මෛත්‍රිපාල සිරිසේන ජනපති පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් දේශපාලන කරළියේ තවමත් කථාබහ සිදුවේ.
මේ සම්බන්ධයෙන් රජයට එක්වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් අතරද සාකච්ඡා විය. පසුගියදා ජනපති හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර ඇමැති මහින්ද අමරවීර ගේ දේශපාලන දිවියට 25 වසරක් සපිරීමේ උත්සවයට එක්වූ අවස්ථාවේදී ශ්‍රීලනිප පිරිසක් ජනපති හමුවී විමසා සිටියේ ‘අපේම ආණ්ඩුවක් හදන්නේ කවදාද‘ යනුවෙනි.
ප්‍රශ්නය නැගූ ඩිලාන් පෙරේරා ඇතුළු කිහිපදෙනාට පිළිතුරු දුන් ජනපති කියා සිටියේ එය තමන් නොදන්නා බවත් මම හිස් චෙක් එකක් ශ්‍රීලනිප ලේකම් දුමින්ද දිසානායකට හා මහින්ද අමරවීර ඇමැතිට ලබාදී ඇති බවයි. මොකද කරන්නේ කියලා වගකීම තිබෙන්නේ ඔවුන් අතේ යැයි විහිළුවක් කරමින් ජනපති පැවසීය.
ශ්‍රීලනිපයේ එක් ජ්‍යෙෂ්ඨයකු එය ජනපතිගේ විහිළුවක් ලෙස සලකා බැහැර කළ අතර සමහරු එය ඇත්තට ගත් බව පෙනිණි.
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වූ වින්ස්ටන් චර්චිල් කියා සිටි ප්‍රසිද්ධ ලේඛයකු වූ චාල්ස් චර්චිල්ගේ කියමනක් ප්‍රසිද්ධ විය. එනම් ‘විහිළුවක් හටගන්නේ යම්කිසි ඇත්තකින්‘ යන්නයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා කොහොමත් වැඩිපුර කරන්නෙ විහිළු කියලා අපි දන්නවා (නි)
අනේ මන්දා මේවට හිනාවෙනවද අඬනවද කියලා (නි)
එතුමා කොහොමත් විහිළු කරන්න දක්ෂයි කියලා අපි දන්නවා (නි)
ඡන්දෙ දුන්න අපිට හිතිලා තියෙන්නේ පොල්පිත්තකින් මගේම කොන්ද මැදට තඩිබා ගන්න (අ)
කොහොමද දන්නේ නැහැ ගිණුමේ වත්කම් තියනවද කියල. තිබුණොත් ඒ අයට ඕන ගානක් ලියාගෙන යන්න පුළුවන්. නැත්නම් තියාගෙන ඉන්න පුළුවන් පස්සේ ප්‍රයෝජනයට ගන්නත්. ඒ වගේම දුන්නු කෙනාට පුළුවන් බැංකුවට කියන්න ඒ චෙක් පත් අත් හිටවන්න කියල. ඕන විදිහකට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මොනවා වුණත් ලොකු කලබගානියක් නම් තියන බව පේනවා. එන පොට හොද නැති බවයි පේන්නේ. (අ)
එතුමා විහිළුවක් වෙලා තිබෙන බව නම් පෙනෙනවා සමහර දේවල් දකිද්දී. (නි)
හිස් ගිණුමක්ද? (නි)