ජර්මනිය වෙත පැමිණි ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇන්ජලා මර්කල් ජර්මන් චාන්සලර්වරිය විසින් උත්කර්ෂවත් අයුරින් පිළිගනු ලැබීය.
එහිදී දෙරටේ ජාතික ගී වාදනය කෙරුණු අතර ලක් ජනපති වෙනුවෙන් හමුදා උත්තමාචාර පිරිනැමිණි.
පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව නායක දෙපළ අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
එම අවස්ථාවට ශ්‍රී ලංකා දූත පිරිසේ අමාත්‍ය මංගල සමරවීර, රවී කරුණානායක, මහින්ද සමරසිංහ, දයා ගමගේ, මලික් සමරවික්‍රම, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහත්වරුන් ද සහභාගී වූහ.
ඡායාරූප - සුදත් සිල්වා






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපති අදින ඇදුම් තෝරාගන්නේ ඔහුමද නැතිනම් යම් කෙනෙක් ඉන්නවාද කොහොමෙ වුනත් ඔහුගේ ඇදුම් පැලදුම් නම් ගැලපෙන්නේ නැතිබව ගොඩක් අය කියන දෙයක්. අද බර්ලින් වල උෂ්ණත්වය උදේ සෙල්සියස් 0යි. ඉතින් මෙවැනි දිනක ජාතික ඇදුම පමණක් ඇද ගෙන එළිමහනේ යන්න හැකියාවක් නැත සීතල නිසා මෙයට උඩින් කෝට් එකක් ඇදිය යුතුමය (බ)
නව රජයත් සමඟ අපට ලෝකයේ බලවත් රටවල් වලින් ලැබුන පිළිගැනීම ගැන අප සතුටු වියයුතුයි. ජර්මනිය වැනි ස්වාධීන රාජ්‍යයකින් මේ ලැබුන ආරාධනාවම ඇති. අපි දන්නවනේ කවුරුත් කලින් හිටපු අයට කොයි වගේ රට වලින්ද ආරාධනා හම්බවුණේ කියලා. (නි)
ජයවේවා.! (ර)
පිටරට ඉන්න අය දන්නවා ඇඟට හිර යටට අඳින ඇදුම ගැන එක ඇදගත්තම කෝට් පොරොව ගන්න අවශ්‍ය නැහැ එතුමාට අවශ්‍ය වුනේ අපේ ජාතික ඇදුම පිටට අදින්න අනික සෙල්සියස් 0 කියන්න මහා සෙතක් නෙමේ නුවර එලියේත් තියනවා (අ)
ඔය සංචාරයේ ප්‍රතිඵල මහජනතාවටත් කියන්න. (නි)
මේකට කියන්න දෙයක් නැහැ... (ර)
හරිම ආඩම්බර වෙනවා අදටත් අපේ හිටපු නායකයා ගැන. (ර)
මේ අපේ ජනාධිපති. එතුමාට අගෞරව කරන්න එපා (නි)
ෂානි, ඔයාගේ මතය වැරදියි. (ර)
අපේ රටේ මිනිසුන්ට අමතක වූණත් ඒ රටේ මිනිසුන්ට අමතක නැහැ හිටපු ජර්මන් චාන්සලර්වරයාගේ ජීවිතේ බේරලා දුන්නේ අපි බව සුනාමි වෙලාවේදී. මෙතුමිය ලෝකෙම ඉන්න බලවත්ම රාජ්‍ය නායිකාවක්. අපේ රටට ජර්මන් ජාතිකයන් නිතර යන එනවා. අපේ රට ගැන ඔවුන් අපටත් වඩා හොඳින් දන්නවා. මෙතුමාට මේ ගේරවය ලබන්න වාසනාවක් තිබීම ගැන සතුටු වන්න. ලෝකේ අපිත් එක්ක ඉන්න එකටත් සමහරු කැමති නැහැ. (ම)
ජනාධිපති ජර්මන් ගියේ පැෂන් ෂෝ එකකටද? (රේ)
අර ගූගල් මයික්ක්‍රොෙසාෆ්ට් මෙහාට ආව වගේ තවත් පිරිසක් ආදරයෙන් සාදරයෙන් කැන්දාගෙන එනවට අමතරව අපේ සමාගම් වලටත් ඒ රටේ වෙළඳපොල විවෘත කරගෙන ආවොත් වැඩි කල් නොගිහින් අපටත් ඔලුව උස්සගන්න පුළුවන් වෙයි.(ම)
මනෝජ්, මේ උත්තමාචාර ලබන්නේ අපේ රටේ ජනාධිපති තුමා. එක ගැන අපි සැවොම පක්ෂ,පාට නොබලා සතුටුවිය යුතු වගේම අපේ රටේ යුද ගිනි නිවල රට ලෝකයේ අවදානයට ලක් කලේ හිටපු ජනාධිපති තුමා කුහක නොවී ඒ ගැනත් සිතන්න එතුමා ගිය රටවල් පොඩි උනාට ඒවාත් ලෝකය පිළිගත් ඒවා මෙහෙත් ලාංකික දහස් ගණනක් රැකියාවල් කරනවා. මෙහෙ අයත් දැන් අපරටට එනවා ඇඳුම් පැළඳුම් හා වෛද්‍ය ප්‍රතිකාර ගන්නත් ඒවත් අපරටට එන ආදායම්. අමතක කරන්න එපා බැම්මක් බඳින්න ගියාම ලොකු ලොකු ගල් වගේම පොඩි පොඩි සක්ක කෑලිත් ඕනවෙනව බැම්ම ශක්තිමත් කරන්න. (ර)
කරපටියට කැමති අය ජනාධිපති තුමාගේ ඇඳුමත් විවේචනය කරනවා වගෙයි. ඕවා තිරිසන් වැඩ.(රේ)
එතුමාට සීතල, රස්නේ හොදට පුරුදුයි.ඇල්වතුරත් නිමල බොන ජනපති කෙනෙක් අපිට ඉන්නේ...............(රේ)
දේශපාලනය මොක උනත් සතුටු වෙනවා බලවත් රටකින් අපේ රටේ කෙනෙකුට දුන්නු හරසර පිළිගැන්ම, (රේ)
අපේ රට හොඳ තැනකට ගෙනඒමට උත්සාහ කරන අපේ ජනාධිපතිතුමාට ජයවේවා. (නි)
පක්ෂ පාට බේද මොකක් වුණත් තමන්ගේම රටේ ජනාධිපතිට මේ වගේ අපහස කරන ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. (නි)
මෙය හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණුවට (නි)
සුනිල්, ඔය බයියන්ගේ කතා ඔහොම තමයි. (ර)
මහින්දට නම් මේ වගේ සැළකුවේ ස්වාසිලන්තය, උගන්ඩාව වගේ ගෝත්‍රික රටවල් පමණි (නි)
ඔබගේ ගමන සාර්ථක වේවා! (නි)
ප්‍රතිපල දැනගන්න එෆ් සී අයි ඩී යන්න වෙයිද දන්නෙ නැහැ වෙන දේවල් බලනකොට (නි)
සුබ පැතුම්! (නි)
මහින්දගේ ආණ්ඩුවට බටහිර රටවල් සැලකුවේ නැත්තේ ත්රස්තවාදීන් පරාජය කරපු නිසා. මොකද ඔය බටහිර රටවල් තමා වැඩියෙම තර්ස්තවාදීන්ට උදව් කලේ. (ර)
ඇත්තටම මේ අදහස් දාන අයට කතා කරන්න දෙයක් නැතුවද රටේ උෂ්ණත්වය එක්ක අපේ රටේ ජනාධිපතිතුමාගේ ජාතික ඇඳුම ගැන කතා කරන්නේ? (නි)
හදවතින්ම සුබ පතනවා (නි)
ඕවා බලා ඉන්න බැරි අය තමයි කට කැඩුණු කතා කියන්නේ. මොනවා වුණත් අපි සතුටු වෙන්න ඕනෑ (නි)
හිටපු ජනපතිටත්, ඉන්න ජනපතිටත් ගරහන තවත් රටක් ලොවෙත් නැත. අපේ මිනුස්සුන්ගෙ කුහක කම නිසා මහින්ද ජනපතිට රට දියුණු කරන්න බෑරි වුණා. මෛත්‍රී ජනපතිටත් ඒකම කරනවා. (බ)
එතුමා ඇතුළතින් ඇඳුමක් ඇඳලා ඉන්න ඇති, සීතල දැනෙන්නේ නැතිවෙන්න. සුමිත් බස්නායක, සුමිත්‍ර බස්නායකලට අපේ ජනාධිපතිතුමා එක්ක පුදුම ඊර්ෂ්‍යාවක් තියෙන්නේ (නි)
ඔබ තුමාට ඡන්දෙ දුන්න අපගේ ගෞරවය ඔබ තුමා ඉහළින් ම රකිනවා (බ)
රට වෙනුවෙන් වෙහෙසන ඔබට දීර්ඝායු! (නි)
පෙර කළ පින් තමයි මේ. මහින්ද මැතිතුමාට පින් මදිවුණා. දැන් කට්ටිය අනුන්ට වෛර කරන්නේ නැතුව බුද්ධාගමේ හැටියට පින්දහම් කරලා ඊළඟ සැරේ ජනාධිපති වෙන්න බලන්න (නි)
හරිම ලස්සනයි (ම)
ඉස්සර නම් අපිට හිටියේ ඉරානෙයි, ලිබියාවයි, ස්වාසිලන්තෙයි. (නි)
යන්න ඕනෑ නියම රටට ගිහින් තියෙන්නේ ස්වාසිලන්තයට, යුක්රේනයට, සීෂෙල්ස් වලට යන්නේ නැතුව. අපේ ආනයනයෙන් 21% යන්නෙත්, සංචාරකයෝ වැඩි පිරිසක් එන්නෙත්, යුරෝපා කොමිසමේ වැඩි බලයක් තියෙන්නෙත් ජර්මනියට. (නි)
බඩේ අමරුක් වගේ...!(රේ)
රුසියාවට වැඩිය ලොකුයිලු ඊරිසියාව. (ර)
කියන්න වචන නෑ ජනපතිතුමනි. (ර)
මේ දිනවල පවතින අධික සිතල අපේ ජනාධිපතිට දැනෙන්නේ නැතුවද , නැතිනම් සිතල කාගෙන මෙසේ ඉන්නවද , ලෙඩක් දුකක් හැදුනොත් අපිට දුකයි ජනාධිපති තුමනි (බ)
ලංකාවේ ජාතික ගියත් වාදනය වීමත් අපිට ලොකු ආඩම්බරයක්. (ර)
ජයවේවා ....ජයවේවා.....ජයවේවා ..!! (බ)
ශ්‍රී ලංකවට ජයවේවා ...(බ)
මේවා දකිනකොට කාටද ආඩමිබර ලංකික අපිට..!!(අ)
අපේ ජනාදිපති තුමාට දිර්ගායු වේවා .. (අ)
බලන්න අපේ සිරි "පැරකුම්බා" සේන රජතුමාගේ තේජස! සීතලේ ගැහි ගැහි කෝට් එකක් නැතුව ඉන්න උජාරුව. (බ)
රජෙකු නොව මිනිසුන් අතර මිනිසකු ලක්දිවට පහල වෙලා ජයශ්‍රී .(බ)
ජනපතිතුමා කියල තිබුනා, හින්දුන් ගවයන්ට ගෞරව කරනවා කියල. ජර්මානුවෝ මොන සතාටද ගෞරව කරන්නේ කියල දැනගෙන හිටියේ නැහැනේ (බ)
බලාගෙනයි! අත් මේස් නැතිව අත අල්ලන්නේ. .(බ)