IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපතිට අගමැතිට ‘සුහද කොකා‘පෙන්වයි

ජනපති, අගමැති සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් ‘සුහද කොකා’ චිත‍්‍රපටයේ විශේෂ දර්ශනයක් ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී මෙම මස 10 වැනිදා රාත‍්‍රී 7.00ට පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ යෝජනාවකට අනුව මෙම චිත‍්‍රපට දර්ශනය පැවැත්වීමට නියමිතය.

දේශපාලනය තේමා කරගත් විනෝදාත්මක චිත‍්‍රපටයක් වන ‘සුහද කොකා‘ නැරඹීම සඳහා ජනපතිට හා අගමැතිට මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 225 දෙනාටම ආරාධනා කර ඇති බවත් මේ සියලූ දෙනා එකම සිනමා ශාලාවක එක්ව චිත‍්‍රපටයක් නැරඹීම ඓතිහාසික අවස්ථාවක් වනු ඇති බවත් පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.



අදහස් (0)

ජනපතිට අගමැතිට ‘සුහද කොකා‘පෙන්වයි

රුවන් Friday, 04 December 2015 10:12 PM

ඒක නම් නියම වැඩක් (නි)

:       0       0

ජයන්ත Friday, 04 December 2015 09:03 AM

ඔය 225 ම කොක්කු තමයි (බ)

:       0       0

සංජය Friday, 04 December 2015 09:05 AM

දැනටම කොකා පෙන්නලා ඉවරයි .. සුහද කොකා ගෙන් අපිට වැඩක් නැහැ (බ)

:       0       0

දන්තනාරායන Friday, 04 December 2015 09:12 AM

එතකොට අර කලින් හිටය කෙනා ජනතාවට පෙන්නුවේ මොන කොකාද? (බ)

:       0       0

රවී Friday, 04 December 2015 09:17 AM

ජනතාවට කොකා පෙන්නලා ඉවරයි (බ)

:       0       0

සිරිමල් Friday, 04 December 2015 09:32 AM

පාර්ලිමේන්තු මන්ත්‍රී වරු මෙන්ම සියලුම පළාත් සභා නියෝජිතයින්ටත් පෙන්විය යුතු චිත්‍රපටියක්. මොකද මේ චරිත ජනතාව ඉදිරියේ කොච්චර හෑල්ලු වෙලා ඒ ගොල්ලෝ ප්‍රහසනයට මාතෘකා සපයන පිරිසක් බව ඒගොල්ලෝ දැනගන්නම ඕන.(හේ)

:       0       0

කුමාර් Friday, 04 December 2015 09:59 AM

කොහොමත් කොකානේ පෙන්නන්නේ.... (ර)

:       0       0

කුමාර Friday, 04 December 2015 10:01 AM

දැනටත් ඉතින් එහෙමනේ අපිට නම් කොක් පෙනිලා ඉන්නේ (ම)

:       0       0

මලිත් Friday, 04 December 2015 10:06 AM

ගිරා ඔබට අපගේ සුබපැතුම්.! (ර)

:       0       0

උදයංග Friday, 04 December 2015 10:07 AM

හොඳ ච්ත්‍ර පටයක් බලාගන්න පුළුවන් වෙයි. (ර)

:       0       0

නිලමේ Saturday, 05 December 2015 02:04 AM

කොහොමත් මේගොල්ලෝ අපිට කොකා පෙන්නලා ඉවරනේ (නි)

:       0       0

චන්ද්‍රා Friday, 04 December 2015 10:29 AM

මෙය නොමිලේම පෙන්නුවා කියලා ඇති ඵලය කුමක්ද? (ර)

:       0       0

දහම් Friday, 04 December 2015 10:25 AM

හංසයා කියලා දිගටම කොකා තමයි පෙන්නන්නේ. (ර)

:       0       0

විපුල Saturday, 05 December 2015 02:15 AM

ඇත්තටම මීට අවුරුද්දකට කලින් වේදිකාවල කියපු දේවල් නැවත මතක් කළොත් මෙතුමන්ලාට සුහද කොකා පෙන්වන්න ඕනෑ නැහැ. ඒක මෙතුමන්ලා ජනතාවට පෙන්වලා තියෙන්නේ. (නි)

:       0       0

සිරිල් Friday, 04 December 2015 10:49 AM

හොඳ වැඩක්. (ර)

:       0       0

නිහාල් Friday, 04 December 2015 10:54 AM

වැඩක් නෑ මොනවා පෙන්නුවත්.... (ර)

:       0       0

හේමන්ත Friday, 04 December 2015 12:38 PM

රටටම කොකා පෙන්නලානේ තියෙන්නේ. (නි)

:       0       0

රත්න Friday, 04 December 2015 12:38 PM

මේවා තමයි එයාලට දැන් බලන්න තියෙන්නේ (නි)

:       0       0

අජිත් Friday, 04 December 2015 01:07 PM

අපේ අය 'සුහද කොකාටත්' කොකා පෙන්නයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ලක්විදු Friday, 04 December 2015 01:25 PM

සමහරුන්ට 'ඇඩ්‍රස් නැතිවෙලා' ඉන්න වෙලාවේ මේක පෙන්වන එක හොඳයි (නි)

:       0       0

සෝමා රාජපක්ෂ - යටියන Saturday, 05 December 2015 04:25 AM

"සුහද කොකා" හොඳ විනෝදාත්මක චිත්‍රපටියක්. (ර)

:       0       0

ප්‍රසන්න Saturday, 05 December 2015 05:19 AM

ඡන්දය දුන් සැමටම කොකා පෙන්වලා තියෙන්නේ. (ර)

:       0       0

මහින්ද Saturday, 05 December 2015 07:11 AM

මේවා දැක්කහම ඒවාම තවත් කරන්න පුරුදු වෙනවා, මොකද මිනිස්සු ඕන ජරාවක් බාර ගන්න ලෑස්තිනේ. (ස)

:       0       0

සත්‍යපාල Saturday, 05 December 2015 09:50 AM

මෙයාලා රටටම කොකා පෙන්නන එකේ කව්රු හරි එක්කෙනෙක් මෙයලටත් කොකා පෙන්නන එක වටිනවා. (ස)

:       0       0

යහම්පත් Saturday, 05 December 2015 10:43 AM

මෙම සුහද කොකා ඔවුන් දෙදෙනාට පෙන්වීම සුබ දායක ක්‍රියාවක්. (ර)

:       0       0

ලතා Friday, 04 December 2015 04:37 PM

මන්ත්‍රීවරු 225ක්...? බුදු අම්මෝ! (නි)

:       0       0

සේන Friday, 04 December 2015 06:46 PM

ඒ සංදර්ශනයත් මේ සංදර්ශනයත් හැරුණුකොට තවත් සංදර්ශන කීයක් තිබේද? (නි)

:       0       0

ජනක Tuesday, 08 December 2015 03:05 AM

සුහද කොකා පෙන්නපු එක නම් හොඳයි (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 04 December 2015 08:51 AM

ගිරිරාජ්ගේ හොඳ නිර්මාණයක්.(ම)

:       0       0

අමරදාස Friday, 04 December 2015 08:52 AM

මේක බලලා ජනපති, අගමැති සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 225 දෙනා අපට කොකා පෙන්වයිද?දන්නෑ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site