‘2016 නව වසර රටේ මුළු මහත් ජනතාවටම ආශිර්වාද කරනවා, සුබ පතනවා වාසනාවන්ත නව වසරක් වේවා කියලා. 2016 වසරේ අපි ප‍්‍රමුඛත්වය දෙනවා කරුණු දෙකක් ස`දහා. පළමු කාරණාව ලෙස, මේ රටේ ජනතාවගේ දුගීභාවය තුරන් කර රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම. දෙවැනි කාරණාව මේ රටට අවශ්‍ය පරිදි සුදුසු නව ආණ්ඩක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම ස`දහා පාර්ලිමේන්තුව කටයුතු කිරීම.‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර දළඳා මාළිගාව වැඳ පුදා ගැනීමෙන් පසු පැවසීය.
මෙම කටයුතු වලදී රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාවය සියල්ල ආරක්ෂා වන පරිදි කිසියම් හෝ ප‍්‍රශ්නයක් ඇති නොවෙන පරිදි සියලූ දෙනාගේම අදහස් විමසා ප‍්‍රධාන වශයෙන්ම උගතුන්, බුද්ධිමතුන් මේ රටේ සිටින සිවිල් ජනතාව මේ රටේ සිටින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විශාරදයින්, රටේ දේශපාලන නායකයින් සෑම කෙනෙකුගේම අදහස් යෝජනා ලබාගෙන කවුරුත් පිළිගන්නා රටට අවශ්‍ය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිමේ කටයුතු ආරම්භ කරන බවත් ජනපති කීවේය.
වඩාත් සුභවාදී, වාසනාවන්ත අනාගතයක් ගොඩනගන්න අද ජීවත්වන ජනතාවට වගේම හෙට උපදින දරුවන් ස`දහාත් හො`ද රටක් හදලා මු`එ මහත් ලෝකයේම අවධානය අපේ රටට යොමු කරගෙන ජාත්‍යන්තරයේ ප‍්‍රසාදය ලබා ගෙන ජාත්‍යන්තරයේ ප‍්‍රබල රාජ්‍යයන්හි සහයෝගය ලබාගෙන මේ රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීමට අපි හො`ද රටක් හැදිමට කැපවන බවත් ජනපති සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමනි, ඔබට සුබ නව වසරක් වේවා! මේ රටේ දුගීභාවය තුරන් කරන්නට, ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරන්න ඔබට සියලු පිහිට ආරක්ෂාව ලැබේවා! (නි)
උතුම් පැතුමක්! (නි)
ඔබතුමාටත් සුබ අලුත් අවුරුද්දක්! (නි)
තුනුරුවන්ගේ සරණින්, අප සැම ප්‍රාර්ථනා ඉෂ්ට කිරීමට හැකියාව ශක්තිය ලැබේවා! (නි)
රටට අවශ්‍ය වැදගත් ම දේ එයයි ජනාධිපතිතුමනි ! (ම)
ජනපතිතුමනි, ඔබට නිරෝගී සුවය ලැබේවා. වාසනාවන්ත වසරක් .(කෞ)
සුබ නව වසරක් වේවා! (නි)
අපි ඔබතුමා සමඟයි (නි)
2016 මගේ දුගී බාවය තුරන් වෙයිද ? කලින් කට්ටියත් ඔහොම කිව්වා දැන් කි දෙනෙක්ද අවරුදු 35 ,ක්.(කෞ)
සැඩපහර කට හසුවුණු ගල ඔපමට්ටම්ව තුනී වෙනවා වගේම සියලුම නින්ද අපහස ගැරහුම් මද ඔබතුමාට ශ්‍රී ලංකා මෑණියන්ව රැකගැනීමට ශක්තිය ලැබේවා යනු මගේ පැතුමයි (කෞ)
ඔබ තුමාටත් රටේ ජනතාව ආශිර්වාද කරනවා.(හේ)