(අංජුල මහික වීරරත්න) දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට එක්වන ලෙස ඩයස්පෝරාවේ තරුණ තරුණියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. යටත් විජිත පාලනයෙන් නිදහස ලබා වසර 100ක් සපිරෙන 2048 වසර වන විට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වනු ඇති බවත්, එම සියල්ල රඳා පවතින්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා වූ කැපවීම මත බවත් වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එහිදී ලංකාවෙි උපායමාර්ගික පිහිටීම භාවිතයට ගත යුතු බව ද සඳහන් කළේය. මහ බලවතුන්ගේ එදිරිවාදිකම් හෝ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවට විවෘත වන ඉන්දියානු වෙළෙඳ පොළ ප්‍රවේශය හෝ අප්‍රිකානු වෙළෙඳ පොළ විවෘත වීමට බාධා ඇති විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය අතර මෑතකදී පිහිටුවන ලද "Aukus" ගිවිසුම, චීනය සහ ක්වාඩ් අතර තරගය වඩාත් තීව්‍රර කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ හාවඩ් විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද සම්මුඛ සාකච්ඡාවකට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි. ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් ඉදිරි දර්ශනයට ශ්‍රී ලංකාව එකඟවන බව ද පැවසූ ජනාධිපතිවරයා ඉන්දු පැසිෆික් කලාපය එකිනෙකට වෙනස් සාගර දෙකකින් සමන්විත වන බවත් ඉන්දියන් සාගරයේ නාවික යාත්‍රා කිරීමේ නිදහස සහ මුහුද යට කේබල්වල ආරක්ෂාව සඳහා අපේ රට කැපවී සිටින බවත් එබැවින් ආසියා පැසිෆික් කලාපයේ විශේෂයෙන්ම තායිවානයේ ප්‍රශ්න ඉන්දියන් සාගරයට කාන්දු නොවීමට වගබලා ගැනීම ශ්‍රී ලංකාවේ අනාගතයට අත්‍යාවශ්‍ය බවත් සඳහන් කළේය. ශ්‍රි ලංකාව ඉදිරි වසර 25 තුළ ඉන්දියන් සාගරයේ සෙසු රටවල් සහ දකුණු ආසියාව සමඟ එක්ව ඉදිරියට යමින් දැවැන්ත සංවර්ධන ඉලක්කයක් සපුරාගනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ මොන ප්‍රකාශය කළත් විදේශ වල ජීවත්වන අපට පෙනී යන්නේ රටේ ජනතාවට දිගින් දිගට විවිධ බදු ගසමින් පීඩාවට පත්කරන ඔබේ ආන්ඩුවේ නිලධාරීන් සහ දේශපාලකයන්, ආණ්ඩුවේ වියදම් කපාහැරීමට හෝ නාස්තිය දූෂණය වංචාව පිටු දැකීමට මේ වනතුරු කිසිම සාධනීය පියවරක් ගෙන නොමැති බවය. රජය විසින් පාලනය කරන ව්‍යාපාර පෞද්ගලික අංශයට පැවරීමේ දී මුලින්ම පාඩු ලබන ඒවා විකිනීම හෝ ප්‍රතිසංවිධානය නොකර ලාබ ලබන ඒවා තමන් කැමති පුද්ගයන්ට හෝ සමාගම් වලට විකිණීමට තැත්කරනු පෙනේ. සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණ කල් දමමින්, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රික අයිතිය පාගාදමන රනිල් අලි බබා සහ හොරු 134 ආණ්ඩුවට සහය දීමට විදේශ වල ජීවත්වන අපට කිසිම අවශ්‍යතාවක් නොමැත.
ඕකට තමයි කියන්නෙ කන්න හිතුනම කබරගොයත් තලගොයත් දෙදෙන්නම එකයි කියල. නමුත් අපි වැඩේට කැමතියි. කල යුතු දෙයක්. ඒ උනාට අර ඩයස්පෝරා වචනෙ ඇහුනත් ඌයියා උන කට්ටියක් හිටියා නේද? කට්ටිය දැන් දෙකොනම වහ ගනීද?
රනිල් පරන සෙල්ලම් පටන්ගන්නයි හදන්නෙ..සහජීවන නාඩගම.