IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනපතිගෙන් ලක්වාසීන්ට ආශිර්වාද

‘2016 නව වසර රටේ මුළු මහත් ජනතාවටම ආශිර්වාද කරනවා, සුබ පතනවා වාසනාවන්ත නව වසරක් වේවා කියලා. 2016 වසරේ අපි ප‍්‍රමුඛත්වය දෙනවා කරුණු දෙකක් ස`දහා. පළමු කාරණාව ලෙස, මේ රටේ ජනතාවගේ දුගීභාවය තුරන් කර රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම. දෙවැනි කාරණාව මේ රටට අවශ්‍ය පරිදි සුදුසු නව ආණ්ඩක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම ස`දහා පාර්ලිමේන්තුව කටයුතු කිරීම.‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර දළඳා මාළිගාව වැඳ පුදා ගැනීමෙන් පසු පැවසීය.

මෙම කටයුතු වලදී රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාවය සියල්ල ආරක්ෂා වන පරිදි කිසියම් හෝ ප‍්‍රශ්නයක් ඇති නොවෙන පරිදි සියලූ දෙනාගේම අදහස් විමසා ප‍්‍රධාන වශයෙන්ම උගතුන්, බුද්ධිමතුන් මේ රටේ සිටින සිවිල් ජනතාව මේ රටේ සිටින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විශාරදයින්, රටේ දේශපාලන නායකයින් සෑම කෙනෙකුගේම අදහස් යෝජනා ලබාගෙන කවුරුත් පිළිගන්නා රටට අවශ්‍ය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිමේ කටයුතු ආරම්භ කරන බවත් ජනපති කීවේය.

වඩාත් සුභවාදී, වාසනාවන්ත අනාගතයක් ගොඩනගන්න අද ජීවත්වන ජනතාවට වගේම හෙට උපදින දරුවන් ස`දහාත් හො`ද රටක් හදලා මු`එ මහත් ලෝකයේම අවධානය අපේ රටට යොමු කරගෙන ජාත්‍යන්තරයේ ප‍්‍රසාදය ලබා ගෙන ජාත්‍යන්තරයේ ප‍්‍රබල රාජ්‍යයන්හි සහයෝගය ලබාගෙන මේ රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීමට අපි හො`ද රටක් හැදිමට කැපවන බවත් ජනපති සඳහන් කළේය.

 



අදහස් (0)

ජනපතිගෙන් ලක්වාසීන්ට ආශිර්වාද

ලසන්ත Friday, 01 January 2016 04:57 AM

ජනපතිතුමනි, ඔබට සුබ නව වසරක් වේවා! මේ රටේ දුගීභාවය තුරන් කරන්නට, ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරන්න ඔබට සියලු පිහිට ආරක්ෂාව ලැබේවා! (නි)

:       0       0

දුමින්ද Friday, 01 January 2016 05:46 AM

උතුම් පැතුමක්! (නි)

:       0       0

සමන් Friday, 01 January 2016 07:34 AM

ඔබතුමාටත් සුබ අලුත් අවුරුද්දක්! (නි)

:       0       0

තිලක් Friday, 01 January 2016 07:37 AM

තුනුරුවන්ගේ සරණින්, අප සැම ප්‍රාර්ථනා ඉෂ්ට කිරීමට හැකියාව ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ගාමිණී විජයරත්න Friday, 01 January 2016 07:50 AM

රටට අවශ්‍ය වැදගත් ම දේ එයයි ජනාධිපතිතුමනි ! (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 01 January 2016 09:01 AM

ජනපතිතුමනි, ඔබට‍ නිරෝගී සුවය ලැබේවා. වාසනාවන්ත වසරක් .(කෞ)

:       0       0

යසපාල Friday, 01 January 2016 10:30 PM

සුබ නව වසරක් වේවා! (නි)

:       0       0

නිලන්ග Saturday, 02 January 2016 06:46 PM

අපි ඔබතුමා සමඟයි (නි)

:       0       0

පරාක්‍රම Friday, 01 January 2016 09:22 AM

2016 මගේ දුගී බාවය තුරන් වෙයිද ? කලින් කට්ටියත් ඔහොම කිව්වා දැන් කි දෙනෙක්ද අවරුදු 35 ,ක්.(කෞ)

:       0       0

පදිමිණී Friday, 01 January 2016 09:32 AM

සැඩපහර කට හසුවුණු ගල ඔපමට්ටම්ව තුනී වෙනවා වගේම සියලුම නින්ද අපහස ගැරහුම් මද ඔබතුමාට ශ්‍රී ලංකා මෑණියන්ව රැකගැනීමට ශක්තිය ලැබේවා යනු මගේ පැතුමයි (කෞ)

:       0       0

දිල්ශාන් Friday, 01 January 2016 11:03 AM

ඔබ තුමාටත් රටේ ජනතාව ආශිර්වාද කරනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site