
(අංජුල මහික වීරරත්න)
තරඟකාරී හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රි ලංකාව ක්‍රමිකව ඉදිරියට යමින් සිටින බැවින් අනාගත ව්‍යාපාරික අවස්ථා සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේය.
චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බීජිං නුවර ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ පැවති ආයෝජන, වෙළෙඳ සහ සංචාරක සැසියකට සහභාගී වූ අතර එහිදී එම ආරාධනය කළේය.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ සහ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන චීන ව්‍යාපාරික සමාගම් රැසක නියෝජිතයෝද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී චීන ව්‍යාපාරිකයන් ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටිම නිසා ආසියා කලාපයට බටහිර වෙළෙඳ පොළ ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව උපයෝගී කර ගැනීමේ විශේෂ අවකාශයක් පවතින බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ඩේ බැඳපු චීන්නුන්ට තමයි ඕවා කියන්න ඕනේ... මේ අගාධයට වැටිලා ඉන්න රටේ කරන්න දෙයක් නැති විත්තිය...
මොන රටේ හරි කමක් නැහැ.සල්ලි යොදවලා දියුණුව ඇති කරන්න පුලුවන් නම් ඒ මිනිස්සුන්ව ආරක්‍ෂා කර ගෙන හොරා කන්නේ නැතුව ජනතාවට සහනයක් ලැබෙනවනම් ඉතා හොඳයි.