
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වර්තමාන ජනාධිපතිතුමා හිතන්නෙත් රටේ මොනවා හරි විකුණලා සංචිතයට බිලියන තුන හතරක් දාගෙන "රේටින්" වලින් උඩට පැමිණි පසු ණයට කකා ජොලියේ ඉන්න බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී අද (30) පැවසීය.
මේ සූත්‍රයෙන් තවදුරටත් ඉදිරියට යා නොහැකි බවද ඔහු සඳහන් කළේය.
වීරවංශ මහතා මෙසේ පැවසුවේ කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.
මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මූල්‍ය කළමනාකරණයට අදාළ තීන්දු තීරණ තනි තනිවම ලබා ගන්නා බව පැවසූ වීරවංශ මහතා මූල්‍ය පද්ධතිය බේරාගත හැක්කේ කර්මාන්තකරුවා රැකගත්තොත් පමණක් බවද ප්‍රකාශ කළේය.
COMMENTS
ඇයි ඔයා කළබලවෙලා. දන්න දා ඉඳලා ඔයත් ඇතුළුව අපි කරන්නේ ණයට කකා ජොලි කරන එක පමණයි. නැත්නම් රටට මෙහෙම වෙන්න විදිහක් නැහැනේ...
අනේ මන්දා... කට්ටියක් හොරා කනවා. කට්ටියක් ණයට කනවා. ණයට ගන්න එකත් හොරාකනවා. ලොව කකා ගිහින් තමන් කැමැති කෙනෙකුට ඡන්දෙ දීලා ආයෙමත් ගමකනවා. ඉගෙන ගන්න කියලා ගියඅය කාලෙ කනවා. මේ කන කෑමේ හැටියට අපේ රට කොහේ ගිහින් නතර වෙයිද?
අනේ මෙයාගේ කට විතරයි.., නන්දසේනට වෙච්චි දේමයි. ඔහේටත් පැනලා දුවන්න ඉඩ නැතිවෙයි...
ඔය කර්මාන්ත ඇමැති ඉන්න කාලේ අපි දැක්කා ඔයා කර්මාන්තකරුවා රැකගත්තු හැටි... අර ධම්මික පැණි කම්හලට ඔයා දුන්නු යාන්ත්‍රණය හරහා රටේ නිෂ්පාදනය වැඩිවෙලා.... රටේ අපනයනයත් වැඩිවෙලා. මේ වනවිට රටට ඩොලර් ගලාගෙන එනවා...
ඔව් ඔව් මෙයාට මාර ප්‍රතිපත්තියක් තියෙන්නේ...! ජීවිතේට රස්සාවක් කරලා තියෙනවද?
මේ දවස්වල ජාත්‍යන්තර කුමන්ත්‍රණ නැද්ද?
තමුන්ට ඇමතිකමක් නැති නිසා දැන් ප්‍රතිපත්ති ගැනනම් කතාකරනවා..සාටකයාගේ කරේ එල්ලිලා ගොඩ ගිය තමුන් ඒ කාලේ මොන දේ කෙරුවත් දෙකට නැමිලා ඔලුව පාත් කරගෙන උන්නේ? දුශිත දේසපාලුවන්ට කොහෙද ප්‍රතිපත්තියක් තියා ලැජ්ජාවක් කියලා දෙයක් තියෙන්නේ ? වාචාල කට නම් ඉහටත් උඩින් ?
ඔබ සතු වත්කම් සොයා ගත්ත ක්‍රමය ඉස්සෙල්ලම පැහැදිලි කරන්න දෙය්යන්ගේ නාමෙට කම්පාදුවට.