රටේ ජනතාවගේ ගැටළු, දුක්ගැනවිලි හා යෝජනා සෘජුවම ජනාධිපතිවරයාට යොමු කළ හැකි ක්‍රමයක් ලබන ජනවාරි 08 දින සිට ක්‍රියාත්මක කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
‘‘ජනපතිට කියන්න“ යනුවෙන් නම් කැර ඇති මෙම වැඩසටහනේ දී ඕනෑම දුරකථනයකින් ජනාධිපතිවරයාගේ කාර්යාලයේ නියෝජිතයකු හා සෘජුව ම සම්බන්ධ වීමට පහසුකම් සපයා ඇති බවත් ජනාධිපති කාර්යාල ප්‍රකාශකයෙක් කීවේය.
ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවි හා නිල සමාජ ජාල ඔස්සේ ද ජනාධිපතිවරයාට සෘජු පණිවිඩ පහසුවෙන් යොමු කිරීමට මේ වැඩසටහන මගින් පහසුකම් සපයා ඇත. තව ද ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් ජනාධිපතිවරයා වෙත සෘජුව ලිපියක් යොමු කිරීමේ කෙටි අංක සහිත තැපැල් පෙට්ටියක් ද ස්ථාපිත කිරීම ද ‘‘ජනපතිට කියන්න“ වැඩසටහනට ඇතුලත් වේ.
ස්මාර්ට් දුරකථන භාවිතා කරන පුද්ගලයකුට තමන්ගේ ගැටළුවක්, යෝජනාවක් හෝ මග තොටේදී දකින් දෙයක් හෝ ගැටළු කාරී තත්ත්වයක්, ලිඛිතව, ඡයාරූප හෝ වීඩියෝ දර්ශන හෝ සමග මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට හැකියාව ඇති ස්මාර්ට් යෙදවුමක් (Mobile App) මෙම වැඩසටහනේ දී හදුන්වාදෙයි.
‘‘ජනපතිට කියන්න“ විශේෂ වැඩසටහන ජනතාවට හදුන්වා දෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්ව වසරක් පිරීම නිමිත්තෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුවෙනකොට මෙහෙම ගියොත් කියන්න දෙයක් ඉතුරුවෙයිද මන්දා? (නි)
කලින් තිබුන ජනාධිපති ජංගම සේවයට නව අර්ථකතනයක් වගේ. (නි)
ඉතාම හොඳ පියවරකි (නි)
ජනතාව ලෙහෙසියෙන් රැවටෙන්නේ නැහැ. (නි)
මිනිසුන්ගේ දුක ඇහෙනවා, පේනවා, තවත් මොනවටද අමුතුවෙන් කියන්නේ? ඒකෙනුත් රජයට ආදායමක්... ලිපියක් එව්වොත් මුද්දර ගාස්තු, දුරකතනයට, අන්තර්ජාලයට පණිවුඩ නොමිලේද? (නි)
තිබුනට වැඩක් නෑ ප්‍රශ්නවලට උත්තර නැත්නම්.(හේ)
රහස්‍ය බාවය සුරැකීම හා කඩිනමින් විසදුම් ලබාදෙන ක්‍රමවේදයක් නිර්මාණය වුවහොත් යෙහෙකි.(ම)
ඔබතුමා ගත් මෙම තීරණය ඉතා අගයකොට සලකමි.(ම)
ලඟට ගිහිල්ල හරි කියන්න නම් බැරියෑ. කිව්වට අහන එකක්යෑ. කොහෙද යන්නෙ මල්ලෙ පොල් නෙ ගිය අවූරුද්දම කලේ.
කූරගල ගැන මුහුදු විහාරය ගැන කියන්න. (බ)
එය හොඳ අදහසක්. (බ)
ඔය ප්‍රශ්න එතුමාම අහන්න ගියොත් එතුමාට නිදාගන්නවත් වෙලාවක් ඉතුරු වෙයිද? අනික ඔය ප්‍රශ්න ගෝලයින්ට කිවුවොත් එයාලට ඕනෑ විදියට කිරලා මැනලා එයාලට වැදගත් දේවල් විතරක් ජනාධිපතිතුමා අතට ගියොත් ඔය වැඩපිළිවෙලිනුත් වැඩක් වෙයිද? (නි)
බොහොම හොද අදහසක් නමුත් මේවා ක්‍රියාවට නැංවෙයිද දන්නේ නැහැ (බ)
කියලා විතරක් ප්‍රමාණවත් නැහැනේ (නි)
අපිට අහන්න ප්‍රශ්න නම් කෝටියයි.... (නි)
කිවුවා කියලා අපිට විසඳුම් ලැබේවිද? (නි)
ඇස් දෙකට පෙනෙන්න තිබෙන ප්‍රශ්න වලටත් තවම විසඳුම් නැතිකොට අමුතුවෙන් මොනවා කියන්නද? (නි)
මේක කොහොම වෙයිද දන්නෙ නැහැ (නි)
මම ප්‍රාර්ථනා කරනවා මේ උත්සාහය සාර්ථක වෙන්න කියලා (නි)
අගය කරමි ඒ වගේම රාජ්‍යායතනවල දුරකථන සේවය කාර්යක්ෂම කරන්න (හේ)
බෝධිසත්වයෙක්, රජ කෙනෙක්ව දොර මුල්ලට තල්ලු කරලා, මෙයාට මොනවා කියන්නද? (බ)
මෙහෙම ක්‍රමයක් එනවා නම් ගොඩක් හොදයි.(හේ)
හොද වැඩක්. හොද විදිහට කරන්න ලැබෙීවා. සිරි.... බෝධිසත්වය, රජා පසු කාලීනව කරපු දේවල් නමි ගැලපෙන්නේ නැහැ. ඒ නිසා තමයි එතමාට එහෙම උනේ... (කෞ)
පටන් ගත්තට පස්සේ අදහස් ඉදිරිපත් කරමි. (බ)
මේ ක්‍රමය හොඳයි.සාර්ථක වුවොත්.(හේ)
ඉන්දියාවේ අධිකරණ ක්‍රියාවලිය සදහා මෙම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වී ඇත. භගවතී විනිසුරු තුමා විසින් එය සාර්ථකව හදුන්වා දී ඇත.හඩක් නොනැගිය හැකි, ශක්‍යතාවයෙන් අඩු ජනයා ඉලක්ක කරගෙන එය ඇති සාර්ථක ක්‍රමවේදයක් බවට පත්ව ඇත. මෙරට ජනයා හා රාජ්‍ය සේවයේද මෙම ක්‍රමවේදය හරහා ජන මතය හා අසාධාරණ සදහා පිළියම් ලබා දීමට හැකි වන ලෙස ක්‍රියාවේ යොදන්නේනම් මැනවි. (බ)
කීවට බලන්න කෙනෙක් ඉන්න එපායැ (බ)
මං දැනට ජෝර්දාන් ගාමන්ට් එකකක වැඩ කරන්නේ. ලංකාවේ අයට හරියට කිසිම කෑමක් බීමක්වත් නෑ. හරියට දුක් විදිනවා.
රටෙ තිබෙන සියළුම පොලිස් ස්ථාන වලට හමුදා පාලනයක් ඇති කල යුතුයි. නීතිය තරාතිරමි වලටත් මුදල් වලටත් නැමෙයි. මත්පැන් පාවිච්චි කර රිය ධාවනය කිරීම තහනම් නමුත් අනතුරු වුනාම රියදුරන්ව ආරක්ෂා කරලා නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ අද මෙම කරුණට ගොඨා ජනාධිපතිවරයාට පමණයි කළ හැක්කේ ඒ වගෙම සියළුම ඇමැති ධුර හමුදාවෙ උගත් ඉහළ නිලධාරින්ට බාර දිය යුතුයි. මෙම අවශ්‍යතාව තමා රටෙහි වෙනසක් කල හැක්කේ රට පුරාම එකම නීතියක් ඇති කළයුතුයි, ස්තුතියි. මම, මගෙ රටට හරිම ආදරෙයි, ජය වේවා මගෙ රටට....
ගරු ජනාධිපතිතුමනි, මා දැනට සිටින්නේ කාම්බෝජයේ වන අතර මේ වනවිට මෙහි කොරෝනා ආසාදිතයින් 3දෙනෙකු පමනක් වන අතර අනෙක් සියලු අයවලුන් සුවය ලබා ඇත. දැනට කිසිදු මරණයක්ද සිදුවි නොමැත. මා දන්නා පරිදි අප රට හා කාමිබෝජය මිතුරු රටක වන අතර ඔවුන් සතු වෛද්‍ය හා ඹෟෂධ මේ සදහා යොදා ගැනිමට හැකි නම් එය යහපත් යැයි මම සිතන්නෙමි. තවද සියලු ආරක්ෂක අංශ කදවුරු ගත කිරිමෙන් ඔවුන් සියල්ලන් විශාල අවධානමකට ලක්වෙයි එයට හේතුව කිසිදු පරික්ෂනයකින් තොරව විශාල පිරිසක් එකවර රදවා තබා ගැනිමයි... එම නිසා මේ වනවිට සමාජය තුල වැරදි ආකල්පයක් පවතින නවුක හමුදා සාමාජිකයින් පමනක් කදවුරු හෝ සම්පුර්නව නිරෝධායනයට ලක් කර යුධ හා ගුවන් හමුදාව පෙර පරිදි සේවයෙහි යෙදවිමෙන් අවදානම් තත්වය සිමා වනු ඇත.. යම් හෙයකින් යුධ හමුදාවද මෙවැනි ලෙස ආසාදිත වුවහොත් රටේ අත්‍යාවශය සේවා හා ආරක්ෂාව රටට අවැසි අවස්තාවක ඔබතුමා රජය හා මුලු ලංකාවට අසරනු වෙනු ඇත... ස්තුතියි
වැදගත් මෙහෙවරක් ...
ඔබතුමා ගත් තීරණ අගය කොට සලකමි. ඉදිරියට යාමට ධෛර්යය ලැබේවා ඔබතුමාට..!!!
මා පොලිසියේ වසර 22ක් සේවය කළ අතර 2011.06.18 දින පුතාට වීෂබීජයක් ශරීරගත විමනිසා රෝහල් ගෙන යාමට සිදුවිය. පසුව එ් බව දන්වා තිබියදී මා හට සේවය අතහැර යාමේ නියෝග නිකුත් කළා. පසුව මා 2011.07.24 දින අභියාචනයක් නුවරඑළිය පොලිස් අධිකාරිතුමා වෙත ඉදිරිපත් කළා.. වසර 9කට පසුව පොලිස් කොමිසම මගින් 2019 වසරේදී නැවත සේවය පිහිටුවා අනිවාර්ය වීශ්‍රාම ගන්වා ඇත. මාගේ වයස අවුරුදු 50ක් වන අතර ඉදිරියට වසර 10ක් සේවය කිරිමට හැකි අතර දැනට මා කුලීවැඩ කරමින් බිරිඳ හා පාසැල් යන දරුවන් දෙදෙනා ජීවත් කරන අතර ලබාදී ඇති නියෝගය..., සංශෝධනය කර මාහට ඉදිරියට සේවය කිරීමට ඉඩ ලබාදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
ගරු ජනාධිපති තුමනි මට පුළුවන් නම් රියදුරු රැකියාවක් ලබා දෙන්න. ඔබට ගොඩක් පිං.
ගරු ජනාධිපතිතුමනි, දැනට ජෝර්දානයේ කැමල් වේගා ඇඟලුම් කම්හලේ නේවාසිකාගාරයේ සිටිනා සේවයෙන් ඉවත් කල සේවිකාවන් ලංකාවට කඩිනමින් ගෙන්වීමට වැඩ පිළිවෙලක් යොදන්නේ නම් ගෞවරවනීය ස්තූතිය පුදකරමි. ඉදිරි මාස කිහිපය සීතකාලගුණය එන බැවින් දැනට නේවාසිකාගරයේ සිටින අය සේවයෙන් ඉවත් කර පසුගිය මාසයේ ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි අය නිසා සීත කාලයට අඳින අැඳුම් පවා නැව්ගත කර අැති නිසා මහත් අපහසුතාවයට පත්ව සිටියි. මේ පිළිබඳව කාරුණික අවධානය යොමු කර ඔවුන් ඉකමණින් ලංකාවට ගෙනවා ගැනීමට පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ජනපති තුමනි මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පාතහෙවාහැට පාදෙශීය සභාව ට අයත් නැහිනිවල ගමෙහි තිබ්බටු වාව් ඇල සම්බන්ධ මාර්ගය කුඩා වාහන යකට යා හැකි අයුරු න් පිළිසකර කර දෙන ලෙස කාරැණිකව ඉල්ලා සිටිමි පවුල් 50ට අධික පිරිසක් ජීවත් වන මෙම මාර්ගයේ කිසිදු නායකයෙක් පැමිණි නැත. මෙම මාර්ගය අතීතයේ සිටම ගම් සභා පාරක් වන අතර මෙහි පාලමද අබලන් පවතින අතර එය 1962 සාදා ඇත. මෙම මාර්ගය සමහර කොටස් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති අතර ඔබතුමා මෙය පිළිබඳ සොයා බලා මාර්ගය සාදා දෙන ලෙස කාරැණිකව ඉල්ලා සිටිමි.
අතිගරු ජනාධිපතිතුමනි, මා මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි අයෙක් උපාධිධාරීන් බඳවා ගැනීම 2020 යටතේ මා අයදුම් කළත් වයස අවු 45ක් සම්පූර්ණ වීම නිසා ප්‍රතික්ෂේප විය. මා අභියාචනා කළත් මේ වරද මාගේ නම් ලැයිස්තුවේ නැත. ඔබතුමා ප්‍රකාශ කළ පරිදි අප කෙරේ අනුකම්පා කර අපටද රැකියා ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි..
මම බණ්ඩාරවෙල... මට දැනට ජොබ් එකක් නෑ. මේ කොරෝනා නිසා මට ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නැහැ. දැන් මාස 3ක් වෙනවා. පුළුවන් නම් ජොබ් එකක් ලබාදෙන්න බණ්ඩාරවෙල අවටින්.. ලොකු පිනක්..
මා සිටින්නේ ඉතා අසරණ තත්වයක.. අනවසර ඉඩමක යන්න තැනක් නෑ. දරුවන් 3 දෙනෙක් ඉන්නවා. මා හට ඉන්න ඉඩමේ අයිතිය ලබාදෙන්න කටයුතු කරන්න දියණියක් සිටින නිසා හරි අවදානමක සිටින්නේ...
අතිගරු ජනාධිපතිතුමනි. ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් පුනරුත්ථාපන නිවාසයක් ඉදිකිරීම සඳහා පර්චස් 20ක පමණ බිම් කොටසක් තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ රන්න හුංගම අතර ප්‍රධාන පාරට මුහුණලා ඇති ඉඩමෙන් පරිත්‍යාග කිරීමට කැමැත්තෙමි. මගේ බාල සොහොයුරාද ආබාධිතය. නොමිලේ පහසුකම් සපයන රජයේ පුනරුත්ථාපන නිවාසය බොහොමයක් ඇතත්, විශ්‍රාම වැටුප් ඇති සහ යම් මුදල් ප්‍රමාණයක් ගෙවා සුවදායි ලෙසින් සිටිමට කැමති ආබාධිත අයට ආරක්ෂාවත් පහසුකමුුුත් සපයන ආයතනයක සිහිනයකි... සුබවාදී වේවා...!!!
අවුරුදු 100 ක් අප භාවිතා කළ මාර්ගය කිසියම් පිරිසක් විසින් වසා ඇත. එම මාර්ගය කෑගල්ල ප්‍රාදේශීය සභාවට අයිති මාර්ගයකි... එම මාර්ගය වසා දැනට මාස 6 ක් වේ. සභාපතිතුමා දැනුවත් කළද එතුමා අපට පිළිතුරක් නොදේ. මේ නිසා අප අපහසු තාවයට පත්ව ඇත. මේ සම්බන්ධව අප ඔබතුමන්ගේ ඉතා ඉක්මනින් පිළිතුරුක් බලාපොරොත්තු වෙන්නෙමු.
අතිගරු පිංවත් ජනාධිපති තුමනි.මම මහියංගණයෙ.ග්‍රාමනිලධාරී වසම දම්බරාව.ජනාධිපති තුමනි මට රජයෙන් දෙන රුපියල් 5000 මට ලැබුණෙ නැහැ.මම කරන්නෙ කුලී වැඩ.දැන් කුලී වැඩත් නැහැ ජනාධිපතිතුමනි.රට වහලනෙ.දැන් ගොඩක් අමාරුවෙන් අපි ජීවත් වෙන්නෙ
ජනධිපතිතුමා අපට දෙනවා කිව රු 5000/- ලැබුනේ නැහැ
ගරු ජනාධිපතිතුමනි, රටේ පවතින තත්ත්වය ගැනද සලකාබලා රූපවාහිනී නාලිකාවල විකාශනය කරන දරුවන්ගේ මනස අවුල් කරවන වැඩසටහන් වෙනුවට අධ්‍යාපන සහ වැදගත් වැඩසටහන් විකාශනය කිරිම සඳහා කාරැණික අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි...
ජනපතිතුමා සම්බන්ධ කරගැනීමට ජනපතිතුමා ළඟ සිටින ආරක්ෂක නිලධාරීන් එක්කෙනෙකුට ජනපති තුමාව සම්බන්ධ කරගැනීමට හැකි පරිදි දුරකතනයක් ලබාදීමයි.. එවිට ජනපතිතුමාට ඉතා පහසුව මේ රටේ ප්‍රශ්න වලට සෘජුව පිළිතුරු දී කාර්යක්ෂම වැඩ පිළිවෙලක් කරගෙන යා හැකි රටේ හෙට දවසේ අභිවෘද්ධිය දියුණුව ඉතා ඉක්මණින් කළහැකිය.
ඉතාමත් හොඳයි...!!!
අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට මාගේ මෙම දුක ඉදිරිපත් කරන මා දැනට ජාවත්ත උමා ඔය ව්‍යාපෘතියේ සේවයේ නියුක්ත වී සිටි. අනේ අතිගරු ජනාධිපතිතුමනි, මේ වන විට එම ව්‍යාපෘතිය අවසන් වන බැවින්, අපගේ සේවා කාලයද 2021.09.30 දිනෙන් අවසන් කර ඇත.
ගුරුවරු පාසල් දරුවන්ට උගන්වන්නේ නැහැ.. ටියූෂන් ළමයින්ට උගන්වනවා.. ඇයි අපේ ළමයි හරි අසරණයි. මේකට පිළියමක් කරන්න.
අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමන්ගෙන් මෙම ඉල්ලීම කිහිපවරක්ම සිදුකළා.. ඔබතුමාට ලැබුණාද කියා මා නොදනී. අතිගරු ජනාධිපතිතුමනි... මා උමා ඔය ව්‍යාපෘතියේ දැනට වසර 8ක් කලමනාකරණ සහකරුවකු ලෙස සේවය කර ඇත. ව්‍යාපෘති සේවය 2021.09.30 න් අවසන්වේ. අනේ ඔබතුමාට පින්සිදු වෙනවා වාරිමාර්ග අමාත්‍යාංශය මගින් අලුතින් ව්‍යාපෘති පටන්ගන්නා බැවින් මා එවැනි ව්‍යාපෘතියකට සම්බන්ධ කර දෙන්න... නැතිනම් 8 වසර සමත් අයත් බඳවා ගැනීමට කටයුතු කර ඇති කාර්යාල සේවයට හෝ පත්කර දෙන්න. ඔබතුමාට මහත් පින්... මා හට මහත් ඵලදායි සේවයක් අවංකවම සැපයීමට හැකියි. අතිගරු ජනපතිතුමනි, 2014 වසරේ දින 180 යටතේ ස්ථීර වීමට මට දින 20 මදි වුනේ. අනේ මට පිළිතුරක් දෙන්න...
ජනපතිතුමනි, විදේශීය ශ්‍රමිකයන්ට බදු සහන ලබා දී වාහන මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිමි.
ගැටළුවක් ඉදිරිපත් කරන්නේ කෙසේද ?
අතිගරු ජනාධිපතිතුමනි ,රටතුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා යෝජනාවක් කරමි. 1.සති තුනක කාලයක් සඳහා රට වසා දැමීම. 2.අඩු අදායම්ලාභී පවුල් සඳහා දීමනාවක් දීම සඳහා සියලුම රජයේ සේවකයින්ගේ හා විශ්‍රාමිකයින්ගේ මාසික වැටුෙපෙන් එක් මාසයක් පමණක් සියයට 25 ක් කපාගෙන එම මුදල පියවා ගැනීම .එම ක්‍රියාවලිය පිළිබඳ සියලු රාජ්‍ය සේවකයින් ප්‍රසිද්ධ දැනුවත් කිරීමක් කර එසේ කපාගන්නා මුදල පසුව ලබාෙදන බවට ප්‍රකාශයක් කිරීම.
2021 උසස් පෙල විභාගයට පළමුවර පෙනී සිටින මම කිසිදු අමතර පන්තියකට සහභාගී නොවී පාසලෙන්ම විශය කරුණු ඉගෙන ගනිමි.මම අ.පො.ස.සාමාන්‍ය පෙල විභාගයෙන්ද ඉහළින් සමත් වුණෙමි. පාසල් ගුරුවරුන්ගේ වැටුප් විශමතා ගැටලුව නිසා මාස 2 ක් පමණ අපට නිසි අධ්‍යාපනයක් නොලැබුනි.පාසලෙන්ම අධ්‍යාපනය ලබන විශාල සිසු පිරිසක් මේ හේතුවෙන් අපහසුතාවට පත්ව ඇත. මේ පිලිබදව කිහිපදෙනෙකුගෙන්ම ඉල්ලීම් කරත් නිසි පිලිතුරක් ලැබුණේ නැත. මේ හේතුව සලකා බලා 2021 අ.පො.ස.උසස් පෙල විභාගය තවත් මාස 2 ක්වත් කල් දැමීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තූතියි.
රසායනික පොහොර ගෙන්නන්න එපා මං දිස්තික්කයක් බලන්නම් වී වගාව හා එලවලු මහවැලි වැඩසටහන් තියන්න ඔනි. මෙ වෙනවිට මහවැලි විසින් මිනිසුන්ගේ කොම්පෝස්ට් එකක්වත් හරියට බලලා කරලා දිලා නැ. අද පටන් නිවසින් නිවස ඇවිදලා හරි කාබන්ක වගාවේ නාසි කියා දෙන්නම් රසායනික පොහොර ගෙන්නන්න එපා.
ගරු ජනාධිපතිතුමනි, අපේ ණය තාම ගෙවීමට හැකි වී නොමැත. අපිට ලැබුණු ඉඩම්වල තාම වැඩ කරන්නේ නැත. අපි ඉන්න ගෙදර පුපුරා ඇත. මේ දවස්වල වැස්සක් නිසා ගේ කොයි වෙලාවේ හරි කඩාගෙන වැටෙයි. මමයි, දරුවෝ දෙන්නයි මැරුණාමද ගෙවල් හදලා දෙන්නේ..? මේකට විසඳුම් දෙන්න ඔබතුමාගෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
අතිගරු ජනාධිපතිතුමනි, මාගේ වයස 17යි, මගේ අම්මා සහ තාත්තා කථන අබාධිකයින්ය. මගේ තාත්තාගේ වයස 56යි. තාත්තා කරන්නේ පෙදරේරු වැඩ... එ් වැඩ කරන්නෙත් බොහොම අමාරුවෙන්ය. මගේයි, මගේ මල්ලිගේයි ඉගෙනිම් කටයුතු සඳහා බොහො වියදම් වෙයි... තාත්තා බොහෝ අමාරුවෙන් හෝ ඒ වියදම් පියෙව්වත්, බොහෝ කාලයක් ඒ වියදම් පියවන්න බැරි වෙයි. අනේ අතිගරු ජනාධිපතිතුමනි, අප වෙත උපකාර කරන්න කියා මා ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි....
පයාගල පොලිසිය සාදාරණ මනුස්සයට කිසිම විසදුමක් නැ ඒකෙන් කසිප්පු කාරයන්ටයි කුඩු කාරයන්ටයි විතරයි තැනක් තියෙන්නෙ .අනිත් දුප්පතාට කිසිම සහනයක් නැ එහෙම පොලිස් කාරයොන්ගෙන් වැඩක් තියෙනවද .මෙි සමිබන්දව හොයල බලලා තීරනයක් ගන්න
ජනාධිපතිතුමනි, මට දරුවන් 4 දෙනෙක් ඉන්නවා. 3 වසර, 4 වසර, 7 වසර, 12 වසර.. මම කුලී වැඩ කරන්නේ. හැමදාම වැඩත් නෑ ජනාධිපතිතුමනි... මා හට හැකියාවන් කීපයක්ද තිබෙනවා. ඔබතුමාගෙන් උපකාරයක් බලාපොරොත්තු වෙන්නෙමි. කියන්නට බොහෝ දේ තිබේ.
ජනාධිපති පුද්ගලික හමුවීමක්... රටට යහපතක්...!
ඔබතුමා ජනතාවට රට ගොඩගැනීමට සහායවන්න ඇරයුම් කළා. ඒ ගැන සිතා මගේ අදහසක් ඉදිරිපත් කිරීමට ඇත. මේ වෙනකොට රට පත්වී ඇති ඩොලර් ගැටලුවට විසදුමක් ඇති. ඒ සඳහා අදහස් ඉදිරිපත් කිරීමට අතිගරු ජනාධිපතිතුමා සම්බන්ධ කරදෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
කවුද ඊළඟ ජනාධිපති වෙන්නේ? එයාට මගේ උපරිම සහයෝගය දෙනවා... මේ රට ගොඩගන්න සහයෝගය දෙනවා.
මට තනතුරක් දුන්නොත් ශ්‍රී ලංකාව ගොඩගන්න පුළුවන්. මට ඕනෑ ජනාධිපති උපදේශක තනතුරක්... අපි රට වෙනුවෙන් ජනතාවට හොඳ සේවයක් කරනවා.
අති ගරු ජනාධිපතිතුමනි, ආබාධිත දීමනාව ඉවත් කිරීම සම්බන්ධව 2019.05.17 වන දින සිදු වූ රිය අනතුරකින් මාගේ දකුණු පාදය දනහිසට ඉහළින් ඉවත් කර ඇත.. අම්පාර දිස්ත්‍රීක්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මා හට අබාධිත දීමනාව රුපියල් 5000/- මුදල මීට ඉහතදී ලබාදුන්නත් මෙම මාසයේදී මා හට එම මුදල ලබා නොදීමට තීරණය කර ඇති බව මා දැන ගන්නේ මෙම මස දීමනාව ලබා ගැනීමට ගිය අවස්ථාවේදීය.. ඒ පිළිබඳව මා දැනුවත් වන්නේ සමාජ සේවා අංශයෙන් විමසූ විට මාගේ ආදායම වැඩි නිසා එය ඉවත්කළ බවට එම අංශයේ ගීතා මහත්මිය පැවසුවේය. එයට හේතුව මා හට ජීවත්වීමට හා දරුවන් දෙදෙනා පාසල් යැවීමට හා මාගේ දියවැඩියා රෝගයට බෙහෙත් ආදිය ලබා ගැනීමට ලැබෙන ආධාර මුදල ප්‍රමාණවත් නොමැති නිසා පවුලේ අය විසින් අභ්‍යාස පොත්, ලිපිද්‍රව්‍ය අලෙවි කරන කුඩා කඩයක් පවත්වාගෙන යෑම බව පැවසුවා. පාදයක් නොමැති මා දියවැඩියා රෝගියෙකි. වයස අවුරුදු 7ක හා අවුරුදු 9ක ගැහැණු දරුවන් දෙදෙනා පාසල් යැවීමත් දැන් අපහසු කටයුත්තක් බැවින් මා හට ආබාධිත දීමනාව නැවත ලබාදෙන්න කටයුතු කරන්න.
මම කල්තොට සමෘද්ධි බැංකුවෙන් ණයක් අරගෙන තියෙනවා. ඒක නිසා අපට එම ණය මුදල ගෙවන්න වත්කමක් නොමැත. මසකට රුපියල් 13500 ක වාරික මුදලක් ගෙවන්න අමාරු තත්වයන් නිසා උසාවි දමා තිබෙනවා. එමනිසා මෙම ණය මුදල කපා හරින ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...
ගරු ජනාධිපතිතුමනි, මගේ තාත්තා මීට වසර 8 කට ඉහතදී ඉඩම් ආරාවුලක් නිසා අල්ලපු නිවසේ සිටින මාමත් සමග තරහවෙලා සිටියා. ඒ ඉඩමක් හින්දා.දැන් තාත්තා බොරු ළමා දූෂණ අපරාධයකට අසුකර දී අවුුරුදු 14කට වැලිකඩ බන්ධනාගාරයට යැවූවා. වෛද්‍ය වාර්තාවල එහෙම දූෂණ සිදුවීමක් වෙලා නෑ කියලා තිබියදී බන්ධනාගාර අච්චු කරා.අපි දුප්පත් වැසියෝ .තාත්තා කුලී වැඩ කරලා අපිට කන්න දුන්නේ . දැන් අසරණවෙලා ඉන්නේ . ඔබතුමාට ගොඩාක් පිං. ජනාධිපති සමාව ඉල්ලා සිටිනවා.
මගේ බිරිද සෞදි අරාබියේ යාව මගේ බිරිද අතරමන් කර ඇත මට මේ සම්බන්ද ප්‍රශ්නය කියන්න ජනාධිපති තුමා මුණ ගස්සන්න ක්‍රමයක් කියන්න බුදුසරණයි
අපේ පන්සලේ ගම්වාසීන් කියනවා පන්සලේ දුටුගැමුණු රාජ්‍ය සමයේ නිදන් කරන ලද නිදන් වස්තු තියෙනවා කියලා ජානාදිපති තුමනි ඔබතුමා මෙ ගැන සලකලා බලන්න. අපිටත් එවා කරදරයක් වෙලා තියෙන්නේ එම දෙයක් තියෙනවා නම් පන්සල හදලා දෙන්න.
ජනාධිපතිතුමනි, මා හට අනුරාධපුර රාජ්‍ය අයතනයක කම්කරු හෝ රියැදුරු රැකියාවක් ලබාදෙන්න. මා වැඩිදුර ඉගෙනගෙන නොමැත. ඔබගේ උපකාරයක් බලාපොරොත්තු වෙමි...!
ගරු ජනාධිපති තුමනි . රත්නපුර ,ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාකදුර ග්‍රා.නි.වසමෙ පදිංචි අයෙක්මි .අස්වැසුම සහනාධාරය ඉල්ලුම් කර 2024.4.22 දින ගරු ජනාධිපති තුමාට ලිපියක් එව්වෙමි.ඉන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් තුමියට මගේ ලිපිය සමඟ ලිපියක් එවා තිබුණි. අස්වැසුම සහනාධාරය ලබා ගැනීම සදහා ඉල්ලුම් කළ අභියාචනා පරීක්ෂා කර නැවත ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සී.ඒ සුනෙත් ලෝචන තුමා වෙත අභියාචනා කමිටුව මගින් ලබාදී ඇති තීරණය නිවරැදිව දන්වන ලෙසට.ප්‍රාදේශීය ලේකම් තුමියට.ඉන් පසුව ඒ පිලිබද තොරතුරක් මා හට ලැබුනේ නැත ..ගරු ජනාධිපති තුමනි .මේ ගැන සොයා බලා..අස්වැසුම සහනාධාරය දරුවෙක් එක්ක ආර්ථික අපහසුතාකමින් ජීවත් වන මා හට ලබා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි..
ගරු ජනාධිපතිතුමනි උතුරු මැද පළාතේ උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සදහා ගුරු විභාගයෙන් 1900 පමණ සමත් වූහ. ඉන් 1210 සදහා 2024 - 05 -09 පත්වීම් ලබාගත් අතර 700 ආසන්න පිරිසක් සුදුසුකම් ලත් ගුරු විභාගය සමත් උපාධිධාරීන් ඉතිරි වුහ... උතුරු මැද පළාතේ උග්‍ර ගුරු හිගයක් පවතින අතර ඇතැම් පාසල් වැසී යන තත්ත්වයට පත්ව ඇත. එවන් තත්ත්වයක් තුළ ගුරු විභාගය සමත් උපාධිධාරීන් 700 කට ආසන්න පිරිස සදහා ගුරු පත්විම් ලබාදීමට කටයූතු කරන්නේ නම් ගුරු හිඟයට පිළියමක් වනු ඇත.. ඒ පිළිබඳව ගරු ජනාධිපතිතුමාගෙ අවධානය යොමු කර ඒ සදහා අවශ්‍ය කටයුතු සිදු කර උතුරු මැද පළාතේ ගුරු විභාගය සමත් උපාධිධාරීන් හට පත්වීම් ලබාදීමට පියවර ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි...
ගරු ජනාධිපතිතුමනි උතුරු මැද පළාතේ උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සදහා ගුරු විභාගයෙන් 1900 පමණ සමත් වූහ. ඉන් 1210 සදහා 2024 - 05 -09 පත්වීම් ලබාගත් අතර 700 ආසන්න පිරිසක් සුදුසුකම් ලත් ගුරු විභාගය සමත් උපාධිධාරීන් ඉතිරි වුහ... උතුරු මැද පළාතේ උග්‍ර ගුරු හිගයක් පවතින අතර ඇතැම් පාසල් වැසී යන තත්ත්වයට පත්ව ඇත. එවන් තත්ත්වයක් තුළ ගුරු විභාගය සමත් උපාධිධාරීන් 700 කට ආසන්න පිරිස සදහා ගුරු පත්විම් ලබාදීමට කටයූතු කරන්නේ නම් ගුරු හිඟයට පිළියමක් වනු ඇත.. ඒ පිළිබඳව ගරු ජනාධිපතිතුමාගෙ අවධානය යොමු කර ඒ සදහා අවශ්‍ය කටයුතු සිදු කර උතුරු මැද පළාතේ ගුරු විභාගය සමත් උපාධිධාරීන් හට පත්වීම් ලබාදීමට පියවර ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
ගරු ජනාධිපති තුමණි, දිනපතා පාසල් දරුවන්ට ලබාදෙන ආහාර වේල සම්බන්ධවයි, ඔබතුමාගේ අදහසක් අනුව ක්‍රියාවට නැංවෙන මෙම සත්කාර්‍ය නිසියාකාරව සිදුවන්නේ නැත. දරුවන්ගේ උදෑසන ආහාරය ලෙස ලැබෙන මෙම ආහාර වේල දරුවන්ට ලැබෙනුයේ උදෑසන රැස්වීම පැවැත්වූවාටද පසුවයි... දරුවන්ට පාසලෙන් ආහාර වේල ලැබෙන නිසා නිවෙස්වලින් දරුවන් පිටත්වන්නේ නිරාහාරවය, දරුවන්ට කවා පොවා සුපුරුදු පරිදි පාසල් එවුවහොත්, පාසලෙන් ලැබෙන ආහාර අපතේ යෑම අනිවාර්යයෙන් සිදුවේ, මන්ද පැයක් දෙකක් වැනි කෙටි කලකදී දරුවන්ට දෙසැරයක් ආහාර ගැනීමේ රුචිකත්වයක් නොමැති හෙයිනි... උදෑසන අධ්‍යයන කාලයෙන් ආහාර වේල ලබාදීමට වේලාව වෙන්කළ පසු දරුවන්ගේ දහවල් විවේක කාලය සීමාවේ. දරුවාට බාහිර ක්‍රියාකාරකම් කිරීමට සෙල්ලමට ඇති විවේකය ඇහිරී යයි. තවද ඇතැම් අවස්තාවල දරුවන් නිවෙස් වලින් පිළියෙල කර යවන බත් එක, එහෙන් මෙහෙන් අනා එලෙසින්ම පෙරලා නිවසට රැගෙන එන බවට දෙමාපියන් මැසිවිලි නගයි. මේ කරුණු සැලකිල්ලට ගෙන එකී ආහාරවේල දවල් කාලයේදී ලබාදෙන්නේ නම් වඩාත් සුදුසුය යන්න මාගේ යෝජනාවයි. ඒ අනුව දරුවන් උදෑසන රැස්වීමට පෙර නිවසින් සුපුරුදු ලෙස ආහාර ලබාගෙන පැමිණිය හැක..
ගරු ජනාධිපතිතුමනි. මා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව (මුරකරු) මැදිරිගිරිය සේවය කරමින් සිටින අතර 2024.5.22 රාත්‍රි රාජකාරි කරමින් සිටින විට වට්සැප් මගින් පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලට ස්ථාන මාරුවක් ලබා දී ඇති 5/23 රජයේ නිවාඩුවක් නිසා නිලධාරින් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද නොහැකි විය. අසල ලිපිය *රාජ්‍ය නිලධාරි එකමුතුව fb සමූහයේ රජයේ නිවාඩු දිනක වැඩ බාර ගත හැකිද? උපදෙසක් අපෙක්ෂාවෙන් පල කිරීම මත මා යාපනය වෙත මාරු කර ඇත. ගරු විෂය භාර ඇමැතිතුමා මැදිරිගිරිය වෙත නැවත වෙනස් කර දෙන ලෙස අධ්‍යකෂ ජනරාල්තුමා දැනුවත් කර තිබුණද තවමත් සාධාරණයක් වී නොමැත.. මා හට සාධාරණයක් කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි...!
ජනාධිපතිතුමනි, අස්වැසුම ලබා දී තිබෙන්නේ සල්ලි වත්පොහොසත්කම් තිබෙන අයට... මා වැනි කන්න අඳින්න වත් නැති ස්වාමියා අසනීප දරුවා ඉගෙන ගන්නවත් වියදම් දරන්න බැරි අයට ඇයි මෙය ලබා නොදෙන්නේ..? දැම්ම පටන් ගන්න මේ අසාධාරණය යට නැගී සිටින්න. ඔබතුමන්ට හැර කාට කියන්නද..? අස්වැසුම දෙවන අදියරේ සමීක්ෂණ ආරම්භ කරලා දුප්පත් අපට මෙය ලබාදෙන්න..
මටත් කියන්න මාර්ගයක් කියන්නකෝ...!