IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ජනපතිට ජාත්‍යන්තර පොලිසියෙන් සම්මානයක්

ජාත්‍යන්තර පොලිසියේ මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සම්මානයක් ලබාදී තිබේ.

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වී අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන්  එම සම්මානය පිරිනමා ඇත.

දිවයිනට පැමිණ සිටින ස්ටෝක් මහතා අද (27) ජනාධිපති කාර්යාලයේ දී එම සම්මානය පිරිනමනු ලැබීය.

ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රි ලංකා පොලිසිය සහ බුද්ධි අංශය එම අවස්ථාවේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ඒ මහතා සිය ප්‍රශංසාව පළ කර තිබේ.

(28535)



අදහස් (23)

ජනපතිට ජාත්‍යන්තර පොලිසියෙන් සම්මානයක්

Raveendra Tuesday, 27 August 2019 12:58 PM

" අල්ලපු හොරෙකුත් නැති නිසා " තරගයෙන් නිතරගයෙන්ම ජයග්‍රහණය කර ඇති බව සතුටින් දන්වන්නෙමු.

:       7       235

sirimal Tuesday, 27 August 2019 01:19 PM

අනිච්චන් දුක්ඛං . ජාත්‍යන්තර පොලිසියත් බාල්දුවෙලා තියෙන තරමක්.

:       0       40

Uditha - London Tuesday, 27 August 2019 01:39 PM

කොහේ අල්ලපු කෙනෙක්ද? අනික කොහේ දුන්න දඩුවමක්ද? මම නම් දන්නා තරමට කිසිම කෙනෙක්ට කිසිම දඩුවමක් දීල නැහැ. සම්මාන දෙන මිනිස්සුන්ගේ ඔලුව විකාර වෙලාද? මුල ඉදන්ම මම දන්නේ නැහැ. මාව දැනුවත් කලේ නැහැ කියපු මිනිස්සුන්ට තව සම්මාන . රටක් හිනස්සන කතා මේවා. අනික ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රි ලංකා පොලීසිය සහ බුද්ධි අංශය මොනවද කලේ ? අරයට මෙයාට බෝලේ පාස් කරලා . බෝම්බේ ගැහුවට පස්සේ ක්‍රියා කරපු විදියට සම්මාන දෙන්න ඕන. එහෙම දෙයක් වෙන්න කලින් වලක්වපු කෙනෙක් හිටියනම් අන්න එයාට ඕන සම්මාන දෙන්න. නිකරුනේ අහිංසක මිනිස්සු ටිකක් මැරිලා ගියා. රටේ ලොකු මිනිස්සු අකුණු ගහන වෙලාවට එලියට බහින්න එපා... කෝකටත්

:       0       201

Amila Tuesday, 27 August 2019 01:40 PM

මේකම ඇති ආයෙත් ඡන්දෙ ඉල්ලන්න .

:       8       74

Prabha Tuesday, 27 August 2019 01:41 PM

අනේ මන්දා මේ ලෝකේ කැරකෙන පැත්ත වෙනස්ද කියලා වෙලාවකට හිතෙනවා .

:       0       107

RaveendraTuesday, 27 August 2019 03:47 PM

ලැබුනත් සම්මාන, තනතුරු, අරක ද මේකද මෙමා ට..// එල්ලනවා ඒ ඔක්කොම පතෝල කොටුවේ වටේටම..// ඒවායේ සද්දෙට නැහැ ගොන් අලි එන්නේ කොටුවට..// යන්තම් ඇති දැන් වල්අලි ඒ ඔක්කොම කැලාවෙනේ ..//

:       0       14

Ruwan Tuesday, 27 August 2019 01:57 PM

හිනා වෙන්න එපා. අර්ජුන් මහේන්ද්‍රන්ට රතු නිවේදන යවල වෙන්න ඇති .

:       0       37

ධනා Tuesday, 27 August 2019 02:01 PM

මේ වගේ ප්‍රවෘත්ති දකින්න තරම් අපි පව් කරලා තිබ්බනේ .

:       0       1

Hafeel Tuesday, 27 August 2019 03:19 PM

එහමනං අපේ සිරිසේන ජනපති ලෝකේ හොඳම ආරක්ෂක ඇමති. ලෝකේ හොඳම මුදල් ඇමතිත්, හොඳම සෞඛ්‍ය ඇමැතිත්, හොඳම ආරක්ෂක ඇමැතිත් අපේ රටේ.

:       0       4

chandima Tuesday, 27 August 2019 03:35 PM

යන්තම් ඇති එහොල්ලොවත් හොඳක් කිව්වා. මේපාර චන්දෙන් පස්සේ අඩු තරමින් පොලිසියටවත් ගනියි නේ?

:       1       0

Samare Tuesday, 27 August 2019 03:49 PM

මේ ලෝකයම මහා විහිළුවක් බව නැවත ඔප්පු වී ඇත.

:       0       2

samasiri Tuesday, 27 August 2019 04:01 PM

සම්මානයට හේතු පාටය , මිනුස්සු 259ක් මැරෙනකම් බලන් හිටි ආරක්ෂක ඇමති !

:       0       1

kumaragr Tuesday, 27 August 2019 04:28 PM

අල්ලපු ඔක්කොම නිදහස් කරපු එකට වෙන්න ඇති.

:       1       1

සමන්ත Tuesday, 27 August 2019 05:10 PM

මේවා මේ රට්ටු හිනස්සන විකාර. එදා වලක්වා ගන්න තිබුන බෝම්බ නස්පැත්තිය කලින් දැනගෙන රට පැන්නට වෙන්නැති. අගමැති තුමා ආරක්‍ෂක මන්ඩලය රැස් කරලා ආරක්‍ෂාව තහවුරු කරන්න හදද්දී,ය් හමුදා ප්‍රධානීන්ට සහ නිළධාරීන්ට යන්න එපා කියලා කඩාකප්පල් කරන්න හැදුවට වෙන්නැති. සමන්ත

:       0       2

abaran Tuesday, 27 August 2019 10:14 PM

දැන දැනම බෝම්බ පුපුරවාගත්තාට වෙන්ට ඇති....

:       0       5

sharm warn Wednesday, 28 August 2019 03:27 AM

ඒ අහවල් එකක් කලාට ද ? ජාත්‍යන්තර පොලිසියට අමු කැවිලා වගේ ... බුද්ධි අංශ වල වාර්තා ලාච්චුවේ ගහලා බොම්බේ පුපුරනකල් නීරෝ වීනා ගැහුවා වගේ සිංගප්පුරු සවාරි ගැහුවට ද ?

:       1       47

athura Wednesday, 28 August 2019 04:23 AM

ඔන්න අපේ ලෝක පොලිස් කාරයෝ ටික උඩින් අදහස් පලකරලා තියනවා.

:       0       5

thilakasiri Wednesday, 28 August 2019 06:21 AM

උතුරු නැගෙනහිර දෙමල මුස්ලිම් සහභාගිත්වයෙන් 1975 යාපනයේ පැවැත්වූ ජාත්‍යන්තර දෙමල සංවිධානයේ රැස්වීමක් අවසානයේ අන්ත ජාතිවාදී රථ පෙළපාලියක් යත්දී එදා හිටි අගමැතිනිගේ අණපරිදි යාපනයේ නගරදිපති වූ දොරේඅප්පා පොලිසිය යොදවා ඒ පෙළපාලිය විසුරුවහරිත්දී පෙළපාලි කරුවන් 14-දෙනෙකු ඝාතනය වීම නිසා දොරෙඅප්පවත් මරා උතුරු නැගෙනහිර දෙමල-මුස්ලිම් පිරිස් ඊලාම් යුද්ධය ඇතිකර ඔවුන්ගේ ඒකාධිකාරයක්ව පවතී ආනයන අපනයන ප්‍රවාහන ක්‍රියාවලිය අක්‍රිය කර කන්න අදින්න නැති ආහාර ඇතුළු සියලු භාණ්ඩ හිගයක් ඇතිකර හාල් පොලු මිරිස් පොලු දමා පාර්ලිමේන්තුවේත් බතල මයියොක්ක කන්න නියමවූ යුගයක් බිහිවී රජය රූකඩයක් වී තිබියදී 1977දි 5/6 ක් බලයකින් ජේආර් බලයට ඇවිත් නැවතූ ඒ යුද්ධය නැවත 1983දි කලුජුලිය නිසා මතු වූ 30 අවරුදු ඊලාම් යුද්ධය ඇතිවීමට හේතු උනේ 1975දි පැවැති රාජ්‍ය නායිකාවගේ වැරදි තීන්දුව නිසාය.

:       0       1

Bamunuarachchi Wednesday, 28 August 2019 06:56 AM

ත්‍රසතවාදීන් සමබන්දව කලින් ක්‍රියාකර බෝම්බ සිද්ධිය වැලක් වූවානම් මේ සම්මානය ලැබෙන්නේ නැත. එමනිසා ගත යුතු ආදර්ශය ත්‍රස්තවාදීන් සමබන්දව කලින් ක්‍රීයා නොකළයුතු බවයි.

:       1       1

thilakasiri Wednesday, 28 August 2019 08:25 AM

මේ සම්මානය මෛත්‍රීට ලැබෙන්නේ මොහුත් ලංකාවේ නැති වෙලේ පාස්කු ඉරිදා බෝම්බ පිපිරුණු අවස්ථාවේ රනිල් ස්ථානෝචිත ප්‍රඥාවෙන් බාධක මැඩගෙන ඒ සිද්ධියට මූලික වූ පුද්ගලයින් පොලිසිය හා හමුදාව ලවා ඒ සිද්ධිය වී පැය කිහිපයකින් අත්අඩංගුවට පත්කිරීමට ක්‍රියාකර ඒ තුලින් අද දක්වා සිදුවෙමින් තිබෙන මෙහෙයුම් හා අත්අඩංගුවට ගැනීම් කරගන යන්න නිසිකළ නිසිමග පෑදු නිසයි. මෛත්‍රීට ලැබෙන මේ සම්මානය රටට ගෞරවයක්... කළයුතු දේ කාටවත් දොස් නොපවරා අධිකරණය මගින් නිසි විසඳුම කරා ලඟාවීමට මගපෑදීම රනිල්ගේ මහත්මාගතිය පිළිබිඹු කිරීමකි.

:       0       1

Cadic-AUSWednesday, 28 August 2019 10:56 AM

තිලක් එයා රනිල්ගේ ගොට්ටෙක් වගෙයි. කාදිනල්තුමා එතකොට කියන්නේ බොරුද?

:       1       1

Chanak los angeles Wednesday, 28 August 2019 08:39 PM

වෙන රටක කෙනෙකුට දෙන්න ඕන එකක් මොහුට ලැබිලා. සම්මාන දෙනකොට ඔහොම වැරදීම් සිදුවෙනවා..

:       0       1

Sugath Premalal Thursday, 29 August 2019 09:02 AM

රටකට ගිය කලක්. කටුවපිටිය සහ එකවර බෝම්බ 8ක් පිපිරීම වෙනුවෙන් සම්මානයක් .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඡන්ද ප්‍රතිඵල ලැබෙන්නේ මෙහෙමයි
2025 මැයි මස 06 0 0

දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්


කඩු පිහි රැගෙන ඡන්ද මධ්‍යස්ථානය අසලට ආ 2ක් මාට්ටු
2025 මැයි මස 06 141 0

කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.


ජනපති මුළු ලොවටම බෞද්ධ දර්ශනයේ අගය කියයි
2025 මැයි මස 06 195 0

යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක සියලු ජාතීන් සහ මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර


තුසිත හල්ඔළුව හෙට සී.අයි.ඩීයට
2025 මැයි මස 06 565 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන තුසිත හල්ඔළුව නැමැත්තාට හෙට (7) පෙරවරු 10.00 ට අපරාධ පරී


ලොකු පැටිගේ නිවසින් බෝම්බයක් හමුවෙයි
2025 මැයි මස 06 603 0

පුද්ගල ඝාතන , ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව විදෙස් ගතව සැඟව සිටියදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධක


රනිල් යළි ඉන්දියාවට
2025 මැයි මස 06 667 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා අනිද්දා (8)පිටත්ව යයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 791 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 205 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1246 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site