. සම්පන්තන් මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරමින් පාර්ලිමේන්තුවේ අද (2) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.