ශ්රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන හා ඔහුගේ බිරිය ජයන්ති සිරිසේන මහත්මිය ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළේදී පිළිගනු ලැබුහ.
පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් උළෙලකට සහභාගීවීම සඳහා ඔහු ලන්ඩන් බලා ගියේය.
ජනපති පිළිගැනීමට දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ විශේෂ නියෝජිතයකුද ගුවන් තොටට පැමිණ සිටියාය.
මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සහ සමාජීය තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කැර ගැනීමට අවස්ථාවක් දෙන ලෙස බ්‍රිතාන්‍ය වසන ශ්‍රී ලාංකිකයෝ ඉල්ලා සිටිති.
ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එවැනි හමුවක් පවත්වන බව දැන ගන්නට ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිදිය යුත්තන්ට පිදීම ශ්‍රී ලාංකිකයින්ගේ උතුම් ගුණයක්. එය පිටරකදී උනත් සිදුවෙන බව මින් පෙනෙනවා. (ර)
ජනපතිතුමනි, ඔබතුමා අපේ රටේ ප්‍රදාන පුරවැසියා වගේම අපේ රටේ ප්‍රතිරූපයයි. එමනිසා මීට වැඩිය ඔබතුමාගේ ඇඳුම ගැන සැලකිලිමත් වන්න. මීට වැඩිය වැදගත් අපේ ජාතික ඇඳුම ඇදගෙන ගියානම්. (නදී)
මේ ගිහිල්ලා තියෙන්නේ නිල සංචාරයක් මිස "විනෝද ගමනක්" නෙවෙයි. (ර)
කොහොම ගියාම මොකද ? (නදී)
අයියෝ අපේ ජනපතිද මේ කියල හිතෙනවා. අපි ඇඳුමෙන් මිනිස්සු මැන්නේ නැතුවට සුද්දෝ මනින්නේ ඇඳුමෙන් තමයි. (නදී)
චාම් බව අගය කළ යුතුයි.නමුත් රාජ්‍ය නායකයෙකුගෙන් රටක් නියෝජනය වෙනවා (දිල්)
කවදාවත් ගුවන් ගමනක් ගිහින් නැති අයද මේකේ කොම්මෙන්ට් දන්නේ? ඔසරි , සාරි ඇඳන් ලංකාවේ ඉඳල ලංඩන් ගියොත් හොඳ පන යයි (නදී)
ඇදුම පැත්තකට දාමුකෝ .ඔය ගිය වැඩේ අපේ රටට වාසිදායක විදියට කරගෙන එන්න පුළුවන් වුනොත් හොදටම ඇති .එහෙම නොවුනොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ (දිල්)
නිකන් බොරුවට ඇඳුම් ගැන ප්‍රතිචාර දාන්න එපා. මිනිස්සු මනින්නේ ඇඳුම් වලින් නෙමෙයි ක්‍රියාවෙන්. එ්ක බුද්ධාගමේ හොඳින් කියල තියෙනවා. වැදගත් විදිහට ලියන්න පුරුදුවෙන්න.(නදී)
මේ දෙන්නව දකින කොට අපට නම් දුකේ බැහැ.? (නදී)
ඇඳුම් වලට රූප ලාවන්‍යයට මුල්තැන දෙමින් රටේ සල්ලි නාස්ති කල කාලය ඉවරයි වගේ. (නදී)
ඇදුම කෙසේ වෙතත් පිලිගැනීමේ අඩුවක් නම් පෙනෙන්නට නෑ නේද ? (නදී)
මෙයාට ආරක්ෂාවක් හෝ වෙන දේවල් අවශ්‍ය නැත. (නදී)
සෝනියා ගාන්ධි ඉතාලි ජාතික කාන්තාවක් උනත් ඉන්දියාවට ආවේනික ඇදුමකින් නිතරම සැරසි සිටිනවා. මේ දෙන්නා මලයාසියානුවන් ගේ ඇදුමක් ඇදගෙන ඉන්නේ.(නදී)
ලංකාවේ ඉදන් ලංඩන් වලට සාරී ඇදගෙන යන එක ලේසි නැහැ මහත්තයෝ (නදී)
"සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා..සිතේ ඇතිදේ කවුද දන්නේ කියන්නට විමසා.".(නදී)
මහා මෝඩ තර්ක තාම නිල සංචාරය පටන් ගත්තේ නැහැනේ. මේ තියෙන්නේ රටට ගොඩ බැසීම ඇඳුම තිබ්බොත් ඔක්කොම හරි යනවද ගොන්නු (නදී)
යමෙකුගේ නිහතමාණී කම හා සරල බව දුර්වල කමක් සේ දැකීම නිවට නියාලු ගතියක්. මහත්මා ගාන්ධී තුමා ඔයතැනට ගිය ආකාරය ගැන පොඩ්ඩක් සොයා බලන්න. පෙර සිටි නායකයා මෙන් ගුවන්යානයක් පුරවා සිය ගනනක් යාමද අනුමත කරන්නේ (නදී)
ඔහුගේ ආණ්ඩුවෙන් අපේ පැට්‍රල් , ඩීසල් , භූමිතෙල් , ගෑස් මිල කොපමණ අඩුකර තිබෙනවද? ඉස්සර පාරේ යනකොට අපිව යටකරගෙන යන ඇමති පරිවාරක රථ දැන් කෝ? ඔහු ඇඳුමක් ඇඳලානේ ඉන්නේ. ඔහුට ඕනෑ ඇඳුමක් ඔහු අඳීවී. අපිට වැදගත් ඔහු කරන ක්‍රියාව මිස ඇඳුම නොවේ. (නි)
සුබ ගමන් ජනපති තුමනි...ලෝකෙටම ආදර්ශයක් ඔබ.(නදී)
ඔබ ගැන ඇත්තෙන්ම ආඩම්බරයි (නි)
මිනිස් සිත කියන්නේ ඉක්මනින් වෙනස්වෙන දෙයක් (නි)
මෙතන අපි මුලින්ම බැලිය යුත්තේ ගිය කාරණය ගැන මිසක් ඇඳගෙන ඉන්න ඇඳුම ගැන නෙමෙයි. රට හරිමඟට ගන්න නම් සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදෙන්න ඕනෑ. අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය විදෙස් ශ්‍රමිකයන්ගෙන් රටට එන මුදලයි. රටේ ජනතාව බුද්ධිමත්ව සිතන්න ඕනෑ. නාස්තිය පිටුදැකීම ගෙවල් වලත් කළොත් හොඳයි. (නි)
මොනවා කළත් පටුදේවල් අල්ලාගෙන වැරදි හොයන්න නම් ඕනෑතරම් උදවිය ඉන්නවා නේද? (නි)
චාම් ඔසරියක් ඇඳලා, ජාතික ඇඳුමක් ඇඳලා ආවා නම් අපි මීටවැඩිය සතුටුයි (නි)
ඇඳුම් අවශ්‍ය අවස්ථාවකදී මාරුකළ හැකි බව සමහර අය දන්නේ නැහැ වගේ. (නි)
ඉතා සරල උත්සවයක්.... (නි)
අපිට හරිම ආඩම්බරයි (නි)
මේ අය පිළිගන්න එංගලන්තේ සුදානම්. (නදී)
තමාගේ රට නියෝජනය කරමින් වෙන රටකට යද්දී ජාතික ඇඳුම ඇඳීම සාමාන්‍ය පිළිගත් පිළිවෙතයි. යටට තර්මල් ඇඳලා අපේ ඇඳුම් ඇඳීමත් පිටතදී ඊට උඩින් සීත කබාය ඇඳීමත් මේ රටවල පදිංචි ශ්‍රී ලාංකිකයනුත් විශේෂ අවස්ථාවල කරනවා.ඔය ඡායාරූප වල සාරි ඇඳලා ඉන්න තානාපති කාර්යාල නිලධාරිනියන්ටත් බලපාන්නේ ශීත කාලගුණයම තමයි. (නි)
මේ ඇඳුම මේ කාලයේ එහේ ශීතලට ගැළපෙනවා (නි)
අපි බලාපොරොත්තු වුණේ මේක බ්‍රිතාන්‍යයන්ගේ රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් වෙයි කියලයි. (නි)
නමුත් තානාපති කාර්යාල නිලධාරිනියන් සහ පිළිගන්න ළමයින් ජාතික ඇඳුමින් සිටිනවා. (නි)
අපේ කට්ටියගේ කතන්දර වලට මට පුදුමත් හිතෙනවා. මේ දවස්වල යුරෝපයට ශීතකාලය.හොඳට තියෙයි සාරි සරොම් ඇඳගෙන මේ දවස්වල එහෙ ගියොත්. (නි)
නෝනා වුණත් හරිම චාම්... (නි)
ඔහුට සරලව ඕනෑම තැනකට යන්න පුළුවන්. (නි)
අපේ රටට අළුත් ආරම්භයක්...! (නි)
සමහරු ඇඳුම ගැන කතාකරනවා? ඔය දැන් හොඳට ඇඳුම් ඇඳගෙන ගිහින් කොටි ප්‍රකෝටි ගණන් නාස්තිකරලා තියෙන්නේ. අනික ඔය තවම තැනකට ගිහිල්ලා නෙමෙයිනේ. යන අතරමඟදිනේ. (නි)
ඇඳුම මොකක් වුණත් අපිට නම් කමක්නැහැ. අපේ මුදල් නාස්ති නොකරනවා නම් ඒ ඇති (නි)
ඔබට සුබ පැතුම්! (නි)
ගුවන් යානාවක් පුරවාගෙන රූපලාවන්‍ය ශිල්පිනියන් සහ නැටුම් සංදර්ශන කණ්ඩායම් වගේම, ආවතේවකරුවනුත් පටවාගෙන ගියා නම් සමහරු කියාවි " ආනේ හරි ෂෝක්" කියලා. අපේ රටට මොනවා නැතත් පිටඔපය නම් නැතුවම බැහැ. (නි)
බොරු සෝබන වැඩ වලට අපේ අය හරි කැමතියි. හාමතේ හිටියත්,මේ උගත් බුද්ධිමත් නිහතමානී නායකයෙක්. මොකක්ද තියෙන වැරැද්ද? (නි)
අර සමහරු වගේ බඩ පෙනෙන්න ඔසරිය ඇඳලා, කොණ්ඩය නිකන් සීගිරි අප්සරාව වගේ උඩට ගැටගහලා, පිපිරෙන්න කිට්ටු බෝම්බයක් සිහිගන්වන හැට්ටයක් ඇඳගෙන ගියා නම් සමහරුන්ට හරි. අබේරත්න ටෝකියෝ හරි කැමති වේවි (නි)
හොඳට විලිවැසෙන ලෙස ඇඳලා තිබෙනවා නම්, ලංකාවේ මිනිසුන්ගේ බදු මුදලින් ලක්ෂ ගණන් වල සාරි අර ගන්නේ නැතුව, තමන්ගේ සැමියාගේ සාධාරණ ආදායමට සරිලන විදියට සැරසෙනවා නම් ඊටවැඩිය දෙයක් අපි නම් ජනාධිපති ආර්යාවකගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (නි)
සමහරු කැමති ඉමෙල්ඩා මාකෝස් වගේ ඉන්න ආර්යාවකට වෙන්න ඇති. එහෙම අයත් හිටියා ඉතින්. මේ මැතිණිය කලින්ම කිව්වානේ තමන් භාර්යාවක් මිසක් ආර්යාවක් නෙමෙයි කියලා. අපි ඇගේ ඒ චාම් පුද්ගලික ප්‍රතිපත්තියට ගරුකරමු. (නි)
සුදු ජාතික ඇඳුම ඇඳලා නෝනා රත්තරන් කිලෝ දෙකතුනක් දාගෙන ගියා නම් ඔයාලට හරි සතුටු ඇති නේද? (නි)
නීරෝ, ඇඳුම මොක වුනත් මගේ ප්‍රශ්නය නම් ගිහිල්ලා කරන්නේ රටට හිතකර දේද කියන එකයි. අපේ රටට දෂ්ට කරන්න බලා ඉන්න අය එක්ක මෙයාලගේ පයුරු පාසානම් බොහොම වැඩියි. (නදී)
ඔයතරම් හෙළ සංස්කෘතියට ගරුකරන ඔය අදහස් ලියන උදවිය මොකටද ඉංග්‍රීසි සහ අනෙක් භාෂාවන් ඉගෙනගන්නේ?සිංහල භාෂාව විතරක් ඇති නේද? (නි)
තට්ටු ගණන් මේකප් දමාගෙන , බර ගානට වටිනා ආයිත්තම් ඇඟ දවටාගෙන, මඟුල් ගෙදර යන්න වගේ නිතරම පෙනී සිටින්නේ සැමියාට වැඩිය තමන් වයසින් වැඩි බව හංගන්න හදන සමහර ප්‍රසිද්ධ කාන්තාවන්. මේ මැතිණියට එහෙම පෙනී සිටින්න අවශ්‍යතාවයක් නැහැ මම හිතන්නේ. (නි)
මම නම් අපේ ජාතික ඇඳුමට හරිම කැමතියි. (නි)
ඔබ රටේ විශ්වාසයයි. එය අමතක නොකරන්න (නි)
අනේ සොපී, ඇඳුම පැත්තකට දැම්මොත් හරි ජංජාලයක්නේ වෙන්නේ! (නි)
අපේ රට නියෝජනය කරන අපේ නායකත්වයට සුබ පැතුම්! (නි)
වසන්ත කියන්නේ කොහොම ගියාම මොකද කියල . රාජ්‍ය නායකයෙක් යන පිළිවෙළක් තියනවා. (බ)
ඕනෙම ඇඳුමක් ගැලපෙන එක හොඳ දෙයක් (නදී)
විජාතික ඇඳුමින් ගිය එකද දැන් මෙතන තිබෙන ප්‍රශ්නය? (නි)
පළමුවෙනි සහ දෙවැනි ෆොටෝ බලන්න. මොන තරම් සරල,චාම් විදිහටද ඉන්නේ කියල. සත්තකින්ම මෙවැනි ජනාධිපති බාර්යාවක් දැකීමත් සතුටක්.(නදී)
පිස්සුවෙත් හොඳම එක!(නදී)
තිලක් තාම පටන් ගත්තා විතරනේ. ඔය කව්රුත් වෙනස් වෙනවා (නදී)