ජනපති, අගමැති සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් ‘සුහද කොකා’ චිත‍්‍රපටයේ විශේෂ දර්ශනයක් ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී මෙම මස 10 වැනිදා රාත‍්‍රී 7.00ට පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ යෝජනාවකට අනුව මෙම චිත‍්‍රපට දර්ශනය පැවැත්වීමට නියමිතය.
දේශපාලනය තේමා කරගත් විනෝදාත්මක චිත‍්‍රපටයක් වන ‘සුහද කොකා‘ නැරඹීම සඳහා ජනපතිට හා අගමැතිට මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 225 දෙනාටම ආරාධනා කර ඇති බවත් මේ සියලූ දෙනා එකම සිනමා ශාලාවක එක්ව චිත‍්‍රපටයක් නැරඹීම ඓතිහාසික අවස්ථාවක් වනු ඇති බවත් පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් නියම වැඩක් (නි)
ඔය 225 ම කොක්කු තමයි (බ)
දැනටම කොකා පෙන්නලා ඉවරයි .. සුහද කොකා ගෙන් අපිට වැඩක් නැහැ (බ)
එතකොට අර කලින් හිටය කෙනා ජනතාවට පෙන්නුවේ මොන කොකාද? (බ)
ජනතාවට කොකා පෙන්නලා ඉවරයි (බ)
පාර්ලිමේන්තු මන්ත්‍රී වරු මෙන්ම සියලුම පළාත් සභා නියෝජිතයින්ටත් පෙන්විය යුතු චිත්‍රපටියක්. මොකද මේ චරිත ජනතාව ඉදිරියේ කොච්චර හෑල්ලු වෙලා ඒ ගොල්ලෝ ප්‍රහසනයට මාතෘකා සපයන පිරිසක් බව ඒගොල්ලෝ දැනගන්නම ඕන.(හේ)
කොහොමත් කොකානේ පෙන්නන්නේ.... (ර)
දැනටත් ඉතින් එහෙමනේ අපිට නම් කොක් පෙනිලා ඉන්නේ (ම)
ගිරා ඔබට අපගේ සුබපැතුම්.! (ර)
හොඳ ච්ත්‍ර පටයක් බලාගන්න පුළුවන් වෙයි. (ර)
කොහොමත් මේගොල්ලෝ අපිට කොකා පෙන්නලා ඉවරනේ (නි)
මෙය නොමිලේම පෙන්නුවා කියලා ඇති ඵලය කුමක්ද? (ර)
හංසයා කියලා දිගටම කොකා තමයි පෙන්නන්නේ. (ර)
ඇත්තටම මීට අවුරුද්දකට කලින් වේදිකාවල කියපු දේවල් නැවත මතක් කළොත් මෙතුමන්ලාට සුහද කොකා පෙන්වන්න ඕනෑ නැහැ. ඒක මෙතුමන්ලා ජනතාවට පෙන්වලා තියෙන්නේ. (නි)
හොඳ වැඩක්. (ර)
වැඩක් නෑ මොනවා පෙන්නුවත්.... (ර)
රටටම කොකා පෙන්නලානේ තියෙන්නේ. (නි)
මේවා තමයි එයාලට දැන් බලන්න තියෙන්නේ (නි)
අපේ අය 'සුහද කොකාටත්' කොකා පෙන්නයිද දන්නෙ නැහැ. (නි)
සමහරුන්ට 'ඇඩ්‍රස් නැතිවෙලා' ඉන්න වෙලාවේ මේක පෙන්වන එක හොඳයි (නි)
"සුහද කොකා" හොඳ විනෝදාත්මක චිත්‍රපටියක්. (ර)
ඡන්දය දුන් සැමටම කොකා පෙන්වලා තියෙන්නේ. (ර)
මේවා දැක්කහම ඒවාම තවත් කරන්න පුරුදු වෙනවා, මොකද මිනිස්සු ඕන ජරාවක් බාර ගන්න ලෑස්තිනේ. (ස)
මෙයාලා රටටම කොකා පෙන්නන එකේ කව්රු හරි එක්කෙනෙක් මෙයලටත් කොකා පෙන්නන එක වටිනවා. (ස)
මෙම සුහද කොකා ඔවුන් දෙදෙනාට පෙන්වීම සුබ දායක ක්‍රියාවක්. (ර)
මන්ත්‍රීවරු 225ක්...? බුදු අම්මෝ! (නි)
ඒ සංදර්ශනයත් මේ සංදර්ශනයත් හැරුණුකොට තවත් සංදර්ශන කීයක් තිබේද? (නි)
සුහද කොකා පෙන්නපු එක නම් හොඳයි (නි)
ගිරිරාජ්ගේ හොඳ නිර්මාණයක්.(ම)
මේක බලලා ජනපති, අගමැති සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 225 දෙනා අපට කොකා පෙන්වයිද?දන්නෑ (ම)