‘ජනපතිට කියන්න‘ සේවාව ආරම්භ කර ගත වූ මාස දෙකේ දී 45,000ක් පමණ පැමිණිලි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට වෙත යොමු වී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ පුරවැසි අංශය පවසයි.
ජනාධිපති ලේකම් කාර්යලය විසින් සංවිධානය කරන ලද පුවත්පත් සාකච්ඡාවක දී මේ බව කියැවිණි.
ජනාධිපති අතිරේක ලේකම් එස් ටී කොඩිකාර මහතා සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහත්වරුන් පවසන්නේ 1919 වෙත පැමිණිලි 22,947ක් ලැබී ඇති බවයි.
තැපැල් මගින් ලැබී ඇති පැමිණිලි සංඛ්යාව 11,636කිග ඊමේල්ල ෆේස්බුක්, ජංගම දුරකතන මෘදුකාංග වැනි මාර්ග ඔස්සේ පැමිණිලි සංඛ්යාව 10,094කි.
ජනාධිපති අතිරේක ලේකම් එස් ටී කොඩිකාර මහතා පවසන්නේ මෙලෙස ලැබෙන පැමිණිලි පරිගණක මෘදුකාංග භාවිතා කරමින් අදාල අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන වෙත යොමු කරන බවයි. මේ සඳහා දැනටමත් සියලුම අමාත්‍යංශවල ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව පැමිණිලිල දුක්ගැනවිලි හා යෝජනා සම්බන්ධයෙන් සියළුම අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් හෙතෙම කීවේය.
ජනාධිපති කාර්යාලය පවසන්නේ දැනටටමත් පැමණිලි 1,062ක් විසඳා අවසන් බවයි. අදාල පිරික්සුම් කටයුතු ආරම්භ කර ඇති පැමිණිලි සංඛ්‍යාව 14,967ක් බවත් විසඳමින් පවතින පැමිණිලි සංඛ්‍යාව 1,062ක් බවත් පවසයි. ලැබී ඇති පැමිණිලිවලින් 923ක් විසඳිය නොහැකි පැමිණිලි බවත් ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. මේ වනවිට පිරික්සුම් කටයුතු සඳහා ඉතිරිව ඇති පැමිණිලි සංඛ්යාව 19,624කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි සුසන්ත කුණු ප්‍රශ්නය? (නි)
තවත් ටිකක් කාර්යක්ෂම වෙනවා නම් තවත් හොඳයි (නි)
බෙනට්, ඔබ 100% ක් නිවැරදියි. හුඟක් රාජ්‍ය ආයතන වල බෙඩ් අඩවි වල තියෙන්නේ ජනතාවට නොවැදැගත් පින්තූර කතා වැනි දේ මිස අවශ්‍ය තොරතුරු නෙමෙයි. මේ වෙඩ් අඩවි දුවන්නේත් ජනතාවගේ මුදල් වලින්. ඒ නිසා ජනතාවට අවශ්‍ය තොරතුරු ලබාදෙන්නේ නමි වටිනවා. (නි)
ගන්නා ක්‍රියාමාර්ගයක් ඉක්මනට ගන්නවා නම් තමයි පුරවැසියන්ගේ සිත් සතුටු කරන්න පුළුවන්. අනික පසුගිය කාලේ රාජ්‍ය ආයතන වල සිටි ලොකු ලොකු දූෂණ කළ සහ ඊට උල්ලපන්දම් දුන් අය තවමත් නිදහසේ ඉන්නවා. වෙනස ටිකක් කටවල් වැහිලා මාධ්‍ය ඉදිරියට නොඒම පමණයි. (නි)
නීතිය රජකරන, සාධාරණය ඉටුවන, පගාවට බලපුළුවන්කාරකමට වැඩ නොකරන රටක් හදන්න කළහැකි සැමදේම කරනවා නම් තමයි හොඳ. (නි)
මමත් පැමිණිල්ලක් කළා. විමසිමට අංකයක් දුන්නා. ඒක වැඩ නැහැ (නි)
විල්පත්තු වන විනාශය, පොහොර ප්‍රශ්නය, ජාතික ආරක්ෂාව, මහා බැංකු බැඳුම්කර මංකොල්ලය... වගේ ඒවත් ඔය කියන නොවිසඳපු ගොඩේ ඇත්තේ නේද? (බ)
ජනාධිපතිතුමාට කියන්න හුගක් දේවල් තියනවා. එකක්, ආගමන විගමන දෙපාර්තමේන්තුව. එය මිහිපිට අපායකි. කිසිම පහසුකමක් නැති තැනක්. ඇයි මේ ලංකාව පුරාම ඉන්න අය මෙතනට ගෙන්වන්නේ? ඒ ඒ ප්‍රදේශවල උප කාර්යාල ඇති කරලා ආරක්ෂක විදිවිධාන ඇතුව අයදුම්පත් භාරගැනීම කරලා කඩිනමින් ගමන් බලපත්‍රය නිකුත් කළොත් ඔය වංචාවන් හා ගසාකෑම් නැවැත්විය හැකියි. (නි)
මා විසින් විදේශ ගත ශ්‍රමිකයන් පිළිබඳ ගැටළුවක් 12/02/2016 දින ඉදිරිපත් කළ අතර එයට මෙතෙක් ප්‍රතිචාරයක් නැත. (බ)
මේවා තවත් මෙගා නාට්‍ය නම් නොවේවා! (නි)
රෝෂන්, විදේශගත ශ්‍රමිකයන් පිළිබඳ ගැටළුව වි.සේ.නි. කාර්යාංශයට කියලා වැඩක් වුණේ නැති නිසාද ජනපතිතුමාට ලිව්වේ ඔයා? (නි)
ඇයි බස්නාහිර පළාතේ පාරවල් කඩලා මාස ගානක් දුවිලි කනවා . සමහරුන්ට වන්දි ගෙවලා නැහැ. (ම)
ලංකාවේ ලොකුම ආදායම උපයන රේගු දෙපාර්තමේන්තුවේ විස්තර ජනතාවට දැනගැනීම සඳහා දැනට ක්‍රියාත්මක වෙබ් අඩවිය අසාර්ථකයි .. ලෝකය සමග ගනුදෙනු කරන රේගුව තවම ක්‍රියාත්මක වෙන්නේ දැනට වසර 20 කට පමණ පෙර වෙබ් අඩවියක් ක්‍රියාත්මක වූවටත් වඩා අසාර්ථක ලෙසයි .. කිසිම වටිනා විස්තරයක් එයට ඇතුල් වෙන කෙනෙකුට ලබා ගන්න බැහැ.. එහි තියෙන්නේ තෑගි බෙදාදීමේ උත්සව , වෙනත් උත්සව , අර උත්සව , මේ උත්සව වගේ එක එක උත්සව වල ගහපු පින්තුර සහ පාර්ලිමේන්තු ගැසට් වල විස්තර පමණි . යම් භාණ්ඩයකට අයකරන බදු ප්‍රමාණය ඔබ පරික්ෂා කිරීමට උත්සහ කළොත් එය සොයාගැනීමට ඔබට දවසම ගත වෙනු ඇත. එයද පැහැදිලි ලෙස වෙන් වෙන් වශයෙන් විස්තර කර නැත .(බ)
රොෂාන්, ලැබී ඇති පැමිණිලි වලින් 923ක් විසඳිය නොහැකි පැමිණිලිලුනේ (නි)
දන්නා කෙනෙක් ඉන්නවනම් පැමිණිලි යොමු කරන්නේ කෙසේද කියා කියනවද? (බ)
ඉතින් ජනපතිට කියමින් කාලය නාස්ති කරන්නේ ඇයි? කෙළින්ම අදාළ ආයතනයට පැමිණිලි කරන්නකෝ. (නි)
මම එන්නේ මහරගම ඉඳලා. මහරගමින් උදේ 7.25 එන කෝච්චියේ එනවා කියන්නේ කෝවේ දාලා අඹරනවා වගේ. කොටුවෙන් බහිනකොට කටු කුඩුවෙලා. අනේ අපිට පහසුවෙන් රස්සාවට එන්න කෝච්චියක් දෙනවා නම් හොඳයි ජනපතිතුමනි (නි)
මෙන්න තවත් නාටකයක්. පැමිණිලි ගැනවත් මේවා විසඳපු ගණනවත් නොම්මර කිව්වට වැඩක් නැහැ. අර කවුද කිව්වා වගේ නොම්මර ජිල්මාට් ඕනෑතරම් දාන්න පුළුවන්නේ. රටේ ආර්ථික දර්ශකය ගත්තහම හොරු සමඟ හෙළුවෙන් බව පේනවා. (නි)
ප්‍රශ්නයක් ඇහුවේ උත්තරයක් බලාපොරොත්තුවෙන් මිස කෝල් කරන්න නොවෙයි. මෙවැනි බොරු වැඩ නොකර රටට වැඩක් කරන්න. ගිය ආණ්ඩුවේ මෙන්ම මෙම ආණ්ඩුවේ ගැලවිජ්ජා වලට ජනතාව හසුවීම ඉතා ශෝචනීයයි. (නි)
දනුක, මා සඳහන් කළේ ප්‍රතිචාරයක් නොමැති බව මිසක් නොවිසඳූ බව නොවේ. එසේම එය පැමිණිල්ලක්ද නොවේ ගැටලුවකි. (නි)
මම ඉදිරිපත් කළ දේවල් වලට විසඳුම් ලැබෙමින් යනවා. මම ඒක දැක්කා. (නි)
මිනිස්සු හොඳ දෙයක් එනකොට ඒක ගන්න උත්සහ කරන්නේ නැහැ. හැබැයි නරක දෙයක් අාවොත් ඒක ඉහටත් උඩින් පිළිගන්න පිරිසක්නේ ලාංකිකයෝ කියන්නේ. (නි)
මෙය සාර්ථක වේවා! (නි)
කොරෝනා virus තියෙද්දී පාසල් වල පාඩම් ඉදිරියට කරන්න පුලුවන් වෙන එක විශ්වාස නැහැ. ඒ නිසා හොද ම දේ මෙවර උසස් පෙළ විභාගය කල් දමන එක. පවතින මෙම තත්වය ලමුන්ගේ මනසට විභාග අපේක්ෂිතයන්ගේ මනසට ගොඩක් බලපාලා තියෙද්දී විභාග පවත්වන එක අසාධාරණයක්. එම නිසා ලමුන්ට පාඩම් කරගන්නත් අවශ්‍ය කාලයක් ලැබෙන නිසා හොඳම දේ විභාගය කල් දැමීම.විභාග අපේක්ෂිතයන් මානසික වැටී සිටින මේ අවස්ථාවේ උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලමු.