IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජනපතිට ලන්ඩනයෙදි මල්

ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන හා ඔහුගේ බිරිය ජයන්ති සිරිසේන මහත්මිය ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළේදී පිළිගනු ලැබුහ.

පොදු රාජ්‍ය මණ්ඩලයේ  සැමරුම් උළෙලකට සහභාගීවීම සඳහා   ඔහු ලන්ඩන් බලා ගියේය.

ජනපති පිළිගැනීමට දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ විශේෂ නියෝජිතයකුද ගුවන් තොටට පැමිණ සිටියාය.

මෛත්‍රීපාල  සිරිසේන මහතා සමඟ  ශ්‍රී ලංකාවේ  වර්තමාන දේශපාලන සහ සමාජීය තත්ත්වය පිළිබඳව  අදහස් හුවමාරු කැර ගැනීමට  අවස්ථාවක් දෙන ලෙස බ්‍රිතාන්‍ය වසන ශ්‍රී ලාංකිකයෝ ඉල්ලා සිටිති.

ලන්ඩන් නුවර  ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එවැනි හමුවක් පවත්වන බව දැන ගන්නට ඇත.

01 02 03

 



අදහස් (0)

ජනපතිට ලන්ඩනයෙදි මල්

නන්දලාල් Sunday, 08 March 2015 11:10 AM

පිදිය යුත්තන්ට පිදීම ශ්‍රී ලාංකිකයින්ගේ උතුම් ගුණයක්. එය පිටරකදී උනත් සිදුවෙන බව මින් පෙනෙනවා. (ර)

:       0       0

ලලිත් ජයසේකර Sunday, 08 March 2015 12:37 PM

ජනපතිතුමනි, ඔබතුමා අපේ රටේ ප්‍රදාන පුරවැසියා වගේම අපේ රටේ ප්‍රතිරූපයයි. එමනිසා මීට වැඩිය ඔබතුමාගේ ඇඳුම ගැන සැලකිලිමත් වන්න. මීට වැඩිය වැදගත් අපේ ජාතික ඇඳුම ඇදගෙන ගියානම්. (නදී)

:       0       0

දර්ශා Sunday, 08 March 2015 01:19 PM

මේ ගිහිල්ලා තියෙන්නේ නිල සංචාරයක් මිස "විනෝද ගමනක්" නෙවෙයි. (ර)

:       0       0

වසන්ත Monday, 09 March 2015 09:32 AM

කොහොම ගියාම මොකද ? (නදී)

:       0       0

විමුක්ති Sunday, 08 March 2015 02:16 PM

අයියෝ අපේ ජනපතිද මේ කියල හිතෙනවා. අපි ඇඳුමෙන් මිනිස්සු මැන්නේ නැතුවට සුද්දෝ මනින්නේ ඇඳුමෙන් තමයි. (නදී)

:       0       0

රජීව් Tuesday, 10 March 2015 11:32 AM

චාම් බව අගය කළ යුතුයි.නමුත් රාජ්‍ය නායකයෙකුගෙන් රටක් නියෝජනය වෙනවා (දිල්)

:       0       0

ඉෂාන් Sunday, 08 March 2015 02:21 PM

කවදාවත් ගුවන් ගමනක් ගිහින් නැති අයද මේකේ කොම්මෙන්ට් දන්නේ? ඔසරි , සාරි ඇඳන් ලංකාවේ ඉඳල ලංඩන් ගියොත් හොඳ පන යයි (නදී)

:       0       0

සොපී Tuesday, 10 March 2015 11:45 AM

ඇදුම පැත්තකට දාමුකෝ .ඔය ගිය වැඩේ අපේ රටට වාසිදායක විදියට කරගෙන එන්න පුළුවන් වුනොත් හොදටම ඇති .එහෙම නොවුනොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ (දිල්)

:       0       0

සිරිවංශ සිල්වා Sunday, 08 March 2015 02:26 PM

නිකන් බොරුවට ඇඳුම් ගැන ප්‍රතිචාර දාන්න එපා. මිනිස්සු මනින්නේ ඇඳුම් වලින් නෙමෙයි ක්‍රියාවෙන්. එ්ක බුද්ධාගමේ හොඳින් කියල තියෙනවා. වැදගත් විදිහට ලියන්න පුරුදුවෙන්න.(නදී)

:       0       0

රයන් Sunday, 08 March 2015 02:39 PM

මේ දෙන්නව දකින කොට අපට නම් දුකේ බැහැ.? (නදී)

:       0       0

සිරී Sunday, 08 March 2015 02:47 PM

ඇඳුම් වලට රූප ලාවන්‍යයට මුල්තැන දෙමින් රටේ සල්ලි නාස්ති කල කාලය ඉවරයි වගේ. (නදී)

:       0       0

චාමර ශ්‍රී Sunday, 08 March 2015 03:01 PM

ඇදුම කෙසේ වෙතත් පිලිගැනීමේ අඩුවක් නම් පෙනෙන්නට නෑ නේද ? (නදී)

:       0       0

උදය Sunday, 08 March 2015 03:25 PM

මෙයාට ආරක්ෂාවක් හෝ වෙන දේවල් අවශ්‍ය නැත. (නදී)

:       0       0

අබේරත්න -ටෝකියෝ Sunday, 08 March 2015 03:39 PM

සෝනියා ගාන්ධි ඉතාලි ජාතික කාන්තාවක් උනත් ඉන්දියාවට ආවේනික ඇදුමකින් නිතරම සැරසි සිටිනවා. මේ දෙන්නා මලයාසියානුවන් ගේ ඇදුමක් ඇදගෙන ඉන්නේ.(නදී)

:       0       0

ශාන් Sunday, 08 March 2015 03:46 PM

ලංකාවේ ඉදන් ලංඩන් වලට සාරී ඇදගෙන යන එක ලේසි නැහැ මහත්තයෝ (නදී)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 08 March 2015 03:59 PM

"සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා..සිතේ ඇතිදේ කවුද දන්නේ කියන්නට විමසා.".(නදී)

:       0       0

සේතන් Sunday, 08 March 2015 04:11 PM

මහා මෝඩ තර්ක තාම නිල සංචාරය පටන් ගත්තේ නැහැනේ. මේ තියෙන්නේ රටට ගොඩ බැසීම ඇඳුම තිබ්බොත් ඔක්කොම හරි යනවද ගොන්නු (නදී)

:       0       0

මරදාන ගමගේ මහින්දපාල Sunday, 08 March 2015 04:13 PM

යමෙකුගේ නිහතමාණී කම හා සරල බව දුර්වල කමක් සේ දැකීම නිවට නියාලු ගතියක්.  මහත්මා ගාන්ධී තුමා ඔයතැනට ගිය ආකාරය ගැන පොඩ්ඩක් සොයා බලන්න. පෙර සිටි නායකයා මෙන් ගුවන්යානයක් පුරවා සිය ගනනක් යාමද අනුමත කරන්නේ (නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 08 March 2015 04:38 PM

ඔහුගේ ආණ්ඩුවෙන් අපේ පැට්‍රල් , ඩීසල් , භූමිතෙල් , ගෑස් මිල කොපමණ අඩුකර තිබෙනවද? ඉස්සර පාරේ යනකොට අපිව යටකරගෙන යන ඇමති පරිවාරක රථ දැන් කෝ? ඔහු ඇඳුමක් ඇඳලානේ ඉන්නේ. ඔහුට ඕනෑ ඇඳුමක් ඔහු අඳීවී. අපිට වැදගත් ඔහු කරන ක්‍රියාව මිස ඇඳුම නොවේ. (නි)

:       0       0

සිරිපාල Monday, 09 March 2015 10:30 AM

සුබ ගමන් ජනපති තුමනි...ලෝකෙටම ආදර්ශයක් ඔබ.(නදී)

:       0       0

විජේවීර Sunday, 08 March 2015 04:44 PM

ඔබ ගැන ඇත්තෙන්ම ආඩම්බරයි (නි)

:       0       0

සිරිවර්ධන Sunday, 08 March 2015 05:09 PM

මිනිස් සිත කියන්නේ ඉක්මනින් වෙනස්වෙන දෙයක් (නි)

:       0       0

අනුර Sunday, 08 March 2015 05:10 PM

මෙතන අපි මුලින්ම බැලිය යුත්තේ ගිය කාරණය ගැන මිසක් ඇඳගෙන ඉන්න ඇඳුම ගැන නෙමෙයි. රට හරිමඟට ගන්න නම් සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදෙන්න ඕනෑ. අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය විදෙස් ශ්‍රමිකයන්ගෙන් රටට එන මුදලයි. රටේ ජනතාව බුද්ධිමත්ව සිතන්න ඕනෑ. නාස්තිය පිටුදැකීම ගෙවල් වලත් කළොත් හොඳයි. (නි)

:       0       0

පෙරේරා Sunday, 08 March 2015 05:11 PM

මොනවා කළත් පටුදේවල් අල්ලාගෙන වැරදි හොයන්න නම් ඕනෑතරම් උදවිය ඉන්නවා නේද? (නි)

:       0       0

චමිල Sunday, 08 March 2015 05:28 PM

චාම් ඔසරියක් ඇඳලා, ජාතික ඇඳුමක් ඇඳලා ආවා නම් අපි මීටවැඩිය සතුටුයි (නි)

:       0       0

මාධව Sunday, 08 March 2015 06:06 PM

ඇඳුම් අවශ්‍ය අවස්ථාවකදී මාරුකළ හැකි බව සමහර අය දන්නේ නැහැ වගේ. (නි)

:       0       0

කුසල් Sunday, 08 March 2015 06:09 PM

ඉතා සරල උත්සවයක්.... (නි)

:       0       0

සන්ධ්‍යා Sunday, 08 March 2015 06:19 PM

අපිට හරිම ආඩම්බරයි (නි)

:       0       0

රාණි Monday, 09 March 2015 11:30 AM

මේ අය පිළිගන්න එංගලන්තේ සුදානම්. (නදී)

:       0       0

සුමුදු Wednesday, 11 March 2015 07:08 PM

තමාගේ රට නියෝජනය කරමින් වෙන රටකට යද්දී ජාතික ඇඳුම ඇඳීම සාමාන්‍ය පිළිගත් පිළිවෙතයි. යටට තර්මල් ඇඳලා අපේ ඇඳුම් ඇඳීමත් පිටතදී ඊට උඩින් සීත කබාය ඇඳීමත් මේ රටවල පදිංචි ශ්‍රී ලාංකිකයනුත් විශේෂ අවස්ථාවල කරනවා.ඔය ඡායාරූප වල සාරි ඇඳලා ඉන්න තානාපති කාර්යාල නිලධාරිනියන්ටත් බලපාන්නේ ශීත කාලගුණයම තමයි. (නි)

:       0       0

නයීම් Sunday, 08 March 2015 06:48 PM

මේ ඇඳුම මේ කාලයේ එහේ ශීතලට ගැළපෙනවා (නි)

:       0       0

සුමුදු Wednesday, 11 March 2015 07:11 PM

අපි බලාපොරොත්තු වුණේ මේක බ්‍රිතාන්‍යයන්ගේ රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් වෙයි කියලයි. (නි)

:       0       0

සුමුදු හේවා Wednesday, 11 March 2015 07:17 PM

නමුත් තානාපති කාර්යාල නිලධාරිනියන් සහ පිළිගන්න ළමයින් ජාතික ඇඳුමින් සිටිනවා. (නි)

:       0       0

රන්ජිත් Sunday, 08 March 2015 06:56 PM

අපේ කට්ටියගේ කතන්දර වලට මට පුදුමත් හිතෙනවා. මේ දවස්වල යුරෝපයට ශීතකාලය.හොඳට තියෙයි සාරි සරොම් ඇඳගෙන මේ දවස්වල එහෙ ගියොත්. (නි)

:       0       0

නුවන් Sunday, 08 March 2015 06:59 PM

නෝනා වුණත් හරිම චාම්... (නි)

:       0       0

රොෂාන් Sunday, 08 March 2015 07:35 PM

ඔහුට සරලව ඕනෑම තැනකට යන්න පුළුවන්. (නි)

:       0       0

කමල් Sunday, 08 March 2015 08:35 PM

අපේ රටට අළුත් ආරම්භයක්...! (නි)

:       0       0

ලලිත් Sunday, 08 March 2015 10:44 PM

සමහරු ඇඳුම ගැන කතාකරනවා? ඔය දැන් හොඳට ඇඳුම් ඇඳගෙන ගිහින් කොටි ප්‍රකෝටි ගණන් නාස්තිකරලා තියෙන්නේ. අනික ඔය තවම තැනකට ගිහිල්ලා නෙමෙයිනේ. යන අතරමඟදිනේ. (නි)

:       0       0

සම්පත් Sunday, 08 March 2015 10:52 PM

ඇඳුම මොකක් වුණත් අපිට නම් කමක්නැහැ. අපේ මුදල් නාස්ති නොකරනවා නම් ඒ ඇති (නි)

:       0       0

කණිෂ්ක Sunday, 08 March 2015 11:23 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

දිලාන් Sunday, 08 March 2015 11:55 PM

ගුවන් යානාවක් පුරවාගෙන රූපලාවන්‍ය ශිල්පිනියන් සහ නැටුම් සංදර්ශන කණ්ඩායම් වගේම, ආවතේවකරුවනුත් පටවාගෙන ගියා නම් සමහරු කියාවි " ආනේ හරි ෂෝක්" කියලා. අපේ රටට මොනවා නැතත් පිටඔපය නම් නැතුවම බැහැ. (නි)

:       0       0

වසන්ත ඇමෙරිකා Sunday, 15 March 2015 09:55 PM

බොරු සෝබන වැඩ වලට අපේ අය හරි කැමතියි. හාමතේ හිටියත්,මේ උගත් බුද්ධිමත් නිහතමානී නායකයෙක්. මොකක්ද තියෙන වැරැද්ද? (නි)

:       0       0

ජෙනි Sunday, 08 March 2015 11:59 PM

අර සමහරු වගේ බඩ පෙනෙන්න ඔසරිය ඇඳලා, කොණ්ඩය නිකන් සීගිරි අප්සරාව වගේ උඩට ගැටගහලා, පිපිරෙන්න කිට්ටු බෝම්බයක් සිහිගන්වන හැට්ටයක් ඇඳගෙන ගියා නම් සමහරුන්ට හරි. අබේරත්න ටෝකියෝ හරි කැමති වේවි (නි)

:       0       0

මෙලනි Monday, 09 March 2015 12:03 AM

හොඳට විලිවැසෙන ලෙස ඇඳලා තිබෙනවා නම්, ලංකාවේ මිනිසුන්ගේ බදු මුදලින් ලක්ෂ ගණන් වල සාරි අර ගන්නේ නැතුව, තමන්ගේ සැමියාගේ සාධාරණ ආදායමට සරිලන විදියට සැරසෙනවා නම් ඊටවැඩිය දෙයක් අපි නම් ජනාධිපති ආර්යාවකගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (නි)

:       0       0

භානු Monday, 09 March 2015 12:07 AM

සමහරු කැමති ඉමෙල්ඩා මාකෝස් වගේ ඉන්න ආර්යාවකට වෙන්න ඇති. එහෙම අයත් හිටියා ඉතින්. මේ මැතිණිය කලින්ම කිව්වානේ තමන් භාර්යාවක් මිසක් ආර්යාවක් නෙමෙයි කියලා. අපි ඇගේ ඒ චාම් පුද්ගලික ප්‍රතිපත්තියට ගරුකරමු. (නි)

:       0       0

අශෝක Monday, 09 March 2015 12:42 AM

සුදු ජාතික ඇඳුම ඇඳලා නෝනා රත්තරන් කිලෝ දෙකතුනක් දාගෙන ගියා නම් ඔයාලට හරි සතුටු ඇති නේද? (නි)

:       0       0

සුමුදු හේවා Saturday, 14 March 2015 03:08 AM

නීරෝ, ඇඳුම මොක වුනත් මගේ ප්‍රශ්නය නම් ගිහිල්ලා කරන්නේ රටට හිතකර දේද කියන එකයි. අපේ රටට දෂ්ට කරන්න බලා ඉන්න අය එක්ක මෙයාලගේ පයුරු පාසානම් බොහොම වැඩියි. (නදී)

:       0       0

අශෝක Monday, 09 March 2015 12:54 AM

ඔයතරම් හෙළ සංස්කෘතියට ගරුකරන ඔය අදහස් ලියන උදවිය මොකටද ඉංග්‍රීසි සහ අනෙක් භාෂාවන් ඉගෙනගන්නේ?සිංහල භාෂාව විතරක් ඇති නේද? (නි)

:       0       0

කාන්ති Monday, 09 March 2015 02:45 AM

තට්ටු ගණන් මේකප් දමාගෙන , බර ගානට වටිනා ආයිත්තම් ඇඟ දවටාගෙන, මඟුල් ගෙදර යන්න වගේ නිතරම පෙනී සිටින්නේ සැමියාට වැඩිය තමන් වයසින් වැඩි බව හංගන්න හදන සමහර ප්‍රසිද්ධ කාන්තාවන්. මේ මැතිණියට එහෙම පෙනී සිටින්න අවශ්‍යතාවයක් නැහැ මම හිතන්නේ. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 11 March 2015 01:32 AM

මම නම් අපේ ජාතික ඇඳුමට හරිම කැමතියි. (නි)

:       0       0

සේනුද Monday, 09 March 2015 03:08 AM

ඔබ රටේ විශ්වාසයයි. එය අමතක නොකරන්න (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 11 March 2015 01:45 AM

අනේ සොපී, ඇඳුම පැත්තකට දැම්මොත් හරි ජංජාලයක්නේ වෙන්නේ! (නි)

:       0       0

තුඩාවේ Monday, 09 March 2015 03:10 AM

අපේ රට නියෝජනය කරන අපේ නායකත්වයට සුබ පැතුම්! (නි)

:       0       0

අබේසිංහ -ටෝකියෝ Monday, 09 March 2015 02:06 PM

වසන්ත කියන්නේ කොහොම ගියාම මොකද කියල . රාජ්‍ය නායකයෙක් යන පිළිවෙළක් තියනවා. (බ)

:       0       0

දුමින්ද Monday, 09 March 2015 03:36 AM

ඕනෙම ඇඳුමක් ගැලපෙන එක හොඳ දෙයක් (නදී)

:       0       0

නීරෝ Thursday, 12 March 2015 04:40 PM

විජාතික ඇඳුමින් ගිය එකද දැන් මෙතන තිබෙන ප්‍රශ්නය? (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 09 March 2015 05:15 AM

පළමුවෙනි සහ දෙවැනි ෆොටෝ බලන්න. මොන තරම් සරල,චාම් විදිහටද ඉන්නේ කියල. සත්තකින්ම මෙවැනි ජනාධිපති බාර්යාවක් දැකීමත් සතුටක්.(නදී)

:       0       0

ජගත් Monday, 09 March 2015 07:08 AM

පිස්සුවෙත් හොඳම එක!(නදී)

:       0       0

රංජනී Monday, 09 March 2015 08:16 AM

තිලක් තාම පටන් ගත්තා විතරනේ. ඔය කව්රුත් වෙනස් වෙනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site