ජනපති මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ අධි සුඛෝපභෝගී ජිප් රියක් ලබා දෙන බව කියා මොරටුවේ විශ්‍රාමිකයකුගේ රුපියල් හැට ලක්ෂයක් වංචා කළැයි කියන පුද්ගලයකුගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට ඉඩකඩ සලසන ලෙස අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කවින්ද්‍යා නානායක්කාර මෙනවිය මහර බන්ධනාගාරයට අද නියෝග කළේය.
හම්බන්තොට වරාය තැනීමට යොදා ගත් වාහන දෙන බව පවසා මරඳගහමුල ව්‍යාපාරිකයකුගෙන් රුපියල් දෙකෝටියක් ගත්තැයි මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිය දැන් රිමාන්ඩ් බාරයේ පසුවෙති.
මුදුන්කොත්ගේ අනුර හා අයිරාංගනී ලියනආරච්චි එම දෙදෙනායි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතරයක් වංචා දුෂණයන්ට සම්බන්ධ වන පුද්ගලයන් අතර අපි අහන තරමක් අහන්නේ දෙශපාලකයන් සිටින බවයි.නමුත් අද වෙනතුරු එක දේශපාලකයෙක් මේ වගේ නීතියේ රැහැනට හසුකරගෙන තිබේද? (නි)
මේ බොරුවට අහු වෙච්ච මනුස්සයා ගැනයි මට කේන්ති (දී)
ලක්ෂ 60 කියන්නේ සෙල්ලම්ද (දී)
මේ මිනිස්සු බය නැතුව මෙවන් වංචා කරන්නේ කොහොමද (දී)