
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙබරවාරි 23 වැනි දින පාර්ලිමේන්තුවේදී කළ කතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය අනවශ්‍ය කලබගෑනියක් ඇති කරගෙන තිබෙන්නේ කුමන හේතුවක් නිසාදැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රශ්න කළේය.
කිසිම නීතීඥයකු දේශපාලනයේ නියැලෙන්නකු ලෙස ජනාධිපතිවරයා විසින් හදුන්වා නොදුන් බවත් මැතිවරණ කොමිසම එක් නීතීඥයකු බාහිරින් තෝරා ගත් විට තමා හමුවූ සමහර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ දේ පමණක් සිය කතාවේදී ජනාධිපතිවරයා සිහිපත් කළේ යැයි වජිර අබේවර්ධන මහතා කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ කරුණු කීවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද සංස්කරණය නොකළ සම්පූර්ණ කතාව හැන්සාඩ් වාර්තාවේ පැහැදිලිව සඳහන්ව ඇතැයි පෙන්වා දුන් වජිර අබේවර්ධන මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ජනපති කතාව සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් හැන්සාඩ් වාර්තාව මගින් සැක දුරු කර ගත හැකි බව ද වැඩිදුරටත් පැවසීය.
තමන් හමුවී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කළ කරුණු ජනාධිපතිවරයා ගේ කතාව ඇතුළත් හැන්සාඩ් වාර්තාවේ ඉතා නිරවුල්ව සඳහන් වෙතියි ද වජිර අබේවර්ධන මහතා තව දුරටත් කියා සිටියේය.
සමහරුන් එක්වරම "කරෙන් දැනේ "කී සැනින් කර පිසදා ගන්නා බවත් එසේ නොවන නිවැරදි මිනිසුන් කලබල නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා තවදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් ජනාධිපතිගේ පින් මන්ත්‍රී...!
උගත් නීතිඥ සංගමය ගැන කතා කරන්න මෙයා කවුද
ඔවුන් මූලික අයිතිවාසිකම් ලෙස දකින්නේ දේශපාලන කණ්ණාඩි වලින් නිසා. ඔවුන් මහජනතාව ලෙස දකින්නේ ද එලෙසම නිසා. උසස්පෙල සිසුන්ට විදුලිය නොදීමෙන් නිවෙස්වල ජෙනරේටර් හෝ සූර්ය පැනල නැති සාමාන්‍ය ජනතාවගේ දරු පරපුර බහුතරයකගේ අනාගතය අඳුරු වූවාට කමක් නැතැයි සලකන නිසාත්, විදුලිබිල වැඩි කිරීමෙන් දුප්පත්, බහුතර මහජනයා පීඩාවට පත්වූවාට කමක් නැති නිසාත්, ඔවුහු ප්‍රකාශ නිකුත් නොකරති. එහෙත් සාමාන්‍ය ජනතාවට කන්න, බොන්න නැතුව හිඟමනයට වැටුණත් ව්‍යවස්ථාදායකයට සාමාජිකයන් තෝරා නොගන්නා, එහෙත් ආර්ථික වශයෙන් දැනට බරක්ව ඇති පළාත් පාලන ඡන්දය පැවැත්වීම හා රටේ ආර්ථිකය කඩා වට්ටන අරගලයන් පැවැත්වීම මූලික අවශ්‍යතාවයක් යැයි ඒ පාට කණ්ණාඩිවලට පෙනෙන නිසාත්, ස්වාධීන නීතිඥයා මියගොස් ඇති නිසාත්, මෙලෙස වී ඇත. ක්‍රමවේදයන් වෙනස් විය යුත්තේ මේවා වැළැක්වීම සඳහායි...!
කලිසමට කලිසමවත් ඉතුරු වෙයි .උඹට උඹේ පවුලේ උන්ගේ කලිසමත් නැතුව තමයි පාරේ දුවන්න වෙන්නේ ගොන් මෝඩ සක්කිලියෝ
කලබල වෙන්න හේතුව දැනගන්න නීතිය ඉගෙනගෙන තියෙන්න ඕනෑනේ...
ඔයාගේ රනිල් එදා කළේ ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශය සහ ක්‍රියාව. ඡන්දයක් නැහැ කියලා රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයත් නාම යෝජනා බාර දීලා.
පින් ජනපතිගේ පින් මන්ත්‍රී. බඳවාගෙන තියෙන්නේ තෝල්ක මුදලි රස්සාවට. පස්ස පැත්ත වුණත් හොඳයි...
හැමදාම ලොක්කෙක්ට ගොට්ට අල්ලන අය දන්න නීතිය.. අපේ රටේ අපතයින්ට කිය කලක්...!