දූෂණ වංචා සිදුකළ අය සොයා දඬුවම් ලබාදීමට පත් කර ඇති ආයතන සිය වගකීම් ඉටුකිරීම දිනෙන් දින ප‍්‍රමාද කිරීම හා ඒවායේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කේන්තියක් ඇතිවීම ගැන පුදුම විය යුතු නැතැයි ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (13) පැවසීය.
එම ආයතනයන් ආරක්‍ෂක අංශ සාමාජිකයින් උසාවියට ගෙනයාමට දක්වන උනන්දුව මහා පරිමාණ හොරුන් ඇල්ලීම සම්බන්ධයෙන් දක්නට නොලැබෙන බව කී මන්ත‍්‍රීවරයා ඒ සම්බන්ධයෙන් රටේ ජනතාවද කලකිරී සිටින බව සඳහන් කළේය.
බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුම මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු එසේ කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගෙ අවශ්‍යතාව තිබෙනවනම් රංගනය ඉගෙන ගන්න පුළුවන් (අ)
අපේ ලොකු අප්පච්චිට කේන්ති යනකොට ලොකු අම්මා නම් දුන්නේ කොහිල අල තම්බලා. (නි)
හොරුන්ට එරෙහිව කරන සටනට කකුලෙන් අදින්න එපා (නි)
කවුද අප්පේ එතකොට ආරක්ෂක ඇමති? (නි)
මේක අර අහවලාට එන චෝදනා වලට පොඩි තිතක් තියන්න දාපු අංචියක්දෝ කියලත් හිතෙනවා. (නි)
ජනපතිට කේන්ති ගිහින්ද? මාර වැඩක් වෙන්න යන්නේ. පරෙස්සමෙන් ඉන්න හොඳේ (නි)
පොඩි හොරු අල්ලන්න ඉස්සරලා කම්බා හොරුන්ගේ සල්ලි ගස් සෙලවිය යුතුයි. එවිට උද්ධමනය පහල යාවි බයිලා කියන ජේ වී පී එකට එස් එල් එෆ් පී එකට කියන්න දෙයක් නැතිව වහගන්න වේවි (අ)
වැටයි නියරයි ගොයම් කානම් කාට කියමුද මේ අමාරුව. (අ)
අපිට නම් මේක දැනෙන්නේ කඩේ ගිය තවත් අයෙකුගේ කෙඳිරිගෑමක් ලෙසයි (නි)
මෙයට ඡන්දෙ දීල ජනධිපති කළේ අපි. නැතුව එයාගේ පක්ෂෙ අය නෙමේ. රෙස්පෙක්ට් කරලා කතා කළොත් හොදා. නැත්නම් ඉස්සෙල්ල එක්කෙනාට වුණාට වඩා දුක් වෙන්න වෙන්නේ. ඔයාව හලන එක ගේමක් නැහැ (අ)
සිරාවටම කේන්ති ගිහින් ! (අ)
මෙන්න මෙයා ඇදේ අනිත් පැත්තෙන් බැහැල. (අ)
දුෂන වංචා පිලිබදව සාෙයා බලා කටයුතු කිරිමමට පත් කර ඇති සියලු දෙනා ගෙදර යවා වෙන රටකින් කාන්ඩායමක් ගෙන්වා ඉවරකරල දාන්න පුලුවන් විදි හ්‍ෙ ක්‍රම නැද්ද (අ)
හමුදාව හිටපු ආරක්සක ලේකම් ඇමති වුනත් වරදක් කර ඇත්නම් දඩුවම් දිය යුතුය එයට විරුද්දව කටයුතු කරන අය කවුරු වුණත් කරන්නේ හිටපු රජාට කඩේ යාමය යහපාලනය එකද (අ)
ඇයි අනේ මෙයාට සම්මාන දෙන්නේ නැත්තේ රංගනේට මේ කරන්නේ සම්පුර්න රගපෑමක්.. මේවා නොදැන නෙමේ මේවා වෙන්නේ. ගැන මිනිස්සු ඉන්නේ කැමැත්තකින් නෙමේ කියල දැන් දන්නවා... එකේ සැර බාල කරන්න ජනවාරි 8 කොලා වගේ රඟපානව. අපේ හරක් මේවට අහුවෙනවා... අගමැතිතුමාත් මේ ගේමේ ඉන්නවා. මේ දෙන්නා දන්නවා රටේ මිනිස්සු නම්මන්න තියන ක්‍රමේ මේවගේ දේවල් අරන් මාධ්‍ය ඉස්සරහ සංදර්ශන දාපුවම අපේ හරක් අහුවෙනවා කියල. උකුණු තල්ලක් තරම්වත් ඉහ මොළ තියේනම් මේ අයට කතිරේ ගහන්නේ නෑ මෙයා රටේ ජනාධිපති කරන්න මේ රටේ මිනිස්සු රැවටුනානේ.... තවත් රැවටියල්ල රටට දෙයියන්ගේ පිහිටයි (අ)
රටේ සාමාන්‍ය ජනතාව රැවටීම සඳහා කරන දාම් ඇදිලි දැන් දැන් වත් අඩු කරන්න බලන්න මහත්තයෝ.. එහෙම නොවෙන්න නොවෙන්න වෙන්නේ තව අවුරුදු 20 විතර ඇතුලත විශාල පිරිසක් රට අතහැරලා යන එක.. දැනටත් මගේ හිතේ මිලියනයක විතර ඇති හැකි උගත් ධනවත් පිරිස රටෙන් ගිහින්. ඒ මිනිස්සු ටික මේ රටේ හිටියානම් මීට වඩා දශමෙකින් හරි රටට ශක්තියක්... ඉන්න පිරිසත් එන්න එන්න කොහොම හරි රටකට යන්න බලන්නේ. කරුණාකරලා දැන් වත් රට කන එක අඩු කරගන්න බලන්න. එහෙම නොවුණොත් හොරා කන්න වත් රටක් ඉතුරු වෙන්නේ නැහැ. (අ)
එක එක අය ගෙනල්ල ජනාධිපති කළාට රනිල් වහාම පක්ෂයෙන් ඉවත් කල යුතුයි (අ)
තමුන්ගේ පක්ෂයේ මිනිස්සු සිටියදි තමුන්ගේ නොහැකියාව නිසා වගේම පක්ෂයේ කෙනෙක් දමා දිනුවා නම් එයා යටතේ ඉන්න වෙයි කියා සිතූ අයෙකුගේ සිතුවිලි නිසා රටම අනාථවෙලා. (නි)
මනුෂ්‍ය ක්‍රියාකාරකම් කළත් වැරදියි නොකළත් වැරදියි කියන තත්වයකට හැමෝම පත්වෙනවා. ස්ථානෝචිත ප්‍රඥාව ඇති පුද්ගලයින් හොයාගන්න වෙනවා. බුද්ධිමතුන් සිටියත් තමන්ගේ ආරක්ෂාව පළමුව සිතන්න වෙන එකත් ප්‍රශ්නයක්. (නි)
ධර්මය ප්‍රායෝගික නොකර හැමදාමත් එකමයි අහන්න වෙන්නේ. තරු ගැන ගැන මනුෂ්‍ය ක්‍රියාකාරකම් කරන රටක වෙන අහන්න ඉතුරුවෙන දේ මොකක්ද? (නි)
චන්ද්‍රාට පුදුම ඉවක්නේ තියෙන්නේ? ඊළඟ සුමනදාස වෙයිද? (නි)
මහත්තයෝ, ඔබ ඔය කියන මහාපරිමාණ හොරුන් ගැන කියනකොට ඔබේ නායකයාත් එදා ඔවුන් සමඟ සිටි බව අමතක කරන්න එපා. එදා ඒවාට විරුද්ධව කතානොකර සිටියේ ඇයි? අද ඔබ ආවඩන පාලනයෙන් සිදු වූ මහ බැංකු මගඩිය ගැන සඳහන් නොකරන්නේ මන්ද? (නි)
ඒ කාලේ නම් කිව්වේ ජනාධිපති වුණාම ස්වාධීනව කටයුතු කරන බවකුයි. මම හිතන්නේ එහෙම කී බව මෙතුමාට අමතකවෙලාද කොහෙද. (නි)
ඕවා කොහොම වුණත් ජනාධිපතිගේ පුත්‍රයා සම්බන්ධ වුණා යැයි කියන ප්‍රශ්නය ගැන අපක්ෂපාතී විභාගයක් කෙරුවා නම් හොඳයි, සාක්කිකරුවන්ට බලපෑම් නොකර! (නි)
අපිට නම් හිතෙන්නේ මේවා හොඳ රඟපෑම් කියලයි. (නි)
රටේත් ජනතාවගේත් අයහපත් කාලයට විවිධාකාර පාලකයන් බිහිවීම නිසා අද අපට ‘අයියෝ‘ කියන්න වෙන්නේද සිතකින් නොවේ. (නි)
සිල්විගේ ප්‍රතිචාරය .පොඩි වුණාට .හොද දේසපාලන අවබෝධයක් තියනවා ඔබට.ඇත්ත එකයි (අ)
ලුම්බිණි, ස්වාධීන වෙන්න හිතපු අය දැන් රටටත් වඩා හිතන්නේ තමන්ගේ පක්ෂය සහ බලය ගැන (නි)
අපි නම් දන්නවා තෙලුයි වතුරයි එකතු වෙන්නේ නැහැ කියලා. බොරුවට පෙන්නන්න හැදුවා හොඳ සුසංයෝගයක් කියලා. කොහොමද දැන්? සනීපද? (නි)
සමාජ ශාලා සිද්ධිය වැඩිය අදින එකක් නෑ දැන් ඉතින් ඒකාබද්ධ විපක්ෂේ, පොඩ්ඩක් මේ වගේ සද්දයක් දැම්මම (බ)
පසුගිය දිනවල ප්‍රභූ පුතාගේ කතාව අපිට මේවායින් අමතක වෙන්නෙ නම් නැහැ (නි)
ඔය කාට කාටත් කේන්ති යන්නේ තමුන්ගේ වාසියට මිසක් මහජනයා වෙනුවෙන් නොවන එකියි වැරැද්ද (අ)
හොඳම සහ නැගී එන නළුවට දෙන ඔස්කාර් සම්මානයට මේ දෙපල නිර්දේශ වෙනවට කිසිම සැකයක් නැත. (අ)
බලය තියාගෙන හැමදාම බොරු කරන්නේ කවුද කියලත් ජනතාව දන්නවා (නි)
එතකොට ඔය ආයතන පත්කළේ කවුද ? ඔය ආයතනවල වගකීම් භාර රජයේ ප්‍රධානී කවුද (බ)
ගරු ජනාධිපතිතුමා ඔය කේන්තිය ඔහොමම තියාගෙන මහ බැංකු මගඩියටත් තද පියවරක් ගන්නතුරු අපි බලාගෙන ඉන්නවා (නි)
නියම වෙලාවේ කරපු ස්වාධීන ප්‍රකාශයක් කියල මගේ හැගීම (බ)
රැවටිල්ල දැන්නම් කෙළවරක් නැහැ (නි)
අපරාධකාරයින්ට, ප්‍රසිද්ධියේ කළ මිනීමැරුම් වලට අණදුන් අයට මෙතරම් සාක්ෂි තිබියදීත් අච්චු කරන්න ප්‍රමාදවීම මහජනයා තුල ලොකු නොසන්සුන්තාවයක් ඇති කරලා තියෙනවා. (බ)
මතක හැටියට ඡන්ද පොරොන්දුව නම් තරාතිරම නොබලා දඬුවම් දෙනවා කියායි. (නි)
කිය කියා ඉඳලා හරියන්නේ නැහැ. වහාම දඬුවම් දෙන්න (නි)
බොරුවට කේන්ති අරගන අර සමාජ ශාලා වැඩේ අමතක කරවන්න හදන්නේ (බ)
හෙළ උරුමෙට වල්ගේ පෑගිලා, ඔය අර්ථයෙන් නෙමෙයි ජනපති කතා කළේ (බ)
අාදරණිය මෙෙත්‍රි අමතන අනගාරික කමල් රනිල් අනුකාරකයෙක් නිසා මට හදන්න අමාරුයි හැබැයි ඔබ හැදිය හැකියි. ඔබ ඉස්සෙලාම මහාවංශය කියවන්න අැහැලපොල ජාති ද්‍රෝහී විම නිසා අහිංසක පවුලක් වන්දි ගෙව්වා ඒ්කල්ලා යහපාලනය හින්දා අපෙ රට අපට නැති වුණා. (බ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
යහපාලනයට ඡන්දය දුන් අපි අපිටම පැළඳීමට අං තට්ටුවක් සොයමින් සිටිමු (නි)
අදාළ ආයතන ඇතිකළේ අතීතයේ අය කළ වැරදි සෙවීමට නොවේද? (නි)
දඩුවම් දෙන්නේ කොහොමද? ඔක්කොම හොරු ටික එයාගේ වටේනේ ඉන්නේ දැන්. කුඩු කාරයෝ, පිස්තෝල කාරයෝ, ඔක්කොම එයා වටේ තියාගෙන බොරුවට රග පානවා. (බ)
මට තේරෙන්නේ රට දිනවන්න ඇවිල්ල පක්ෂේ දිනවන්න ගිහින් පටලවගන්නවා කියලයි (බ)
මේ රටේ විධායක ජනපති වරයා කව්ද? ආරක්ෂක ඇමතිවරයා කව්ද? ඔය පරීක්ෂණ කරන ආයතන වලට නිලධාරීන් පත් කලේ කව්ද? අපිනම් නෙවේ. (අ)